වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉව&#3501

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉව&#3501

    වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉවතට

    (සෙනරත් බණ්ඩාර)

    වික්ටෝරියා වේල්ලේ බැද තිබු බඹර කුඩු එම වාන් දොරටු විවෘත කිරීමට නොහැකිව තිබු බවත් බඹරුන් නොමරා ඉවත් කිරීම ඔගස්ටාවත්ත බිගු සම්පත සුරැකීමේ සංවිධානය මගින් වික්ටෝරියා වේල්ල භාර කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතාගේ ඉල්ලීම පරිදි සිවිල් ඉංජිනේරු උදිත ඒකනායක මහතාගේ මෙහෙය වීමෙන් කාර්මික ඉංජිනේරු කේ.ඒ බුද්දිසෝම මහතාගේ සහයෝගයෙන් සිදු කෙරිණි.

    වික්ටෝරියා වේල්ල සජීවී වේල්ලක් බවත් එහි ජලධාරිතාවය අනුව වේල්ල ඉදිරියටත් පසු පසටත් ගමන් කරන බවත් එය සක්‍රියව අධ්‍යනය කිරීම සඳහා විදුලි මානක සකස් කර ගැනීම සහ එහි වාර්තා ලබා ගැනීමේ කටයුතු වලදී වාන් දොරටු තුළ බඹරුන් බැඳ තිබීම බාධාවක් ව තිබු බැවින් මෙලෙස බඹරුන් ඉවත් කිරීමට කටයුතු කළ බව එහි ඉංජිනේරුවරයා පවසයි.

    වික්ටෝරියා වේල්ල 1985 අප්‍රේල් මාසයේ 12 දින එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහරැජින අතින් විවෘත කරන ලද්දකි. දිග මීටර් 520 සහ උස මීටර් 112 ක් වූ මෙම දිවිත්ව ආරුක්කු වේල්ල ස්වයංක්‍රීයව පාලනය වන වාන් දොරටු අටකින් සමන්විත වෙයි. මෙහි වාන් දොරටු අලුත්වැඩියා කිරීම වසර දෙකකට වරක් සිදු කරයි. මෙම වසරේ එම අලුත් වැඩියා කටයුතු සිදුවෙමින් පවතී.

    බඹර වද ඉවත් කිරීමේ මෙහෙයුමට තුෂාර මගින් ද විජේසිංහ මහතාගේ මුලිකත්වයෙන් තාක්ෂණ ශිල්පින් වන නුවන් කිරිතිරත්න, සුරංග සම්පත් , ඉන්දික ජයරත්න , නුවන් සදරුවන් ජයවීර ,පාසල් සිසුවියන් වන සමාජි විජේසිංහ, එස්.එම්.සමාධි සසනිකා ජයරත්න යන අයගේ සහභාගීත්වයෙන් සිදු කැරිණි.

    දොඹකරයක අධාරයෙන් ආරක්ෂක බැද පටි සහ දැල් ආවරණ සහිත යකඩ කුඩයක බැස බැම්මේ පහත්කර මේධා සමාධි සහ සමාධි සසනිකා ජයරත්න නිර්භිතව එම බඹර කැපීම සිදු කළේය.

    මේධා සමාධි උසස් පෙළ හදාරා මේ වන විට උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමාව හදාරමින් සිටියි. සමාධි සසනිකා ජයරත්න ගැටඹේ මහානාම විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීම සිදු කරයි.

    image_494dd32f73.jpg


    image_716eb05a5a.jpg

    image_e8b2aff92d.jpg

    image_58bb15ab55.jpg
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කාලෙකට කලින් මෙහෙම news එකක් ඇහුවා මතකයි. ආයෙත් සැරයක් ඒකම සිදුවෙලාද, නැත්නම් මේ පරණ news එකද?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බාබරා බඹරා වගේ වදේ අල්ලාගෙන ඉන්නවා වදේ...
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    කාලෙකට කලින් මෙහෙම news එකක් ඇහුවා මතකයි. ආයෙත් සැරයක් ඒකම සිදුවෙලාද, නැත්නම් මේ පරණ news එකද?

    dejawu :rolleyes::rolleyes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    කාලෙකට කලින් මෙහෙම news එකක් ඇහුවා මතකයි. ආයෙත් සැරයක් ඒකම සිදුවෙලාද, නැත්නම් මේ පරණ news එකද?
    :yes::yes:

    ගියපාර කඩනකොට රොඩ්නි වර්නකුලත් ඇවිත් හිටියේ, බාබර විසේ කියල පැණි බීවේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    In 1985 Queen Elizabeth the II nd did not visit sri lanka. I think it was Margret Thacher who opened it. (she is the one who had pledged the money to SL when she met Mr. Premadasa as the Minister in charge of Mahaweli for a very short time before it was taken from his portfolio and given to Minister Gamini Dissanayake who held the ministry of Public Administration initially under JR's first cabinet when JR was still a PM before introduction of 1978 constitution. Mr. Premadasa had asked for written confirmation from Maggie Thacher about the pledge to build main dam(at that time it was not named) and she had given the pledge on the back of her invitation to Dinner invitation! with her signature on it! Minister Premdasa (at that time) kept it safely and UK govt honoured its pledge and it was built by Balfa-beaty UK based company in 5 years.
    Queen visited SL in 1981 for 50 years of adult franchise(universal adult franchise)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාලෙකට කලින් මෙහෙම news එකක් ඇහුවා මතකයි. ආයෙත් සැරයක් ඒකම සිදුවෙලාද, නැත්නම් මේ පරණ news එකද?


    :yes:මටත් මතකයි මේකෙ ත්‍රෙඩ් එකක් ගියා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    image_494dd32f73.jpg


    මේ රතු එක ගහගන ඉන්න කෙනාට බඹරු ඇනල ද? පපුව ලොකු වෙලා...:P
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    බබර කැපීම විරක්‍රියාවක් වන රටක් හා බබර කැපීමට යන ඉජිනෙරුවෝ ඉන්න රටක් !!! අනේ මෙවා ලියන පොන්නයෝ :rofl::rofl::rofl::rofl:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සජීවී වේල්ල kiyanna mokadda ban?
    වේල්ල ජල පරිමාව හින්ද එන පිඩනයට අනුව හැඩය වෙනස් වෙන විදියට හදලා තියෙන්නේ. හැඩය වෙනස් වෙන්නේ මිලිමීටර/ සෙන්ටිමීටර ගණන් වලින්. ජල පරිමාව අනුව සුළු වෙනස්කමක් වෙන හින්ද තමා සජීවී කියල කියන්නේ.