Prison break - the කිටියා
වැලිකඩ බන්ධනාගාරෙට කුඩු අරන් ආපු කිටියව ඊයේ පොලිසියෙන් අල්ලගත්තා වගේම අද වෙද්දි ( අගෝස්තු 3) පැනලා ගිහින් තියනවා.මේකෙන් පේන්නේ කිටියව හොදටම මේ වැඩේ කරන්න පුහුණු කරලා තියනවා කියන එකයි,මොකද අපේ රටේ පොලීසියෙන් පැනලා යන්න හිතන්නවත් පුලුවන් ආයුද පෙන්න ගියොත් විතරයි,එහෙම ආයුද පෙන්න ගිය වෙලාවක පැනලා යන්න හදපු හැමෝම ආපහු ආවේ පෙට්ටියෙන්.මොකද අපේ පොලීසිය එක්ක පැනලා යන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි,කරන්න බැරි වැඩක්.අහු වෙන්න කලින් හැංගුනොත් නන් හැබැයි හොයා ගන්න පරක්කු වෙනවා,ඒක ඉතිං වෙනම කතාවක්.
කොහොම හරි පූසෙක්ව මේ වගේ සීක්‍රට් මිශන් එකකට යොදවන්න හදපු පලවෙනි පාර නෙමෙයි මේක.1960 දී සීතල යුද්දේ උපරිමේට නැගලා යනකොට,ඇමරිකාවේ CIA එක කිටියෙක්ව යොදාගෙන ක්‍රෙම්ලින් වලයි අනිත් සොවියට් තානාපති කාර්යාල වලයි ඔත්තු බලන්න මෙහෙයුමක් සැලසුම් කරනවා.මේකෙදි පැයක විතර සැත්කමකට පස්සේ කිටියගේ ඔලු කට්ට අස්සට හයි කරන මයික් එකකුයි,ඔලුවෙන් එලියට ඇවිල්ලා ලොම් අස්සේ හන්ගලා තියන ඇන්ටනාවකුයි භාවිතා කරලා ඔත්තු බලන්න තමයි සැලසුම් කරන්න්නේ.මේකට project acoustic kitty කියලා තමයි නම දන්නේ.සැත්කමෙන් පස්සේ කිටියව කිටියව පුරුදු කරනවා කතා කරන මනුස්සයෝ දෙන්නෙක් ගාවට වෙලා කතාව හොරෙන් අහගෙන ඉන්න.ඔක්කොම වැඩේට ඩොලර් මිලියන 20ක් වියදම් වුනා කියලයි කියන්නේ.
ට්‍රේනින් එකෙන් පස්සේ කිටියව මුලින්ම බස්ස්නවා පාර්ක් එකක් ගාව ඉන්න මිනිස්සු දෙන්නෙක් කතා කරන ඒවා අහගෙන ඉන්න.කිටියත් කොච්චර ට්‍රේන් කලත් සුපුරුදු පූස් ගති මතු වෙලා වේගෙන් එන වාහනයක් ඉස්සරහටම පැනලා ඔන්ද ස්පොට් කූරියා ගහනවා මිනිස්සු දෙන්නා ගාවට යන්නත් කලින්.මිලියන 20ම මහ පාරේ....
පස්සේ මේ සිද්දි නිසා cia එක මේ වැඩේ අල්ලා දානවා පූසන්ව නිසි පරිදි පුහුණු කරන්න බැරි මහ ආඩම්බරකාර සත්තු ජාතියක් කියලා.කොහොම හරි cia එක මිලියන 20ක් යොදවලා අවුරුදු 7ක් ට්‍රයි කරලාත් හබක් කර ගත්ත වැඩේ අපේ අයියලා දලමෙටම ඉවර කලා.පොලීසියට අහුවුන පූසවත් හිරෙන් පැනලා එන ගානටම මෙයලා ට්‍රේන් එක දීලා.
Behavior science වලට අනුව පූසා හිතන විදහ බල්ලෙක්ට වඩා ගොඩක් වෙනස්,අපි බල්ලෙක්ට සලකනකොට බල්ලා හිතන්නේ අපි තමයි බල්ලගේ ස්වාමියා බල්ලා තමයි සේවකයා කියලා,ඒක් නිසා තමයි බල්ලෝ තමන්ගේ අයිතිකාරයට ගොඩක් පක්ශපාතී.ඒ වුනාට පුසා ඕකේ අනිත් පැත්ත අපි පූසට හොදට සලකන්න සලකන්න පූසා හිතන්නේ පූසා තමයි ස්වාමියා අපි සේවකයා කියලා ඒක නිසා එයා හැම වෙලාම තමන්ගේ බලය නිවස පුරාම හැම තනකම පතුරවන්න පටන් ගන්නවා.ඊයේ දාපු එකත් කට්ටිය බලල නැති නිසා අදට මේ ඇති.මගේ කතාව අවසානයි විස්කෝතුයි..