පාවිච්චි කරපු ලාන්සර් එකක් ගන්න ගිහින් කා
මම පාවිචචි කරපු කාර් එකක් ගන්න හිතලා ඇඩ් බල බල ඉද්දි 16.75 ට දමපු ලාන්සර් ck1 එකක් දැක්කා පහුගිය සඳුදා. කතා කරලා ඇහුවම හවස පොඩි එක්කෙනාව බලන්න ඉස්පිරිතාලෙ යන නිසා ඒ වෙලාවෙම එන්න කීවා වාහනේ බලන්න. අපි කීවා දරුවා බලලා එන්න. අපි රෑ වෙලා එන්නම් කියලා. පස්සෙ හවස 7.30 ටවිතර අපි ගියා වාහනේ බලන්න. විකුණන කෙනාගෙ තාත්තා කියලා කෙනෙක් ගෙදර හිටියා. වාහන දෙකක් ගෙදර තිබුනත් තාත්තා කියන කෙනා බයික් එකකින් ඇවිත් හිටියෙ.
ලාන්සර් එක දැක්කම තේරුනා එච්චර අවුලක් නැති වාහනයක් බව. ගහපු ගමන් ස්ටාට් වුනා. ලොකුවට මලකඩ තිබුනෙත් නෑ. එන්ජිම ගාව වයරින් පවා පිලිවෙලයි. එන්ජිමේ තෙල් අලුත්. යට තෙල් පැල්ලම් මොනවත් නෑ. අවුලකට තිබ්බෙ කලු දුම දානවා රේස් කරද්දි. දුම් බටේ යට බිම කලු වෙනවා දුමට. ඒක එච්චර අවුලක් නෙවෙන නිසා අපි කීවා පහුවදා ඇවිත් ට්‍රයල් එකක් ගිහින් වාහනේ ගන්නම් කියලා. ස්කෑන් එකෙන් පෙන්නුවෙත් ඔක්සිජන් සෙන්සර් අවුලක් විතරයි.
ගාන 16 ට කතා කරගත්තා.විකුනන කෙනා වාහනේ ලීසිං එකක් තියෙන බවත් අඟහරුවාදාම ඒක ඉවර කරලා පොත ගන්නම් කීවා. එ්ත් පොතේ කොපියක්වත් දුන්නෙ නෑ.
පහුවදා කීවා ලීසිං එක ඉවර කලා. ඩොකියුමන්ට් කූරියර් කර ගත්තා. හම්බුනාම කියන්නම් කීවා.
මේඅතර ඒ වාහනේටම ඊට කලින් සතියෙ වෙන සයිට් එකක දාපු ඇඩ් එකක් දැක්ක අපිට වාහනේ ගැන සැකයක් ආව නිසා ඒ අනික් ඇඩ් එකේ අංකෙට කතා කරාම වාහනේ සතියකට කලින් දුන්න බව කීවා . පස්සෙ මම කීවා කෑෂ් ගෙවන්නෙ වුනත් දාන්නෙ ඔන්ලයින්. අතට කෑෂ් දෙන්නෙ නෑ කියලා. පස්සෙ ගිනුම් අංකයක් එවලා තිබුනා.
බදාදා කීවා පොත වැරදි ලිපිනයකට ගිහින් ඒ නිසා බ්‍රහස්පතින්දා වැඩේ කරමු කීවා. මේ වෙද්දි අපිට සැකයක් ඇවිත් තිබුනෙ කූරියර් කරපු පාර්සලයක් වැරදි ලිපිනයකට යන සම්භාවිතාව අඩු නිසා.
බදාදා රෑ කීවා විකුණන කෙනාටත් ඩෙංගු කියලා තාත්තා අතට ඩොකියුමන්ට් දෙන්නම් බ්‍රහස්පතින්දා වැඩේ කරගන්න පුලුවන් කියලා. පස්සෙ එයා කීවා සිකුරාදා වැඩේ කරමු කියලා. සිකුරාදා දවල් එයත් කීවා ටිකට් කැපුව නිසා එයත් එන්නම් වාහනේ විකුණන තැනට කියලා.
පස්සෙ කොහොම හරි සිකුරාදා වැඩේ කරන්න මමයි වයිෆ්ගෙ අයියායි එයාගෙ මස්සිනායි සෙට් වෙලා ගියා.
ගිහින් බලද්දි එන්ජින් රූම් එකේ කලින් තිබුන පිලිවෙල නෑ. බැටරිය බිංදුවට බැහැලා. ඒක කීවම විකුණන කෙනාගෙ තාත්තා කියන කෙනා ඇල්ටෝ එක ලගට ගෙනාවා ජම්ප් කේබල් එකකුත් එක්ක.
ස්ටාට් කරලා ස්කෑනරේ ගැහුවාම ස්කෑනරේ පිස්සු නටනවා. රේස් කරද්දි සුදු දුම දානවා හරියට මදුරුවන්ට බෙහෙත්ගහනකොට වගේ. බිම කලු වෙන්නෙනෑ. සද්දත් වෙනස්. වාහනේ සයිලන්සරේ කැඩිලා යටිනුත් දුම් දානවා.
මගෙත් එක්ක ගිය දෙන්නා එක එක දේවල් කරලා බලද්දි ඩෙංගු හැදුනා කීව කෙනා ඇවිත්
පස්සෙ විකුණන කෙනාඇවිත් අපේ රස්සා අහනවා. විස්තර කීවම මූ කියනවා සැටිස් නැත්තං වාහනේ ගන්න එපා කියලා.
වයිෆ්ගෙ අයියා කීවා එදා හොඳට තිබුනු වාහනේ මෙහෙම වෙන්න බෑ නෙ කියලා. පස්සෙ වාහනේ චෙක් කරන්න කියලා ගෙවල් ගාව ගැරේජ් එකක් සෙට් කලා විකුනන කෙනා. ඇල්ටො එකේ බැටරියත් දුන්නා වාහනේට. විකුණන කෙනා ගෙ තාත්තාත් දාගෙන ගැරේජ් එකට ගියාම එතැනින් කීවා තියලා යන්න බලන්නම් කියලා.
පස්සෙ වයිෆ්ගෙ අයියා දන්න ගැරේජ් එකකට ගෙනියමු කියද්දි මගදි අර නැගපු කෙනාට කෝල් ඇවිත් යන්න එපා දරුවගෙ ලේ එකක් ගිහින් දෙන්න යන්න එන්න, ඇල්ටො එකේ බැටරිය ඕනෙ කියලා. කියලා. අපි තේරුම් ගත්තා මුලින් බලපු වාහනේ ගෙනියන දවසේ ආය චෙක් කරලා බලන්නෙ නැතිවෙයි කියලා හිතාන ගියර්බොක්ස්, බැටරි, ප්ලග්ස් මාරු කරලා කියලා. කෙහොම හරි අපේ හොඳවෙලාවට ඒ වාහනේට ඇඩ්වාන්ස් එකක්වත් විකුණන කෙනා ගත්තෙ නෑ.
අංකය 411. න් ඉවර වෙන එකක්.