වැදගත් ඔන්ලයින් ටූල්ස්
ඉස්සර වගේ නෙවෙයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක නිර්මාණශීලී බව කියන්නේ මුල සිට ඉගෙනගෙන ගොඩ නගා ගන්නට උවමනා දෙයක් නොවන තැනකට පත්වෙමිනුයි යන්නෙ. ඒකට ඔබට අවශ්‍ය වෙන්නේ නියමිත අදහස්, උනන්දුව සහ ඔබේ අවශ්‍යතාව ඉටු කරගන්න මාර්ගයක් පමණයි.
ඉතින් මෙන්න මේ නිසා අපි කල්පනා කළා එදිනෙදා අපිට අවශ්‍ය වෙන නිර්මාණශිලී කටයුතු වලට නොමිලයේ භාවිතා කරන්න පුළුවන් ඔන්ලයින් ටූල්ස් කිහිපයක් ගැන විස්තර ඔබට කියන්න.
1. Behance
Behance කියන්නේ වර්තමානයේ ප්‍රචලිත වෙලා තිබෙන ඔන්ලයින් Portfolio වෙබ් අඩවි වලින් හොඳම එකක් කියලා අපිට අවිවාදයෙන් කියන්නට පුළුවන්. මෙහි ගිණුමක් තනාගන්නට නම් ඔබට ඇඩෝබි වෙබ් අඩවියේ ගිණුමක් තනාගන්නට උවමනා වෙනවා.
ඇඩෝබි (Adobe) කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට අර ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, ඉන්ඩිසයින් වගේ මෘදුකාංග තනන සමාගම කිව්වම මතක් වෙන්න ඕනේ. එහෙමත් මතක නැති උනත් කමක් නැහැ,
ගිණුම තනාගත්තා කියන්නේ බොහොම පහසුවෙන් ඔබට Behance හී ඔබේ නමින් පිටුවක් නිර්මාණය කරන්න හැකිවෙනවා කියන එකයි. දැන් බොහොම පහසුවෙන් ඔබට පුළුවන් ඔබ කල නිර්මාණ බොහොම නිර්මාණාත්මක විදියට Behance හරහා එළිදක්වන්නට. ඒ විතරක් නෙවෙයි. Behance හී ගිණුම් තනා ඇති විවිධ නිර්මාණාත්මක කටයුතු කරන සමාගම් විසින් පලකරනු ලබන දැන්වීම් වලට ඔබටත් ඉල්ලුම් කරන්නට පුලුවන්. ඒ වගේම ඔබට නිර්මාණකරණ ව්‍යාපාරයක් සඳහා අලුතින් සාමාජිකයින් අවශ්‍ය නම්, ඔබට රිසි ලෙස දැන්වීමක් පල කර පහසුවෙන්ම ඔබේ අවශ්‍යතාව සපුරා ගන්නටත් Behance හි ඉඩකඩ තිබෙනවා.
ස්මාර්ට් උපාංග සඳහා යෙදුම් – ඇත Android | iOS
2. Google Keep
කොළ දහසක් තියාගන්නවට වඩා තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකේ Google Keep install කරගෙන තියාගන්න පුලුවන්නම් කිසිම කරදරයක් නැතිව ඔබේ එදිනෙදා අවශ්‍යතා හෝ අන්තර්ජාලයෙන් ඔබ දකින සබැඳියක් වගේ ඕනෑම දෙයක් Google Keep හී අලුත් ලිස්ට් එකක් තනා සුරකින්නට හැකියාව තිබෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ, ඔබට ඔබේ ඊමේල් ලිපිනය යටතේ නිර්මාණය වෙන මේ ලැයිස්තු හෝ නෝට්ස් එකතුව අන්තර්ජාලය හා බද්ධව තිබෙන ඕනෑම තාක්ෂණික උපාංගයක් හරහා භාවිත කිරීමේ හැකියාව තිබෙන එකයි. ඒ වාගේම Windows , Android සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා Google ආයතනය විසින් වෙනම යෙදුම් පවා නිර්මාණය කර තිබෙනවා.

3. Slack
ඔබට ඔබේ කණ්ඩායම සමග කතා කරන්නටත්, ඔවුන්ට භාර දී ඇති වැඩ විමසන්නටත් වෙන වෙනම මාතෘකා සඳහා චැනලයන් නිර්මාණය කිරීමට Slack මගින් හැකියාව ලැබෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා කරන හමුවීම් (Meetings) සහ එකිනෙකා අතර පුද්ගලික කතාබහ කිරීමට පවා මෙහි ඉඩ පැවතීම විශේෂත්වයක්. ඒ පමණක් නොවේ, ඔබට තිබෙන්නේ Desktop PC, Windows, Mac හෝ Linux සහිත පරිගණකයක් නම් ඒ සඳහාත් Slack විසින් මෘදුකාංග පහසුකම් සපයා තිබෙනවා. තමන්ගේ ඊමේල් එක භාවිතා කරමින් ලියාපදිංචි වෙන්නට හැකි මේ සේවාව කණ්ඩායම් වැඩ වලදී ඉතාම ප්‍රයෝජනවත් ටූල් එකක් වෙනවා නිසැකයි.
ස්මාර්ට් උපාංග සඳහා යෙදුම් – ඇත Android | iOS | Windows
4. Canva
ඔබට යම්කිසි ග්‍රැෆික් නිර්මාණයක් කරගන්නට අවශ්‍යයි කියල හිතන්නකෝ. එහෙත් ඔබ සතුව ඒ සඳහා දැනුම නැහැ. ග්‍රැෆික් නිර්මාණකරුවෙක් වෙත යන්නත් කාලය මදිවෙනවා. ඔබේ නිර්මාණය කරගන්නත් ඕනේ? මොකද කරන්නේ? අන්න එහෙම අවස්ථාවක් සඳහා සාර්ථකව මුහුණ දෙන්නට තමයි Canva වෙබ් අඩවිය තිබෙන්නේ.
Canva විසින් ඔබට පහසුවෙන්නට ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගන්නට විවිධ වර්ගයේ Templates ලබාදී තිබෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය නම් ඔබට උවමනා ප්‍රමාණයකට අලුත් කැන්වසයක් නිර්මාණය කරගන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබට පහසුවෙන් Canva හි නිර්මාණ කරනා හැටි ඉගෙන ගන්නට පවා ඔවුන් විසින් පාඩම් මාලාවක් සකසා තිබෙනවා.
ඔවුන් විසින් නොමිලයේ ලබාදෙන සේවාවට අනුව භාගත කරගත හැක්කේ පින්තූරයක් පමණයි. නමුත් ඔබ ඔබට අවශ්‍ය විසඳුම මුදල් ගෙවා ලබාගන්නවා නම් ඔබට බොහෝ පහසුකම් සපිරි Canva ගිණුමක් ලබාගන්නට හැකියාව තිබෙනවා.
ස්මාර්ට් උපාංග සඳහා යෙදුම් – ඇත iOS (iPad සඳහා)
5. Trello
ට්රෙලෝ කියන්නේ Project Management Tool එකක්. බොහොම පහසුවෙන් එකම අතුරු මුහුණතක් මත සජීවීව අදහස් බෙදාහදා ගන්නට හැකියාව පවතින යෙදුමක්. අපි උඩුගත කරන නිර්මාණය මත කලයුතු වෙනස්කම් Post-it Notes ආකාරයට අලවමින් වෙනස් කිරීම් යෝජනා කිරීමේ හැකියාව මෙයට තියෙනවා. ඒ වගේම අපිට අකුරු, පින්තූර, චිත්‍රක සහ අනුකාරක වගේ කොටස් කිහිපයකටම වෙන් කිරීමේ හැකියාව ට්රෙලෝ හී තිබෙනවා. මේ ඔක්කොටම වඩා ට්රෙලෝහී තිබෙන වාසිය තමා එය ලබා දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ වීම.

6. Conceptboard
කන්සෙප්ට් බෝර්ඩ් කියන්නේ එක්තරා ආකාරයක වයිට්බෝඩ් එකක් කියලා කිව්වොත් වැරදි නැහැ. නිර්මාණයක් සම්බන්ධයෙන් කලයුතු යෝජනා, වෙනස් කිරීම්, අලුත් අදහස් ආදී ඕනෑම දෙයක් කෙන්සෙප්ට් බෝර්ඩ් හරහා ඔබේ කණ්ඩායම එක්ක එක්වී එකතු කරන්න සහ බෙදාගන්නට හැකියාව තිබෙනවා.
ස්මාර්ට් උපාංග සඳහා යෙදුම් – නැත
7. Logastar
අන්තර්ජාලය ඇතුලේ ලෝගෝස්ටා කියන්නේ ඔබට ලෝගෝ එකක් තනා ගන්නට හැකි පහසුම විදිය කියලා කිව්වොත් වැරදි නැහැ. පහසුවෙන්ම ඔවුන් ලබාදී තිබෙන පෙර සැකසූ හැඩතල සහ අකුරු භාවිතා කරමින් අපිට අවශ්‍ය ලෝගෝව නිර්මාණය කරන්නට යන්නේ විනාඩි ගණනයි.
ස්මාර්ට් උපාංග සඳහා යෙදුම් – නැත..
REP++++ දෙන්නෝ
aniwa එකෙන් උපුටා ගත්තකි.

Last edited: