වාහනේ_ඉන්ධන_ඉතුරුකරගමු
වාහනේ ඉන්ධන ඉතුරු කරගමු
1. හොද එන්ජින් ඔයිල් එකක් භාවිතය
අද වෙළඳපොලේ නොයෙක් නම් වලින්, එක එක මිළගණන් වලට නොයෙක් අවශ්‍යතාවන්ට හරියන විදිහට හදපු එන්ජින් ඔයිල් තියෙනව. ඉතින් ඔය අතරින් තමන්ගෙ වාහනයට හරියන ඔයිල් වර්ගය තෝරගත්තොත් 2% විතර ඉන්ධන ඉතිරියක් වෙනව කියල 'ෆෝඩ්' මෝටර් රථ සමාහම කරපු අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනව.
වෙළඳපොලේ තියෙන එන්ජින් ඔයිල් වර්ග අතර තියෙන ජනප්‍රිය වර්ග තමයි; සින්තටික් (Synthetic), සෙමි-සින්තටික් (Semi-synthetic), හා මිනරල්/මිනරල් මල්ටිග්‍රේඩ් (Mineral/Mineral Multigrade) යන වර්ග. මේවායේ තියෙන ගතිගුණ වෙනස්. එන්ජින් ඔයිල් එකක් තෝර ගැනීමේදි වැදගත්ම අංගය වෙන්න එහි ඝණත්වය (Viscosity).
තෙල් වල ඝණත්වය ගැන එහි ඇසුරුමේ සඳහන් කරල තියෙනව. ඔය පිංතූරෙ තියෙන කෑන් එකේ සුදු පාට අකුරින් ලියලා තියෙන්නේ (SAE 5W40) ඝණත්වය ගැන තමයි. අළුත් එන්ජිමකට නම් ඒකෙ නිෂ්පාදකයා නියම කරල තියෙන ඝණත්වය අනුව තෙල් යොදන්න ඕන. ඔය ලියල තියෙන්න තෙල් එක එක උශ්ණත්වයෙදි ඝණත්වය වෙනස්වෙන පරාසයක්. සාමාන්‍යයෙන් නම් අළුත් එක්ජිමකට දාන්නෙ කුඩා W අගයක් හා කුඩා පරාසයක් ඇති තෙල්. නමුත් එන්ජිමේ වයස අනුව (කොච්චර කිලෝමීටර් ගානක් දුවල තියෙනවද) කියන එක අනුව දාන්න ඕන තෙල් වල ඝණත්වය වැඩි වෙනවා. එහෙම කරන්න වෙන්නේ එන්ජිම කාලයක් දුවනකොට ගෙවෙන නිසා. පරන එන්ජිමකට ඝණත්වය අඩු තෙල් දැම්මොත් ඒ එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා. ඒ වගේම එන්ජිමේ ඇතුලත නියමිත පීඩනය පවත්වාගන්න බැරි නිසා වාහනේ අදිනවා හොරයි. අළුත් එන්ජිමකට ඝණත්වය වැඩි තෙල් දැම්මොත් එතකොටත් එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා. ඝණත්වය වැඩි තෙල් වලින් එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය ප්‍රතිරෝදයක් ඇතිකරන නිසා ඒත් වාහනේ අදිනවා හොරයි.
2. ටයර් වල හුලං
තමන්ගේ වාහනයෙ නිශ්පාදකයා නියම කරපු රිම්/ටයර් සයිස් එකම පාවිච්චි කරන එක හොඳයි. නිශ්පාදකයා නියම කරන පීඩන අගයටම නියම විදිහට ටයර් වල හුලං පීඩනය තියාගත්තොත්, වාහනය ඉන්ධන ලීටරයකින් උපරිම දුරක් යාවි. ඒක වෙන්න මෙහෙමයි. ටයර් වල හුලං පීඩනය නියම ප්‍රමානයට වඩා අඩු වුනොත් ටයර් එකේ වැඩි පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා. උවමනාවට වඩා වැඩි ඝර්ශණය මැඩගෙන ඉදිරියට යන්න එන්ජිමට වැඩියෙන් ඉන්ධන පුච්චලා වැඩි බලයක් යොදන්න වෙනවා. නියම ප්‍රමානයට වැඩියෙන් හුලං පීඩනය තියාගත්තොත් අඩු පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා, ඒක මාරන්තිකයි. මොකද බ්රේක් අහන්නේ නෑ. ටයර් වලටත් ඉතා හොඳයි නියම හුලං පීඩනය තියාගත්තොත්.
3. එන්ජිම නියම ලෙස සූසර කොට තබාගැනීම
හැම එන්ජිමක්ම කිලෝමීටර ගණනකට වරක් සූසර (නැත්නම් Tune) කලයුතුයි. මේක අපට කරන්න බැහැ. ඒ සඳහාම පුහුණු කරපු කාර්මිකයෝ ඉන්නව. ඒවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ තියෙනව. එහෙම විශ්වාසදායී කෙනෙක් ලඟට ගිහින්ම එන්ජිම සීරුමාරු කරගත්තොත් එන්ජිම උපරිමෙන් වැඩ කරයි.
4. වා පෙරණය (Air Cleaner) පිරිසිඳුව තබාගැනීම
මේක හරහා තමා එන්ජිම හුස්ම ගන්නේ. එන්ජිමට ඇදගන්නා වාතයේ තියෙන දූවිලි, බොරළු, කුණු පෙරලා පිරිසිඳු වාතය ලබාදීම තමා මේකෙ කාර්යය. අපේ රටේ සාමාන්‍යයෙන් දූවිලි අධිකයි. ඒක නිසා මාසයකට වරක් වත් වා පෙරණය පිරිසිඳු කරගත යුතුයි. ළඟම තියෙන සර්විස් සෙන්ටර් එකේ මල්ලි කෙනෙකුට රුපියල් 20-30ක් දීල කිව්ව නම් එයා ඔය වැඩේ කරල දෙයි. පිරිසිඳු කරන්නේ Hi Pressure හුලං පාරක් අල්ලලා.
5. වායුසමීකරණයේ වා පෙරණය පිරිසිඳුව තබාගැනීම
මේ වා පෙරණය තියෙන්නේ අලුත් වාහන වල. පරණ ඒවයෙ වැඩිය නෑ. සමහර විට ඇති. ඔය තියෙන්න ඒ පෙරනය සාමාන්‍යයෙන් තියෙන තැන. පහළ රූප සටහනත් බලන්න.
ඔබේ වාහනයෙ වායු සමීකරණය වාහනය ඇතුලතින් හුලං ඇදල අරගෙන ශීත කරලා අත අරිනවා වාහනය ඇතුලටම. ඔහොම හුලං ඇදල ගන්න මෝටරයකින් වැඩකරන පංකාවක් (සිංහලෙන් කිව්වොත් ෆෑන් එකක්) තියෙනවා. ඇතුලත තියෙන වායුසමීකරණ උපාංග වල ආරක්ශාවට, අළුත් වාහන වල (2000න් වගේ පස්සෙ ආපු) වා පෙරණයක් තියෙනවා ඇතුලතින් ඇදල අරගත්තු හුලං පිරිසිඳු කරන්න.
වාහනය ඇතුලේ තියෙන දූවිලි හිරවෙලා මේකත් අවහිර වෙනවා. මේක සාමන්‍යයෙන් තියෙන්නේ වාහනයෙ ඩෑශ් බෝඩ් එකේ තියෙන ලාච්චුවට (glove compartment) ඇතුලෙන්. තමන්ටම ගලවලා සුද්ධකරගන්න පුළුවන්. නමුත් දන්නේ නැත්නම් වාහන වල වායු සමීකරණ අලුත්වැඩියා කරන තැනකින් කරගන්න පුළුවන්. ඔවුන් කරන දේ හොඳින් බලා හිටියොත් මේක ඔබටත් ගෙදරදිම කරගන්න පුලුවන්.
6. අනෙකුත් කාලීන නඩත්තු
වාහනයෙ තියෙන අනිකුත් ඉන්ධන පෙරනයන්, ගියර් පෙට්ටියේ තෙල්, ආදියත් නියමිත කාලයේදී මාරු කරවා ගැනීම වැදගත්. මීට අමතරව පුහුණු කාර්මිකයෙක් ලවා වාහනය සර්විස් කරවා ගැනීම කරන්න පුලුවන්.
ෆෝඩ් ආයතනය කියන විදිහට සමහර වාහන වල ඉන්ධන පිරිමැස්ම 25%කින් වැඩිකරගන්න පුළුවන් නියමිත නඩත්තු හරියට කලොත්.

Last edited: