වැලැන්ටයින්_නංගි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වැලැන්ටයින්_නංගි

වැලැන්ටයින් සමරන්නට ගිය නංගියේ



happy_valentines_day_ecard3.jpg


වැලැන්ටයින් සමරන්නට
ජයටම ලස්සන මල් ගවුමක් ඇඳ
කැසනෝවා සමග අතිනත ගෙන
රූම් ගිය මගේ පොඩි නංගියේ

ආදරය වෙනුවට කාමය ආදේශ කල
නුඹ දුන් රෝස මල එකතින් තලා
ඈත් කරපු නුඹගේ දෙපා මැදින්
සෙල්ලක්කාර ගමනක් ගිය කූටයා
නැවත නොඑන නිසා ඉකි ගසන
මගේ පොඩි නංගියේ මේ අසන්

අම්මා මියෑදූන පසු නාය ගිය පවුල​
එකට බැඳ තබන්නට මම ගත් වෙහෙස​
උඹ දන්නේ නැතුව ඇති නංගියේ

තාත්තත් මතින් නිදාගෙන
ඉස්සරහ දොරින්ම ආ බඩගින්න
අපි ඔක්කොම යට කරගෙන
අම්මා නැති උඹට පොඩි අම්මා වී
මගේ වැලැන්ටයින් සිතෙන් අමතක කර
අරුමෝසම් දිලිසෙන ව්‍යාජ ජීවිතය ඉවතලා
පොළවේ පය ගැටෙන කාෂ්ඨ ජීවිතය
දෝතින් බදාගෙන

උඹවත් මල්ලිවත් ජීවත් කරවන්නට
උදේ රෑ නොතකා ඇඳුම් මසන්නට
ජුකී සන්නාලියක වූ බව
රට්ටුන්ට නොකියන්
මගේ පොඩි නංගියේ

[FONT=&quot]වෛද්‍ය රුවන් එම් ජයතුංග[/FONT]
 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඈත් කරපු නුඹගේ දෙපා මැදින්
    සෙල්ලක්කාර ගමනක් ගිය කූටයා



    කූටයා කිව්වේ මොකාද?:confused:
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    වෛද්‍ය varu nurse lata kapana eva evath daapalla..................
    garment evun vithrayi rata salli genne ..........ayi garahanne
    docala ...........anek job karana evun rata salli genada na