වාහන දඩ

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :confused::confused: උබ කියන එක පැහැදිලි මදි


    Dadayak gahanakota samanyayrn kola 2k denawa. Ekak kolayak A4 paper eke digin 2/3 wage diga, A4 size palala thunii kolyak. Meka thamai licence eka police yen gaththama licence eka wenuwata dena kolaya. Anith kole nil paata diga ekak.

    Oken samahara welawata denne mama mulin kiyapu kole witharai. Nil pata eka denne ne. Ehema wechchi welawata adala police station ekata gihin ara kole pennala nil pata kole ganna oni. Meka thamai post office ekata gewanne. Post Office ekata geuwama un thawa kaha pata kolayak denawa.

    Iita passe kahapata kolei mama mulinma kiuwa kolei dekama police yata deela ube licence eka ganna puluwan.

    Anika mathaka ethuwa dadakole dawas 14k ethulatha gewapan. Dawas 14penna gaman dadaya dheguna wenawa.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දඩ පත්‍රිකා ලබාගැනීම සහ ගෙවීම.

    PDF Print Email
    පියවර 01: රියදුරු මාර්ග නීතයක්/නීති උල්ලංඝනය කරයි.
    පියවර 02: පොලිසිය රියදුරුගේ බලපත්‍රය අත් අඩංගුවට ගනි.
    පියවර 03: පොලිසිය අත්පිට දඩ ප්‍රකාශයක් නිකුත් කරයි.
    පියවර 04: රියදුරු පොලිස් රථවාහන අංශයේ කාර්යාලයට ගොස් දඩ මුදල ගෙවු ඉල්ලුම් පත්‍රය ලබා ගනි.
    පියවර 05: රියදුරු තැපැල් කාර්යාලය වෙත ගොස් දඩ මුදල ගෙවා ඒ සදහා කුවිතාන්සියක් ලබාගනි.
    පියවර 06: රියදුරු පොලිස් ස්ථානය වෙත ගොස් කුවිතාන්සිය පෙන්වු විට පොලිසිය ඔහුගේ රියදුරු බලපත්‍රය ආපසු දෙයි.

    සටහන 01: රියදුරු දඩ මුදල ගෙවා නොමැති නම් ඔහු/ඇය අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.
    සටහන 02: රියදුරුට රියදුරු බලපත්‍රයක් නොමැති නමි පොලිසිය (පොලිස් 405 - 1979 අංක 15 දරණ අපරාධ නීති සංග්‍රහයේ 109 (6) ඡේදය) වෙනත් අවසර පත්‍රයක් නිකුත් කරයි.


    ලබාගත හැකි අවස්ථා
    මොටර් වාහන පණත 215 අ වගන්තියේ සදහන් පරිදි රථ වාහන වැරදි සම්බන්ධයෙන් යම් තැනැත්තකු වරද පිලිගත් අවස්ථාවකදී එම තැනැත්තාගේ ඉල්ලිම පරිදි මෝටර් වාහන පනතේ 2වන උපලේඛනය.


    ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


    වැඩකරන වේලාවන්
    පොලිස් ස්ථානය
    24/7/දින 365

    තැපැල් කාර්යාලය
    සදුදා - සිකුරාදා පෙ ව 8:00 - ප ව 3:00
    සෙනසුරාදා පෙ ව 8:00 - ප ව1:30


    දඩ පත්‍රිකා ගේවිමේ පටිපාටිය
    මාරුකර දින සිට දින 14 ඇතුලත ඹ්නෑම තැපැල් කර්යාලයකදි දඩ පතේ සදහන් මුදලට අමතරව තැපැල් කාර්යාල මගින් 10%ක මුදල ආදාල මුදල ගෙවීමෙන් පසු තැපැල් කන්තොරුව විසින් ඉදිරිපත් කරන ලදුපත නඩුලබා ගැනිමෙන් දින 14 යෑම‍ට පෙර අදාල පොලිස් ස්ථානයට ගෙනවිත් භාර දිමෙන් හො තැපැල් මගින් පොලිස් ස්ථානයට ලැබිමට සැලැස්විමෙන් එම නඩුව අවසන් කල හැකිය.

    දඩපත්‍රයක් ලබා ගැනිම වරද කරන ස්ථානයේ පොලිස් නිලධාරියා ලග ඇත්නම් ඹහුගෙන් හො එසේ නොමැති විට අදාල පොලිස් ස්ථානය මගින් වැරදි සදහා පමනක් ලබා ගත හැක.

    සටහන
    අත්පිට දඩ අවසර පත්‍රය රියදුරු වෙත නිකුත් කරනු ලබන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයක් වශයෙන් වන අතර දින 14ක් ඇතුලතදි ඒ සදහා ගෙවිමි කල යුතුයැයි අපේක්ෂිතයා ගෙවිම් කර නොමැති නම් රියදුරු අධිකරණය වෙත යොමු කෙරේ.


    ඉදිරිපත් කිරි‍මේ පියවර
    කුවිතාන්සිය පොලිස් ස්ථානයට බාර දී රියදුරු බලපත්‍රය ලබා ගන්න


    ඉල්ලූම් පත්‍ර
    අත්පිට දඩ අවසර පත්‍රය
    රියදුරු බලපත්‍රය වෙනුවට පොලිස් නිළධාරියෙකු විසින් නිකුත් කරනු ලබන ආකෘති පත්‍රය (එම් ටි ඒ 37)
    දඩ කුවිතාන්සිය
    නඩු පැවරිම වෙනුවට පැනවු දඩය


    ඉල්ලූම් පත්‍ර
    රියදුරා විසින් සමිපුර්ණ කල යුතු ඉල්ලූමිපත්‍ර නොමැත.
    පොලිස් නිළධාරියා (රථ වාහන අංශය) නිකුත් කරන කුවිතාන්සිය (එම් ටි ඒ 37) රියදුරා ලබාගැනීම.

    සටහන
    දඩ ප්‍රකාශය නිකුත් කරන අවස්ථාවෙහිදි රියදුරා සතුව බලපත්‍රය නොතිබුනේ නම් පොලිසිය විසින් නිකුත් කරන පොලිස් 405 කුවිතාන්සිය ලබාගැනීම.


    තවකාලික රිය බලපත්‍ර
    නඩුවක් ලබා ගැනිමේදි හො රිය අනතුරකදි පරික්ෂණ කටයුතු සදහා පොලිස් නිළධාරියා විසින් එම රියදුරුගේ රියදුරු බලපත්‍රය ඹහු භාරයට ගෙන යම් කාල පරිච්චේදයක් සදහන් කරමින් එම රියදුරු
    බලපත්‍රය වෙනුවට තවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරයි.

    පොලිසිය භාරයට ගෙන ඇති රියදුරු බලපත්‍රයක් ලබා ගැනිම.


    නිකුත් කර ඇති බලපත්‍රය
    දඩ පත්‍රිකාවක් ගේවිමේන් පසු එහි රිසිට් පත්‍රය භාරදිම.
    අධිකරණ නඩුව අවසන් වු පසු


    සේවාව සදහා ගතවන කාල සීමාව


    සේවාව සදහා ගතවන සම්පූර්ණ කාල සීමාව
    ගෙවිමි කල දිනය අනුව සිදුවේ.



    ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
    පොලිස් සථානය 24/7/දින 365



    වලංගු කාල නියමය
    තාවකාලික බලපත්‍ර අවසර පත්‍ර සදහා දින 14



    සේවාව සදහා වැයවන මුදල
    දඩ හා වන්දි මුදල 397 ඉල්ලුම් පත්‍රයහි දැක්වේ.



    අවශ්‍ය උපකාරක ලිය කියවිලි
    පොලිස් නිළධාරින් අත්පිට දඩ නිකුත් කරන විටදි රියදුරුගේ රියදුරු බලපත්‍රය අවශ්‍යය.