ගෙයක් හදද්දී උණුසුම,සුළඟ,හිරු එළිය පාලනය කිරීම තමයි වස්තු විද්‍යාවෙ කරන්නේ ,පළපුරුදු architect කෙනෙකුට ඕක කරන්න පුළුවන් ඒ ඇරත් උඹටම වුනත් හිතන්න පුළුවන් මෙහෙම කරතොත් අරම වේවි මේ කාමර වලට ජනෙල් වැටෙන්නෙ නෑ .සුළඟ මේ කාමරේන් බිත්තියෙන් block වෙනවා,ect..තව toilet වලයි ළිඳයි අතර පරතරයක් තියාගන්න ඕන.ඒ වගේම ළිඳ කපද්දි වතුර හොඳට අහුවෙන නමුත් සත්තුන්ට මිනිස්සුන්ට හානි කරන්න බැරි විදියට ආරක්ෂා වෙන තැනක් වීම.ඊට පස්සෙ guest room කොතනටද, ගැලපෙන්නෙ ඒවා පවුලේ කාමරවලින් වෙනම තියෙන්න ඕන.guest bathroom එහෙමයි .තව වැඩකරන අයගේ room,toile,තව උඹ දැන් තනිකඩ උනාට ළමයි ලැබුණම උන්ට ඉන්න කාමර හරි ගෙදර ලොකු කරන්න හරි ක්‍රමයක් ගෙදර හදන කොටම සැලසුම් කිරීම .waste කොහෙටද යන්නේ ඔය වගේ හොඳ perfect plan එකක් වෙන්න ඕන තමන්ට ජීවත් වෙන්න සුදුසු විදියට පරිසරය සැකසීම තව එතනදී තමන්ගේ බිරිඳ අම්මා තාත්තා ළමයින් ..ect ගැනත් සැලකිලිමත් වෙන්න ,නැතුව ඉනජිනෙරු විද්‍යාව, වස්තු විද්‍යාව ගැන මෙලො හසරක් නොදන්නා කේන්දර කරුවෙක්ට ඕන විදියට ගෙවල් හදන එක නෙමෙයි,බලපන් අපේ රටේ උන් කොච්චර සල්ලි වියදම් කරලා ගෙවල් හැදුවත් කැත.ගමේ ඔක්කොම ගෙවල් එක වගේ මොකද සාත්තරකාරයා කොහෙන් හරි උස්සපු plan දෙක තුනක් එහාට මෙහාට කරකවලා දෙනවා නැතුව ඌ design කරන්නේ නෑ,මොකද මිනිහට ඒ ගැන දැනුමක් නෑ මම කියන්නේ නෑ වස්තු බොරුවක් කියලා නමුත් මම හිතන්නේ වාස්තු කියන්නේ විද්‍යාවක් ඔය moratuwa වගේ පොරක් හොයාගෙන ඇදගන්න නිකන් පොත් කටපාඩම් කරපු සාත්තරකාරයන්ට කියලා සල්ලි නිවාස සිහිනය බොඳ කරගන්නේ නැතුව .මොකද උඹලට ලක්ෂ ගණන් වියදම් කරලා ගෙවල් හදන්න පුළුවන් හැබැයි architect කෙනෙකුට structure engineer කෙනෙකුට සල්ලි වියදම් කරන්න ලොබයි.ඒකත් හරියට අර ලක්ෂ 2 ,3 දීලා bike ගන්නවා හැබැයි rs 10,000 වියදම් කරලා හොඳ helmet එකක් ගන්න බැරි වගේ.