වාහනේ හොඳයි. පිකප්නම් අඩුයි. හැබයි ඕනේ තැනක යන්න පුළුවන්. 660 ඇන්ජිම කියලා කිසි අඩුවක් නැහැ. ඒසි නොදා කදු අද්දන කට්ටිය ඉස්සලා කදු අදින්න වෙන කතා නැහැ. ඉන්ෂුවරන්ස් 70 පැනලා. මම මේ අවුරුද්දේ 40 කට දැම්මේ. බොඩිපාට්ස් අඩුයි. අනිත්වනම් අවුලක් නැහැ. ඔරිජිනල් පට්ට ගනන්. ඔයිල් එක තමා ගනන්. මම ස්ර්විස් දෙකක් අතර 10000 හෝ අවුරුද්ද අදිනවා. full sintatic නිසා. අනික 12v බැටරියග අවුරුදු හතරක් වගේ තමා උපරිම. පට්ට ගහන්නේ නැත්නම් හොඳ වාහානයක්. පට්ට ගැහුවත් අවුලත් නැහැ. ලෙඩ අවොත් කේස්. ඉස්සරහා බ්රේක් පෑඩ් යනවා ඉක්මනට. ටයර් ටික බලලා ගනින් ටයර් පුපරනවා පරන උනාම. තෙල් 20-18 ටවුන් කරනවා. හයිවේ අනිවා 25 කරනවා. 6000 ක ගහලා තංගල්ලේ ගිහින් ආවා වෙඩිමක ලීටර දෙකක් (එක කට්ටයක්) ඉතුරුත් උනා. තව සයිඩ් කණ්නාඩි දෙකේ ගියර් එක යනවා. ඒක නම් ඇනයක්. මම මස් කලා අන්තිම වොශර් එක ගලවා ගන්න ටූල් එක නැහැ. වැඩේ අත ඇරියා. දැන් දෙකම ගලවලා තියෙන්නේ වයර් හානස් එකෙන්. රේඩියේටර් ෆෑන් එක යනවා. හැබයි ඒක දැනනම් වෙන්න කාලේ හරි. ඒසි ටිකක් මදි පස්සට. වෙනනම් කියන්න තරම් අවුලක් නැහැ. සැප නම් ඉතින් සෙකන්ඩ් කාලාස් වාහනයක් වගේ තමා වැගන් වලින් ඊට වඩා බලාපොරොත්තු වෙන්නත් එපා.