කසාද බැද අවුරුදු 18කි. මේ කාලය පුරාවටම වැලන්ටයින් සමරා නැත. මෙවරනම් එය සැමරිය යුතුමයයි හිත බල කරයි.... අපි ලව්
කරන කාලේ වැලන්ටයින් දින කියා දිනක් තිබුනේ නැත. දෙදෙනා තනි උන සෑම විටම වැලන්ටයින් දිනයකි.
වයිෆ්ව සප්රයිස් කිරීමට සිතුවේය. නුගේගොඩට ගොස් රෝස මල් කිණිත්තක් ගත්තේය. කඩේ සිටි කෙල්ලන් චීරි.. බිරි.. ගා එකිනෙකට සිනාසෙනු දුටිමි. ඒ මගේ පිටිපසින් පෑදුනු තට්ටය හා තැනින් තැන ඉතිරිව ඇති කලු කෙස් ගස් දෙක තුන දැකීමෙන් විය හැක. ලොකු චොකලට් පෙත්තක්ද මිල දී ගතිමි.
හිතේ පුදුම සතුටකි. ඇඟේ අමුතු කිචියකි. අද රෑ නෝනා සප්රයිස් වෙන හැටි චිත්රපටියක් මෙන් සිතේ දිග හැරේ. වාහනය එලවන බවක් සිහි වුයේ ත්රී වීල් කරුවෙකු පට්ට කුනුහරුපයක් කියා බැන වැදුනු විටය. මම සිහින ලොවින් සැබෑ ලොවට පිවිසුනේ ඒ කුනුහරුප වැලත් සමගිනි.
දැන්මම මල සහ චොකලටය ගෙට ගෙන යා නොහැක. කාර් එකේද තැබිය නොහැක. චොකලට් එක දිය වී චප්ප වී චොර පට්ටම් වෙන නිසාය. මගේ මුහුන විලියෙන් රතු වී ඇත. වටේට රෝස මල් දී පුරුදු වුවාට වයිෆ්ට රෝස මල් දී පුරුදු නැත.
වයිෆ් එහාට මෙහාට වෙන තුරු සිට තෑග්ග යම්තම් කාමරයට පන්නා ගතිමි. සැනසුම් සුසුමක් හෙලුවෙමි. බාත් රූම් එකට වැද කොන්ඩයද කලු කර, රැවුලද හැඩට කපා ගතිමි. සබන් කෑල්ල පෙත්තක් සේ දියවෙන තරමටම සබන් ගෑවෙමි. ආදර සිංදුවක් මුමුනමින්, අද රෑ ගැන සිහින මවමින් හොදට නා ගතිමි. හනිමුන් යන දවසෙවත් මෙහෙම නෑවේ නැත. සැන්ට් කුප්පියේ බාගයක්ම ඇඟට හලා ගතිමි.
කාමරයට පැමිනියේද " ඒක් පුල් දෝ මාලි " හිංදි චිත්රපටයේ සිංදුවක් උරුහන් බාමිනි. අහෝ...දුකකි.. ඉරකි.. තිතකි.. තිත් ගොඩකි. කාමරයට ඇතුල් වෙන විට දුටු දෙයින් මා ගල් ගැසුනි. නෝනාගේ එක් අතක රෝස මලය, අනෙක් අත චොකලට් එකය.
" කාටද මේවා ගෙනාවේ, කොහෙ යන්නද මේ ලෑස්ති වෙන්නෙ " නෝනා සුපුරුදු ලෙස හා පැටියෙක් සේ මෘදුව මගෙන් විමසීය. හඩ කොතරම් මෘදුදැයි කීවොත් ජනේලයෙ පලුවක් දඩාස් ගා පැද්දී ගියේය.
පොලවෙ පස් කමින් අහසේ සිටින තිස්තුන් කෝටියක් දෙවියන් ගැන දිවුරමින් ඒවා රැගෙන ආවේ ඇය සදහායයි කොතරම් කීවත් කීවත්, ඇය සත පහකට එය විශ්වාස කලේ නැත.
මගේ පෙර වැරදි හා ට්රැක් රෙකෝඩ් එක ඇය හොදට දනී. රෝස මල සහ චොකලටය ජනේලය තුලින් අහසේ පා වෙනවා දුටුමි. ෆුල් සප්රයිස්ය. ෆුල් මාවලස්ය. නෝනා ලක ලැහැස්ති වී නංගිලයි ගෙදර ගියාය. මට රෑ කෑමත් නැත. දැන් රෑ 2 පසු වී ඇත. මම තනි යහනෙ මේ ලිපිය කොටමින් වැලන්ටයින් සමරමි. වැලන්ටයින් මට වැලේ වැල් නැති කලේය. යට ලීයෙ නාරි ලතා මල් මට ඔච්චම් කරනවා සේ මට දැනේ.
නිලන්ත සත්සර ගමගේ