ජයසේකර මෝටර්ස් - කුරුණෑගල
මෙතනින් තමයි මම වාහන හදන්නේ. කුරුණෑගල යන්තම්පලාව හන්දියෙන් වටරවුම් පාරට දාපුවාම (ටවුමේ ඉඳලා පුත්තලම පැත්තට එද්දි වම් පැත්තට හරවන්න ඕන) ටික දුරක් යද්දි හින්දු විද්‍යාලය හම්බවෙනවා. ඒක පාස් කරං එද්දි ඔන්න තියනවා බෝඩ් එකක් එහෙම ගහලා ලොකුවට.
එහෙම නැත්තං පුවක්ගස් හන්දියෙන් හරවලා එන්න ඕන.
මිකැනිකල් ෆෝල්ට්, ඉලෙක්ට්‍රිකල් ෆෝල්ට්, සර්විස්, පේන්ට් ජොබ්ස්, වීල් එලයින්මන්ට් ඇතුලු සියලු වැඩ මෙතන සිද්ද වෙනවා.
හැම වාහන මොඩල් එකකම වැඩ කරනවා.
සෑහෙන ඉඩකඩක් තියනවා.
අපි මුලින්ම යද්දි සෙකියුරිටි එකෙන් හරි ඇතුලට ආපු ගමන්ම එතන ඉන්න පොරක් හරි අහනවා මොකද්ද සීන් එක කියලා. අපි කිව්වාම බුවා අපිව අදාල සෙක්ෂන් එකට යොමු කරනවා.
එතන ඉන්නවා හෙඩ් ටෙක්නීෂියන්ස්ලා. එයින් පොරක් ඇවිල්ලා අපෙන් විස්තර අහලා ඉන්ස්පෙක්ෂන් එකක් කරලා වාහනේ පැදලා එහෙමත් බලලා අපිට කියනවා “සර් මෙන්න මේ අඩුපාඩු තියෙන්නේ, මෙන්න මේවා දැන්ම හදන්න වෙනවා, මෙන්න මේවා මෙච්චර කිලෝමීටර් ගාණකින් හදපුවාම ඇති කියලා. එතනදි අපිට දල වශයෙන් වැයවෙන මුදලත් දැනගන්න පුලුවන්.
ඊට පස්සෙ වැඩේ බාරදෙනවා මිකැනික්ලා එක්කෙනෙකුට හරි දෙන්නෙකුට හරි දීල උපදෙස් දෙනවා. එයාල වැඩේ කරන් යනවා. සමහර වෙලාවට බලපු බුවාම කරන්න යන වෙලාවලුත් තියනවා. හොයිස්ටර්ස් තියන බේස් තියනවා මැකැනිකල් සෙක්ෂන් එකේ. ඒ හින්දා අඩ තිය තියා නටන්න දෙයක් නෑ වාහනේ උස්සන්න උනොත්.
අපිට එතන්ට වෙලා ඉන්නත් පුුලුවන් නැත්තං කස්ටමර්ස්ලට ඉන්න වෙනම ඒරියා එකක් තියනවා කැෆෙටීරියා එකකුත් එක්කම. එතන්ට වෙලා ඉන්නත් පුලුවන්.
ස්පෙයා පාට්ස්, ලේත් මැෂින්ස් එහෙමත් තියන නිසා අපිට ආයෙ එළියට යන්න දෙයක් නෑ. කලාතුරකින් තමයි එහෙම උනත් වෙන්නේ. උන්ගාව ස්පෙයාස් නැති උනොත් ඒවා එළියෙන් ගේන්න වෙනම ඩෙඩිකේටඩ් ඩයල් එකකුත් ඉන්නවා. වාහනේ හැදුවට පස්සේ බිල ගෙවලා එන්නයි තියෙන්නේ.
මම ඉලෙක්ට්‍රික් සහ මිකැනිකල් සෙක්ෂන්ස් වලින් විතරයි වැඩ කරගන තියෙන්නේ. සර්විස් සහ පේන්ට් සෙක්ෂන්ස් ගැන නම් දන්නෙ නැහැ වැඩි විස්තර.
ගණන් සාමාන්‍ය ගමේ ගොඩේ ගරාජ් එකකට වඩා ටිකක් වැඩි. නමුත් තියන පහසුකම් එක්ක ඒක සාධාරණයි. තව ටැක්ස් එකක් වදිනවා බිලට.