වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !

Oct 25, 2009
228
19
0
වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !

වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !


ලිව්වේ දුකා on Thursday, September 10, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (6)



වැලි කතර මරු කතරක් ලෙස . . .
දිටිමි එක් කලෙක . . .
ඇසූ සැටියෙන් කුඩා කල . . . .
ආගිය උන් කී දෑ අසාහිඳ . . .

මගට බට නොහී ගිනි ලන . . .
රුදුරු සැඩ හිරු රැසින . . .
නැවුම් හුස්මක් ගනු නොහී . . .
දූලි මුසු වැලි කුනාටුද . . .
දා බිඳු ගලයි ගත . . .
නිමාවක් නැති ලෙසින . . .

අහෝ එවන් රුදුරු වැලි කතර . . .
කිම යා ද රන් මසු සොයා . . .
නොකෑවත් බඩට . . .
නොඇන්දත් ගතට . . .
මේ පාරාදීසයක් වන් . . .
ආදරයම ජීවිතය කොටගත් . . . .
ජීවිතයම ආදරය කොට ගත් . . .
සොඳුරු බිම් කඩ හැර දමා . . .
නොයමි කිසිදාක නොරට . . .
වියරු වැලි කතරකට . . .
විඳවන්නට නොව දුකින් . . .
විඳින්නට ලද දිවිය . . .
සතුට දෝත දරා . . .
සිනා දෝර ගලා . . .
ජීවිතේ සුන්දරද මෙතරම් . . . !

නමුදු එක අකාල සන්ද්‍යාවක . . .
අනෝරා වස්සාන කාලෙක . . .
හෙන හඬින් ගිගුම් දුනි සොඳුරු දිවි මඟ . . .
බිඳ වැටී මනෝ මන්දිර සුනු විසුනු වී . . .
රිදී සිත . . . ඉකි බිඳී හදවත . . .
ගිලිහී රැහැන් පට දිවි මඟ බැඳී හුන් . . .

වින්දනයම විඳිල්ලක් වූ කල . . .
පාරාදීසය කතරකැයි හැඟුනු කල . . .
කතරත් පාරාදීසයකැයි නොහැඟේද . . . ?

කතර කතරක්ම නොවේ යැයි . . .
දැනේ කතරට වන් කල . . .
මසුරන් පොදිත් දැවටේ දෑඟිල නිතර . . .
අනාදර පිරි පාරාදීසයද . . .
මසුරන් සපිරි කතරක් නොවූ කතරද . . .
සිත දෙගිඩියාවක . . . !
 
Last edited:
  • Like
Reactions: nwnbs
Jul 24, 2008
1,633
33
0
Oba me Nirmanaya thula kiyana dewal godak laginnma vidala wagema samaharak thamath vidimin innawa..me pidumata mageth upaharaya sahodaraya!! sahodarathwayen rade inna!!! obata jaya!!
 
Oct 25, 2009
228
19
0
ඒ කියන්නෙ අපි වගේ අයට... :D
ස්තූතියි සහෝ... ඒ වගේම අපූරු නිර්මාණයක්... :)

ඒ කියන්නා උඹත් ඉන්නේ මේ කිට්ටුවකමද . . .??? මම ඉන්නේ අබුඩාබි . . . උබ කොහේද මචං . . ??
 
Oct 25, 2009
228
19
0
Oba me Nirmanaya thula kiyana dewal godak laginnma vidala wagema samaharak thamath vidimin innawa..me pidumata mageth upaharaya sahodaraya!! sahodarathwayen rade inna!!! obata jaya!!

ඔව් සිරාවටම මචං . . මම නම් ඇත්තෙන්ම ඉන්නේ වෙලාවකට මාර දෙගිඩියාවක . . .
 
Oct 25, 2009
228
19
0
ohoma unama hithata degidiyawa athi wenawa.... eeth salenna narakai... supurudu lesama maru

නැසැලී ඉන්න උත්සාහ කරන එකත් වෙලාවකට හරිම වදයක් සහෝදරී . . .ඒත් මොනා කරන්නද කියලා තාමත් හිතමින් ඉනන්වා . ..
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සිටියත් සොයුර නුඹ වැලිකතර
නැත නුඹ තනිවී මෙ කතර
ඉන්නෙ මාත් මෙ අතර
හූවක දුර ද අප අතර

දහිරිය ගෙන සිතට
පුලුවන් වුනොත් මිතුර
ක්ශේම භූමියක් වනු ඇත
මෙකතරත් ඔබට

ඔබේ පදවැලේ සොබාදහමෙ වර්ණනාව ලස්සනයි, ඔබට දහිරිය හා ජය පතමි සොයුර
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වැලිකතරේ මිනිස් පුරේ දිය උල්පත මිනිස්කමයි....

රන් කහවනු වලට වඩා මිනිසත් බව දෝතින් දරමු.... දිවි කතරෙන් අප නික්මී යන තෙක්ම..

ඉතාමත් රහට ලියැවුන පද වැල් සමුච්චයක්....

මල්ලියා ඔබ කුසලතාපුර්ණ නිර්මානකරුවෙක්..අද දවසටත් මතු මතුත් අප අත්වැල් බැඳ අපේ වගකීම් උපරිමයෙන් ඉටු කරමු..


ඔබට ජය....
 
Oct 25, 2009
228
19
0
වැලිකතරේ මිනිස් පුරේ දිය උල්පත මිනිස්කමයි....

රන් කහවනු වලට වඩා මිනිසත් බව දෝතින් දරමු.... දිවි කතරෙන් අප නික්මී යන තෙක්ම..

ඉතාමත් රහට ලියැවුන පද වැල් සමුච්චයක්....

මල්ලියා ඔබ කුසලතාපුර්ණ නිර්මානකරුවෙක්..අද දවසටත් මතු මතුත් අප අත්වැල් බැඳ අපේ වගකීම් උපරිමයෙන් ඉටු කරමු..


ඔබට ජය....


"රන් කහවනු වලට වඩා මිනිසත් බව දෝතින් දරමු"

ඔව් අයියා මේ වැලි කතරේ ගොඩාක් අය අතරේ ඔය මිනිසත් බව තිබෙනවා . . . මව්බිමට ගිය වෙලාවල් වලදී . . සංගීත සන්දර්ශන වල නයිට් ක්ලබ් වල බස් එකේදී මහ පාරේදී පොඩි පොඩි දේවල් වලටත් මිනී මරා ගන්න අය දැක්කාම කියා ගන්න බැරි මොකද්දෝ හැඟීමක් එනවා හිතට මේ අපි ප්‍රාර්තනා කරන පාරාදීසයද කියලා . . .
 
Oct 25, 2009
228
19
0
මම ඉන්නෙ කුවේට් වල යාළුවා... :D

අහ් එහෙමද . . කොහොම නමුත් මේ වැඩෙන් මට අබුඩාබි ම ඉන්න නියම මනුස්සයෙක් මුන ගැහුනා . .. ඒක ගැන හරිම සතුටුයි
 
Oct 25, 2009
228
19
0
oh patta tamai saho................
Weli uda rath wena jeewita kawiyakin diga erala...:)


ow machan . .. ehemat kiyanan puluwan ., . .habai . . samahara welaawata (godak welawata) wali uda rath wena jeevita kiwwata api nam lankawedi taram wat rat wenne naha mehedi . . ekama wenasa hamadenaama ammala sahoedha sahoedhariyo laga nati eka vitarai . . .

mehe professionalslage life eka godak welawata luxury . . habai house maid, driving, labour wage podi jobs karana aya kanne nam maara kattak . ..