විජය කුමාරණතුංග ඝාතනය කළේ ඇයි ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    gossiplanka
    “මම සයිකලයේ සිටියදීම තුවක්‌කුව ගෙන විජයට දෙවරක්‌ වෙඩි තැබුවා. ඔහු සිටියේ අපට පිටුපා ගෙනයි. වෙඩි කෑ විජය බිම වැ‍ටුණා. ඔහු අත වූ ලිපිගොනුවක්‌ විසිරෙනු මම දැක්කා. ඊටපස්සෙ මම සයිකලයෙන් බැහැලා විජය වැටී සිටි තැනටගිහින්‌ ඔහුගේ හිසට කිහිප වාරයක්‌ වෙඩි තිබ්බා”

    එක් දහස් නවසිය අසූ අටේ පෙබරවාරි 16 වැනිදා කොළඹ පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංග වෙඩිතබා ඝාතනය කළ ලයනල් රණසිංහ සහ ටාසන් වීරසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කට උත්තරය ඒ විදියට ලියවුණා.

    විජය ඝාතනයට සති කිහිපයකට පෙර, ඒ පිළිබඳ සැළසුම් සාකච්ඡා කිරීමට පිළියන්දල ලැගුම්හලක පැවැති රහසිගත සාකච්ඡාවක් පැවත්වුණා. එහිදී විජය මරාදැමිය යුත්තේ මන්දැයි මෙම ඝාතකයා ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිසාව භාර සන්නද්ධ අංශ නායකයාගෙන් විමසා තිබෙනවා.

    tarsan_weerasinghe_aka_lionel_ranasinghe.jpg

    විජය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්ද

    ''“හේතු කිහිපයක්‌ තියෙනවා……ඉන්දු ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්‌ක ජේ. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්‌. ඊළඟට පළාත් සභා ක්‍රමයටත් විජය පක්‍ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක්‌ නිසා තරුණ පරම්පරාව ඒ රැස්‌වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යෑමයි. මේ ඔක්‌කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චි වෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත් වෙලා තිබෙන වමේ පක්‍ෂ විජයගේ මහජන පක්‍ෂයත් එක්‌ක සන්ධානගත වෙලා ඉන්නවා. ජනතා විමුක්‌ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි……අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ………ඒ නිසා විජය මරන්නම ඕනෑ….”

    සන්නද්ධ අංශ නායකයා උත්තර දුන්නේ එහෙම. විජය ඝාතනය කෙරුණේ ඉන්පසුවයි.

    chandrika_b_uma_maheswaran_ossie_abeygoonasekara_vijaya_kumaranatunge_1985.jpg

    බණ්ඩාරනායක, ප්ලොට් නායක උමා මහේස්වරන්, ඔසී අබේගුණසේකර සමග විජය කුමාරණතුංග මදුරාසියේ දී – 1985

    ossie_chandrika_vijaya_pathmanabha_kethees_1986.jpg

    අබේගුණසේකර, චන්ද්‍රිකා බණ්ඩාරනායක, විජය කුමාරණතුංග, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක කන්දසාමි පත්මනාභා හා එම සංවිධානයේ මධ්‍යම කාරක සභික කේතීස්වරන් ලෝගනාදන් මදුරාසියේ සූලෙයිමඩුහි දී – 1986

    පළාත් සභා සඳහා විරුද්ධව විජය ඝාතනය කෙරුණත් අද පළාත් සභා යහමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන තරුණ දේශපාලකයින් ද එම පළාත් සභාවන් සඳහා මහජන ඡන්දයෙන් පත් වූ උද්‍යෝගීමත් ජනතා නියෝජිතයන් ලෙස ක්‍රියා කරනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඊළඟට පළාත් සභා ක්‍රමයටත් විජය පක්‍ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා.
    එදා එහෙම කියලා රටක් ආදරය කරපු විජෙකුමාරතුන්ග මරපු JVP එක අද පළාත් සභා ක්‍රමයට වඩා ඉස්සහරට ගිය 13 වැනි ව්‍යස්ථා සංශෝධනයට පක්ෂයි කියනවා 🤣🤣🤣

    දැන් තේරෙනවා නේද එදා JVP එක ගත්තේ හදිසි වැරදි තීරණයක් කියලා 🤮🤮🤮
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පළාත් සභා ක්‍රමයටත් විජය පක්‍ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක්‌ නිසා තරුණ පරම්පරාව ඒ රැස්‌වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යෑමයි. මේ ඔක්‌කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චි වෙන අලුත් ඡන්ද.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ජෙප්පෝ බලය බෙදන්න විරුද්ධයි. බලය බෙදන්න විජය එකඟයි
    විජය charismatic popular dial එකක් බලය බෙදන එකට වැඩ කලාම impact එක සෑහෙන්න වැඩියි

    බලය බෙදන එකට විරුද්ධව කලත් මනුස්සයෙක් මරන එක අනුමත කරන්න බෑ :no:
     
    • Like
    Reactions: siri_ayya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    විජය මැරුවෙ චන්ද්‍රිකා ගේ උවමනාව නෙවෙයි ද?
    එහෙම එකකුත් තිබ්බ
    මොකද මුලින් විජය සෙට් වෙලා හිටියේ මාලනී එක්ක
    මේකට චන්ද්‍රිකා ගැටේ ගහ ගහ හිටියේ
    හැබැයි මරන්න තරම් වැඩක් වෙලා තිබ්බේ නැහැ

    ජෙප්පෝ ඒ දවස්වල වටේ යවන්න හදපු කථාවක්

    ජෙප්පෝ විජය, ප්‍රේමකීර් ති ද අල්විස් වගේ පට්ට ජනප්‍රිය එවුන් මාරුව උන්ගේ පාට වැඩියෙන් පේන්න
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විජයට වෙඩි තියපු weapon එක ගාමිනි ලොකුගේ ගෙ security හිටිය එකෙකට issue කරපු එකක් උනේ කොහොමද එතකොට?
     
    • Like
    Reactions: siri_ayya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විජයට වෙඩි තියපු weapon එක ගාමිනි ලොකුගේ ගෙ security හිටිය එකෙකට issue කරපු එකක් උනේ කොහොමද එතකොට?

    මෙහෙමනේ මචෝ උබ දැක්කනේ ඉයේ පෙරේදා බැංකුව කොල්ලකාපු රතුසහෝදරයො ලඟ තිබ්බ තුවක්කුව..... හලීම් ගෙන් උස්සපු එකක්.....​

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මෙහෙමනේ මචෝ උබ දැක්කනේ ඉයේ පෙරේදා බැංකුව කොල්ලකාපු රතුසහෝදරයො ලඟ තිබ්බ තුවක්කුව..... හලීම් ගෙන් උස්සපු එකක්.....​

    බංකුව කොල්ල කාපු එවුන් ජෙප්පො කියලා උන්ම කියලද? 😁😁
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    එදා එහෙම කියලා රටක් ආදරය කරපු විජෙකුමාරතුන්ග මරපු JVP එක අද පළාත් සභා ක්‍රමයට වඩා ඉස්සහරට ගිය 13 වැනි ව්‍යස්ථා සංශෝධනයට පක්ෂයි කියනවා 🤣🤣🤣

    දැන් තේරෙනවා නේද එදා JVP එක ගත්තේ හදිසි වැරදි තීරණයක් කියලා 🤮🤮🤮

    වැරදි තීරණ කවුරු උනත් ගන්නව නෙ,
    දැං ගෝට ව ගෙනාපු එකත් ඒ වගේ තමා, වැරදි තීරනයක්
    එහෙමයි කියල නාමල්ට අවස්තාවක් නොදී ඉන්න ඕන නෑ නෙ
    ඒ වගේ තමා කලින් වැරදි තීරන ගත්තට ජෙප්පොන්ටත් අවස්තාවක් දෙන්න ඕනෙ
     
    • Like
    Reactions: siri_ayya

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    කුමාරතුංග ඝාතනය:

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පී.රාමනාදන්, එස්.එන්.සිල්වා (වත්මන් නීතිපති) සහ මහාධිකරණ විනිසුරු ඩී.ජයවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ජනාධිපති කොමිසමක් 1988 පෙබරවාරි 16 වැනි දින නැගී එන දේශපාලන තරුවක් වූ විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ සාක්ෂි විභාගයට ගැනිණි . දිවංගත ජනාධිපති (එවකට අගමැති) ප්‍රේමදාසට සහ ඔහුගේ (නියෝජ්‍ය) ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නට එරෙහිව මෙම ඝාතනයට වක්‍රව සම්බන්ධ වීම සහ විමර්ශනය යටපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම බැල්මට නඩුවක්. ප්‍රේමදාසට ආරෝපණය කරන ලද චේතනාව දේශපාලනික ය - ප්‍රේමදාස හා සමාන ජනතාවාදී පදනමට ආයාචනා කළ වීකේ 1988 අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ප්‍රබල ප්‍රතිවාදියා විය.

    කොමිෂන් සභාව විසින් නිගමනය කිරීමට දක්වා ඇති හේතු කිහිපයක් පහත දැක්වේ.

    පොලිසියේ සීඅයිඩී සහ සීඩීබී විමර්ශනයේදී සමීපව කටයුතු කළ අතර ඝාතකයන් පිළිබඳ විස්තරයක් සාක්ෂිකරුවන්ගෙන් ලබා ගත්හ. 1989 මාර්තු 14 වැනි දින (ප්‍රේමදාස ජනාධිපති වී මාස 3 කට පසු) CDB විසින් ප්‍රධාන ඝාතකයා ලෙස සැලකෙන ලයනල් රණසිංහ අත්අඩංගුවට ගත් අතර, ඔහු එම ක්‍රියාව පාපොච්චාරණය කළේය. ඉන් අනතුරුව ඔහු කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අධි ආරක්‍ෂිත සිරමැදිරියකදී අමාත්‍ය විජේරත්න සහ පොලිස්පති අර්නස්ට් පෙරේරා විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන ලදී. ඉන් ටික කලකට පසු රණසිංහ මහතා පොලිස්පතිවරයා විසින් විශ්වාසවන්තව ක්‍රියාත්මක කළ අමාත්‍යවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාරු කරන ලදී. ෆ්‍රෑන්ක් ද සිල්වා, එවකට නියෝජ්‍ය පොලිස්පති/සීඅයිඩීය වශයෙන්, තමාගෙන් උපදෙස් ලබා ගත් බව හෝ ස්ථාන මාරුව ගැන කිසිවක් දැන සිටියේ නැතැයි ප්‍රතික්ෂේප කරයි.

    1988 දෙසැම්බරයේ ප්‍රේමදාස ජනාධිපති වී පැයක දැනුම්දීමක් සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බෙනට් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර යවා තිබුණි. නාඳුනන පුද්ගලයා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යාමට පෙර ඔහුගේ යටත් නිලධාරියෙකුට ඝාතන සිද්ධියට රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය වී ඇති අතර නඩුවෙන් වැළකී සිටින ලෙස ඔහුට උපදෙස් දුන්නේය. එවකට ආරක්ෂක ලේකම් ජෙනරාල් ආටිගලට සහ පොලිස්පතිට ඇමති නියෝගයක් නිකුත් කිරීම හැර, පිළිගත් නිලධාරියා මාරු කිරීමට කිසිදු හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. පත්කළ නව අධ්‍යක්ෂ චන්ද්‍රා ජයවර්ධන, දැනට අත්අඩංගුවේ සිටින සැකකාර ප්‍රධාන ඝාතකයා රණසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින්, වාර්තාව සඳහා ඔහු ජවිපෙ ඝාතකයෙකු ලෙස හුවා දක්වමින්,

    1989 අප්‍රේල් 8 වැනි දින නිල සංචාරයක් සඳහා විදේශගත වූ දිනයේදී නියෝජ්‍ය පොලිස්පති/සීඅයිඩී ෆ්‍රෑන්ක් ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කරනු ලැබූ අතර ඒ වෙනුවට වසර 3 ක සේවා දිගුවක් ලබා දුන් අතින් තෝරාගත් නිලධාරියකු වූ අමරසේන රාජපක්ෂ මහතා පත් කළේය. “අමාත්‍ය නියෝගයක් සම්මත කිරීම” ස්ථාන මාරුවට හේතුව ලෙස නැවතත් ඉදිරිපත් කරන ලදී. විජේරත්න අමාත්‍යවරයාගේ නියෝගයෙන් CDB එකෙන් විමර්ශනය CIDයට මාරු කර තිබූ CIDය මේ අනුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත. 1989 සැප්තැම්බරයේදී, ඔහු අත්අඩංගුවට ගෙන මාස හයකට පසු, රණසිංහ නම් සැකකරු පොලිස් ගිණුම සම්පූර්ණයෙන්ම තහවුරු නොකළ තත්වයන් තුළ අතුරුදහන් විය.

    ප්‍රධාන සහචරයා වූ ටාසන් වීරසිංහටද අත්වූයේ එවැනිම ඉරණමකි . 1990 දෙසැම්බර් සිට 1991 මුල් මාස දක්වා ඔහු සීඅයිඩී සිරමැදිරියක සිටීම අධ්‍යක්ෂ ජයවර්ධන විසින් වාර්තා නොකළ අතර එය ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඔහුගේ සහෝදරිය සහ ඔහුම රැඳවියෙකු වන සුසන්ත ඩයස් දහනායක ඇතුළු සෙසු රැඳවියන් සිව්දෙනා විසින් එය සනාථ කරයි. මෙම ඝාතනයට අමාත්‍ය විජේරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ සම්බන්ධ බවත්, ඝාතන අවිය එම පුද්ගලයාට අයත් එකක් බවත් වීරසිංහ මන්ත්‍රීවරයාට පවසා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කෙඳිරිගාන හඬ ඇසීමෙන් පසු වීරසිංහ අතුරුදන් විය. අවස්ථාව ලැබුණත් සාක්ෂිකරු දහනායකගෙන් හරස් ප්‍රශ්න ඇසීම දෙවැන්නා සහ ලොකුගේ ප්‍රතික්ෂේප කළහ.

    නියෝජ්‍ය අමාත්‍ය ලොකුගේ ඝාතනය සඳහා ඔහුගේ ආයුධය භාවිත කර ඇති බව කොමිසම සොයා ගත් අතර, පවතින සාක්ෂි ඔහුට සම්බන්ධ කිරීමට ප්‍රමාණවත් නොවීය.
    ( https://uthr.org/Rajan/StateTerror.htm )

    ආණ්ඩුවට කඩේ යන පත්තර වලින් විස්තර හොයන්නද එපා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    වැරදි තීරණ කවුරු උනත් ගන්නව නෙ,
    දැං ගෝට ව ගෙනාපු එකත් ඒ වගේ තමා, වැරදි තීරනයක්
    එහෙමයි කියල නාමල්ට අවස්තාවක් නොදී ඉන්න ඕන නෑ නෙ
    ඒ වගේ තමා කලින් වැරදි තීරන ගත්තට ජෙප්පොන්ටත් අවස්තාවක් දෙන්න ඕනෙ
    මේ ලෝජීක් එකේ හැටියට එහෙනම් හිට්ලර් ට ත් අවස්ථාවක් දෙන්න පුළුවන්

    ආ අමතක උනා ප්‍රභාකරන් ට අවස්ථාවක් දෙන්න ඕනේ
    පොල්පොට් එයටත් දීලා බලමු 🤣🤣

    මෙහෙම ගොන් වාහෙලා ඉන්න රටක් දියුණු වෙයි ද යකෝ කල්පයක් ගිහින් වත් 🤩🤩🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    gossiplanka
    “මම සයිකලයේ සිටියදීම තුවක්‌කුව ගෙන විජයට දෙවරක්‌ වෙඩි තැබුවා. ඔහු සිටියේ අපට පිටුපා ගෙනයි. වෙඩි කෑ විජය බිම වැ‍ටුණා. ඔහු අත වූ ලිපිගොනුවක්‌ විසිරෙනු මම දැක්කා. ඊටපස්සෙ මම සයිකලයෙන් බැහැලා විජය වැටී සිටි තැනටගිහින්‌ ඔහුගේ හිසට කිහිප වාරයක්‌ වෙඩි තිබ්බා”

    එක් දහස් නවසිය අසූ අටේ පෙබරවාරි 16 වැනිදා කොළඹ පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංග වෙඩිතබා ඝාතනය කළ ලයනල් රණසිංහ සහ ටාසන් වීරසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කට උත්තරය ඒ විදියට ලියවුණා.

    විජය ඝාතනයට සති කිහිපයකට පෙර, ඒ පිළිබඳ සැළසුම් සාකච්ඡා කිරීමට පිළියන්දල ලැගුම්හලක පැවැති රහසිගත සාකච්ඡාවක් පැවත්වුණා. එහිදී විජය මරාදැමිය යුත්තේ මන්දැයි මෙම ඝාතකයා ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිසාව භාර සන්නද්ධ අංශ නායකයාගෙන් විමසා තිබෙනවා.

    tarsan_weerasinghe_aka_lionel_ranasinghe.jpg

    විජය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්ද

    ''“හේතු කිහිපයක්‌ තියෙනවා……ඉන්දු ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්‌ක ජේ. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්‌. ඊළඟට පළාත් සභා ක්‍රමයටත් විජය පක්‍ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක්‌ නිසා තරුණ පරම්පරාව ඒ රැස්‌වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යෑමයි. මේ ඔක්‌කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චි වෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත් වෙලා තිබෙන වමේ පක්‍ෂ විජයගේ මහජන පක්‍ෂයත් එක්‌ක සන්ධානගත වෙලා ඉන්නවා. ජනතා විමුක්‌ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි……අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ………ඒ නිසා විජය මරන්නම ඕනෑ….”

    සන්නද්ධ අංශ නායකයා උත්තර දුන්නේ එහෙම. විජය ඝාතනය කෙරුණේ ඉන්පසුවයි.

    chandrika_b_uma_maheswaran_ossie_abeygoonasekara_vijaya_kumaranatunge_1985.jpg

    බණ්ඩාරනායක, ප්ලොට් නායක උමා මහේස්වරන්, ඔසී අබේගුණසේකර සමග විජය කුමාරණතුංග මදුරාසියේ දී – 1985

    ossie_chandrika_vijaya_pathmanabha_kethees_1986.jpg

    අබේගුණසේකර, චන්ද්‍රිකා බණ්ඩාරනායක, විජය කුමාරණතුංග, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක කන්දසාමි පත්මනාභා හා එම සංවිධානයේ මධ්‍යම කාරක සභික කේතීස්වරන් ලෝගනාදන් මදුරාසියේ සූලෙයිමඩුහි දී – 1986

    පළාත් සභා සඳහා විරුද්ධව විජය ඝාතනය කෙරුණත් අද පළාත් සභා යහමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන තරුණ දේශපාලකයින් ද එම පළාත් සභාවන් සඳහා මහජන ඡන්දයෙන් පත් වූ උද්‍යෝගීමත් ජනතා නියෝජිතයන් ලෙස ක්‍රියා කරනවා.
    විජය කුමාරණතුංග ඝාතනය කළේ ඇයි ? පොනිල්ගේ ලොලු ඇසින් :lol:
     
    • Haha
    Reactions: Cypress