වාහන ගන්නකොට කිලෝමීටර් ගාන බලනවද??

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වාහන ගන්නකොට කිලෝමීටර් ගාන බලනවද??

    ලංකාවේ වාහන වලට කරන මගඩියක් මම මේ ලඟදි දැක්ක. මම මේ ලඟදි ගියා යාලුවෙක් එක්ක එයාගේ වාහනේ පොඩි රෙපෙයාර් වගේකට. ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. තැන කියන්නෙත් නැහැ හේතු කිහිපයක් නිසා. අපි ගියේ වාහනේ මයිලේජ් මීටරේ සෙන්සර් එක දාගන්න හදිස්සි නිසා. මොකද ටොයෝට ලංකා එකේ වැඩේට කල් යනවා කියපු නිසා.

    අපි ගිය තැන සයිඩ් එකෙන් වෙන්නේ අලුත් වාහන වල ඩිජිටල් මයිලේජ් මීටර් එක වෙනස් කරන එක. වැඩේ කරන පොරට ඒක බොහොම සුළු වැඩක්, පැය බාගයක් වගේ තමා යන්නේ. චිප් එකට කේබල් හතරක් කනෙක්ට් කරලා ඩිවයිස් එක ලැප් එකට කනෙක්ට් කරලා අවශ්‍ය මයිලේජ් එකට රීසෙට් කරලා දෙනවා. මයිල්ස්, කිලෝමීටර් වුනත් වෙනස් කරලා දෙනවා ගේමක් නැහැ.

    අපි එතන ඉන්නකොට ආව මුස්ලිම් පොරක්. ඌ වාහනේ මයිලේජ් එක අඩු කරගෙන ගියා. පොර කරනවා කියන්නේ රෙන්ට් එකට වාහන අරගෙන පට්ට යන්න පදිනවා, මාසේ අන්තිමට පැකේජ් එකේ ලිමිට් එකට කිලෝමීටර් ගාන වෙනස් කරලා අයිතිකාරයට මාසෙ මයිලේජ් ලිමිට් එක ඇතුලේ ගෙවන ගාන ගෙවනවා. එක්සස් මයිලේජ් වලට ගෙවන්නේ නැහැ. මීටරේ කරකවන්න මුට ගියේ තුන්දාස් ගානක් විතරයි. මූ මාස එකහමාරෙන් දෙකෙන් වාහනෙත් මාරු කරනවලු. ඉතින් හිතල බලපල්ලකෝ වාහනේට වෙන දේ සාමාන්‍යයෙන් 3000 න් 3500 න් සර්විස් කරන්න ඕනේ වාහනයක් කිලෝමීටර් කීයෙන්ද සර්විස් වෙන්නේ. අයිතිකාරයාගේ ගාන හරියට හම්බ වෙන්නේත් නැහැ, වාහනෙත් විනාසම වෙනවා.

    අනික මම මේ කියන තැනට දවසකට බර ගානක් එනවා මීටරේ කරකවගන්න. ඉතින් හිතපල්ලා හිත හදාගෙන වාහනයක් ගන්නේ කොහොමද කියල, පට්ට පතුරු යන්න දුවල කිලෝමීටර් 35000 යි 40000 යි කියල විකුනනවා.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔව් වාහනයක් බලන්න ගියොත් ඔක්කොම දුවල තියෙන්නේ 35000-40000, වහනයේ හැටි දැක්කහම පට්ට පතුරු යන්න දුවලා තියෙන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වාහනේ මේන්ටෙනන්ස් රෙකෝඩ් බලන්න පුළුවන්
    දුම් පරීක්ෂා සහතික බලන්න පුළුවන්
    Agent Maintained නම් අයිතිකාරයා ළඟ රෙකෝඩ්ස් නැතත් ඒජන්ට් ගාව තියෙනව නේ
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වාහනේ මේන්ටෙනන්ස් රෙකෝඩ් බලන්න පුළුවන්
    දුම් පරීක්ෂා සහතික බලන්න පුළුවන්
    Agent Maintained නම් අයිතිකාරයා ළඟ රෙකෝඩ්ස් නැතත් ඒජන්ට් ගාව තියෙනව නේ

    ලගදි වාහනයක් බලන්න ගියා
    මීටරේ 190,000 යි.
    දුම් සහතිකේ 375,000 යි. :frown:
    2012 දි ටී බෙල්ට් මාරු කරපු ස්ටිකර් එකක් තිබුන 412,000 යි.
    මීටරේ එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම කරකවල. :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලගදි වාහනයක් බලන්න ගියා
    මීටරේ 190,000 යි.
    දුම් සහතිකේ 375,000 යි.
    :frown:
    2012 දි ටී බෙල්ට් මාරු කරපු ස්ටිකර් එකක් තිබුන 412,000 යි.
    මීටරේ එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම කරකවල. :angry:


    අයිතිකාරය මොකද කිව්වේ? :lol::lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අර පිකන්ටො එක මොනා කිව්වත්
    හොදයි කියල හිතෙන්නෙ
    මෙන්න මෙව දැක්කම තමා
    ජපන්,ජබන් කිය කියා මැරෙන්න හැදුවට
    ඇත්ත දන්නේ දෙය්යො විතරයි​
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඩෑෂ්බෝඩ් එක අලුතෙන්ලු දැම්මේ. :rofl:

    කිතුලට ගිය මිනිහ මතක් වුණා කියන්න එපායැ :lol:
    අනිවා ඇඩ් එකේ තියෙන්න ඇත්තේ 190,000 :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මීටරෙන් කොච්චර වෙනස් කරත් agent ගාවට ගෙනිහින් check කරාම true mileage හොයන්න පුලුවන් නේද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    අර පිකන්ටො එක මොනා කිව්වත්
    හොදයි කියල හිතෙන්නෙ
    මෙන්න මෙව දැක්කම තමා
    ජපන්,ජබන් කිය කියා මැරෙන්න හැදුවට
    ඇත්ත දන්නේ දෙය්යො විතරයි​

    picanto එකේ විශේෂත්වය මොකක්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මීටරෙන් කොච්චර වෙනස් කරත් agent ගාවට ගෙනිහින් check කරාම true mileage හොයන්න පුලුවන් නේද?

    ඒ ඉතිං Agent maintained වාහන විතරයි
    එහෙම ඒව නම් ලක්ෂ දෙකක් තුනක් දුවල තිබුණත් හොඳ තත්ත්වයේ තියෙනව හැබැයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    picanto එකේ විශේෂත්වය මොකක්ද?

    බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන් යුස්ඩ් ජපන් එකක් ගන්න ගානට, 2.8 mil ද කොහෙද