ඇඹිලිපිටිය
ගොවි ගම්මාන දහස්ගණනකට ජලය සපයන ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සහ කිරිබ්බන්වැවේ සුර්ය පැනල් සවිකිරීමට සුනෙත්ය බලශක්ති අධිකාරිය මේ වන විට කටයුතු කරමින් පවතින අතරට එයට විරෝධය පා වලව මහවැලි කලාපයේ ගොවි සංවිධාන වල නියෝජිතයින් මාධ්‍ය හමුවක් ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව අසලදී පවත්වන ලදී.
ගොවීන් පවසන්නේ මහවැලි ය හා එක්ව සුනෙත්ය බලශක්ති අධිකාරිය වැවේ සෝලා පැනල් සවිකර විදුලිය නිෂ්පාදනය කිරීට අවසර ලැබීමටත් පෙර අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ඇති ිබවයි.
මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් වලවේ ගොවීන් දැනුවත් නොකල බවද ඔවුන් පවසයි. මේ තුලින් ගොවිජනලතාවට ජලය සපයන ඇඹිලපිටිය චන්ද්‍රිකා වැවට සහ කිරිබ්බන් වැවට විශාල හානියක් සිදුවන බවත් ගොවීන්ට මෙන්ම බොහෝ පිරිසකට මේ තුලින් හානිදායක වන බවද ගොවි නායකයන් පවසයි.
ඕනෑ තරම් නිවෙස් සහ වියලි කලාපයේ මෙම ප්‍රදේශයේම ස්ථාන තිබියදී වැවම තෝරා ගැනීම හාස්‍යට කරුණලක් බවද ශවුන් පවසයි.
පසුව මේ සම්බන්ධයෙන් පරිසර වේදී සහ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් සජීව චාමිකර මහතා අදහස් දක්වන ලදී.
පරිසර ඇගයීම් යාන්ත්රණයකින් තොරව මේ කටයුතු කරන්නේ නම් ගොවීන් සමග අධිකරණයට යෑමට කටයුතු කරන බවද කීය.
මේ සම්බන්ධයෙන් වලව මහවැලි නේවාසික කළමණාකරණ කාර්යාලයෙන් අප වමසූ විට එහි ප්‍රකාශකයකු සදහන් කලේ මේ නියමු ව්‍යාප්පෘතියක් බවත් මෙම සෝලා පැනල් පද්ධතිය පාවෙන ආකාරයට මෙගාවොට් 1 ක් සදහා ඉදිකරන බවයි. මේ තුලින් කිසිවිටෙක ගොවීන්ට හෝ වැවට කිසිදු හානියක් සිදු නොවන බවද කීය. ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගොවීන්ද දැනුවත් කර ඇති බවයි. මේ ආකාරයෙන් වෙනත් රට වලට වැව්වල ජලය වැඩඩි වන විට ඉහල යෑමටත් ජලය අඩඩුවන විට සෝලා පද්ධතිය පහල යෑමටත් කිසිදු ගැටලුවකින් තොරව ඉදිකර ඇති බවයි.
– ප්‍රගීත් ජනක
වෙලාවට සක්කිලි කුහක හැත්ත ඉන්දුනිසියාවේ හිටියේ නැත්තේ...
------ Post added on Mar 16, 2024 at 1:42 PM
------ Post added on Mar 16, 2024 at 1:42 PM
------ Post added on Mar 16, 2024 at 1:43 PM
Last edited:
