විගනණය නොකල යුතු යැයි 20 වැනි සංශෝදනයට අදාල ආයතන සමූහය

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,114
    2,204
    113
    මින් ඉදිරියට මෙහි හොරකම්, ජාවාරම් පේන බලන්නන්ගෙන් පමනි

    1 සීලෝන් පොහොර සමාගම
    2 සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර
    3 ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්) සමාගම.
    4 මිහින් ලංකා (පුද්ගලික) සමාගම
    5 සීමාසහිත ශ්‍රී ලංකා ගුවන් සේවය
    6 ශ්‍රී ලංකා කේටරින් ලිමිටඩ්.
    7 ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී.
    8 සීමාසහිත ලංකා හොස්පිට්ල්ස් ඩිග්නොසිස් (පුද්ගලික)
    9 NSB අරමුදල් කළමනාකරණ සමාගම LTD
    10 BOC ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම
    11 BOC දේපල සංවර්ධන පීඑල්සී
    12 BOC දේපල සංවර්ධන කළමනාකරණය (පුද්ගලික) සමාගම
    13 හෝටල් කොළඹ 1963 ලිමිටඩ්
    14 සීමාසහිත සෙබෑන්ක් හොලිඩේ හෝම්ස් (පුද්ගලික)
    15 සීමාසහිත BOC කළමනාකරණ සහ උපකාරක සේවා (පුද්ගලික)
    16 මැචෙන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
    17 පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම
    18 පීපල්ස් ලීසිං පීඑල්සී
    19 කළමනාකරණ සේවා රක්ෂානා (පුද්ගලික) සමාගම
    20 කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) ලිමිටඩ්
    21 සීමාසහිත සිනෝලංකා හෝටලය සහ ස්පා පුද්ගලික සමාගම
    22 සීමාසහිත හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්ගලික)
    23 කැනොවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්) සමාගම
    24 සීමාසහිත ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව
    25 සීමාසහිත ක්‍රිකට් ආධාර (ගුරන්ටි)
    26 සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
    27 සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික)
    28 සීමාසහිත ශ්‍රී ලංකා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය.
    29 සීමාසහිත ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් (පුද්ගලික)
    30 සීමාසහිත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (පුද්ගලික)
    31 නෝර්ත්සි ලිමිටඩ්
    32 මන්තායි සෝල්ට් ලිමිටඩ්
    33 ලක්දිව ඉංජිනේරු සමාගම (පුද්ගලික) සමාගම
    34 සීමාසහිත ලංකා ලේලන්ඩ් (පුද්ගලික)
    35 රක්නා අරක්ෂක ලිමිටඩ්
    36 ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජීස් ලිමිටඩ්
    37 දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය
    38 සීමාසහිත සී-නොර් පදනම
    39 සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු සංවර්ධන සමාගම
    40 මිල්කෝ (පුද්ගලික) සමාගම
    41 මහවැලි පශු සම්පත් එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ්
    42 ශ්‍රී ලංකා ත්‍රිපොෂ ලිමිටඩ්
    43 ඕෂන් වීව් ඩිවලොප්මන්ට් කම්පනි (පුද්ගලික) සමාගම.
    44 වෝටර්ස් එජ් ලිමිටඩ්
    45 ලංකා රෙස්ට් හවුස් (පුද්ගලික) සමාගම
    46 සීමාසහිත නාගරික ආයෝජන හා සංවර්ධන සමාගම
    47 සීමාසහිත පැලියගොඩ ගබඩාව සංකීර්ණ සමාගම
    48 සීමාසහිත ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධන සමාගම.
    49 LRDC සර්විසස් (පුද්) සමාගම
    50 ස්වාභාවික සම්පත් කළමනාකරණ සේවා (පුද්ගලික) සමාගම
    51 මහවැලි ලයිව් ස්ටොක් ඇන්ඩ් ඇග්‍රෝ ලිමිටඩ් 61
    52 මහවැලි උපදේශක බෙරෝ ලිමිටඩ්
    53 මහවැලි වෙන්චර් කැපිටල් (පුද්) සමාගම
    54 සීමාසහිත GSMB ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික)
    55 සීමාසහිත ලංකා මැණික් විද්‍යාගාරය (පුද්ගලික)
    56 බී.සී.සී. ලංකා
    57 පරන්තන් රසායනික
    58 ලංකා පොස්පේට්
    59 ලංකා ඛනිජ වැලි
    60 ලංකා සෝල්ට් ලිමිටඩ්
    61 ශ්‍රී ලංකා මාධ්‍ය පුහුණු ආයතනය
    62 සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය
    63 හෝටල් සංවර්ධකයින් ලංකා පීඑල්සී
    64 සීමාසහිත ඇසෝසියේටඩ් නිව්ස් පේපර්ස්
    65 ලේක් හවුස් දේපල සංවර්ධන (පුද්ගලික) සමාගම
    66 Obsever Jobs (pvt) Ltd.
    67 ලේක් හවුස් කනෙක්ට් (පුද්) සමාගම
    68 ජාතික කඩදාසි සමාගම
    69 කුරුණෑගල වැවිලි සමාගම
    70 එල්කාඩෝ වැවිලි සමාගම.
    71 කළුබොවිටියානා තේ කර්මාන්ත ශාලාව.
    72 ගැලෝයා වැවිලි (පුද්ගලික) සමාගම
    73 චිලව් වැවිලි සමාගම
    74 සීමාසහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව
    75 සීමාසහිත ලංකා සීනි සමාගම
    76 හිගුරාන ෂුගර් ඉන්ඩස්ටීස් ලිමිටඩ්
    77 කන්තලේ ෂුගර් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්
    78 ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත
    79 ලිට්රෝ ගෑස් ලංකා සමාගම
    80 ලිට්රෝ ගෑස් ටර්මනල් ලංකා (පුද්ගලික) සමාගම
    81 ලංකා ගල් අඟුරු සමාගම
    82 දදුරුඔය මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගම
    83 කුම්බල්ගමුව මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගම
    84 සීමාසහිත ත්‍රිකුණාමලය පවර් කම්පනි ලිමිටඩ්
    85 ශ්‍රී ලංකා බලශක්ති මානව සම්පත් (පුද්ගලික) සමාගම
    86 ශ්‍රී ලංකා ශක්ති (පුද්ගලික) සමාගම
    87 සීමාසහිත කොලදේනිය හයිඩ්‍රෝ පවර් සමාගම (පුද්ගලික)
    88 ලංකා විදුලිබල සමාගම
    89 ඇන්ටී ලෙකෝ මිනුම් සමාගම (පීවීටී) ලිමිටඩ්
    90 සීමාසහිත LECO ව්‍යාපෘති 90 ක්
    91 වෙස්ට් කෝස්ට් පවර් (පුද්ගලික) සමාගම (සාමාන්‍ය)
    92 ජය බහාලුම් පර්යන්තය
    93 මාගම්පුර වරාය කළමනාකරණය (පුද්ගලික) සමාගම
    94 ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා (පුද්ගලික) සමාගම.
    95 ලංකා නැව්ගත කිරීම
    96 මගනැගුම මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගම (පුද්ගලික) සමාගම
    97 සීමාසහිත මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා (පුද්ගලික)
    98 ලංකා සිමෙන්ති 98 යි
    99 ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනය (පුද්ගලික) සමාගම
    100 කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම
    101 ලංකා සාලුසල ලිමිටඩ්
    102 සී.ඩබ්ලිව්.ඊ ආර්ථික විද්‍යා මධ්‍යස්ථාන සේවා (පුද්ගලික) සමාගම
    103 ලංකා සතොසෙ සමාගම
    104 ශ්‍රී ලංකා ප්‍රාන්ත වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව
    105 සීමාසහිත නැෂනල් වෙල්ත් කෝපරේෂන් 105
    106 සීමාසහිත ජාතික ධනය සුරැකුම්පත් පුද්ගලික සමාගම
    107 සී.ඩබ්ලිව්.ඊ ඉදිකිරීම් ඉංජිනේරු (පුද්ගලික) සමාගම
    108 ඇකඩමි ඔෆ් ෆිනෑන්ෂල් ස්ටඩීස් (ගුරන්ටි) ලිමිටඩ්.
    109 සීඑෆ්සී ආරම්භක (ඇපකර) සමාගම
    110 ශ්‍රී ලංකා යෞවන සේවා (පුද්ගලික) සමාගම.
    111 සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
    112 ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය
    113 සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල
    114 හෙලි ටුවර්ස් (පුද්) සමාගම
    115 මංගනගුම ඉමල්ෂන් නිෂ්පාදන සමාගම (පුද්ගලික) සමාගම
    116 අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම (පුද්ගලික) ලිමිටඩ්
    117 සීමාසහිත නැව් සහ ගුවන් තොරතුරු සහ රීච් (පුද්ගලික) සමාගම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    කවුද මේකේ එකෙක් කිව්වේ ඕවා අනිවා විගණනය කරන්න ඕන නිසා ප්‍රයිවට් ඔඩිට් ෆර්ම් වලට දීල කරන කතාවක්. එහෙම එකක් කියලා තියනවද බන් ???
     
    • Haha
    Reactions: Ace Viper

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ෂුවර් එකටම ඕක අනුර කුමාරයාගේ වැඩක්, ස" අපහසුතාවයට පත් කරන්න කරලා ඇත්තෙ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සර් ඉන්නකම් එකෙක්ටවත් හොරකම් කරන්න දෙන්නේ නැහැ.. සර් අපිට විශ්වාසයි..
    ඒ නිසා ඔය පරගැති විගණන ජුන්ටාව ඕනෙම නැහැ..
    සර්ලට සල්ලි මදි උනොත් කියන්න, කලින් දුන්නා වගේ පඩියෙන් භාගයක් දෙන්නම්..
    ඒත් මදි නම් ඉඩමෙන් භාගයක් හරි ලියලා දෙන්නම්..
    ඒකත් චීනෙට හරි ඉන්දියාවට හරි විකුනලා අපේ රට දියුණු කරලා සිංගප්පූරුවක් කරන්න මැතිඳුනි..
    ශ්‍රී ලාකීය පූටින්.. රට බාරයි ඔබට පුතේ..
     
    • Haha
    Reactions: The Hacker

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    20 වන ව්‍යවස්ථා සංශෝධන මඟින් රජයට අයිති සමාගම් විගණනය කිරීම නවතා ඇතැයි යන ප්‍රකාශය සම්පුර්ණ වැරදි අර්ථකථනයක් සහ මහජනතාව නොමඟ යැවීමේ අවස්ථාවකි.
    .
    19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කොටස් වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් රජය සතු සමාගම් විගණනය කිරීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තුළට ගෙන ආවත්, 20 මඟින් එම ප්‍රතිපාදනය අහෝසි කිරීමට උත්සාහ කරනවා කියන චෝදනාව ගැන හොයල බලමු. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට 154 (1) වගන්තිය යටතේ විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන් ආයතන අතරට “රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සියයට පනහක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක් දරණ රජයට පවරා ඇති ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාර” ඇතුළත් කරල තියනව. 19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ.
    .
    රජය විසින් කොටස් වලින් 50% කට වඩා හිමිකාරීත්වය දරන සමාගම් උදාහරණයක් විදියට ගත්තොත් ලේක් හවුස් සහ ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් වැනි ව්‍යාපාරික ආයතන, 19 වැනි සංශෝධන ගේන්න පෙර පවා විගණකාධිපතිවරයා එවැනි සමාගම්වල ගිණුම් විගණනය කළා. ඒ කියන්නෙ 19 මඟින් ඒ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කරන්න ඕනෙ ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීමෙන් ලොකු වෙනසක් වෙලා නෑ.
    .
    ඊට අමතරව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව, රජය සතු කොටස් 50% ට වඩා වැඩි ව්‍යාපාරයක් සඳහා විගණකාධිපතිවරයාගේ සේවය භාවිතා කිරීම අනිවාර්ය නෑ. 154(2) වගන්තියේ තියන විදියට විගණනය සඳහා වෙනත් විගණකවරයෙක් හෝ විගණකවරයන් යොදාගන්න පුළුවන්, අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත. ඒකට මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා ගැනීම සහ විගණකාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. බොහෝ දුරට රජය සතු සමාගමක ගිණුම් විගණනය කිරීම සඳහා විගණන සමාගමක් පත් කිරීමෙන් පසුව, විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට ලිඛිතව විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔවුන්ගේ රාජකාරි ඉටු කළ හැකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව මේ සම්බන්ධයෙන් කිසිවක් වෙනසක් වෙලා නෑ. ඒ නිසා 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයට අයිති සමාගම් විගණනය කරන්නෙ නෑ කියල කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක්.


    119959277_2768961593360038_669980030246577193_o.jpg
     
    • Like
    Reactions: jayanathek