මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..
අපේ ගෙදර TOYOTA Double cab එකක් තමා තිනෙවා... 2011 Brand New තමා ගෙන්නුවේ...
දැන් 98,000 + KM තමා දුවලා තිනෙවා..
ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?
ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??
ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??
පොල් අයියා .....රත්තරන් අයියා , මහේෂ් අයියා ..අයි.ඩ්.ජි . විකියා කියන්න බලන්න..
PS : මට වාහන ගැන හසල දැනුමක් නැති බැවින් සරල බසින් තමා කියනන්න වෙනවා... ටිකක් හරි වාහන ගැන ඉගෙන ගත්තේ මේකෙන්ම තමා...
සැමට අල්ලාහු පිහිට තමා....![]()
AC බෙල්ට් එකට එනවා adjuster pulley එකක්.. එකෙන් තමයි AC බෙල්ට් එක ඕනා ගානට තද කරන්නේ.. ඒකෙන් AC බෙල්ට් එක ටිකක් තද කරන්න.. බෙල්ට් එක කාලයක් පාවිච්චි කරද්දී ඇදීමට සහ ගෙවීමට ලක්වෙනවා.. එහෙම වෙද්දී එක්කෝ බෙල්ට් එක මාරු කරන්න ඕන.. නැත්තම් බෙල්ට් එක ඇජස් කරන්න ඕන.. ගෙදර කරගන්න බැරිනම් ගරාජ් එකකට අරන් ගිහින් කරවගන්න.. බොහෝදුරට AC බෙල්ට් එක ගෙවිල තියෙන්නේ ටිකක්..එත් බෙල්ට් එක අලුතෙන් දාන්න කලින් ටිකක් තද කරල දුවල බලන්න.. එහෙම තද කරත් ආයෙත් ටික කාලෙකින් සද්දේ එන්න පටන් ගන්නවා.. එතකොට බෙල්ට් එක අලුතෙන් දාන්න.. මතක ඇතුව බෙල්ට් එක අලුතෙන් දානකොට ඇජස්ටර් එක අලුත් බෙල්ට් එකට හරි යන ගානට ඇජස් කරවගන්න..



කොකටත් කියල මම බල බල තමා යන්නේ






