වාහන_රෙන්ට් එකට දෙන්නේ බලාගෙනයි

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    වාහන_රෙන්ට් එකට දෙන්නේ බලාගෙනයි

    22279461_271495683371056_652519453038533540_n.jpg
    22281819_271495680037723_280537934758411915_n.jpg
    22310198_271495676704390_6025938164926778290_n.jpg


    ඔබත් ලංකාවේ වැඩි ම මිලට ඔබේ වාහනය කුළියට දී වැඩි මුදලක් උපයා ගැනීමට කැමතිද???
    .
    ඊට කලින් මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න! බාගෙට කියවලා අසරණ වෙන්න එපා!
    .
    අන් අයටත් දැනගන්න හැකිතාක් මෙය Share කරමු!
    .
    .
    ඉරිදා ලංකාදීප පුවත්පතේ "ලහිපිට-3 වාහන කුළියට හෝ බද්දට වුවමනාය" කොටසේ නොකඩවාම විවිධ නම් වලින් හයිබ්‍රිඩ් කාර්/වෑන් රථ මාසික කුලී පදනම මත ලබාගන්නා බවට දැන්වීම් පලකරන අතර, නිතර එ සඳහා යොදාගන්නා සමාගම්-සන්නාමයන් කිහිපයක් "Fly-away", "Kalka Tours", "B Tours & Travels" ආදී වශයෙන් තවත් නම් කිහිපයක් ද ඇතුළුව දැකිය හැකි ය.
    .
    සාමාන්‍යයෙන් වෙනත් කිසිඳු ආයතනකින් ලබා දෙන මාසික කුළියට වඩා වැඩි මුදලක් ගෙවන බවට පොරොන්දු වෙමින් වාහන හිමිකරුවන් රවටා ගැනීම මෙම ජාවාරම් කල්ලිය සමත් වී ඇත. වාහනය ඔවුන් වෙත කුළී පදනම මත පවරා ගැනීම සඳහා මහනුවර/පේරාදෙණිය වෙත වාහනය ගෙන්වාගන්නා මොවුන්, Agreement අත්සන් කිරීම සඳහා උසාවියක නීතීඥයන් ඉදිරියේ වුව එසේ කිරීමට එකඟ වන්නේ ගණුදෙනුකරුවන් ගේ විශ්වාසය දිනා ගැනීමේ කූඨ අරමුණින් පමණි. බොහෝ ගණුදෙනුකරුවන් වැඩිදුර සොයා නොබලා මොවුන්ගේ උගුලට හසු වන්නේ මෙම මියුරු තෙපුල් මුසා බස් නිසාය.
    .
    වාහනය ලබාගෙන මසකින් නිසි පරිදී මාසික කුළිය නොගෙවන මොවුන්, විවිධ හේතු ඉදිරිපත් කරමින් ගණුදෙනුකරුවන්ගේ අනුකම්පාව දිනාගනිමින්, කුළිය ගෙවීමට කල් ලබා ගන්නා අතර, සමහර ගණුදෙනුකරුවන් හට (ඔවුන්ගේ බලපෑම මත) මෙයින් කොටසක් පමණක් පියවන බවත්, සමහරුන් ට මුළුමණින්ම නොගෙවන බවත් හෙලිදරව් වී ඇත.
    .
    එවන් වාතාවරණයක් තුළ, මෙම පුද්ගලයින්/පෙනීසිටින පුද්ගලයා පිලිබඳව ගණුදෙනු කරු සතු වූ විශ්වාසය පළුදු වීම හේතුවෙන්, තම වාහනය පිලිබඳව සෙවීමට පෙළබෙන නමුත්, එවිට මොවුන්, ගණුදෙනුකරු මගහැරීමටත් , සාවද්‍ය ස්ථානීය-තොරතුරු ලබා දෙමින් ගණුදෙනුකරු රවටා හෙම්බත් කරවීමටත් මෙම වංචණික කණ්ඩායම පියවර ගනී.
    .
    වැඩ වැරදුණු පසු වැඩිදුර කරුණු සොයා බලන ගණුදෙනු කරුවන් හට, Agreement හි සඳහන් පරිදි ආයතනයක් සැබෑවට නොමැති බවත්, සියළුම තොරතුරු සාවද්‍ය බවත් දැනගැනීමට ලැබේ.
    .
    මෙම කල්ලිය මෙලෙස ලබාගන්නා වාහන, තමන් විසින්ම හෝ, වෙනත් පුද්ගලයෙකු ලවා, වෙනත් ආයතනයකට කුළියට ලබා දී, එකවර මාස තුනක කුළිය ලබාගන්නා බවත්, එය වාහන හිමිකරුට නොගෙවන බවත්, ඔවුන්ගේ කූඨ ව්‍යාපාරයේ ආදායම මෙසේ අනුන්ගේ වාහන වලින් ලබා ගන්නා කුළිය බවත් අනාවරණය වී ඇත.
    .
    මහනුවර පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කිරීමේදී, පොලිස් නිලධාරීන් ද මෙම කල්ලියේ සාමාජිකයින් නමින් ම දන්නා බව (ජීවන්ත, නසීර්දීන්, රංග, තස්ලීම්, ඉස්සද් වැනි නම් කිහිපයක් ඔවුන් ම හෙලි කරයි) ද වාහන හිමිකරුට දැනගැනීමට ලැබෙන බවත් එහෙත් දින කිහිපයක් එම පොලිස් ස්ථානයේ රස්තියාදු වීමට සලස්වන එම නිලධාරීන් කිසිඳු පැමිණිල්ලක් බාර නොගෙන, වාහන හිමිකරුවන් තවදුරටත් අසරණ කරන බවත්, දුරකතනයෙන් ජාවාරමි කරු අමතා, අදාල වාහනය හිමිකරුට ලබා දිය හැකි දිනය ජාවාරම්කරුවන්ගෙන් අසා, එම දිනයට එය ලබා ගැනීමට එකඟ වන ලෙස වාහන හිමිකරුවන්ට පවසා, ඔවුන් අනිවාර්යෙන් එදිනට එම වාහනය ලබා දෙන බවට මෙම පොලිස් නිලධාරීන් සහතික වන බවද අනාවරණය වී ඇත.
    එනම් මෙම ජාවාරමට මෙම පොලිස් ස්ථානයේ සමහර නිලධාරීන්ගේ සම්බන්ධතා ඇති බවටද සැක පහල වී ඇත!!!!!
    .
    අවසානයේ වාහන හිමිකරු අන්ත අසරණ වන අතර, මෙම මාස තුන අවසාන වන තුරු, වාහනය ඇති ස්ථානය වත් දැනගැනීමට ඇති අයිතිය හිමිකරුට අහිමි වන අතර, පොලිසියේ වචනය විශ්වාස කර, නිහඬව අසරණව බලා සිටීමට සිදු වේ. අවසානයේ මාස තුන අවසන් වූ පසු, සැතපුම් සිය ගණන් දුර තැන් වල දින ගණන් පැය ගණන් හිමිකරු රස්තියාදු කරමින්, වාහනය ලබාදීම ප්‍රමාද කරන මෙම කල්ලිය, අවසානයේ, කිසිවක් නොදන්නා රියදුරෙකු ලවා, මධ්‍යම රාත්‍රියත් පාන්දර 2ත් අතර වේලාවක, හිමිකරු වෙත වාහනය ලබා දීමට කටයුතු සලස්වයි. එය ද, මේ පිළිබඳව දැඩි ලෙස හඹා යමින් සොයා බලන, කිසියම් බලපෑමක් කල හැකි මට්ටමේ හිමිකරුවන් ට පමණක් බව ද සැල වී ඇත!!! හිමිකරුවා අසරණ වන තරමට, එම වාහනය කිසිදා නොලැබීමට ඇති ප්‍රවණතාවය ද වැඩි ය!!!
    .
    අවසානයේ,
    * මාස තුන ට අදාල කුළී මුදල් වලින් එකඳු සතයක් හෝ හිමිකරුට නොලැබීම,
    * වාහනය අනතුරු වලට ලක් වීම, නුපුහුණු ධාවනය නිසා ඇතිවන හානි, කොටස් ගැලවීම් වැනි අකටයුතුකම් වලින් හානියට පත්ව අබලන් වීම,
    * Free Servicing ද තිබියදී ඒවාද ලබා නොගෙන, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු පවා මග හැර, තවදුරටත් වාහනය අබලන් කිරීම,
    * වාහනයට නුසුදුසු පරිදි අධික ලෙස ධාවනය කිරීම (උදා:- මසකට 3000km බැගින් 9000km ධාවනය කරන බවට ගිවිස ගත්තද 25000km/ 30000km පමණ දුරක් ධාවනය කිරීම)
    වැනි අවාසි වලට අවසානයේ හිමිකරුට මුහුණ දීමට සිදු වේ.
    ගිවිසුමේ සඳහන් දුර ට වඩා ධාවනය කරන කිලෝමීටරයකට රුපියල් 70ක් පමණ මුදලක් බැගින් ගෙවීමට මොවුන් පොරොන්දු වුවත්, අදාල මාසික කුළිය වත් නොගෙවන මොවුන්ගෙන් එය කෙසේ බලාපොරොත්තු වන්න ද?
    .
    අවසානයේ,
    *ඔවුනට ලබා දුන් Brand New වාහනය වෙනුවට, අබලන් තත්වයේ වාහනයකුත්,
    *මාස කිහිපයක Finance Arrears ගණනකුත්,
    *ලක්ෂ ගණනක මූල්‍ය අලාභයකුත්,
    *නීතිය ඉදිරියේ අසරණකමත්
    විඳ දරාගෙන නිහඬ වන්නට වාහන හිමිකරු ට සිදුවේ.
    මෙයට දේශපාලනයේ හෝ වෙනත් කිසියම් ප්‍රභලයෙකුගෙන් අදෘශ්‍යමාන සහයෝගයක් ඇති බවට සැක සහිත බැවින්, සෘජුව මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවත්, දැනුවත් වීම තුළින් තම ආරක්ෂාව සහ මෙම ජාවාරමේ ගොදුරක් වීමෙන් ගැලවී සිටීමත් පමණක් අපට කළ හැකි බවත් මෙයින් දැනුවත් කරන්නෙමු!
    .
    මෙම ජාවාරමට සම්බන්ධ පුවත්පත් දැන්වීම් කිහිපයක් මේ සමඟ පළකර ඇත!
    .



    Give me some +++ REPs if you find this useful !!
    You will be retuned the same favour if you mention your name in the Rep Box

    Source : FB​
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ වගේ හොරු හැමතැනම ඉන්නවා..
    හරිම පරිස්සම් වෙන්න ඕන..
    මේ වගේ උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ..
    මොකද උන් ඇතුලේ උන් අල්ලගෙන උන්ටත් ගතමනාව දීලා තියෙන්නේ..
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ලංකාවේ මාර ගේම් කාරයෝ ඉන්නේ තාක්ශනේ විතරයි අඩු
    ඔය මහන්සිය මොලේ හරි දෙකට යෙද්ව්වානම් මොකද වෙන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතන ඔය සෙට් එක ලොක හොරු බන්. එකෙක් සකුල් කාලේ වල බැහැ බැහැ ඉස්කෝලෙත් කාපු කාලකන්නියෙක්.හිරු එකේ එක සැරයක් ඔකේ තස්ලීම් කියන එක ගැන ගියා. මම දන්නා විදිහට බන් ඔය පොලිස් කාරයොන්ට එහෙම වැඩ කර ගන්න ළමයි ඉස්කෝලේ යවන්න එහෙම මුන් වාහන දෙනවා එක වෙන්නේ ඇති මුන් ගැන හොයන්නේ නැත්තේ.

    මගේ යාලුවෙක් ගේ එක සැරයක් වහනයක් ලේවැල්ල හන්දියේ තැනකින් ඔහොම දීල අන්තිමට වාහනේ ලොරියක දාන අවේ ටයර් වත් තිබ්බේ නෑ. ඒ හොර ඩයල් එකගේ අප්පාපොලිසියේ ලොක්කෙක්ලු,එත් ඌ මැරිලා. එක හින්දා උට ඇතුලෙන් හෙන සප් එක තිබ්බා.ඔය වගේම දවසක රෑ වහානේ දුන්නා බන්. රෙන්ට් නම් කරන්න එපා බන් වාහන ජිවිතෙට.....
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    හිරු CIA එකෙත් ගියා ඕක. ඔය තස්ලීම් කියන එකා වාහන අයිතිකාරයන්ට පාර්ට් එක දන video එකකුත් එක්කම. ඒත් උන් තාමත් සුපුරුදු විදියට ජාවාරම කරගෙන යනව. අනිවාර්යෙන් පොලිසියේ සහය ඇති
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඔතන ඔය සෙට් එක ලොක හොරු බන්. එකෙක් සකුල් කාලේ වල බැහැ බැහැ ඉස්කෝලෙත් කාපු කාලකන්නියෙක්.හිරු එකේ එක සැරයක් ඔකේ තස්ලීම් කියන එක ගැන ගියා. මම දන්නා විදිහට බන් ඔය පොලිස් කාරයොන්ට එහෙම වැඩ කර ගන්න ළමයි ඉස්කෝලේ යවන්න එහෙම මුන් වාහන දෙනවා එක වෙන්නේ ඇති මුන් ගැන හොයන්නේ නැත්තේ.

    මගේ යාලුවෙක් ගේ එක සැරයක් වහනයක් ලේවැල්ල හන්දියේ තැනකින් ඔහොම දීල අන්තිමට වාහනේ ලොරියක දාන අවේ ටයර් වත් තිබ්බේ නෑ. ඒ හොර ඩයල් එකගේ අප්පාපොලිසියේ ලොක්කෙක්ලු,එත් ඌ මැරිලා. එක හින්දා උට ඇතුලෙන් හෙන සප් එක තිබ්බා.ඔය වගේම දවසක රෑ වහානේ දුන්නා බන්. රෙන්ට් නම් කරන්න එපා බන් වාහන ජිවිතෙට.....

    ලේවැල්ලේ පොට් එක දැන් වහල නේද. ඌ රිමාන්ඩ් කියල කියනව ඇත්තද දන්නෙ නැහැ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලේවැල්ලේ පොට් එක දැන් වහල නේද. ඌ රිමාන්ඩ් කියල කියනව ඇත්තද දන්නෙ නැහැ

    අපෝ නෑ බන් ඕකා වෙන් කොහේ හරි ඕක අටවලා ඇති. ලේවැල්ලේ එක වහලා බන්.:yes: ඕකාට වාහන දුන්නොත් ආයේ හොයන්නත් නෑලු බන්