වැලිවේරිය ප්‍රශ්ණය අවසානයි ?????
දර්ශන තලය මහ රජ වාසල කොලම්පුර්
දර්ශන අංක 01
මහ රජතුමා වශි යන්ත්‍ර රාජයා සුරතෙහි තබාගෙන කැළණිපුරවර භාර ආචාර්ය්ය සෙන්පති පුමුඛ මැති ඇමතිවරු කිහිපදෙනෙකු සමඟ රජ වාසලෙහි සුහද කතාබහක්
දර්ශන අංක 02
ශෝකි බර මැළවුන මුහුණු වලින් යුතුව මවක්, පියෙක් ඇතුලූ පවුලේ සාමාජිකයන් පිරිසක් රජ වාසලේ ප්‍රධාන ශාලාව වෙත පිය නගයි.
දර්ශන අංක 03 සමිප දර්ශනයක්
කැමරාව රජතුමාගේ මුහුණ වෙත සමිප රූප රාමුවක්
රජතුමාගේ මුහුණ මැළවේ දුකෙන් පිරේ, එසැනින් සෙමින් සෙමින් සුරතින් වශී යන්ත්‍රය පිරිමදින අයුරු රූපයට හසු නොවේ.
දර්ශන අංක 04 මධ්‍ය දර්ශනයක්
රජතුමා බැහැදැකිමට පැමිණි පවුලේ උදවිය වෙත දුක්මුසු බැල්මෙන් ආචාර කරයි. දරුවාගේ මරණය පිළිබඳව තම හද පතුලෙන් මතුවෙන ශෝකය ප්‍රකාශ කරයි. පවුලේ උදවියට හැඩුම් එයි. ආචාර්ය්යතුමාද රූප රාමුව තුල මතුවෙයි.
දර්ශන අංක 05
දරුවා වෙනුවෙන් ශෝකවන රජතුමා සමිප දර්ශනයක්, බින්දු අංක කිහිපයක් සහිත චැක් කොළයක් රජතුමා මියගිය දරුවාගේ මවට ප්‍රධානය කරයි.
දර්ශන අංක 06
පැමිණි පිරිස වෙත රජතුමා සමඟ කෝපි පැන් සංග්‍රහයක්, ආචාර්ය්යතුමා පුරසාරම් දොඩයි.
දර්ශන අංක 07
පැමිණි මැති ඇමති සියලූදෙන සතුටින් විසිර යයි. තම පුතාගේ වටිනාකම තක්සේරුගත බින්දු කිහිපයක කොළ කැබල්ල රැගෙන, කඳුළු සළමින් මහසයුරද කළඹන තරම් සුසුමක් පිටකරමින්, දරුවාගේ මව සිය පවුලේ පිරිවර සමඟ රජ වාසලෙන් පිටවේ.
කතාව මෙසේ නිමාවේ. නමුත් කතාවේ සෑබැ අවසානය මෙය නොවේ?? සැමදා සිදුවුයේ කතා පිටපත ප්‍රධාන නලූවාගේ අවශ්‍යතාවය මත වෙනස් විමයි. ජනතා පරමාධිපත්‍ය නැමති අධ්‍යක්ෂක වරයා සැමදා ප්‍රධාන නලූවාට අවනතවේ. අධ්‍යක්ෂක වරයාට සැබෑ භූමිකාව ලැබෙන්නේ කවදාද? ලංකාව තුල එය සැබැනොවන සිහිනයක් වනු ඇත ????