ඇත්තටම අපේ රටට නිදහස් උත්සව දෙකයි, ඒකේ වැරැද්දක් කොහෙත්ම නැහැ, අපි ඇත්තටම දැන් සෑහෙන දුරට නිදහස් මිනිස්සු, බොම්බයක් පුපුරපු කාලයක් මතක නැහැ. දැනට අවුරුදු 2කට කලින් කොච්චරනම් ජීවිත්, දේපල විනාශ උනාද, දැන් අපිට ඒ කිසි දේය අහන්න දකින්න ලැබෙන්නේ නැහැ නේද, ඇත්තටම අපි දැන් කොච්චර වාසනාවන්තද, අපේ අනාගත පරපුරට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් දැන්, රට ලොකෙට ණයයි තමයි, මම ඒක පිලිගන්නවා, එත් රටක් දියුනු කරන්න ණය ගන්න වෙනවා, මොකද අපි දසක ගනනාවක් යුද්ධයෙන් බැටකාපු මිනිස්සු නිසා.
ඒකට රටටවත්, ජනාධිපති ඉන්න කෙනාටවත් බැනලා වැඩක් නැහැ. දවසට කොටි ප්රකොටි ගනන් වියදම් වෙච්ච යුද්ධය දැන් ඉවරවෙලා තියෙද්දී, අවුරුද්දකට උත්සවයක් වෙනුවෙන් කොටියක් වියදම් කලා කියලා මම හිතන්නෙ නැහැ රටේ ආර්ථිකයට ලොකු පාඩුවක් සිද්ධවෙවි කියලා, මේ මට හිතෙන විදිය, මම කිසිම දේශපාලකයෙකුගේ පැත්තේ නැහැ, එත් මම රට වෙනුවෙන් වැඩක් කරන ඕනෑම කෙනෙකුට මගේ ජන්දය පාවිච්චි කරනවා. මට ඒකෙන් වාසියක් නැති උනත් රටට සෙතක් වෙනවනම් ඒක මම කරනාවා, කගේ අතෙත් වැරදි තියෙනවා, කිසිම කෙනෙකුට ඉවරකරන්න බැරිව තිබුනු යුද්ධය දැන් ඉවරටම ඉවරයි.
ඔය හැම කෙනාම වැරදි කරනවා, මම ඔතනට ආවත් මම කරන්නෙත් ඔය ටිකම තමයි, ඒක නිසා යුද්ධය ඉවරවෙලා අවුරුදු 2ක් ගතවෙලා තියෙද්දී, ඒ යුද්ධය මොනම ආකාරයකට හරි ඉවරකරන්න ගොඩක් මහන්සි ගත්ත අපේ ජනරාල්තුමාවත් මම හිතනවා නිදහස් කලයුතුයි කියලා. මම දන්නේ නැහැ ජනරාල් වැරදි කලාද නැද්ද කියලා, එත් ඒ කෙනා ඒ වැරැද්ද කලේ රටේ සමස්ත ජනතාවගේම යහපත් උදෙසා වෙන්න ඇති. සීයක් මරලා දාහක් බේරගන්න එක, සීයක් බේරගන්න ගිහින් දාහක් බිලිදෙන එක අතර ලොකු වෙනසක් තියෙනවා මම හිතන්නේ. සුදු කොඩිවන වන වන කොටිත් අවා, හමුදාව ලගට ඇවිත් මරගෙන මැරුනා, එතකොට කී දෙනුකුට සුදු කොඩි පෙනුනද.
අහිංසක මිනිස්සු වගේ වෙස් වලාගෙන් කොටි අහිංසක මිනිස්සු එක්ක යුධමුක්ත කලාපයට ආවා, මිනිස්සු සීයක කණ්ඩායමක් එක්ක කොටි දෙන්නෙක් ඇවිත් ඒ සිය දෙනාවයි අපේ හමුදාවේ විසිපහක් තිහක් අතර කට්ටියකුයි, අහලපහල් ඉන්න තවත් පිරිසක් එක්ක, ඔක්කොම එකසිය පනහක් විතර විනාශකරනවා නේද. ඒ වගේ කී පාරක් කලාද, එකපාරක්ද, දෙපාරක්ද, නැහැ සියදහස් වතාවක් ඒ දේ උන් කලා. මිනිස්සු මරන එක පව් තමයි එත් මිනිස්සු බිලිදෙන එක ඊටත් වඩාපව් මම හිතන්නේ,
මම කිසිම දේශපාලකයෙකුගේ අතකොලුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.