අපේ රටේ බහුතරයක් දෙනාට මුහුණදෙන්න සිද්ද වෙන්නේ නැති ලෙඩක් ගැන ලියන්න යන්නේ. මේකට හේතුව අපේ රටේ වාහන වලට තෙල් ෆුල් ටෑන්ක් ගහන්න අයිතිකාරයින්ට ගෙදර ඉඩමෙන් පර්චස් දෙකක් විකුනන්න වෙන තරමට තෙල් මිල අදික වීම..
රෝග ලක්ෂණ..
තෙල් ගහනකොට ෂෙඩ් එකේ තෙල් ගහන කෙනා ක්‍රියාත්මක කරන පොම්පය ටැංකිය පිරෙන්නට පෙර අක්‍රීය වීම. ටැංකියට තෙල් පොම්ප කරන්නට අපහසු වීම...
ඒ කිව්වේ මෙන්න මේක ගැස්සිලා නවතින එක..
මේකට හේතුව තමයි charcoal canister එක බ්ලොක් වීම.
මොකක්ද මේ charcoal canister එක කියන්නේ..
වාහන වල ටැංකියට තෙල් ගහනකොට පිරෙන තෙල් ප්‍රමාණයට ටැංකියේ තියන වාතය ඉවතට යන්න ක්‍රමවේදයක් තිබිය යුතුයි. තෙල් ටැංකියට පොම්ප කරන නලයෙන්ම ටැංකියේ තියන අතිරික්ත වාතය එලියට ආවොත් වේගයෙන් තෙල් පොම්ප කරන්න නොහැකිවෙනවා අතරම ගිනිගන්න සුළු ඉන්දන වාෂ්ප අවට පරිසරයට එකතුවීමෙන් අනතුරු සිද්ද වෙන්න තියන ඉඩ වැඩි නිසා නිෂ්පාදකයින් මේ අහිතකර අතුරුපල සියල්ලෙන්ම මිදෙන්න හඳුන්වල දීපු උපකරණය තමයි charcoal canister එක. මේක බොහෝ දුරට කාර් වලනම් තියෙන්නේ පිටිපස්සේ බෆර් එක අස්සේ තෙල් ගහන කට තියන පැත්තට වෙන්න.
මේකෙන් කරන ප්‍රධානම කාර්ය නම් ඉන්දන ටැංකියෙන් එලියට එන අන්දන වාෂ්ප සාමාන්‍ය පරිසරයට එකතු වෙන්න නොදී ඉන්දන කොටස් අවශෝෂණය කරගෙන සාමාන්‍ය වාතය විතරක් පරිසරයට මුසු කිරීම. මේ එකතුකරගන්න ඉන්දන කොටස් වාෂ්ප වෙනම නළයකින් වාහනේ ඉන්දන දහනයට පෝෂකයක් විදිහට සැපයෙනවා.
මේ උපකරනක අක්‍රීය වන්නට තිබෙන ප්‍රධානම හේතුව..
මේකට හේතුව තමයි නොදන්නාකමට වාහනය හොලව හොලවා ටැංකියේ කට පිරෙන තුරු තෙල් පිරවීම. එහෙම තෙල් පිරෙව්වාම filler neck එකට සම්භන්ධ වෙලා තියන charcoal canister එක හා සම්භන්ධ නාලයෙන් charcoal canister එක වෙතට තෙල් ගමන් කරනවා. එහෙම උනාම charcoal canister එක ඇතුලේ තියන ගල් අඟුරු කොටස් ඝන භාවට පත්වෙලා ගල් අඟුරු අතරින් වාතය ගමන් කරන්නට බැරි වෙන විදිහට ගල් වෙනව. එහෙම ගල් උන ගමන් තෙල් ටැංකියේ තියන අතිරික්ත වාතය ඉවතට ගලා යන්න බැරි වීමත් සමග ඒ වාතය ටැංකියට තෙල් පුරවන නලය දිගේ එලියට එන්න උත්සහ කරනවා. ඒ සිද්දියත් එක්කම ටැංකිය ඇතුලට පොම්ප කරන තෙල් නැවත පසුපසට තල්ලු වීමත් සමගම තෙල් පුරවන පුම්පය අක්‍රීය වෙන්ව.
මේ තත්වය ඇති නොවෙන්නටනම් තෙල් ටැංකියේ කට ලඟට පිරෙනකම් තෙල් ගහන එක හොඳ දෙයක් නෙවෙයි කියල වටහා ගත යුතුයි. වරදවා වටහා ගන්න එපා මේ කියන්නේ ෆුල් ටෑන්ක් ගහන්න එපා කියන එක කියල. මේ කියන්නේ තෙල් ගහද්දි ටැංකිය පිරුන ගමන් පොම්පය off උනාම නැවතත් වාහනය හොලවා තවත් තෙල් පුරවන්නට උත්සහ කරන්න එකෙන් වලකින්න කියන එකයි..
මේක තමයි charcoal canister එකේ ක්‍රියාකාරිත්වය..
මේ තියෙන්නේ පිට පෙනුම
බ්ලොක් උනාම සාර්ථකම විසඳුම තමයි පාවිච්චි කරපු එකක් ගෙනල්ල හයි කරන එක..

දැන් උඹලා හිතන්න එපා මරුටියේ ෆිංග ප්‍රින්ට් රීඩිං සිස්ටම් එකක් තිබුන කියලා.

රැව්ල වැව්වට කමක් නෑ හැබැයි උඩ රැව්ල ගාලා යට රැව්ල තියන ස්ටයිල් එක නම් කරන්න එපා මචෝ. උඹ පාරේ යනකොට අස්සලාම්මලෙක්කුම් කියයි 
මම ගොඩක් වෙලාවට ෆුල් ටෑන්ක් ගහන එක බං කරන්නෙ.. සල්ලි තියෙනවටම නෙමෙයි.. එතකොට ලේසියි... 10 පාරකට පෙට්‍රල් ගැහුවත් ගාන අඩුවෙන්නේ නැහැනෙ...