වාහන ගියර් 2

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පොඩ්ඩක් පරක්කු උනා මේක දාන්න. මේ දවස් වල ටිකක් වැඩ වැඩයි.
    කලින් ත්‍රෙඩ් එකෙන් මම පැහැදිලි කළා කොහොමද CVT එකක් වැඩ කරන්නේ කියල. අද මම කියන්න හදන්නේ automatic transmission වලම තියන planetary gear system එක ගැන. අපි කලින් එකේ කාණ්ඩ වලට බෙදුව විදිය බැලුවොත්,
    1. Automatic Transmission
    a. Planetary Gear System
    b. Continuously Variable Gear System
    2. Manual Transmission


    ඔන්න ඔහොම තමයි බෙදුවේ. මේකෙන් පැහැදිලි ඇති Planetary Gear System එකත් automatic ගියර් පද්දතියක් කියල. මේ පද්දතිය තමයි දැනට බහුලවම භාවිතා වෙන්නේ. මොකද CVT වලට කලින් මේක තමයි ජනප්‍රිය වෙලා තිබුනේ. එහෙම වෙන්න හේතුව තමයි කලින් ත්‍රෙඩ් එක බැලුව නම් මතක ඇති CVT එකට රබර් බෙල්ට් එකක් ඕන. මේ බෙල්ට් එක මගින් විශාල බලයක් ගෙනයනවා. (සම්පුර්ණ වාහනේම මේ බෙල්ට් එකෙන් තමා දුවන්නේ.) 1990 විතර වෙද්දී මේ CVT කියන තාක්ෂනය තිබුනත් ඒ තරම් බලයක් සම්ප්‍රේෂණය කරන්න තරම් දියුණු බෙල්ට් එකක් තිබුනේ නැහැ. නමුත් අද වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව බලය ගෙනියන්න පුළුවන් බෙල්ට් නිෂ්පාදනය කරලා තියනවා. අද වෙනකොට වාහන නිෂ්පාදකයි ටික ටික මේ Planetary Gear System එකෙන් ඈත් වෙන්න පටන් අරගෙන. මොකද මේ පද්දතිය ඉතාමත් සංකිරණයි. හේතුව ඉස්සරහට තේරෙයි.

    වැඩේට බහිමු,
    Planetary Gear System කියන දෙයින්ම මේකේ ගියර් පිහිටන විදිය ගැන තරමක අවබෝදයක් ගන්න පුළුවන්. හිතන්න අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටන විදිය ගැන? මැද සුර්යයා තියනවා, ඒක තමා වටා භ්‍රමණය වෙනවා. ඒ වගේම සුර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණය වෙනවා. මේ ග්‍රහලෝක එක පථයක ගමන් කරන අතරේ තමා වටාත්භ්‍රමණය වෙනවා. අන්න ඒ තියරියට තමයි මේ ගියර් වැඩ කරන්නේ..

    2fm.gif

    ngt.gif

    ඔය තියන්නේ, ඔන්න ඔය විදිය තමයි ඉතින් ඔය වාහනේ ඇතුලේ.
    මැද තියන්නේ Sun gear එක. ඒක වටේට තියන්නේ Planetary gears 4 ක්. මෙන්න මේ ගියර් 4 එකිනෙකට සමාන දුරින් තියා ගන්න Planet carrier කියල එකක් භාවිතා කරනවා. ඒ නිසා මොනම වෙලාවකදිවත් මේ ගියර් 4 එකිනෙක ගැටෙන්නේ නෑ. (අවශ්‍යතාවය අනුව මේ planetary gear 3,4,5,6 වගේ තියෙන්න පුළුවන්.) මේ planetary gears වටේට තියනවා ring gear එකක්. planetary gears , sun එකට සහ ring එකට තද වෙලා තමයි තියන්නේ.

    මෙහෙම ලේසියට පෙනුනට මේක විස්තර කරන්න ටිකක් අමාරුයි. මෙන්න මෙහෙමයි වෙන්නේ, මේ උඩ රූපේ තියන එක ගියර් එකකට කලින් පාඩමෙන් කිව්වා වගේ ක්ලච් එකෙන්, එහෙමත් නැත්නම් torque converter එකෙන් බලය දෙනවා. වෙන ගියර් එකකින් බලය එලියට ගන්නවා. හැබැයි ඉතුරු එක අචලව තියා ගන්නවා. මම මෙතන කියල තියන 3 තමයි sun gear, planet carrier, ring gear. මොකද planet gears වලට කෙලින්ම input හෝ output දෙන්න බැහැ. පොඩ්ඩක් කල්පනා කරොත් තේරෙයි මොකද කියල. ඔය gif එකෙන් තියන්නේ input එක sun gear එකට සහ output එක ring gear එකෙන් ගතපු අවස්ථාවක්. හැබැයි මේකෙදි planet carrier එක අචලව තියාගෙන තියනවා.

    j39.JPG

    මේ තියන්නේ සරලව කොහොමද input එක සහ output එකට අනුව ගියර් අනුපාතය තීරණය වෙන්නේ කියල. මේ වගේ ගියර් සෙට් 1,2,3 ක් ආකාරයෙන් වාහන වල තියනවා. එකක ලැබෙන out put එක අනිත් එකේ input එක විදියට දීල තමයි වැඩේ කරගන්නේ. මේ විදියට ගියර් 9 කට පමණ යන්න අද වාහන නිෂ්පාදකයෝ ක්‍රියා කරනවා. :shocked::shocked:(ගියර් 9 ක් විතර ඕන වෙන්නේ ඔය කන්ටේනර් ට්‍රක් වගේ ඒවාට හොඳේ?)
    මම වැඩේ පටන්ගන්න කලින්ම කිව්වා මේක සංකීරණ පද්දතියක් කියල. එකට හේතුව තියනවා, ඒ තමයි මේ ගියර් engage dis-engage කරන්න, එහෙමත් නැත්නම් අවශ්‍ය ගියර් චලනය කරන්නත් අනවශ්‍ය ඒවා අචලව තියාගන්නත් සෑහෙන්න මහන්සියක් ගන්න ඕන. ඒ වගේම මේ ගියර් අනවශ්‍ය දිශාවට චලනය නොවෙන්නත් වග බලා ගන්න ඕන. මේවා ගැන වැඩි විස්තර කියන්න බලාපොරොත්තුවක් නැහැ. පොඩි විස්තරයක් කරන්නම්,

    d2xp.jpg

    මේ තියන්නේ බ්‍රේක් බෑන්ඩ් (break band) එකක්. මේකෙන් කරන්නේ අවශ්‍ය වෙලාවට sun gear එක හිර කරලා අල්ල ගන්න එක. එතකොට බලය සම්ප්‍රේෂණය කරන්නේ ring gear එකෙන් සහ planet carrier එකෙන්. මේක හිර කරගන්නවා කියන්නේ ගියර් අනුපාතය වෙනස් වෙනවා කියන එක.
    අනිත් ගියර් හිර කරන්න ක්ලච් කිහිපයක් තියනවා. ඒ ගැන වැඩි දුර විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සියල්ල අවශ්‍ය වෙලාවට හිර කරන එක, නිදහස් කරන එක කරන්නේ වාහනේ පරිඝනක පද්දතිය මගින් තමයි.

    එක මතයක් තියනවා අපේ අය අතරේ ඔටෝමැටික් වාහන වලට වෙන වාහන ඉස්සර කරන්න ගොඩක් අමාරුයි කියල. ඒක නම් අලුත් වාහන වලට අදාළ මතයක් නෙවෙයි. හේතුව මම කියන්නම්.:eek::eek:
    ඉස්සර ඔටෝ වාහන වැඩ කරේ එක තර්කයක් මත. (පරිඝනක වැඩ කරන්නේ තර්ක (logic) වලට අනුව බව දන්නවා නේ?) අපි වාහනේ accelerator එක පාගන ප්‍රමාණය (එන්ජිම රේස් වෙන එක අනුව) අනුව පරිඝනකය ගියර් අනුපාතය ඉක්මනින් වෙනස් කර ගන්නවා. ඒ නිසා අපි වාහනයක් ඉස්සර කරන්න ලෑල්ලටම පාගල දත්මිටි කාගෙන ඉන්නකොට වාහනේ පරිඝනකය හිතනවා යකෝ මු වෙටල් ලා, ශු මාකර් ල, අලන්සෝ ල ට වඩා වේගෙන් යන්න හදන්නේ, ඒ නිසා ඉක්මනය ගියර් අනුපාතය වැඩි කරලා එන්ජිම රේස් වෙන එක නවත්තගන්න ඕන කියල. හැබැයි මෙතැනදී වාහනේ ගියර් අනුපාතය වැඩි වෙනකොට වෙන්නේ රෝද වලට ලැබෙන ව්‍යාවර්තනය, torque එක අඩු වෙනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් ත්වරණය වැඩි වෙන සිඝ්‍රතාවය (rate) අඩු වෙනවා. (ත්වරණය අඩු වෙනවා කියන එක නෙවෙයි හොඳේ? පටලවා ගන්න එපා.) ඔන්න ඔය හේතුව නිසා තමයි වෙන වහනයක් ඉස්සර කරන්න අමාරු වෙන්නේ.
    හැබැයි දැන් එන අලුත් වාහන මේ එක තර්කයේ කතාවක් නැහැ. අලුත් වාහන වැඩ කරන්නේ තර්ක කිහිපයක් මගින්. උදාහරණයක් කිව්වොත් ඔන්න අපි වාහනය ඉස්සර කරන්න හදනවා, එතකොට අපි ලෑල්ලට ම පාගනවා. ඒ නිසා එන්ජින් එකේ RPM එක වැඩි වෙනවා. ඉස්සර වාහනයක නම් RPM එක, එක ගානකට වැඩි උන ගමන්ම ගියර් එක උඩට මාරු කරලා. නමුත් අලුත් වාහනයක් බලනවා දැන් වාහනේ වේගේ මොකක්ද කියල. නමුත් වාහනේ ගියර් මාරු කරන්න තරම් වේගයක් වාහනේට නැහැ. හැබැයි එන්ජිමේ RPM එක හෝ ගාල වැඩි වෙනවා. හැබැයි පරිඝනකය නෙවෙයි ගියර් මාරු කරන්නේ.....තවමත් කලින් ගියර් එකේමයි...දැන් ටික ටික වාහනේ වේගේ වැඩි වෙනවා, ඔන්න ගියර් මාරු වෙන්න අවශ්‍ය ප්‍රමාණයට වේගේත් තියනවා, දැන් පරිඝනකය බලනවා එන්ජිමට ලැබෙන ප්‍රති බලය කොහොමද කියල...ඒ කියන්නේ කන්දක වගේ යනවා නම් එන්ජිමට විරුද්දව ලැබෙන බලය වැඩියි. මොන යම් හේතුවකින්වත් පරිඝනකය ප්‍රති බලය වැඩි වෙලාවක ගියර් එක උඩට මාරු කලොත් කෙලා හුටා තමයි. අපි හිතමු වාහනේ මේ වෙලාවේ තියන්නේ හොඳ තිරස් පාරක කියල, එහෙනම් පරිඝනකය දෙපාරක් හිතන්නේ නැතුව ගියර් එක උඩට මාරු කරනවා. මේ ක්‍රමේට කියන්නේ fuzz logic කියල. මම කිව්වේ අවස්ථා කිහිපයක් පමණයි. නමුත් අද නවීන වාහන වල මේ වගේ තර්ක වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කලාම තමයි ගියර් මාරු වෙන්නේ. ඒ තර්ක වලට වාහනේ එන්ජිමේ economic ද කියන එක පවා බලනවා. ඇත්තම කියනවා නම් ඔටෝ වාහනයක් මැනුවල් එකකට වඩා fuel efficiency එක ගොඩක් වැඩියි. මැනුවල් එකක ඒ දේ රඳා පවතින්නේ වාහනේ එලවන පුද්ගලයා මත. නමුත් මෙහි එහෙම නැහැ. හැබැයි ඔටෝ වාහනයක් එහෙම නොවෙන්න හේතුව තමයි ක්ලච් එක, torque converter එක... :frown::frown:
    අද පාඩම ඉවරයි...මැනුවල් ගියර් ගැනත් ඕන නම් දාන්නම්. මම හිතන්නේ ගොඩක් අය ඒක ගැන නම් දන්නවා ඇති. බම්ප් එකක් දාගෙනම යන්නෝ....!!!

    කලින් ත්‍රෙඩ්..
    වාහන ගියර්
    වාහන පේන්ට්
    වාහන බ්‍රේක්
    වාහන බ්‍රේක් 2
    වාහන ටයර්/රෝද
    වාහන ක්ලච්
    වාහන ක්ලච් 2
    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු
    මොනවද මේ වාහන පර්මිට්?
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    tawath supiri thread ekak. keep it macho.
    හෙමිහිට කියවල තේරුම් ගන්න ඕන.ටිකක් සංකීර්නය්.ජය වේවා.