වැහි_පීලි_තහනම්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැහි_පීලි_තහනම්

    ඩෙංගු දරුණුයි: වැහි පීලි දෙස ජනපති ඇස




    mahinda_rajapaksa.jpg



    වැහි පීලි තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක්‌ පවතින බැවින් මින් ඉදිරියට නිවාස ඉදිකිරීමේදී වැහි පීලි භාවිතය වැළැක්‌වීමට අවශ්‍ය වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස්‌ දී ඇත.

    ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය පෙරේදා (09 වැනිදා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස්‌ ලබා දී ඇත.

    රජයේ නිලධාරීන්, ආරක්‍ෂක හමුදාව, පොලිසිය සහ පළාත් පාලන ආයතන එක්‌ව ඩෙංගු මර්දන සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ ලබන සතිය තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙසත් සාකච්ඡාවලට පමණක්‌ සීමා නොවී ඩෙංගු මර්දනය සඳහා ප්‍රායෝaගික වැඩපිළිවෙළකට කඩිනමින් එළඹෙන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලීමක්‌ කර ඇත.

    ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය වන්නේ කඩිනම් වැඩපිළිවෙළක්‌ බව ද මෙහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා පරීක්‍ෂණ පවත්වමින් කාලය ගතකරන විට විනාශ වී යන්නේ අහිංසක ජනතාවගේ ජීවිත බව ද අවධාරණය කර ඇත. ඩෙංගු මදුරුවන් සියයට 50 ක්‌ම බෝවන්නේ ඉවතලන බඳුන් තුළ බවත් සියයට 22 ක්‌ ජලය එක්‌රැස්‌ කරන බඳුන්වල බෝ වන බවත් මෙහිදී හෙළි වී ඇත.

    නව ඉදිකිරීම් සිදුවන ස්‌ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉහළ මට්‌ටමක පවතින හෙයින් එයට ලබාදිය හැකි විසඳුම් සොයා පිළියම් යොදන ලෙස ද ජනාධිපතිවරයා පවසා තිබේ. එමෙන්ම නිවාස හිමියන් ද තම ගෙවත්ත පිරිසිදු කරගැනීම අත්‍යවශ්‍ය බව සාකච්ඡාවට බඳුන් වී ඇත.




    දිවයින​
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉදලා ඉදලා ගෙයක් හදන්න හැදුවා විතරයි..නෙදකින්.මේ මිනිහා හරියට අර කැකිල්ලේ රජ්ජුරුවෝ වගේනේ..
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    hoda wadak gutter-less system implement karana 1. oka athule itin dengue bowime prawanathawa wadi. oka hama dama sudda karandath ba ne!