වාස්ගුණවර්ධනට_සහ_පුත්‍රයාට_මරණදඬුවම
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු වරදකරුවන් කරමින් අද (27) කොළඹ මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, පුත් රවිඳු සමීර ද වාස් ගුණවර්ධන, දිසානායක මුදියන්සේලාගේ කැළුම් රංගන දිසානායක, බමුණුසිංහ ආරච්චිගේ ලක්මිණ ඉන්දික බමුණුසිංහ, අතපත්තුගේ ගාමිණී සනත්චන්ද්‍ර හා ආනන්ද පතිරණගේ ප්‍රියන්ත සංජීව යන අයට යි.
නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනෙවිරත්න යන විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
2013 වසරේ මැයි මස 21 වන දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මොහොමඩ් සියාම් ඝාතනය කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යාම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 8ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුණි.
එකී ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා 2013 ජූනි මස 10 වැනිදා අත්අඩංගුවට ගැනිණ.
මෙම නඩුවේ තීන්දුව පිටු 802කින් සමන්විත බව වාර්තා වන අතර මෙරට තුළ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මිනී මැරුම් නඩුවකින් වැරදිකරුවකු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
Source : http://sinhala.asianmirror.lk/local-news/item/17414-vas-gunawardhana
මොහොමඩ් සියාම් මැරුවේ අපි නොවෙයි. තාත්තා කෙනෙක් පුතෙක් මිනී මරන්න යවනවද. රහස් පොලිසිය අල්ලා ගන්නා පුද්ගලයන් ත්‍රස්තවාදී පනත යටතේ රඳවා ගෙන ඔවුන්ට බොරු නඩු ගොතනවා. මෙය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොතපු නඩුවක්.‘ යැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද (27) කොළඹ මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරිපිට දී හඬමින් කීවේය.
සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු එලෙස කීවේය.
වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන - ‘අපි මේ අපරාධය කළේ නෑ. මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා.‘
තමන් මේ අපරාධය නොකළ බව සෙසු විත්තිකරුවෝ ද කීහ.
නඩුව අවසන් වී විනිසුරුවරුන් පිටව ගිය පසු සියාම්ගේ මව සහා ඥාතියකු වාස් ගුණවර්ධන මහතා සමඟ කතා කර අතට අත දී පිටව යනු දක්නට ලැබිණි.
වාස් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශයක් කළේය. නඩු විභාගය අතරතුරදී එම ප්‍රකාශය නොකළ නිසා එය පළ නොකරන බව කරුණාවෙන් සලකන්න.
1961 පෙබරවාරි මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ වාස් ගුණවර්ධන මහතා 1989 වසරේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1990 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1994 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2005 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2007 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස ද උසස්වීම් ලැබීය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කලක් කටයුතු කළ ගුණවර්ධන මහතා ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර කොට්ඨාස භාරව සේවය කර ඇත.
රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්වීමෙන් පසු කොටකෙතනේ අභිරහස් ඝාතනවල සුල මුල හෙළි කර ගැනීමත් සමග ඒ මහතා ගැන විශේෂ කතාබහත් ඇති විය.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි පළමුවැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබීය.
2013 මාර්තු 14 වැනි දා ඔහු ගම්පහ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ බාර ගත්තේය.
2013 ජූනි මාසයේ දී ගුණවර්ධන මහතා අත්අඩංගුවට පත් විය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඬුවම නියම වූ පළමු අවස්ථාව මෙයයි.
Source : http://www.lankadeepa.lk/index.php/articles/364776?utm_source=twitterfeed&utm_medium=facebook

Last edited:

ඒකම තමා මටත් හිතුනේ 