වැරදි බස් එක

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔන්න පානදුර පිටකොටුව බස් එකක මගී ජනතාව සෙට් එකක් වාඩිවෙලා ඉන්නවලු….. කට්ටියක් පවන් ගහගන්නව. කට්ටියක් රටකජු කනව. තව සමහරු මල් කඩනව. මේ අතරෙ කොන්දොස්තර මහතා බසයට ගොඩවෙලා ටිකට් කැඩීම ඇරඹුවා. ඔන්න පලවෙනි එක්කෙනා ගාවට ගිහින්



    “මල්ලි කොහෙද?”.



    1 මගියා – කෙසෙල්වත්ත



    කොන්ද – මේක කෙසෙල්වත්තේ යන්නේ නෑනේ



    1 මගියා බැස ගියා



    කොන්ද – ඔය නෝනා කොහෙටද?



    2 මගියා – වලාන



    කොන්ද – මේක කොහෙද වලානේ යන්නේ? බෝඩ් එක බලල නගින්නකො.



    2 මගියා බැස යයි.



    කොන්ද – ඔය මහත්තය සල්ලි ගන්න. කොහෙටද?



    3 මගියා – කොටුව



    කොන්ද – මේක කොටුවේ යන්නේ නෑනේ. බෝඩ් එක බලල නෙමෙයිද නැග්ගේ.



    3 මගියා බැස යයි.



    කොන්ද – ඔය මල්ලි කොහෙටද?



    4 මගියා – කොටුව



    කොන්ද – මේ අනිත් එක්කෙනා. මේක කොටුව යන්නේ නෑ හලෝ.



    4 මගියා – එහෙනං කොහෙද යන්නේ?



    කොන්දා වට පිට බලයි.



    ” හුටා මං වැරදි බස් එකට නැගල තියෙන්නේ”



    කොන්දා ඔලුව නමාගෙන බසයෙන් බැස දුවයි.