වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    මේ දවස් වල නම් වාහනයක් කියන ඒක හැමෝටම ආයෙත් දැනට අවුරුදු කිහිපයකට පෙර වගේ හීනයක් කියන තත්වයටම ඇවිත්. මොකද වාහනයක් මිලදි ගන්න අවශ්‍ය මුදල සම්පූර්ණ කරගෙන මිස මිලදි ගැනීමේ හැකියවක් නොමැති තරමි.

    Leasing දෙන්නෙත් 50% ක් දැන්ත අළුතින්ම ගන්න වාහන වලට. ඉතින් ඒක වාහනයක් මිලදි ගන්න අයට විතරක් නොවෙයි, Leasing Company වල සේවය කරන අයටත් ලොකු බලපෑමක් වෙලා. රැකියාව සුරක්ෂිතභාවයය ගැන. ඒක වෙනම ගැටළුවක්.

    අපි කවුරැත් ආසයි අළුත්ම වාහනයක් අයිති කරගන්න. සල්ලි තිබුණත් දැන් නම් වාහනයක් ගන්නවා කියන ඒක හරි අමාරු වැඩක්. වාහන පිළිබදව කිසිම විශ්වාසයක් නෑ. මොකක්ක හරි දෙයක් ඇගි ගහලා කීයක් හරි හොයාගන්න මාන බලන පිරිස එන්න එන්නම වැඩි වෙලා. දුක්මහන්සියෙන් හොයාගන්න කීයක් හරි දීලා ගන්න වාහනේ සමහර වෙලාවට ගත්ත දවසේ ඉදලා කැඩිලා එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක්. වාහනනේ නෙවෙයි ජීවිතේත් එපා වෙනවා එහෙම වුනාම.

    හැබැයි ඉතින් ඔය වැඩේදි වාහනය ගන්න කෙනාත් හරි අවබෝධයකින් වැඩ කරන්න ඕනෑ. එහෙම නොවුනොත් තමයි ඔයවගේ දේවල් වෙන්නේ. වාහන ව්‍යාපාරයක් විධියට කරන හැමෝම එක වගේ නෑ. ගොඩාක් හොද අයත් ඉන්නවා. ලංකාවට ආනයනය කරන හොද වාහන රට ඇතුලෙන්ම ලාභදායි මිලකට ගන්න පුළුවන් තැන් තියෙනවා. හොද වාහනයක්. හැබැයි ඉතින් ලංකාවේ ගෙනත් තියෙන වාහනයකට වඩා නම් සෑහෙන මුදලක් අඩුවෙන් කෙලින්ම ජපානයෙන් වාහනයක් ගෙනාවොත් අඩු කරගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය වාහනය තෝරාගෙන තමන්ගේ මුදලට හිරියන ආකාරයෙන් වාහනයක් ගන්න පුළුවන්.

    හැබැයි ඔය කෙලින්ම තමන්ගේ නමට ගෙන ඒකත් යම් අවබෝධයක් ඇතුව කල යුතුයි. සමහර අය ඒකටත් විදිනවා. ගෙනාවට වඩා හොදයි මෙහෙ තියෙන ඒකක් ගත්තා නම් කියලා හිතෙයි වාහනේ ආවට පස්සේ. ඒක නිසා හැමදෙයක් පිළිබදව අවබෝධයක් ගත යුතුමයි.

    සමහර අය ඉන්නවා මේ ගානට ගෙනත් දෙන්නම් කියලා. නමුත් පැහැදිලි අවබෝධයක් දෙන්නේ නෑ. මේ ගානට දෙනා කියන් එක විතරයි කියන්නේ. ඉතින් Duty ගැන එහෙම වෙනම අදහසක් දෙන්නේම නෑ. වාහනයේ මිල කීයද Duty කීයද කියන එක වෙන වෙනම ගන්නම ඕන. නැත්නම් වෙන්නේ අඩු Duty එකක් දාලා ගණනය කිරීම් කරලා පෙන්වයි. වාහනේ සල්ලි ටික ජපානයටත් ගිහින්. දැන් Duty ගෙවන්න ඕනේ කීය කිවුවත්. ඉතින් අර කිව්ව ගානට වඩා මිල වැඩි වෙලා. ඔය වගේ දේවල් අහන්න ලැබෙනවා ඕන තරමි.

    වාසිදායකම දෙය තමයි වාහනයක් තමන්ගේ නමට කෙලින්ම ජපානයෙන් ගෙන්වා ගැනීම. එමෙහ කරන කොට මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුමයි.

    01. වාහනයේ මිල. ඒ කියන්නේ ජපානය පැත්තට කොපමණ මුදලක් යැවිය යුතුද යන්න.
    02. එතකොට ඒ තෝරාගත්ත වාහනය සදහා වන Duty
    03. තව පොඩි පොඩි වියදම් යනවා. ඒ කියන්නේ බැංකු ගාස්තු, නිෂ්කාශණ (Clearing) කටයුතු වෙනුවෙන්. රු. 50,000 - 60,000 වගේ ගානක්.

    04. වැදගත්ම දෙය තමයි නිවැරිදි පවතින විනිමය අනුපාතය (Exchange Rate) ගණනය කිරීම් සදහා ලබාගැනීම. ගොඩාක් අය කොහෙවත් නැති විනිමය අනුපාත වලට තමයි ගණනය කිරීම් කරන්නේ. එහෙම කලාම මිල ගණන් හරි අඩුයි.
    ඔය කරුණු ගැන හරියට දැනුවත් නම් වාහනයක් ගේන්න පුළුවන්. හරි කෙනා තෝරාගත යුතුයි.

    මේ කරුණු කාරනා පිළිබදව නිසි පරිදි දැනගැනීමට කිහිප දෙනක් ගෙන්ම විමසුවාට වරදක් නැ. එහෙම වුනාම පුළුවන් හරි අදහසක් ගන්න. නැත්නම් කියන්නේ එක ගානක් වාහනේ අතට ගත්තාම තව ගානක්.

    වාහනයක් ජපානයෙන් හෝ වෙන ඕනෑම රටකින් තමන්ගේ නමට අනයනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉන්නවානම් ඕනම කෙනෙක්ට විස්තර ලබාදෙන්න සූදානම්. මගෙන්ම ලබාගත යුතු නෑ. හරි අවබෝධයෙන් දෙයක් කරන්න. අමාරුවේ වැටෙන්නේ නැතුව. තමන්ගේ මහන්සියෙන් හොයාගත්ත මුදල් විනාශ නොකර.

    ඔබගේ ප්‍රතිචාර හා අනෙකුත් සියළු දේ සදහා මා දන්නා තරමින් පිළිතුර ලබාදීඹට සූදානම්.
     
    • Like
    Reactions: lvcs and conzy
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වාහනයක් ගන්නව කියන එක දරුවො දුසුමක් එක්ක ගෑනියෙක් ගන්නවට වඩා චාටර් දැන්නම්, සේල් කාරයො අමු කුනුජරාව එහෙදිම ටින්කරින් කරල, හදල මෙහෙට ගෙනත් අස්ප ගනන් වලට විකුනන්නේ, කොම්පැනි දැම්මත් අදුරගන්න බෑ උන් යට ගහපුව.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    තමන්ගේ නමට කියලා වාහන ගෙන්නලා දෙන උන් කරන්නේ "ඔයා තෝරලා දුන්න එක මේක තමයි. මේ තියෙන්නේ එන්ජින් නම්බර් එක මේ තියෙන්නෙ චැසි නම්බර් එක" කියලා ශේප් වෙනවා. ඕක කරන උන්ට අනිවාර්‍ය ලාභයක් එනවා. ගෙන්නපු වාහනයක් මෙහෙන් බලලා ගන්නවා වගේ නෙවෙයි. අරූගෙ ලාබෙ ෂුවර්. කස්ටමර්ට සියළු අවදානම් දරන්න වෙනවා තමන්ගේ නමට ඉම්පෝට් වෙන නිසා. අනික පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 ඉඳලා ඉම්පෝටර්ස්ලා ලියාපදින්චි වෙන්න ඕන. එහෙම එකේ කොහොමද දන්නෙ නෑ පර්සනල් නම් වලට වාහන ගෙනත් දෙන්නේ. ආශ්‍රය කරලා බඳින එකයි කොහෙ හරි ඉන්න ගෑණියෙක්ව ෆොටෝ එකකින් දැකලා බඳින එකයි වගේ ඕක.
     
    බොහෝම හොදට කියලා තියෙනවා. ඔය කියන කතාව, ඒ කියන්නේ වාහනය සම්බන්ධව, ඔහෝම දේවල් කරනවා කියලා නම් දන්නවා. නමුත් මට නම් තාම ඓහෙම කෙනෙක් අහන්න දකින්න ලැබිලා නෑ. කොහොම උනත් කමක්නැ තමන්ගේ වාහනේ තමන් බලලා එපැයි ගන්න. ඒක හරි. නමුත් ඔය විධියට වංචනිකව නම් දෙයක් වෙන්නේ නෑ. වාහන තමන්ගේ නමට ගෙන්වා ගත්ත ගොඩාක් අය ඉන්නවා ලංකාවේ. හොයලා බලන්න පුළුවන්.

    Imports වලට Register වෙන්න ඕන......
    ඒවා ඒ ආකාරයෙන් සිද්ද වෙනවා. කවුරැ කොහම කිවුවත් ගෙනාව කෙනෙක්ගෙන් අහලා බලන එක තමයි හොදම දේ.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    කියන වාහනය නොවයි එන්නේ කියන ඒකට, පුද්ගලිකව ජපානයෙන් වාහනයක් ගෙන්වන්න කැමති ඕන කෙනෙකුට ගෙනත් දෙන්න සූදානම් පෙන්වන සහ කියන එන්ජින් අංක සහිත වාහනය. ඔය කියන විධියේ දේවල් නම් බොහෝම අල්ප විදියට වෙන්නේ.

    ඕනම ගිවිසුමක් යටතේ ඒ කියන වාහනය ඒ විධියටම ගෙනත් දෙන්න සූදානම්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කියන වාහනය නොවයි එන්නේ කියන ඒකට, පුද්ගලිකව ජපානයෙන් වාහනයක් ගෙන්වන්න කැමති ඕන කෙනෙකුට ගෙනත් දෙන්න සූදානම් පෙන්වන සහ කියන එන්ජින් අංක සහිත වාහනය. ඔය කියන විධියේ දේවල් නම් බොහෝම අල්ප විදියට වෙන්නේ.

    ඕනම ගිවිසුමක් යටතේ ඒ කියන වාහනය ඒ විධියටම ගෙනත් දෙන්න සූදානම්.

    What about tax increments? Say when I select the vehicle from an auction by bidding, the tax for same vehicle is 3 million. But the tax for same vehicle is 4.5 million when I clear it from Hambantota port. Who's responsible for difference?

    Pics and auction sheet doesn't say everything. What if the chassis is corroded/missing some parts of the vehicle/flat spare wheel tire/Weak batteries or batteries doesn't charge/SL custom thieves steal its car audio, parts and etc etc. Now what?

    After you import the vehicle I select, what's your after care/warranty period for the item? Most auto car importers has at least 6 month warranty for reconditioned vehicles. Say there's an engine fault or electronic system fault on after a week or check engine light is illuminating. Who is the one should I contact? Previous vehicle owner in Japan, Japanese auction, Inspection officers, you or a local repair center?

    Can I arrange financial service (leasing) for the one I pick from auction? Or should I pay every penny up-front as procedure goes on?

    :confused:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    japane inna kenekta kiyala(yaluwek) wahanayak genna gannawanam kohomada karanna one.
    namata genna gattama 4yr yanakan wikunanna baha neda.
    wahana walata gahana duty balaganna widiyak thiyenawada.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    japane inna kenekta kiyala(yaluwek) wahanayak genna gannawanam kohomada karanna one.
    namata genna gattama 4yr yanakan wikunanna baha neda.
    wahana walata gahana duty balaganna widiyak thiyenawada.

    ඒහෙම අවුරුදු 04ක් යනකන් විකුණාගන්න බැරි කමක් නෑ. ඒහෙම විකුණාගන්න බැරි උනේ වෙනම කතාවක් නිසා. වාහන ගේන වෙලාවට අයවැය අවස්ථාවකදි ගෙනාව වාහන තමයි ඒ්හෙම විකුණා ගන්න බැරි වුනා. ලැබුණ සහන නිසාවෙන්.

    ජපානයේ කෙනෙක් හිටියා කියලා නම් වාහනයක් ඒවන්න අමාරුයි. තියෙන ක්‍රමවේදයන් අනුව.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    What about tax increments? Say when I select the vehicle from an auction by bidding, the tax for same vehicle is 3 million. But the tax for same vehicle is 4.5 million when I clear it from Hambantota port. Who's responsible for difference?

    Pics and auction sheet doesn't say everything. What if the chassis is corroded/missing some parts of the vehicle/flat spare wheel tire/Weak batteries or batteries doesn't charge/SL custom thieves steal its car audio, parts and etc etc. Now what?

    After you import the vehicle I select, what's your after care/warranty period for the item? Most auto car importers has at least 6 month warranty for reconditioned vehicles. Say there's an engine fault or electronic system fault on after a week or check engine light is illuminating. Who is the one should I contact? Previous vehicle owner in Japan, Japanese auction, Inspection officers, you or a local repair center?

    Can I arrange financial service (leasing) for the one I pick from auction? Or should I pay every penny up-front as procedure goes on?

    :confused:

    Wagakeemak sahithawa onama wahanayak genath denna puluwan, wagakeema idiriyata yanne Oba wahanaya nadaththu karana widiya anuwa, kalata welawata maintenance tika karanna ona. ehema unama eke gataluwaka ne.

    Smanyen Free Service denawa, eata amatharawa Engine Gear Box Hybrid Battery 02 - 03 yrs warranty ekak denawa.

    Wahanayak gena welawata Leasing Pahasukama arrange karala denna puluwan. eke gataluwak ne.

    Eka wahanayak penwala thawa wahanayak monama welawakawath genne ne. e gana kisima bayaka athikaragatha yuthu ne.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කියන ගාන නෙවෙ ලන්කාවට අපුවම කියන්නෙ. එක එක වෙලවට එක එක ගනන්
     
    Palihawadana1990

    Well-known member
  • අපි හිතමු ඔයාට මම කියනවා වාහනයක් ගෙන්නන්න කියල... මම ඔයාට ජාපානයේ වාහනයේ වටිනාකම දෙනව.... ඊට අමතරව ශිප් එකට, ඉන්සුරන්ස් අනෙකුත් ගාස්තුත් දෙනවා.... ඔයා මට කියනවා උදා. විදියට මගේ අතට වාහනේ දෙනකොට මුලු වියදම රු. ලක්ශ 10ක් යනවා කියල... ඔක්කොම ගෙවල ඉවර වෙලා.... ඉතින් මම ඔයාට ඒ සල්ලි දෙනවා.... නමුත් ලංකාවට වාහනේ ආවාට පස්සෙ ක්ලියර් කර ගනිද්දි ඔයා කියනවා අරක වැඩි වෙලා මේක වැඩි වෙලා, අරකට දෙන්න මෙච්චර ඕන, අරූට දෙන්න මෙච්චර ඕන කියල 1000ක් දේවල් කියනවා.... එතකොට මොකද කරන්නේ.... මම දෙන්න ඕනද?? එතකොට ලාබයක් තියෙනවද?? කොහොමද මිනිහෙක්ව හරියටම විශ්වාස කරන්නේ...

    උදා. මම ඔයාට කියල වාහනයක් ගෙන්නවනම් මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ....

    ඔයාලගෙ ලග තියෙනවද අපිට පෲෆ් කරන්න විස්තර.... මම ඔයා නරකයි කියනව නෙමෙයි.... මට ඔනා දැනගන්න ඔය වගේ කේස් එකකදි මිනිහෙක් විශ්වාස කරන්න පුලුවන් දේවල් තියෙනවද කියල.....
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අපි හිතමු ඔයාට මම කියනවා වාහනයක් ගෙන්නන්න කියල... මම ඔයාට ජාපානයේ වාහනයේ වටිනාකම දෙනව.... ඊට අමතරව ශිප් එකට, ඉන්සුරන්ස් අනෙකුත් ගාස්තුත් දෙනවා.... ඔයා මට කියනවා උදා. විදියට මගේ අතට වාහනේ දෙනකොට මුලු වියදම රු. ලක්ශ 10ක් යනවා කියල... ඔක්කොම ගෙවල ඉවර වෙලා.... ඉතින් මම ඔයාට ඒ සල්ලි දෙනවා.... නමුත් ලංකාවට වාහනේ ආවාට පස්සෙ ක්ලියර් කර ගනිද්දි ඔයා කියනවා අරක වැඩි වෙලා මේක වැඩි වෙලා, අරකට දෙන්න මෙච්චර ඕන, අරූට දෙන්න මෙච්චර ඕන කියල 1000ක් දේවල් කියනවා.... එතකොට මොකද කරන්නේ.... මම දෙන්න ඕනද?? එතකොට ලාබයක් තියෙනවද?? කොහොමද මිනිහෙක්ව හරියටම විශ්වාස කරන්නේ...

    උදා. මම ඔයාට කියල වාහනයක් ගෙන්නවනම් මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ....

    ඔයාලගෙ ලග තියෙනවද අපිට පෲෆ් කරන්න විස්තර.... මම ඔයා නරකයි කියනව නෙමෙයි.... මට ඔනා දැනගන්න ඔය වගේ කේස් එකකදි මිනිහෙක් විශ්වාස කරන්න පුලුවන් දේවල් තියෙනවද කියල.....

    මම ඔයාට පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්,
    මෙන්න මේ කරුණු ගැන අවබෝධයක් ගන්න.
    01. පවතින විනිමය අනුපාතය
    මේක ඕනම බැංකුවක Web Site එකකින් ගන්න පුළුවන්
    02. ජපානය වෙත යැවිය යුතු මුදල.
    වාහනයේ මිල සහ එහි ආනකුත් කටයුතු සදහා වන මුදල
    03. මුලු මුදලම LC (Letter of Credit) මගින් යවනවාද නැත්නම් සුළු මුදල්ක වෙනත් ක්‍රමයකින් යැවිය යුතුද යන්න. වෙනත් ක්‍රමයකින් යැවිය යුතු නම් ඒ පිළිබද දැනුවත් වීම
    04. බැංකු සේවා ගාස්තු (ආසන්න වශයෙන් රු. 23,500.00 වගේ)
    05. අදාල වාහනය සදහා වන රේගු බද්ද. මයෙ දෙයාකරයකට ගණනය කරනු ලබයි. එයින් වැඩි අගය අප විසින් ගෙවිය යුතුයි.
    06. වාහනය නිශ්කාශනය (Clearing) සදහා වන වියදම (එය සාමාන්‍යෙයන් රු. 25,000 සිට ඉහලට අාසන්න වශයෙන්)
    07. ගෙන්වන පුද්ගලයාගේ ගාස්තුව
    ඔන්න ඔය කියන කාරනා හරියට එකතු කරලා බැලුවම එදා දවසට වාහනයේ මිල එනවා.
    වාහනයකට යොදවන්න පුළුවන් මිල ගණන් අනුව ඉදිරි තත්වයන් තීරණය කල යුතුය. ඒ සදහා වාහනය ගෙන්වනු ලබන මා වැනි අයගේ සහය ලබාගත යුතුය.
    මිල ගණන් වෙනස් වීම් පිළිබදව පවතින ගැටළුවට විසදුම් කිහිපයක් තියෙනවා.
    කොමොහ උනත් කියන්න තියෙන විශේෂම කාරණවා තමයි, කිසිම කෙනෙක්ට මුදල් දිය යුතු නෑ විශාල වශයෙන් වාහනය ආනයනය කිරීමට. ඒ කියන්නේ වාහනය වෙනකරගෙන Invoice එකක් ගන්න නම් අත්තිකරම් මුදලක් දෙනන්ම වෙනවා. එහෙම නැතුව ඔබ කියලා තියෙන විදියට වාහනේ වටිනාකම නම් දෙන්න අවශ්‍යම නෑ.
    ඔබ අවශ්‍ය ඕනෑම විස්තරයක් ලබාදිය හැකි අතර, මා විසින් වාහනය ආනයනය කර දුන් අය සම්බන්ධ කලහැක.

    වැඩි විස්තර සදහා විවෘතයි.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    කියන ගාන නෙවෙ ලන්කාවට අපුවම කියන්නෙ. එක එක වෙලවට එක එක ගනන්

    මම දාලා තියෙන විස්තර ටිකක් බලන්න. මදිනම් අහන්න
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    01. Wagon R Fx 2017 Pearl Zero mileage
    02. Wagon R J Style 2015
    03. Suzuki Every 2016 White
    04. Nissan Clipper 2015 Silver
    05. 2016 White Vitz (on the way 15th March) for CUSTOMER ORDER
    06. 2016 Axio Brown with Chrome Sheel and Alloy (on the way 15th March)
    for CUSTOMER ORDER