වාස්තු බලන්න ගියාම එපා වෙනව බන්

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    බලහන්කො මේ කියල තියෙන එක.

    Capture.JPG





    source

    https://lk.theasianparent.com/5-amazing-vastu-tips
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    අපේ ගෙවල් පැත්තේ එකෙක් කොන්ක්‍රීට් වලින් හදපු අඩි 3*4 කොන්ක්‍රීට් ටැංකි දෙකක් ගෙනාවා මාළු ඇති කරන්න කියල, මූ ගෙනාවට පස්සේ අම්ම කෑ ගහනවා ඔතන තියන්න එපා මුදුන් ලීය කෙලින් වතුර භාජන තියන්න හොඳ නෑ කියල. ඒක ආයේ අයිනෙන් තියන්න කතා කරද්දී කියනවා ගෙදරට දකුණු පැත්තෙන් තියන්නත් හොඳ නෑ කියල, අන්තිමේ ඌ කොහේ තියාගත්තද දන්නේ නෑ මම ආව එන්න. ෆෙන්ග්ෂුයි බොක්කෙන්ම ෆලෝ කරන ගෙයක්.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕව වැඩිය හිතන්න එපා බං. ඔය ෆලෝ කරන ෆලෝ කිරිල්ලට සිංහලු ඉන්න ඕන එහෙනම් බිල්ගේට්ස්ටත් උඩින්. කෝ නෑනේ..
    හොදට මහන්සිවෙලා හම්බකරන්න ට්‍රයි කරමු. අලුත් විදියට ඉන්වෙස්ට් කරමු. ඔච්චර තමා. මොකද ඕවා හරියට හැදුව කියල නිකං හම්බෙන්නෙ නෑනේ
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මට පුදුමේ එතකොට ඔය සුද්දෝ ගෙවල් හදනකොට වාස්තු බලන්නේ නැද්ද? ලංකාවේ ෆ්ලැට් වල එවුන්ට වාස්තු නැද්ද? වාස්තු කියලා එකක් නෑ පුතා.. වාස්තු කියන්නේ සෙළවෙන මනසට..!
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මේකෙ මුලින් නිරිත අවුල් කියල ඊලග වාක්‍ය කියනව නිරිත හොන්දයි කියල.



    ගෙයක් හදන්න පටන් අරන් බලපන්කො මේව කොච්චර ඔලුවට බරක්ද කියල. මම මේව මොනවත් බලන්නෙ නැතුව ප්ලැන් එකක් ඇන්දල ඇපෘ කරගත්ත.

    අද ලින්දක් කපන්න තැන බලන්න එක්කගෙන ආපු එකා ඔලුව කැව බන්. ඌ කියන විදියට මුලු ප්ලැන් එකම වෙනස් කරන්න ඔනෙ
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Owa boru bang.
    USA , England diyunu owa karalada bang. Ape evunge moda wishwasha bang. Denwath owawalin midila aluth widihata hithanna patan ganin.
     
    • Like
    Reactions: dhanuconfi

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,772
    113
    මුලින් පෑලෑන් එක අදින එකාට අපි කේන්දරේ දෙනවානේ. එතකොට ඌ බලලා තමා හදන්නේ. ඔය එනවුන් හදන්නේ ඔලුව කන්න. මහ ලොකු කතන්දර නැහැ බන්. හදපු එකක් පල දෙන්නෙම නැත්නම් මිසක් වෙනස් කරන්න යන්න එපා. ඔක වැරදි කියලා වෙනස් කරන්න ගියොත් ජීවිත කාලෙම එකඑකා කියන එව්වා අහලා සේතතම නැතිකරගෙන ගෙවල් හැදුවැහැකි.
     
    • Like
    Reactions: dhanuconfi

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    වාස්තු කොහෙන් ආපු එකක්ද බන්, වෙන රටවල් වල ඕකට මොකක් කියලද කියන්නේ?
     
    • Like
    Reactions: dhanuconfi

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටිකක් කලපනාකරහම හිතෙනවා වාස්තු කියන්නේ එන්ෂන්ට් ඉංජිනීරින් සේෆ්ටි ෆීචර්ස් නේද කියල,

    මුදුන් ලීය යටින් දොර ජනේල දාන්න එපා කියන්නේ ඒ කාලේ දැන් වගේ සවිමත් කොන්ක්‍රීට් තිබ්බේ නැති නිසා , බිත්ති දුර්වල වීමත් වහලය කඩා වැටීම වලක්වන්න, දොරටුව බස්නාහිරට දාන්න එපා කියන්නේ හවස තද අව්ව නිවාස ඇතුලට එන නිසා,

    ඉතින් මේවාට සිංහල මැජික් ටිකකුත් මිශ්‍ර කරලා, ෆැන්ටසි සයන්ස් එකක් කරගෙන, එතකොට නේ මාකට් කරන්න පුළුවන්, සරලව තේරෙන දෙයකට වැඩිය නොතේරෙන ලබ්බවල් වලට මිනිස්සු කැමතියි, වැඩිපුර ගෙවනවා :rolleyes2:

    ඒ නිසා මූලික කාරනා ටික විතරක් බැලුවම ඇති,