වාහනේ ඩිස්ට්‍රිබියුටරේ ගලවමුද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉරිදට කරන්න දෙයක් නැතිවුණාම, වාහනේ බොනට් එක ඇරල නිකං හරි බැලුවෙ නැත්තං මට කාන්සිය වගේ හැදෙනව.....
    ඔය බැලිල්ල, හාර පන්දහක් කුඩු වෙලා කෙලවර වෙන වෙලාවලුත් නැතුවාම නෙමෙයි ඉතිං....😂

    කොහොම හරි අදත් බොනට් එක ඇරියම මතක් වුණේ,
    කාලයක් තිස්සෙ වාහනේ එන්ජිමේ තිබුණ ඔයිල් ලීක් එක...

    ඩිස්ට්‍රිබියුටරේ රොටර් එකේ, ඔයිල් සීල් එක තමයි මේකට හේතුව...
    ඕක ගලවන්න, ඩිස්ට්‍රිබියුටරේ සම්පූර්ණ මස් කරන්න ඕනෙ.

    මේක එන්ජිමට හයිවෙලා තියෙන්නෙ 12mm බෝල්ට් ඇණ දෙකකින්. ඒත් ඕක ගලවන්න කලින් තියෙන විදිහ හරියටම මාක් කරගන්න ඕනෙ. නැත්තං ආයෙ හයිකරනකොට එන්ජිමේ ඇඩ්වාන්ස්, රිටාඩ් ටයිමිං වෙනස් වෙනව.

    මෙතන කියත් පටි කෑල්ලකින් ඉරි කෑල්ලක් ගහල මාක් කරගත්තනං වැඩේ ලේසියි... ටිපෙක්ස්, මාකර් වලින් මාක් කරොත් ඔයිල් වැටුනම මැකෙන්න බලනව...

    Screenshot_2022_0206_175920.jpg

    ගැලෙවුවට පස්සෙත්, මේ කට්ට කෑලි දෙක හයිවෙන පැත්ත වෙනස් නොවෙන්න හයි කරන්න ඕනෙ.
    වෙනස් වුණොත් ස්ටාට් වෙන්නෙ නෑ....
    වැරදිලා හරි ස්ටාට් වුණොත් ස්ටාට් නොවුනනං හොඳයි කියල හිතෙයි...😂
    Screenshot_2022_0206_175940.jpg
    Screenshot_2022_0206_175953.jpg

    දැං ඉතිං තොයිලෙ පටංගන්නයි තියෙන්නෙ....
    මේ තියෙන්නෙ ගලවපු පිළිවෙල...
    ඩිස්ට්‍රිබියුටර් කප් එක ගලවල අයින් කරපු තැන ඉඳං...
    Screenshot_2022_0206_191001.jpg
    Screenshot_2022_0206_191012.jpg

    ඔය ටයිමිං සෙන්සරේට තියෙන ඩිස් එකත් පැත්ත වෙනස්කරගන්නෙ නැතුව තිබුණ විදිහටම හයිකරගත්තොත් හොඳයි....
    මේකනං වෙනස් වුනොත් මොනව වෙනවද කියල හරියට දන්නෙ නෑ....
    Screenshot_2022_0206_191027.jpg

    ඔතනට එනකල් ගැලෙවුවම තමයි ඔයිල් සීල් එක ගලවන්න පුලුවන් වෙන්නෙ.
    ඔය බ්‍රවුන් පාටට තියෙන්නෙ ඇතුලට ඔයිල් ඇවිත් ස්ලජ් වුණ තැන්.
    Screenshot_2022_0206_191046.jpg

    මේකෙ රොටර් ශාෆ්ට් එක ගලවන එක වෙනම කෝස් එකක්.

    ඒකට මුලින්ම මේ තියෙන වීල් එක ගලවන්න ඕනෙ. ඒක ගලවන්න කලින් තිබුණ පැත්ත හරියට මතක තියාගන්න හෝ මාක් කරගන්න වෙනව. නැත්තං නඩුවක්.

    මම මේක කියත් පටියකින් මාක් කරල තියෙන්නෙ...
    Screenshot_2022_0206_180024.jpg

    ඊටපස්සෙ ඕකෙ හරහට ගහල තියෙන කටර් පින් එක ගලවන්න ඕනෙ.
    මම ඒකට පරණ ඇලන් කී එකක් කපල වටේ ග්‍රයින්ඩ් කරල හීනි කූරක් හදා ගත්ත.
    ඊටපස්සෙ එක පැත්තකින් පින් එක බහින්න නට් එකක් වගේ මොකක් හරි රවුම් බුශ් එකක් තියල,
    අනික් පැත්තෙන් හදාගත්ත කූර තියල,
    ඇඟිලි ගැන තියෙන ආසාව අතහැරල මිටියෙන් තඩි බාන්න ඕනෙ....

    මේ වම් පැත්තෙ තියෙන්නෙ, පින් එක ගලවපු වීල් එක,
    දකුණු පැත්තෙ, බෙයාරිමත් එක්ක ගලව ගත්ත ශාෆ්ට් එක,
    පහලින් තියෙන්නෙ, පින් එක ගලවන්න ඇලන් කී එකෙන් හදා ගත්ත ටූල් එක.

    Screenshot_2022_0206_192316.jpg

    දැන් ඉතිං කරන්න තියෙන්නෙ,
    පරණ ඔයිල් පෙරිච්ච තැන් සුද්ද කරල, අලුත් ඔයිල් සීල් එක හිර කරල, තිබුණ විදිහට හයිකරගන්න එක තමයි...

    Screenshot_2022_0206_180103.jpg

    වැඩේ ගොඩ.... සතුටට කරුනනං ආයෙ ගලවන්න වෙන්නෙ නැතුව එක පාරින් ස්ටාට්වුණා........😂

    මම මීට කලින් කරපු මිකැනික් වැඩ.....

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/

    https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    පොටො ටික දකින ක‌ොට අවුරුදු 10 කට විතර කලින් ටෙක් ඒකේ ෆයිනල් එක්සැම් දවස් මතක් උනා මචන්. ෆයිනල් ඒක්සැම් ප්‍රැක්ටිකල් වලට ටයිමින් තියලා පැට්ට්‍රල් ඒන්ජිමක් ස්ටාර්ට් කරන තිබුනා. නිකන්ම කැලි ටික හයිකරාට නම් කවදාවත් ස්ටාට් කරන්න බැ ‌ජපනටවත් හොයාගන්න බැරිවෙන්න ෆොල්ට් දාලා තමයි දෙන්නේ..
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    TFS!

    ඔහොම ඉරිදාවක ඉන්නකොට මමත් දවසක් හිතුවා radiator එක flush කරන්න. ඉතින් Coolant එහෙම ගෙනත් Youtube එකෙන් බලාගන වැඩේ පටන්ගත්තා.
    ඒකේ තිබ්බේ යටින් ගිහින් Nut එකක් තියනවා radiator එකේ ඒක ගලවන්න කියලා. මාත් ඉතින් වැඩිය බැලුවේ නෑ යට රින්ගලා nut එකක් ගැලෙව්වා, මෙන්න එකපාර සුදු පාට Gas එකක් ආවෙ නැද්ද, අතත් එක්ක සීතල වෙලා ගියා. බයට එහෙමම ඒ nut එක තද කලා, සීතලට nut එකේ ඔලුව කැඩුනා කියන්නකෝ. පස්සේ තමා තේරුනේ condenser එකේ ඇනයක් ගලවලා තියෙන්නේ කියලා.
    කොහොම හරි අන්තිමට 10ක් කුඩු AC ගෑස් ගහන්නයි අර ඇනේ ගලවන්නයි. 😔😔😔😔
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපි ගලවලා හයි කලොත් කෑල්ලක් වැඩිවෙලා තියෙයි නැත්තන් අඩුවෙලා තියෙයි.
    ස්ටාට් වුනොත් එච්චරයිනෙ...😂
    අපි වැඩේ කරොත් මෙහෙම වෙයිද :P
    එක පාරක් ඔය ගැජට් එකම, අවුටර් ඔයිල් සීල් එක දාන්න ගැලෙවුව.....

    හයි කරල ස්ටාට් කරාට පස්සෙ, rpm එක තුන්දහට විතර රේස්වෙලා එන්ජිම හිටිනව....
    පස්සෙ බලනකොට, රොටර් එක වටයක් කැරකිලා අනික් පැත්තට හයිකරල තියෙන්නෙ...

    ඒකයි මම විස්තරේ දානකොට මෙහෙම කතාවක් කිවුවෙ....,
    "වෙනස් වුණොත් ස්ටාට් වෙන්නෙ නෑ....
    වැරදිලා හරි ස්ටාට් වුණොත් ස්ටාට් නොවුනනං හොඳයි කියල හිතෙයි...😂"

    පොටො ටික දකින ක‌ොට අවුරුදු 10 කට විතර කලින් ටෙක් ඒකේ ෆයිනල් එක්සැම් දවස් මතක් උනා මචන්. ෆයිනල් ඒක්සැම් ප්‍රැක්ටිකල් වලට ටයිමින් තියලා පැට්ට්‍රල් ඒන්ජිමක් ස්ටාර්ට් කරන තිබුනා. නිකන්ම කැලි ටික හයිකරාට නම් කවදාවත් ස්ටාට් කරන්න බැ ‌ජපනටවත් හොයාගන්න බැරිවෙන්න ෆොල්ට් දාලා තමයි දෙන්නේ..
    සුපිරිනෙ......

    මම ඕවර් ලැප් කරල, ටයිමිං තියල, යාළුවෙකුගෙ බෙන්ලියක එන්ජිමක් හයිකරල තියෙනව....

    ඒකෙ වීල් එකේ ටයිමිං මාක් තියෙනව.

    ඒත් ඒ මොනවද කියල දන්නෙ නැති හින්ද, ඕවර් ලැප් කරල ටයිමිං තියන්න වුණා....😂
    TFS!

    ඔහොම ඉරිදාවක ඉන්නකොට මමත් දවසක් හිතුවා radiator එක flush කරන්න. ඉතින් Coolant එහෙම ගෙනත් Youtube එකෙන් බලාගන වැඩේ පටන්ගත්තා.
    ඒකේ තිබ්බේ යටින් ගිහින් Nut එකක් තියනවා radiator එකේ ඒක ගලවන්න කියලා. මාත් ඉතින් වැඩිය බැලුවේ නෑ යට රින්ගලා nut එකක් ගැලෙව්වා, මෙන්න එකපාර සුදු පාට Gas එකක් ආවෙ නැද්ද, අතත් එක්ක සීතල වෙලා ගියා. බයට එහෙමම ඒ nut එක තද කලා, සීතලට nut එකේ ඔලුව කැඩුනා කියන්නකෝ. පස්සේ තමා තේරුනේ condenser එකේ ඇනයක් ගලවලා තියෙන්නේ කියලා.
    කොහොම හරි අන්තිමට 10ක් කුඩු AC ගෑස් ගහන්නයි අර ඇනේ ගලවන්නයි. 😔😔😔😔
    හත්වලාමෙ.....

    රේඩියේටරේ ඩ්‍රේන් නට් එක ප්ලාස්ටික්,
    ගොඩක් වාහන වල අතින් කරකවල වතුර අයින් කරන්න පුලුවන් විදිහෙ බටර්ෆ්ලයි නට් එකක් තියෙන්නෙ....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    කාර් එකක් ගත්තු දවසකට ගලවලා බලන්න බම්ප් කරල තියාගන්නම්. :baffled: :baffled: :baffled:
    කාර් එකක් ගත්ත දවසට නෙමෙයි කෑලි ගලවලා හදලා පුරුදු වෙන්න වෙනම වාහනයක් ගත්ත දවසට කියපන්. නැත්තන් පදින වාහනේට මෙව්වා කරලා ආයේ තල්ලු කරගෙන ගරාජ් ගානේ ලගින්න වෙන්නේ.. 😣
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    සතුටට කරුනනං ආයෙ ගලවන්න වෙන්නෙ නැතුව එක පාරින් ස්ටාට්වුණා........

    මචන් මගේ මැකෑනික් සමහර වෙලාවට ඇන ඉතුරු වෙනවා... ඒ ඇන වලට මොනවද බන් කරන්න ඕනේ.. ග්‍රීස් කරල තියාගන්නවද ? අත ඇරල දානවද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    කාර් එකක් ගත්ත දවසට නෙමෙයි කෑලි ගලවලා හදලා පුරුදු වෙන්න වෙනම වාහනයක් ගත්ත දවසට කියපන්. නැත්තන් පදින වාහනේට මෙව්වා කරලා ආයේ තල්ලු කරගෙන ගරාජ් ගානේ ලගින්න වෙන්නේ.. 😣
    මන් කම්පියුටර් එක ගලවන ගැලවිල්ලට උබ කියන විදියට මට වෙනම කම්පියුටර් එකකුත් තියෙන්න ඕන. ඒත් බලපන් ඔක්කොම කරන්නෙ තියෙන එකෙන් සමහර කෑලි එල්ලලා තියෙන්නෙ. හැබැයි වැඩේ වෙනවා :lol: :lol: :lol: :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කාර් එකක් ගත්තු දවසකට ගලවලා බලන්න බම්ප් කරල තියාගන්නම්. :baffled: :baffled: :baffled:
    දැන්නං වාහනේකට වියදම් කරනවට වඩා හොඳයි,
    වෙන රටකට මකබෑවිලා යනව....
    මුලින්ම මාතලී දිව්‍යපුත්‍රට බාර වෙන කෑල්ල හිතල මිස් කරා නේද :rolleyes2::rolleyes2: වැඩේ කෙල වෙලා පීඑම් ගැහුවම ගාණක් කපන්න හිතාන

    අනික් ටික නන් එල. :love: :love:
    අපි කීයක් හරි හොයා ගන්න ගියාම තමයි,
    හෙලයන්ටයි, චීන්නුන්ටයි, පරයන්ටයි, ඩස්පියන්ටයි හැම එකාටම රිදෙන්නෙ...
    සතුටට කරුනනං ආයෙ ගලවන්න වෙන්නෙ නැතුව එක පාරින් ස්ටාට්වුණා........

    මචන් මගේ මැකෑනික් සමහර වෙලාවට ඇන ඉතුරු වෙනවා... ඒ ඇන වලට මොනවද බන් කරන්න ඕනේ.. ග්‍රීස් කරල තියාගන්නවද ? අත ඇරල දානවද?
    වෙනම ටින් එකකට එකතු කරල තියාගත්තොත්, පසු කාලීනව වැඩ කරනකොට නැතිවෙන ඇණ වලට ගන්න පුලුවන්....😅

    Good Work Bro....(y)

    meka gana kawiyenuth liyalaa daanna barida ....;-)
    එහෙම කරන්න ගියොත් කෑලි අඩුවෙනව මචං.... ඊට පස්සෙ ස්ටාට් වෙන එකකුත් නෑ......😅