වැව්_වලින්_නාන්න
අනුරාධපුර පොසොන් වන්දනාවේ එන බැතිමතුන් ඉන්නවා නම් (ආච්චිලා සීයලාට අදාල වෙන්නෙ නෑ. විශේෂයෙන්ම කොල්ලන්ට) මේ පාර වැව් වලින් නාන එක ගැන දෙපාරක් තුන් පාරක් නෙවේ, හතර පාරක්ම හිතන එක වටිනවා. මොකද මේ පාර රජරට ප්‍රදේශයට අප්‍රේල්, මැයි මාස වල ආසාමාන්‍ය කාලගුණ රටාවකට මුහුන දෙන්න සිදුවුනා. කවදාවත් නැතිව, විශාල වශයෙන් වැසි ඇද වැටීම නිසා, මේ පොසොන් එකට අනුරාධපුර නම් වැව් සේරම වාන් මට්ටමටම (උතුරන මට්ටමටම) පිරිලා තියෙන්නෙ.
"ආ, අපි මෙතන එක පාරකුත් නෑවා" කියලා, බුවා වගේ බහින්ඩ හැදුවොත් නම් මිනිය තමා ගෙදර යන්නෙ. TV එකේ හැමදාම පුරුද්දට වගේ කියන නිසා ඒවා කවුරුත් ගනං ගන්නෙ නෑ නෙ. මේ පාර විශේෂයි. එකෙක් දෙන්නෙක් හරි අනිවා ගිලිලා මැරෙයි කියලා තමා වැව් වල වතුර මට්ටම බැලුවම හිතෙන්නෙ.

පරිස්සෙමන් 