ගිනි ත්‍රිකෝණය
ගින්නක් ඇතිවීමට අවශ්‍ය සාධක තුන ගිනි ත්‍රිකෝණයයි.
1. ඔක්සිජන්
2. ඉන්ධන (ගිනි ගන්නා ද්‍රව්‍ය / මාධ්‍ය)
3. තාපය
මේ තුනෙන් එකක් අයින් කල හොත් ගින්න නිවිය හැක. ගිනි නිවන උපකරණයකින් සිදු කරන්නේ මෙයයි.
ගිනි ගන්නා ද්‍රව්‍ය / මාධ්‍ය අනුව ගිනි වර්ග ABCDEF ලෙස වර්ග කරනවා.
වාහන වල ඇතිවන ගිනි වර්ග නිවීම සදහා හොදම වන්නේ CO2 Fire Extinguishers (Carbon Dioxide) යි. Carbon dioxide මගින් ගිනි ත්‍රිකෝණයේ Oxygen ඉවත්කරයි. නමුත් වාහන සදහා කාබන් ඩයොක්සයිඩ් පහත හේතු මත නිර්දේශ නොකරයි.
1. නොදැනුවත්ම කාන්දු විය හැකි නිසා. කාබන් ඩයොක්සයිඩ් වලට ගඳ සුවඳ හෝ වර්ණයක් නැති නිසා කාන්දු වීමකදී ඒ බව දැනගන්නා විට ප්‍රමාද වැඩි වී හුස්ම ගැනීමට නොහැකි විය හැකි බැවින්.
2. ආවරණය වූ හා වාතාශ්‍රය හොදින් නොලැබෙන ස්ථානයක කාබන් ඩයොක්සයිඩ් භාවිතා කල හොත් හුස්ම ගැනීමට නොහැකි වන බැවින්.
3. හදිසි අනතුරකදී රියදුරු වාහනය තුල සිරවී සිටින අවස්තාවකදී වාහනය ගිනි ගැනීමට ලක් උවහොත් කාබන් ඩයොක්සයිඩ් භාවිතා කල නොහැකි බැවින්. කාබන් ඩයොක්සයිඩ් භාවිතා කල හොත් හුස්ම ගැනීමට නොහැකි වන බැවින්.
4. ගිනි නිවන උපකරණය තුල කාබන් ඩයොක්සයිඩ් පවතින්නේ දියරයක් ලෙස අධික පීඩනයක් සමගයි. මෙය පිටතට විහිදෙන විට වායුවක් බවට පත්වේ. මෙම පීඩනය 55 BAR පමණ ඉහල අගයක් ගන්නා අතර වතුර හෝ දියර භාවිත කරන ගිනි නිවන උපකරණයක මෙය සාමාන්‍යයෙන් 12 BAR පමණ වේ. එම නිසා නිසි පුහුණුවක් නොමැතිව හා නිවැරදි hose හා horn නොමැතිව භාවිත කරන විට පසුපසට යෙදෙන ප්‍රතිපීඩනය නිසා අනතුරු විය හැකියි. Shotgun එකකින් තරම් නොවූවත් මෙමගින්ද මැණික්කටුව ට හානි වීමට හෝ කැඩී යාමට ඉඩ හැකියි. සම්පුර්ණයෙන් පිරවූ 2Kg සිළින්ඩරයක බර 8.2kg පමණ වේ.
5. මෙම අධික පීඩනය නිසා කාබන් ඩයොක්සයිඩ් පිටතට විදින විට ඉතා ඉක්මනින් විහිදී අවසන් වේ. එම නිසා ගින්න පාලනය කිරීමට නම් හොදින් පුහුණු වූ කෙනෙකු මෙය කිරීම අවශ්‍ය වේ. නැතහොත් කාබන් ඩයොක්සයිඩ් සියල්ල අවසන් වී ගින්න නිවා ගැනීමට නොහැකි වේ. 2Kg සිළින්ඩරයක අවම විහිදීමේ කාලය තත්පර 8 හා උපරිම විහිදීමේ කාලය තත්පර 12 පමණ වේ.
6. දියරයක සිට වායුවක් බවට පත්වන විට උෂ්ණත්වය ඉතාමත්ම පහල අගයක පවතී. මෙවිට නිවැරදිව ගිනි නිවන උපකරණය අල්ලාගෙන නොසිටියහොත් හා frost-free horn නොතිබුණහොත් අධික ශ්‍රීතල නිසා හමේ ඇතිවන තුවාල (Frost burn) ඇතිවේ.
එමනිසා වාහන වල ඇතිවන ගිනි නිවීම සදහා නිර්දේශ කරන්නේ Dry Powder Extinguishers යි. ABC Powder හා Dry Chemical හා Multi-purpose ලෙසද මෙය හදුන්වයි. මෙමගින් ගිනි ත්‍රිකෝණයේ ගිනි ගන්නා ද්‍රව්‍ය මතුපිටට කුඩු ඉසීම මගින් ඔක්සිජන් ඉවත් කරයි.
මෙය වර්ණයෙන් හදුනාගන්නේ රතු පැහැති ටැංකියේ නිල් පැහැති පටියක් (label එක) තිබීමෙනුයි.
මෙහි පීඩනය 15 BAR පමණ වෙයි. උෂ්ණත්වය -30C සිට 550C දක්වා පරාසයක භාවිතා කිරීමට හැක.
1Kg සිළින්ඩරයක සාමාන්‍ය විහිදීමේ කාලය තත්පර 9 පමණ වේ.
2Kg සිළින්ඩරයක සාමාන්‍ය විහිදීමේ කාලය තත්පර 12 පමණ වේ.
වාහනය තුල bracket එකක් සවි කොට එහි ගිනි නිවන උපකරණය රදවා ගෙන යා යුතුයි. මෙම brackets වෙලදපොලේ මිලදී ගත හැක.
වාහනයකට භාවිතය සදහා 1kg හෝ 2kg Dry Powder Extinguishers ප්රමාණවත්ය. අලුත් 1kg Dry Powder Extinguisher යක් වෙලදපොලේ රුපියල් 2,500-2,750 අතර මුදලකට මිලදී ගත හැක.
මෙය භාවිත කල හොත් රුපියල් 1,000 පමණ මුදලකට නැවත පිරවිය හැක (refill). අවරුදු 1ක් තුල භාවිතා කලේ නැතිනම් රුපියල් 250 පමණ මුදලක් ගෙවා service කර හත යුතුය. අවුරුදු 2ක් තුල භාවිතා කලේ නැතිනම් කුඩු සම්පුර්ණයෙන් ඉවත්කොට අලුතින් පිරවිය යුතුය (fill). පිරවීමට ප්‍රථම සිළින්ඩර හොදින් වියළිව හා මනාව පිරිසිදුව තිබිය යුතුය.
සම්පුරණයෙන් පිරවූ 1Kg සිළින්ඩරයක බර 2Kg හා හිස්ව ඇති විට බර 1Kg වේ.
සම්පුරණයෙන් පිරවූ 2Kg සිළින්ඩරයක බර 3.2Kg හා හිස්ව ඇති විට බර 1.2Kg වේ.
ගිනි නිවන උපකරණය භාවිතා කරන්නේ මෙසේ පියවර හතරක් තුලයි.
1. Pull - සුලo හමන දිශාවට පිටුපා සිටගන්න. Handle එකේ ඇති ආරක්ෂිත Pin එක ගලවන්න (Pull). ගිණි නිවනය සිරස්ව හොදින් අල්ලා ගන්න.
2. Aim - Nozzle එක ගින්නේ මූලය දෙසට යොමුකරන්න.
3. Squeeze - ලීවරය තද කරන්න.
4. Sweep - ගින්න පැතිරුණු ප්‍රදේශය අවරණය වනලෙස හසුරුවන්න.
Dry Powder විදින විට ගනකම් වලකුළක් එතැන නිර්මාණය වන නිසා ගිනි ගැනීම් නොපෙනී ගොස් ගින්න සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට නොහැකි වීමට හැකි බැවින් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.
Dry Powder වාහනයකට භාවිතා කිරීමේ අවාසි පවතී.
1. Engine හා electrical components වලට ගිය පසු ඉවත් කිරීමේ / පිරිසිදු කිරීමේ නොහැකියාව / අපහසුව.
2. Dry Powder භාවිතයෙන් පසු අවශේෂ ද්‍රව්‍ය (residue) ඉතුරුවේ. මෙම අවශේෂ ද්‍රව්‍ය නිසා මලකඩ කෑමට ඇති හැකියාව.
ඉහත හේතු මත Dry Powder භාවිතය නිසා engine එක භාවිත කිරීමට නොහැකි තත්වයකට උවද ගොදුරු විය හැක. නමුත් විකල්පයක් නැත. දැනට වාහන වලට නිර්දේශ කරන්නේ Dry Powder ගිනි නිවන උපකරණයි.
Dry Powder මගින් විය හැකි ඉහත සදහන් හානි අඩු කර ගත හැකි එකම මාර්ගය නම් ගින්න ඇතිවූ වහාම නිවා දැමීමයි. ගින්න ඇතිවී පලවෙනි විනාඩි කීපය ඇතුලත නිවා දැමීම කල හැකි නම් විය හැකි හානිය අඩුය. නැතහොත් සම්පුර්ණයෙන් වර්ධනය වූ ගින්නකට Dry Powder භාවිතා කර ගින්න නිවා දැමුවත් ඉහත හානි වලට මුහුණ දීමට සිදුවේ.
*Dry Powder භාවිතයෙන් පසු ඒවා සම්පුර්ණයෙන් ඉවත් නොකර වාහනය පන ගැන්වීම නොකල යුතුය.
ගිනි ගන්නා විට ගින්න කෙතරම් කුඩා වුවත් වාහනය ඉදිරියට ධාවනය නොකරන්න. ඉදිරියට යනවිට ඔක්සිජන් ලැබීම වැඩිවන අතර එමනිසා ගින්න වර්ධනය වේ.
Dry Powder නැතිනම් වාහනයේ ඇතිවූ ගින්නක් නිවීමට ගිනි වර්ගය හා ස්ථානය අනුව සුදුසු ක්‍රමයක් භාවිතා කරන්න. වැලි හෝ වියලි රෙදි වැනි දේ වලින් ඔක්සිජන් සැපයුම ඉවත්කිරීම සුදුසුයි. Engine එකේ, electrical, පෙට්‍රල්, ඩීසල් ගිනි නිවීමට කිසිවිට ජලය භාවිත නොකරන්න. අදාල ගිනි වර්ගය නිවීමට සුදුසු නොවන ක්‍රමයක් භාවිතා කළහොත් වන්නේ ගින්න පාලනය කළ නොහැකි තරමට සම්පුර්ණයෙන් වර්ධනය වීම පමණයි.
අධික උෂ්ණත්වය (අංශක 400C), අඩු ආර්ද්‍රතාව, හිරුඑලිය යන සියලු සාදක එකතු වූ වාහනය තුල ඇති බීමට රැගෙන යන ජලය සහිත ප්ලාස්ටික් ජල බෝත ල් ගිනි ගත හැකිය.