අපේ රට ගියපු සෙට් එකකගේ වැගන් R එකකුයි විට්ස් එකකුයි විකුණන්න දිලා තිබ්බේ අපිට. විට්ස් එක නම් කලින්ම 75කට අරන් ගියා. වැගන් R එක 56ක් කියලා කිව්වේ. මාස 4ක් විතර තිබ්බා. අඩුවට ඉල්ලුවේ හැමොම. විකුණන්න දිපු උන්ට ණයක් ගෙවන්න තියෙනවා කියලා 48කට හරි ආවත් දෙන්න කිව්වා. කොහොමහරි අද එකෙක් ඇවිත් 50කට අරන් ගිහින්. සෙල් කාරයෙක් අරන් ගිහින් තියෙන්නේ. මන් නිකමට කොල් ආපු න්ම්බර් truecaller එකේ බැලුවා. ඔක්කොම වගේ තියෙන්නේ සෙල් කාරයෝ කතා කරලා. වාහන මිල ඉස්සරහට අඩු වෙනවනම් සෙල් කාරයෝ වාහන වලට අත ගහයිද?