වාහන_රෙන්ට් එකට දෙන්නේ බලාගෙනයි
ඔබත් ලංකාවේ වැඩි ම මිලට ඔබේ වාහනය කුළියට දී වැඩි මුදලක් උපයා ගැනීමට කැමතිද???
.
ඊට කලින් මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න! බාගෙට කියවලා අසරණ වෙන්න එපා!
.
අන් අයටත් දැනගන්න හැකිතාක් මෙය Share කරමු!
.
.
ඉරිදා ලංකාදීප පුවත්පතේ "ලහිපිට-3 වාහන කුළියට හෝ බද්දට වුවමනාය" කොටසේ නොකඩවාම විවිධ නම් වලින් හයිබ්‍රිඩ් කාර්/වෑන් රථ මාසික කුලී පදනම මත ලබාගන්නා බවට දැන්වීම් පලකරන අතර, නිතර එ සඳහා යොදාගන්නා සමාගම්-සන්නාමයන් කිහිපයක් "Fly-away", "Kalka Tours", "B Tours & Travels" ආදී වශයෙන් තවත් නම් කිහිපයක් ද ඇතුළුව දැකිය හැකි ය.
.
සාමාන්‍යයෙන් වෙනත් කිසිඳු ආයතනකින් ලබා දෙන මාසික කුළියට වඩා වැඩි මුදලක් ගෙවන බවට පොරොන්දු වෙමින් වාහන හිමිකරුවන් රවටා ගැනීම මෙම ජාවාරම් කල්ලිය සමත් වී ඇත. වාහනය ඔවුන් වෙත කුළී පදනම මත පවරා ගැනීම සඳහා මහනුවර/පේරාදෙණිය වෙත වාහනය ගෙන්වාගන්නා මොවුන්, Agreement අත්සන් කිරීම සඳහා උසාවියක නීතීඥයන් ඉදිරියේ වුව එසේ කිරීමට එකඟ වන්නේ ගණුදෙනුකරුවන් ගේ විශ්වාසය දිනා ගැනීමේ කූඨ අරමුණින් පමණි. බොහෝ ගණුදෙනුකරුවන් වැඩිදුර සොයා නොබලා මොවුන්ගේ උගුලට හසු වන්නේ මෙම මියුරු තෙපුල් මුසා බස් නිසාය.
.
වාහනය ලබාගෙන මසකින් නිසි පරිදී මාසික කුළිය නොගෙවන මොවුන්, විවිධ හේතු ඉදිරිපත් කරමින් ගණුදෙනුකරුවන්ගේ අනුකම්පාව දිනාගනිමින්, කුළිය ගෙවීමට කල් ලබා ගන්නා අතර, සමහර ගණුදෙනුකරුවන් හට (ඔවුන්ගේ බලපෑම මත) මෙයින් කොටසක් පමණක් පියවන බවත්, සමහරුන් ට මුළුමණින්ම නොගෙවන බවත් හෙලිදරව් වී ඇත.
.
එවන් වාතාවරණයක් තුළ, මෙම පුද්ගලයින්/පෙනීසිටින පුද්ගලයා පිලිබඳව ගණුදෙනු කරු සතු වූ විශ්වාසය පළුදු වීම හේතුවෙන්, තම වාහනය පිලිබඳව සෙවීමට පෙළබෙන නමුත්, එවිට මොවුන්, ගණුදෙනුකරු මගහැරීමටත් , සාවද්‍ය ස්ථානීය-තොරතුරු ලබා දෙමින් ගණුදෙනුකරු රවටා හෙම්බත් කරවීමටත් මෙම වංචණික කණ්ඩායම පියවර ගනී.
.
වැඩ වැරදුණු පසු වැඩිදුර කරුණු සොයා බලන ගණුදෙනු කරුවන් හට, Agreement හි සඳහන් පරිදි ආයතනයක් සැබෑවට නොමැති බවත්, සියළුම තොරතුරු සාවද්‍ය බවත් දැනගැනීමට ලැබේ.
.
මෙම කල්ලිය මෙලෙස ලබාගන්නා වාහන, තමන් විසින්ම හෝ, වෙනත් පුද්ගලයෙකු ලවා, වෙනත් ආයතනයකට කුළියට ලබා දී, එකවර මාස තුනක කුළිය ලබාගන්නා බවත්, එය වාහන හිමිකරුට නොගෙවන බවත්, ඔවුන්ගේ කූඨ ව්‍යාපාරයේ ආදායම මෙසේ අනුන්ගේ වාහන වලින් ලබා ගන්නා කුළිය බවත් අනාවරණය වී ඇත.
.
මහනුවර පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කිරීමේදී, පොලිස් නිලධාරීන් ද මෙම කල්ලියේ සාමාජිකයින් නමින් ම දන්නා බව (ජීවන්ත, නසීර්දීන්, රංග, තස්ලීම්, ඉස්සද් වැනි නම් කිහිපයක් ඔවුන් ම හෙලි කරයි) ද වාහන හිමිකරුට දැනගැනීමට ලැබෙන බවත් එහෙත් දින කිහිපයක් එම පොලිස් ස්ථානයේ රස්තියාදු වීමට සලස්වන එම නිලධාරීන් කිසිඳු පැමිණිල්ලක් බාර නොගෙන, වාහන හිමිකරුවන් තවදුරටත් අසරණ කරන බවත්, දුරකතනයෙන් ජාවාරමි කරු අමතා, අදාල වාහනය හිමිකරුට ලබා දිය හැකි දිනය ජාවාරම්කරුවන්ගෙන් අසා, එම දිනයට එය ලබා ගැනීමට එකඟ වන ලෙස වාහන හිමිකරුවන්ට පවසා, ඔවුන් අනිවාර්යෙන් එදිනට එම වාහනය ලබා දෙන බවට මෙම පොලිස් නිලධාරීන් සහතික වන බවද අනාවරණය වී ඇත.
එනම් මෙම ජාවාරමට මෙම පොලිස් ස්ථානයේ සමහර නිලධාරීන්ගේ සම්බන්ධතා ඇති බවටද සැක පහල වී ඇත!!!!!
.
අවසානයේ වාහන හිමිකරු අන්ත අසරණ වන අතර, මෙම මාස තුන අවසාන වන තුරු, වාහනය ඇති ස්ථානය වත් දැනගැනීමට ඇති අයිතිය හිමිකරුට අහිමි වන අතර, පොලිසියේ වචනය විශ්වාස කර, නිහඬව අසරණව බලා සිටීමට සිදු වේ. අවසානයේ මාස තුන අවසන් වූ පසු, සැතපුම් සිය ගණන් දුර තැන් වල දින ගණන් පැය ගණන් හිමිකරු රස්තියාදු කරමින්, වාහනය ලබාදීම ප්‍රමාද කරන මෙම කල්ලිය, අවසානයේ, කිසිවක් නොදන්නා රියදුරෙකු ලවා, මධ්‍යම රාත්‍රියත් පාන්දර 2ත් අතර වේලාවක, හිමිකරු වෙත වාහනය ලබා දීමට කටයුතු සලස්වයි. එය ද, මේ පිළිබඳව දැඩි ලෙස හඹා යමින් සොයා බලන, කිසියම් බලපෑමක් කල හැකි මට්ටමේ හිමිකරුවන් ට පමණක් බව ද සැල වී ඇත!!! හිමිකරුවා අසරණ වන තරමට, එම වාහනය කිසිදා නොලැබීමට ඇති ප්‍රවණතාවය ද වැඩි ය!!!
.
අවසානයේ,
* මාස තුන ට අදාල කුළී මුදල් වලින් එකඳු සතයක් හෝ හිමිකරුට නොලැබීම,
* වාහනය අනතුරු වලට ලක් වීම, නුපුහුණු ධාවනය නිසා ඇතිවන හානි, කොටස් ගැලවීම් වැනි අකටයුතුකම් වලින් හානියට පත්ව අබලන් වීම,
* Free Servicing ද තිබියදී ඒවාද ලබා නොගෙන, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු පවා මග හැර, තවදුරටත් වාහනය අබලන් කිරීම,
* වාහනයට නුසුදුසු පරිදි අධික ලෙස ධාවනය කිරීම (උදා:- මසකට 3000km බැගින් 9000km ධාවනය කරන බවට ගිවිස ගත්තද 25000km/ 30000km පමණ දුරක් ධාවනය කිරීම)
වැනි අවාසි වලට අවසානයේ හිමිකරුට මුහුණ දීමට සිදු වේ.
ගිවිසුමේ සඳහන් දුර ට වඩා ධාවනය කරන කිලෝමීටරයකට රුපියල් 70ක් පමණ මුදලක් බැගින් ගෙවීමට මොවුන් පොරොන්දු වුවත්, අදාල මාසික කුළිය වත් නොගෙවන මොවුන්ගෙන් එය කෙසේ බලාපොරොත්තු වන්න ද?
.
අවසානයේ,
*ඔවුනට ලබා දුන් Brand New වාහනය වෙනුවට, අබලන් තත්වයේ වාහනයකුත්,
*මාස කිහිපයක Finance Arrears ගණනකුත්,
*ලක්ෂ ගණනක මූල්‍ය අලාභයකුත්,
*නීතිය ඉදිරියේ අසරණකමත්
විඳ දරාගෙන නිහඬ වන්නට වාහන හිමිකරු ට සිදුවේ.
මෙයට දේශපාලනයේ හෝ වෙනත් කිසියම් ප්‍රභලයෙකුගෙන් අදෘශ්‍යමාන සහයෝගයක් ඇති බවට සැක සහිත බැවින්, සෘජුව මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවත්, දැනුවත් වීම තුළින් තම ආරක්ෂාව සහ මෙම ජාවාරමේ ගොදුරක් වීමෙන් ගැලවී සිටීමත් පමණක් අපට කළ හැකි බවත් මෙයින් දැනුවත් කරන්නෙමු!
.
මෙම ජාවාරමට සම්බන්ධ පුවත්පත් දැන්වීම් කිහිපයක් මේ සමඟ පළකර ඇත!
.
Give me some +++ REPs if you find this useful !!
You will be retuned the same favour if you mention your name in the Rep Box
Source : FB

Last edited:

ඕකාට වාහන දුන්නොත් ආයේ හොයන්නත් නෑලු බන්