සර්විස් සෙන්ටර් එකක් කරනවා නම් ලොකුවට කරන්න ඕනෙ අඩු ගානට හොඳට වැඩේ කරන්නත් ඕනෙ.වැඩ කරන උන් එක්ක පට්ට අමාරුයි අද එන එකා හෙට එන්නෙ නැහැ මොකද උන්ටත් එක දිගට කරන්න අමාරුයි වතුර නාගෙන තෙල් නාගෙන පව් ඉතින් වැඩ හරියට පුළුවන් උන් නැත්නම් අලුත් වාහන එහෙම එන්නෙ නැහැ කෙලවගන්න.වැඩ පුළුවන් උන්ට හොඳට ගෙව්වෙ නැති උනොත් උන් ඉන්නෙත් නැහැ.ලොකුවට බිස්නස් නැත්නම් රන් කරන්න බැහැ.කෙටියෙන් කිව්වොත් ඔය වගේ තැනක පොඩියට අටවන් උඹට කරන්න තියා හිතන්නවත් බැහැ.
ප.ලි ඔය කාර් එහෙම සර්විස් කරන්න යන උන් ඒවා කරන උන්ට මල පෙරේතයො වගේ එන්නෙ නැතුව අඩුම රු1000 වත් දීලා වරෙල්ලා උන් අනුන්ගෙ වාහන අතගගා තෙල් ග්‍රීස් වතුර නාගෙන බැරි කමට දැගලුවට උනුත් අසාවල් බලාපොරොත්තු තියෙන තරුණ ජීවිත.ඒ වෙලාවට හරි උන්ගෙ හිත තාවකාලිකව සතුටු කරල එන එක මට නම් ලොකු සතුටක්.