වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිරš
මේ දවස් වල නම් වාහනයක් කියන ඒක හැමෝටම ආයෙත් දැනට අවුරුදු කිහිපයකට පෙර වගේ හීනයක් කියන තත්වයටම ඇවිත්. මොකද වාහනයක් මිලදි ගන්න අවශ්‍ය මුදල සම්පූර්ණ කරගෙන මිස මිලදි ගැනීමේ හැකියවක් නොමැති තරමි.
Leasing දෙන්නෙත් 50% ක් දැන්ත අළුතින්ම ගන්න වාහන වලට. ඉතින් ඒක වාහනයක් මිලදි ගන්න අයට විතරක් නොවෙයි, Leasing Company වල සේවය කරන අයටත් ලොකු බලපෑමක් වෙලා. රැකියාව සුරක්ෂිතභාවයය ගැන. ඒක වෙනම ගැටළුවක්.
අපි කවුරැත් ආසයි අළුත්ම වාහනයක් අයිති කරගන්න. සල්ලි තිබුණත් දැන් නම් වාහනයක් ගන්නවා කියන ඒක හරි අමාරු වැඩක්. වාහන පිළිබදව කිසිම විශ්වාසයක් නෑ. මොකක්ක හරි දෙයක් ඇගි ගහලා කීයක් හරි හොයාගන්න මාන බලන පිරිස එන්න එන්නම වැඩි වෙලා. දුක්මහන්සියෙන් හොයාගන්න කීයක් හරි දීලා ගන්න වාහනේ සමහර වෙලාවට ගත්ත දවසේ ඉදලා කැඩිලා එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක්. වාහනනේ නෙවෙයි ජීවිතේත් එපා වෙනවා එහෙම වුනාම.
හැබැයි ඉතින් ඔය වැඩේදි වාහනය ගන්න කෙනාත් හරි අවබෝධයකින් වැඩ කරන්න ඕනෑ. එහෙම නොවුනොත් තමයි ඔයවගේ දේවල් වෙන්නේ. වාහන ව්‍යාපාරයක් විධියට කරන හැමෝම එක වගේ නෑ. ගොඩාක් හොද අයත් ඉන්නවා. ලංකාවට ආනයනය කරන හොද වාහන රට ඇතුලෙන්ම ලාභදායි මිලකට ගන්න පුළුවන් තැන් තියෙනවා. හොද වාහනයක්. හැබැයි ඉතින් ලංකාවේ ගෙනත් තියෙන වාහනයකට වඩා නම් සෑහෙන මුදලක් අඩුවෙන් කෙලින්ම ජපානයෙන් වාහනයක් ගෙනාවොත් අඩු කරගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය වාහනය තෝරාගෙන තමන්ගේ මුදලට හිරියන ආකාරයෙන් වාහනයක් ගන්න පුළුවන්.
හැබැයි ඔය කෙලින්ම තමන්ගේ නමට ගෙන ඒකත් යම් අවබෝධයක් ඇතුව කල යුතුයි. සමහර අය ඒකටත් විදිනවා. ගෙනාවට වඩා හොදයි මෙහෙ තියෙන ඒකක් ගත්තා නම් කියලා හිතෙයි වාහනේ ආවට පස්සේ. ඒක නිසා හැමදෙයක් පිළිබදව අවබෝධයක් ගත යුතුමයි.
සමහර අය ඉන්නවා මේ ගානට ගෙනත් දෙන්නම් කියලා. නමුත් පැහැදිලි අවබෝධයක් දෙන්නේ නෑ. මේ ගානට දෙනා කියන් එක විතරයි කියන්නේ. ඉතින් Duty ගැන එහෙම වෙනම අදහසක් දෙන්නේම නෑ. වාහනයේ මිල කීයද Duty කීයද කියන එක වෙන වෙනම ගන්නම ඕන. නැත්නම් වෙන්නේ අඩු Duty එකක් දාලා ගණනය කිරීම් කරලා පෙන්වයි. වාහනේ සල්ලි ටික ජපානයටත් ගිහින්. දැන් Duty ගෙවන්න ඕනේ කීය කිවුවත්. ඉතින් අර කිව්ව ගානට වඩා මිල වැඩි වෙලා. ඔය වගේ දේවල් අහන්න ලැබෙනවා ඕන තරමි.
වාසිදායකම දෙය තමයි වාහනයක් තමන්ගේ නමට කෙලින්ම ජපානයෙන් ගෙන්වා ගැනීම. එමෙහ කරන කොට මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුමයි.
01. වාහනයේ මිල. ඒ කියන්නේ ජපානය පැත්තට කොපමණ මුදලක් යැවිය යුතුද යන්න.
02. එතකොට ඒ තෝරාගත්ත වාහනය සදහා වන Duty
03. තව පොඩි පොඩි වියදම් යනවා. ඒ කියන්නේ බැංකු ගාස්තු, නිෂ්කාශණ (Clearing) කටයුතු වෙනුවෙන්. රු. 50,000 - 60,000 වගේ ගානක්.
04. වැදගත්ම දෙය තමයි නිවැරිදි පවතින විනිමය අනුපාතය (Exchange Rate) ගණනය කිරීම් සදහා ලබාගැනීම. ගොඩාක් අය කොහෙවත් නැති විනිමය අනුපාත වලට තමයි ගණනය කිරීම් කරන්නේ. එහෙම කලාම මිල ගණන් හරි අඩුයි.
ඔය කරුණු ගැන හරියට දැනුවත් නම් වාහනයක් ගේන්න පුළුවන්. හරි කෙනා තෝරාගත යුතුයි.
මේ කරුණු කාරනා පිළිබදව නිසි පරිදි දැනගැනීමට කිහිප දෙනක් ගෙන්ම විමසුවාට වරදක් නැ. එහෙම වුනාම පුළුවන් හරි අදහසක් ගන්න. නැත්නම් කියන්නේ එක ගානක් වාහනේ අතට ගත්තාම තව ගානක්.
වාහනයක් ජපානයෙන් හෝ වෙන ඕනෑම රටකින් තමන්ගේ නමට අනයනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉන්නවානම් ඕනම කෙනෙක්ට විස්තර ලබාදෙන්න සූදානම්. මගෙන්ම ලබාගත යුතු නෑ. හරි අවබෝධයෙන් දෙයක් කරන්න. අමාරුවේ වැටෙන්නේ නැතුව. තමන්ගේ මහන්සියෙන් හොයාගත්ත මුදල් විනාශ නොකර.
ඔබගේ ප්‍රතිචාර හා අනෙකුත් සියළු දේ සදහා මා දන්නා තරමින් පිළිතුර ලබාදීඹට සූදානම්.