වැරදි පැත්තේම හිටගන්න බොල්සොනාරෝ

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    වැරදි පැත්තේම හිටගන්න බොල්සොනාරෝ

    96251296_848385135657527_4403311389389619200_n.jpg


    ජායිර් බෝල්සොනාරෝ.නම කිව්වට එක පාරටම මතකයට එන්නේ නැතුව ඇති.හැබැයි මේ ලෝක දේශපාලනය ගැන උනන්දු වෙන කෙනෙක්ට නම් මේ නම ආගන්තුක වෙන්නේ නැහැ.

    මෙතුමා තමයි දකුණු ඇමෙරිකාවේ මහා දැවැන්ත සමකාසන්න රටක් වෙච්ච බ්‍රසීලයේ 38 වන ජනාධිපතිවරයා

    2019 ජනවාරි පළවෙනිදා ඉදන් වැඩ බාරගත්ත බොල්සොනාරෝ ගැන මුල්වරට ලෝකයම කතා වෙන්න ගත්තේ ගිය අවුරුද්දේ බ්‍රසීලයේ ඇති වෙච්ච මහා වනාන්තර සංහාරයක් එක්ක.රාජ්‍ය අනුග්‍රහයත් ලැබුන මේ අපරාදය වෙලාවේ බෝල්සොනාරෝ හිටියේ ගස් කපන්නන්ගේ පැත්තේ.

    2020 ජනවාරියේ චීනයේ වුහාන් ප්‍රාන්තයේ මහා ලොකුවට පැතිරගිය කොරෝනා වයිරසයේ උණුසුම බ්‍රසීලයට දැනෙන්න ගත්තේ මාර්තු මාසයේ මුල ඉදන්.මේ වෙලාවෙත් බොල්සොනාරෝ සුපුරුදු පරිදි හිටගත්තේ මිනිස්සුන්ගේ පැත්තේ නෙමේ වයිරසය පැත්තේ.ඔහු ගොඩක්ම හිතුවේ රටේ ආර්ථිකය ගැන.
    "මේක සාමාන්‍ය උණක් විතරයි,කීපදෙනෙක් මියයාවී.දවසකට කොච්චර වාහන අනතුරු නිසා මිය යනවද.මෙහෙමයි කියලා අපිට කාර් ෆැක්ටරි වහන්න පුළුවන් ද?"
    අපේ රටේ මිනිස්සුන්ට ස්වභාවික ප්‍රතිශක්තියක් තියනවා.කුණු කාණුවල පීනන්න පුළුවන් අපිට මොන කොරෝනද!!!"
    හැබැයි බොල්සොනාරෝ මොනවා කිව්වත් රටේ සෞඛ්‍ය අංශ,ආණ්ඩුකාරවරු එකතු උනා.නිරෝධයායනය,සමාජ දුරස්ථභාවය,හුදකලා කිරීම වගේ කොරෝනවට එරෙහිව ගන්න හැම පියවරක්ම බෝල්සොනාරෝගේ උපහාසය ලක් උනා.

    අන්තිමට බෝල්සොනාරෝ තමන්ගේ ආධාරකරුවෝ එක්ක එකතුවෙලා lockdown වලට විරුද්දව මහජන රැලි සංවිධානය කළා.හැබැයි ඇමෙරිකාවේ තිබ්බ lockdown විරෝධී රැලි වගේ නෙමේ බොල්සොනාරෝ තමයි මේ රැලි වල ඉස්සරහින්ම හිටියේ.සමාජ දුරස්ථභාවය,මුහුණු ආවරණය කිසි දෙයක් දකින්න තිබ්බේ නැහැ.

    එතනින් නැවතුනේ නැති බෝල්සොනාරෝ අන්තිමට සෞඛ්‍ය උපදෙස් දෙන්නත් ගත්තා.{ඔව් ඔව් අර මැලේරියා බෙහෙත් ගැනම තමයි) facebook,youtube,twitter බෝල්සොනාරෝගේ සෞඛ්‍ය උපදෙස් දීපු වීඩියෝ ඔක්කොම අයින් කළා ජනතාව නොමග යනවා කියලා.

    මේ වෙනකොට බ්‍රසීලයේ කොරෝනා රෝගීන් 150000 ක් දවසකට රෝගීන් 10000 ක් විතර වාර්තා වෙනවා.මරණ 10000 ක් පැනලා.මැයි මාසයේ විතරක් කොරෝනා මරණ 60000 ක් විතර සිද්ද වෙයි කියලා අනුමාන කරලා තියනවා.රෝමය ගිනි ගනිද්දී නීරෝ විණා වාදනය කළා වගේ බොල්සොනාරෝ ලොකු BBQ පාටියකුත් දැම්මා කියලා ආරංචි.

    කොහොම උනත් බ්‍රසීලයයි එක පැත්තකින් හිටගෙන ඉන්නකොට ජනාධිපති බොල්සොනාරෝ සුපුරුදු විදියට වැරදි පැත්තේ ඉන්නවා කියලා තමයි අපිට නම් පෙන්න
    තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: 2osama