කාන්තා සනිපාරක්ෂක තුවා සම්බන්ධයෙන්...
විලි ලැජ්ජාව පසෙක ලා ඔබ මේ වෙනුවෙන් අරගල කළ යුතුමය. පිරිමින් මෙන් ශරීරය වෙහෙසවා හරි හරියට රැකියාවල නිරත වෙන අපි නැවතත් රෙදි යුගයට යා යුතුද??
නිකමට ගණන් හැදුවොත් නිවසක එක දියණියක් සිටිනවා නම් මසකට පැකට් දෙකකට රු.200ක් වැය වූ මුදල දැන් රු.900 දක්වා ඉහළ ගොස්ය. දූවරු දෙදෙනෙක් තුන්දෙනෙක් සිටින නිවෙස් වල මේ මුදල දෙගුණ හා තෙගුණ වනු ඇත. එදා වේල පිරිමසා ගැනීමට රුපියල් 100 සොයා ගැනීමට අපහසු දෙමව්පියෝ, රැකියා විරහිත හෝ පාසල් වයසේ දියණියන්ට මේ අවශ්‍යම භාණ්ඩය ලබා දෙන්නේ කෙසේද???
තමන්ගේ අක්කා සහ නංගි, බිරිඳ, දියණිය මේ සැවොම වෙනුවෙන් පුරුෂ පක්ෂයද හඬ නැගිය යුතුමය.
මන්ද,,,,
අපි හැමෝම බිහිවුනේ ගැහැනු කෙනෙක්ගේ සිනහවකින් ආදරයකින්, කරුණාවකින් සහ දරා ගැනීමකින්. ඒ සේරටමත් වඩා "රුධිරයෙන්". ❣❣
කතා කරමූ! එරෙහි වෙමු..
හංසිනි දිසානායක
උපුටා ගැනිමකි