විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අපේ රටේ අදටත් දුක් විඳින ජනතාව ඉන්නවනම්, නිර්ධන පංතියක් මහ පරිමානයෙන් සුරා කෑමට හා අසාධාරණයට ලක්වෙමින් ඉන්නවානම්, ඔවුන්ට හිමි අයිතිවාසිකම් හරි හැටි නොලැබ සොච්චමකට ලේ කඳූළු දහඩිය වගුරනවානම් එදා විජේවීර සහෝදරයා ස්ථාපිත කරන්න මහත් පරිශ්‍රමයක් දැරූ මාක්ස්වාදී අරගලයේ න්‍යායයන් කොයි රටෙන් අපේ රටට ගෙනාවත් ඒකෙ අගතියක් මං දකින්නේ නැහැ..ඒක අදටත් වලංගුයි..

    ප්‍රශ්ණය තියෙන්නේ අද දේශපාලන ව්‍යුහය තුල නාමිකව පමණක් විජේවීර සහෝදරයාගේ පක්ෂය විකුණන් කන ඔය බලයම ඉල්ලා කෑ ගසන සමාජවාදීන් එය නිසි අයුරින් භාවිතාවේ යොදවනවාද කියන එකයි......අන්න එතැනයි පිරිහීම, පසුතැවිල්ල හා බිඳවැටීම තියෙන්නේ...

    මාක්ස්වාදය කියන්නේ විශ්වයටම බලපානා මුලධර්මයක් හා මතවාදයක්... නිශ්පාදනය, ආර්ථිකය හා එය සමසේ ජනතාව අතර බෙදී යාම ඒ එක්කම පවතින සමාජ දේශපාලන අර්බුද හා අසාධාරණයන් වලක්වා ගැනිමට ලොවට දායාද කල පුලුල් සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියා දාමයක්. එය එක තැනක පල්වෙන දෙයක් නෙවෙයි රටින් රටට යුගයෙන් යුගයට සංශෝධනය වෙමින් පවතින්නක්...

    වැදගත් වෙන්නේ කොයි රටෙන් එය ගෙනාවද කියන කරුණ නෙවෙයි එහි ආකෘතිය අපේ රටට ගැලපෙන විදිහට සකසා ගෙන පරිහරණය කිරීම තුලයි..

    ධනවාදී පාලක පංතිය විසින් විජේවීර චරිතය මිනීමරුවෙක් ගානට හරි සීරු මාරුවට සැලසුම් සහගතව විකෘති කොට ඉතිහාසය අළුතින් ලියා තැබූ නිසා තමයි ඊයේ ඉපදුන තරුණ පරපුර අඳුරේ අත ගාමින් නොදන්නා විජේවීර ගැන අපැහැදීමකින් කතා කරන්නේ.....ඔවුන්ට ඒකට වැරදි කියන්න බෑ.. එම අසත්‍යයේ පිහිටෙන් තමයි රටක ධනවාදී පාලන තන්ත්‍රයක් චිරාත් කාලයක් නොවැටී නොබිඳී රැකෙන්නේ..

    මං ඔහුගේ අරමුණූ හා ජීවිත තොරතුරුවල ගොඩාක් සත්‍යය විස්තර පසු පිටු ගනනාවක ලියලා ඇති..හෙමින් කියවලා බලන්නකෝ...


    මම නම් හිතන්නේ නෑ අය්යේ ආදායම සමානව බෙදියාම කියන දේ බලෙන් කල යුතු දෙයක් කියල.... මිනිස්සුන්ට ලෑබෙන්න ඔනි තම තමන් වෑඩකරන විදිහට........එක මිනිහෙක් මහන්සි වෙලා වෑඩ කරනව තව කෙනෙක් මහන්සි නොවි සමාන අයිතිවාසිකම් බුක්ති විදින එක සාදාරන නෑ නේ,,,,, සමාන ආදායම බෙදියාමක් අවශ්යනම් සමානව වෑඩ කල යුතුයි....නෑත්තම් වෙන්නෙ වෑඩ කරන මිනිහත් අදර්යට පත් වෙන එකයි....... හෑබෑයි මේ හෑම දෙයක්ම සිද්ද වෙන්න ඔනි සාදාරන යුක්තිසහගත සමාජයකයි.... මේ සමාජය හදන්නම් විජේවීර උත්සහ කරේ එයා මට වීරයෙක්....
     
    • Like
    Reactions: smallvilleclerk50

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම නම් හිතන්නේ නෑ අය්යේ ආදායම සමානව බෙදියාම කියන දේ බලෙන් කල යුතු දෙයක් කියල.... මිනිස්සුන්ට ලෑබෙන්න ඔනි තම තමන් වෑඩකරන විදිහට........එක මිනිහෙක් මහන්සි වෙලා වෑඩ කරනව තව කෙනෙක් මහන්සි නොවි සමාන අයිතිවාසිකම් බුක්ති විදින එක සාදාරන නෑ නේ,,,,, සමාන ආදායම බෙදියාමක් අවශ්යනම් සමානව වෑඩ කල යුතුයි....නෑත්තම් වෙන්නෙ වෑඩ කරන මිනිහත් අදර්යට පත් වෙන එකයි....... හෑබෑයි මේ හෑම දෙයක්ම සිද්ද වෙන්න ඔනි සාදාරන යුක්තිසහගත සමාජයකයි.... මේ සමාජය හදන්නම් විජේවීර උත්සහ කරේ එයා මට වීරයෙක්....

    මෙහෙමයි මල්ලියා සමාජවාදී මුලධර්මවල කොහෙවත් කියල නෑ ආදායම සමානව කා අතරත් බෙදා දිය යුතුයි කියලා..රටක නිෂ්පාදන ඒකාධිකාරය අහෝසි කොට නිෂ්පාදනය බහුතරයක් ජනතාව අතට පත්කිරීම තුලින් ලැබෙනා හා නෙලාගන්නා අස්වැන්න එහෙමත් නැත්නම් අවසන් ප්‍රතිඵලය ඔවුන් අතර සමසේ බෙදා දීමක් ගැනයි එහි විග්‍රහ වෙන්නේ..

    තව කරූණක් සමාජවාදී පාලන ව්‍යුහයක් තුල වැඩ නොකරන ජනතාවක් ඉන්න බැහැ..හැමෝම තමන්ගේ කොටස වෙනුවෙන් තම ශ්‍රම දායකත්වය පිදිය යුතුමයි....

    කෙනෙක් මැරිලා වැඩ කරලා නිකන් ඉන්න අයට ඒ දහඩිය මහන්සිය සූරාකාලා රජ සැප විඳින එකට විරුද්ධව තමයි සමාජවාදී න්‍යායයන් මුලිකවම සැකසිලා තියෙන්නේ..

    ආදයම් තත්වය සලකා බලන්නේ මෙහෙමයි..අද බලන්න අපේ රටේ දහඩිය කඳුලූ වගුරන සාමාන්‍ය කම්කරුවෙකුගේ එහෙමත් නැත්නම් ශ්‍රමිකයෙකුගේ වැටුපත් පෞද්ගලික ආයතනයක නිලධාරියෙකුගේ වැටුපත් අතර තියෙන වෙනස..අහසට පොලොව වගේ...

    ඔන්න ඔතනයි තුලනයකට හසු විය යුත්තේ..කම්කරුවට ලැබෙන සොච්චම් වැටුපෙන් තමන්ගේ දරු පවුල නඩත්තු කරගන්න බැරිව දඟලද්දී අනිත් තැනැත්තාට පවුලත් නඩත්තු කරලා විනෝද ගමනුත් යන්න පුලුවන්කම ඇතිවෙලා තියෙනවා.

    එතනදී කල යුත්තේ නිලධාරියාගේ වැටුප අඩු කිරීම් නෙවෙයි කම්කරුවාගේ ශ්‍රමයට සරිලන වැටුපක් ලබාදී ජීවන වියදම හා සාපේක්ෂව ඊට සරිලන වටිනාකමකින් ඔහුගේ වැටුප ඉහලට එසවීමයි..

    ඒකෙන් කියන්නේ නැහැ තව කෙනෙක්ගේ ආදායම නිකන් ඉන්න වෙනත් කෙනෙකුට ලබා දෙනවා කියලා...

    මේක ගැඹුරු දහමක්....අපිට බෑ රුසියාවේ කරපු දේවල් අපේ රටේ ගෙඩි පිටින් ගෙනත් අතාරින්න...

    විජේවීර සහෝදරයා ගාව ඒ සමාජවාදී න්‍යායන්ගෙන් උකහාගත් ඒත් අපේ රටට ඔබින හා ගැලපෙන සමාජවාදී ආකෘතියක් ක්‍රියාත්මක කිරීමේ ලොකු සැලසුමක් තිබුණා...

    ඒ වෙනුවෙන්ම ඔහු රුසියාවේ ඉගෙනුම ලබන අවධියේ කෘෂිකාර්මික ගොවිපලවල්වල නිවාඩු කාලයට වැඩ කරමින් ඒ ක්ෂේත්‍රයන් වැඩි දියුණු කරනා ක්‍රමවේද පවා හැදෑරුවා..

    තිබුණේ නැත්තේ හා ස්ථාපිත කරන්න අපොහොසත් වුයේ රටේ සමාන්‍යය ජනතාවගේ ඒ ගැන තිබෙනා පුළුල් අවබෝධය හා දැනුමයි...

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආකර්ශනීය පන්ති පහේ ආරම්භය:

    1969 වකවානුවේ විප්ලවීය පක්ෂයක් හදන්නට මහත් කැපවීමකින් කල් යල් බලමින් සිටි විජේවීර සහෝදරයා ඊට ඇවැසි පසුබිම හා එය ජනතාව අතරට ගෙන යා හැකි හොඳම උපාය මාර්ග ඔහුට වඩා වයසින් බාල ඔහුගේ ගෝලයින් වන ගමනායක, කෙලී සේනානායක හා තවත් කීප දෙනෙක් සමඟ සාකච්ජා පවත්වමින් හිටියේ..

    මේ අතර තමයි පක්ෂයට ඕනෙ කරන ප්‍රතිපත්ති මාලාව සකසා ගැනීම සඳහා 73 දෙනෙකුගෙන් සමන්විත සහෝදර සාමාජික සාමාජිකාවන් කංඩායමක් හොර රහසේ අනුරාධපුරයේ කැලැත්තෑව නම්වූ හද්දා පිටිසර ගම්මානයේ කුඩා අතු පැලක විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් රැස්වුනේ..මෙයින් 20 දෙනෙක්ම කංඩායමට අලුතින්ම බැඳුනු විශ්ව විද්‍යාල සිසුන්….

    එහිදී පිරිසට මාක්ස්වාදය ගැන ගැඹුරින් කරුණු කියා දුන් විජේවීර එය අපේ රටේ වාමාංශික ව්‍යාපාරය තුල අපට ඔබින අයුරින් ගොඩ නගා ගන්නේ කොහොමද කියන තැනටයි කතා කලේ..එහිදී පැන නැඟි ප්‍රශ්ණයක් තමයි රටේ ජනතාව කෙතරම් දුරට මාක්ස්වාදය එහෙමත් නැත්නම් සමාජවාදය ගැන දැනුවත්ද කියන එක…එවකට සිටි කිසිම වාමාංශික දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් ඒ පිලිබඳව ගැඹුරින් විග්‍රහයක යෙදීමට හෝ ජනතාව දැනුවත් කිරීමට කිසිම අයුරකින් කටයුතු කරල තිබුනේ නැහැ..ඒ ඔවුන් තුල න්‍යාය ගැන තිබුණු නොදැනුවත්කම නිසා…අන්න ඒ හිඩැස පිරවීම තමයි මුලින්ම කල යුත්තේ කියන තීරනයට හැමෝම එතනදී එකඟ වුනා….

    මෙතැනදී මතුවුන ප්‍රධානම හා මුහුණ පෑ අපහසුම බාධකය වුයේ එතරම් ගැඹුරු මාක්ස්වාදය කොහොමද සරලව රටේ පොදු ජනතාවට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒත්තු ගන්වන්නේ කියන කාරණාව..ඒ වෙනකොට මාක්ස්වාදය ගැන එහි පරතෙරටම අධ්‍යයනය කර සිටි එකම ලාංකික තැනැත්තා විජේවීර සහෝදරයා පමණයි… මොකද ඔහු රුසියාවේ ඉගෙන ගනිමින් එය ගැන මනා හැදෑරීමක් පෙර සිටම ඉදිරිය ගැන සුදානමකින් කර තිබුණු නිසා…

    මෙහිදී එවකට රටේ පැවතුන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට ගැඹුරු මාක්ස්වාදය තුලින් දිය හැකි විසඳුම් හා පිලියම් සරලව සකසා ගෙන විප්ලවය හා ඉතා ලඟින් බැඳෙන තේමාවන් පහක් ජනතාව අතරට මාක්ස්වාදය හැඳින්විමේ පලමු පියවර වශයෙන් ගෙන යාමට තෝරා ගත්තා…

    **ඉතිරි කොටස කරුණාකර පහලින් බලන්න***........


     
    • Like
    Reactions: d3v13

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    **ඉහත සටහන හා බැඳේ**....

    මාක්ස්වාදයේ මූලධර්ම පන්ති පහකින් තේමා පහකට බෙදා රටේ ජනතාවගේ දැනුම එතුලින් යම්කිසි ස්ථාවරයකට ගෙනෙන්නට ලහි ලහියේ කටයුතු සම්පාදනය වුනා…

    මෙහි මුලික හා සම්පුර්ණ බර පැටවුනේ විජේවීර සහෝදරයාගේ කර මත..

    මාක්ස්වාදය පිලිබඳ දිය යුතු පන්ති පහට ඇවැසි සිද්ධාන්ත මුලධර්ම ඉතා සුක්ෂමව විශ්ලේශණය කොට ආකර්ශනීය අයුරින් සරලව දිය යුතුම කොටස් නැවත වෙනම ලියා ඔහු විසින්ම දේශන හා පංති පැවැත්වීම ඔහුට පැවරුණා…

    1968 සිට 1969 දක්වා වසරක කාලයක් ඔහු කැප වෙමින් මුලු රට වටේ ඇවිදිමින් මේ පන්ති පහ ඉතා සර්ථකව පවත්වාගෙන ගියා…

    මේ පන්ති පහ තිබ්බේ අධ්‍යාපනික කඳවුරක ස්වරූපයෙන්….අක්මීමන කරුණාරත්න සහෝදරයගේ නිවසේ තමයි මුලින්ම මෙය ඉතා රහසිගතව පැවැත්වුයේ..මොකද එදා වෙනකොට රටේ පාලක ධනපති පංතියත්, මන්දගාමී මහලූ වාමාංශික බලවේගත් විජේවීර සහෝදරයාට එරෙහිව ඔහුව නැති කිරීමට කොයි මොහොතේ හෝ මාන බලමින් ඔහුව ලුහු බඳිමින් සිටි පසුබිමක් නිර්මිත වී තිබුණ නිසා…

    පක්ෂය සතු විශාල සම්පත් නොතිබුණ නිසාත් මුදලින් එතරම් ලොකු ආධාර නැති නිසාත් විජේවීර ඇතුළු කංඩායම සිටියේ මහත් අර්බුදයක..මේ පන්ති පහට සහභාගි වූ සහෝදර සහෝදරියන්ට මහා පරිමානයේ දුක් කන්දරාවකට මුහුණ දෙන්න සිදු වුනා…එක වරකට 25-30 අතර පිරිසකට කුඩා කාමරයක් තුල උදේ ආහාරය සඳහා ලැබුණේ නිකන් කහට තේ කෝප්පයක් පමනයි…මේ පිරිස මේ රහසිගත කඳවුර තුල සතියක කාලයක් නේවාසිකව තමයි මේ පන්ති පහේ දුෂ්කර පුහුණූව හා දැනුම ලබා ගත යුතුව තිබුනේ…බහුතරයක් මේ පන්ති පිරී ඉතිරී ගියේ විශ්ව විද්‍යාලවල තරුණ බුද්ධිමතුන්ගෙන්…දවසකට ඔවුන්ට ලැබුනේ කෑම වේල් දෙකක් පමණයි..ඒවාත් හරි හමන් කෑම වේල් නෙවෙයි..වැඩිපුරම කැඳ වගේ දියර ජාති තමයි බොහෝ වෙලාවට අනුභවයට ලැබුනේ….

    විජේවීර සහෝදරයා දවසකට පැය 17-18 නොනවත්වා පංති පවත්වමින් තම දේශනයන් කරගෙන ගියා.. කෑම වේල් දෙක ගන්න විතරයි පොඩි විවේකයක් තිබුනේ..බඩගින්න ඇඟට කිසිසේත් නොදැනෙන තව තවත් ඇඟේ ලේ නිපදවෙන හා කැකෑරෙන අන්දමේ ආකර්ශනීය දේශන තමයි ඔහුගේ මුවින් එම පැය 17-18 පුරාම වෙඩි වගේ පිටවුනේ..

    ඔහු වතුර විතරයි බිව්වේ..ඔහුත් අපි සමඟ හිඳ ආහාර වේල සඳහා ගත්තේ අපි අනුභව කරපු කැඳ වතුරමයි.. ඔහුට තිබුණ හෘද රෝගයට අනුව එලෙස එක දිගට ආහාර නොගෙන පැය 17-18 ක් වෙහෙසී දේශන තියන එක දොස්තරවරු කොහෙත්ම අනුමත නොකරපු දෙයක්..පක්ෂයේ විජේවීර සහෝදරයා ලඟින්ම සිටි අනිත් නායක සහෝදරවරු කෙතරම් ඇවිටිලි කලත් අවවාද දුන්නත් ඔහු නෙවෙයි දේශන පැවැත්වීම නතර කලේ…ඔහු එතරම්ම නිර්ධන පංතිය ගැන අපරිමිතවූ කැක්කුමකින් හා එතුලින් ඇති කල හැකි සමාජවාදී විප්ලවය ගැන බොහෝ බලාපොරොත්තු තියා සිටි සොඳුරු විප්ලවවාදියෙක්..

    නිර්ධන පංති අරගලයේදී අමු අමුවේ තමන් ඇතුළුව අනිත් තරුණයින්ගේත් දිවි පිදීමේ දානමය සංස්කෘතියක් විජේවීර සහෝදරයා මෙරට ඉතිහාසය තුල පලමුවෙන්ම බිහිකලා..

    ඔහු හැම මොහොතකම පුන පුනා කිව්වේ තමන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ඉපදී ඇති බවත් කවදා හිටියත් ඒකාන්තයෙන් ධනවාදී පාලකයින් විසින් ඔහුව කොහේ දී හෝ අල්ලා මරා දමන බවත්ය.... ඊට පෙර ඔහු විසින් නිර්ධන සමාජයට කලයුතු කාර්යභාරය කැපවීමෙන් තම පුද්ගලික සොඛ්‍ය ගැන නොසිතා කල යුතුයි කියනා තැනයි ඔහු සිටියේ..

    පන්ති වලට සහභාගිවුවන්ට නිදාගන්න ලැබුනේ පැය 5ක කාලයක් පමනයි..ඒත් නිකන් මැටි අතුරපු රළු පොලොවේ එක ගොඩට මදුරු විමානෙක….කඳවුර තුල සිටිනා ඒ සතිය පුරාවට කිසිවෙකුට නාන්න අවස්ථාවක් නෑ….මේ දුෂ්කර විඳීම් ලබා දීමේ එක් අරමුණක් වුවේ විප්ලවයේදී අපිට ඔවැනි අවස්ථාවන්ට මුහුණ පෑමේදී ලබා දෙන පෙරහුරුවක් සේම අනිත් විශේෂ කරුණ එලි පෙහෙලියට යාම තුලින් අපේ ආරක්ෂාවට උද්ගත විය හැකි අනතුරුත් සලකා බැලීම තුලිනුයි…

    මාක්ස්වාදයෙන් උගන්වන්නේ ප්‍රචණ්ඩ විප්ලවයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමක් මිස ජන්ද හිගා කෑමක් නොවන බව විජේවීර ඔහුගේ සගයන්ට තරයේ ඒත්තු ගැන්වීය..

    ජනතා විමුක්ති පෙරමුණ තරම් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය තරුණ පරපුර විප්ලවීය ආස්වාදයෙන් කුල්මත් කළ පක්ෂයක් තවත් නොමැති තරම්ය. බොහෝ ග්‍රාමීය තරුණයින්ට එය මේ රටේ නිදහසින් පසුව බිහිවූ අපූරුතම දේශපාලන ව්‍යාපාරය විය.

    මේ රටේ ප්‍රභූ පක්ෂයේ ආධිපත්‍යය තිබෙන අවස්ථාවක එයට එරෙහිව සමාජයේ පතුලෙන්ම එල්ල වන අභියෝගය මූර්තිමත් කළේ විජේවීර සහෝදරයායි.

    කාල් මාක්ස්ගේ විග්‍රහයට අනුව විජේවීර සහෝදරයාගේ ප්‍රධාන බලවේගය වූයේ කම්කරු ජනතාව නොවේ. ඔහු වටා සිටි බහුතරයක් විප්ලවීය බලවේගය වූයේ මේ රටේ බුද්ධිමත් තරුණ පිරිසය.

    කාල් මාක්ස් හොඳ ආර්ථික හා සමාජ විද්‍යාඥයෙක්…ඔහුගේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙද්දී ඔවුන්ව ජිවත් කරවන්න ඔහුගේ දැනුම විකුණා මුදල් හම්බ කරන්න ඔහුට ඕනෙ තරම් අවස්ථාව තිබුණත් ඔහු එය කලේ නැහැ..

    ඒ වෙනුවට ඔහු කලේ රටේ නිර්ධන පංති ජනතාවගේ අනාගතය වෙනුවෙන් තව තවත් දැනුම එක් රැස් කරන්න වෙහෙසුණු එකයි....

    මේ හැම දෙයක්ම සුපරික්ෂාකාරීව තුලනය කොට බලද්දී විජේවීර එදා කලේ ඊටත් එහා ගිය කැපකිරීමක්…

     
    Last edited:

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    බොහොම වටිනා ලිපි කීපයක් නැවතත් පළ කරල. බොහොමත්ම ස්තුතියි.
    මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි. විජේවීර සහෝදරයාගේ මේ ජීවිත කතාවත් එක්කම ඔහු එකල ජනතාවට ලබාදුන් ඒ වටිනා අදහස් කිහිපයක් විස්තරාත්මකව අපිටත් දැන ගන්න ලැබුනොත් බොහොම අගෙයි.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහොම වටිනා ලිපි කීපයක් නැවතත් පළ කරල. බොහොමත්ම ස්තුතියි.
    මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි. විජේවීර සහෝදරයාගේ මේ ජීවිත කතාවත් එක්කම ඔහු එකල ජනතාවට ලබාදුන් ඒ වටිනා අදහස් කිහිපයක් විස්තරාත්මකව අපිටත් දැන ගන්න ලැබුනොත් බොහොම අගෙයි.


    බොහොම හොඳ යෝජනාවක් ඔබ කර තිබෙන්නේ..

    මං මෙහෙම කෙටියෙන් කියන්නම්..මොකද මාක්ස්වාදය සරලව විග්‍රහ කරන්න අමාරුයි සහ එහි එක කොටසක් පමනක් උපුටා දැක්වීම තුල එය අවබෝධ කර ගැනීමට ඇති අපහසුතාවය කාට වුවත් ඉහලින් උද්ගත වෙන්න පුලුවන්.. ඒ විතරක් නෙවෙයි එහි මුලධර්ම හා ක්‍රියා පටිපාටි එකින් එක ඇමුණු පුරුකක් එහෙමත් නැත්නම් හේතු ඵල වාදයක් හා සමානව එක දිගට දිවෙන නිසා ලියලා ඉවරයක් කරන්න බැරි වෙනවා...


    මෙහෙමයි විජේවීර රුසියාවෙන් ලංකාවට ආවාට පසු ඔහුට තේරුනා ලංකාවේ වාමාංශික බලවේග කිසිම සක්‍රිය තාවයකින් හෝ පිබිදීමකින් නිර්ධන පංතිය නියෝජනය නොකරනා බව..ඔවුනුත් හිටියේ ධනවාදී පාලක පංතියේ අතකොළු වෙලා...සපුරා ගත යුතු හා වහා ක්‍රියාකාරී විය යුතු ලොකු හිඩැසක් ඔහු දැක්කා සමස්තයක් වශයෙන් දුක් විඳින ජනතාවගේ ඉදිරිය සඳහා හරි නායකත්වයක් ඒ වෙනකොට ලාංකීය වාම දේශපාලනය තුල සපුරා නැති හේතුවෙන්..අන්න එතැනටයි ඔහු තම පරමාර්ථ හා අරමුණූ දියත් කලේ..


    එකපාරටම තරුණයෙක් දේශපාලන පිටියට ආවාම අත්දැකීම් බහුල මේරූ තලතුනා වියේ සිටිනා රටේ වැඩිමහලු ජනතාව එකවර ඔහුව හිස් මුදුනින් වැලඳ ගන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ඔය වයස් සීමාවේ සිටි බහුතරය එක් රොක් වෙලා හිටියේ කොල්වින්, ඇන්. ඇම්, පිලිප් හා ලෙස්ලි කියන සමාජවාදී වැඩිමහළු බලවේග එක්ක..ඔය සන්ධානයත් එක්ක අපේ තාත්තල අම්මල මාමලාගේ හිත් අයින් කරන්න බැරි තරමට එකට බැඳිලා තිබුණ යුගයක් ඕක...


    අනිවාර්යෙන් විජේවීර සහෝදරයාට එතැනදී වෙනවා මේ පවතින ක්‍රමය වෙනස් කරන්න නම් රටේ තරුණ බුද්ධිමත් කොටස දැනුවත් කරන්න..

    රටින් රටට යුගයෙන් යුගයට මාක්ස්වාදය වෙනස් තලයන්හී පිහිටා පරිහරණය කරන්න පුලුවන් න්‍යායක්..මාක්ස්ගේ දහමට අනුව රුසියාවේ විප්ලවයට මුලින්ම ඒකරාශී කලේ හා සංවිධානය කලේ වැඩකරන කම්කරු ජනතාව..නමුත් විජේවිර අර මං මුලින් සඳහන් කල වැඩිමහලු වාමාංශික සිතුම් පැතුම් නිසාවෙන් හා එදා අපේ රටේ තිබුණු දේශපාලන වාතාවරණයට අනුව මාක්ස්ගේ දහම වෙනස් කරමින් ඔහු තීරණය කලා රටේ තරුණ පරපුර ඒකරාශී කරන්න වැඩ කරන කමකරු ජනතාවට වඩා..මොකද ඒ වෙනකොටත් රටේ ගොඩක් තරුණ තරුණියොත් රට පුරා තිබුණු හැම විශ්ව විද්‍යාලයකම සිසු සිසූවියෝත් විජේවීර වටා බුරුතු පිටින් එක් රොක් වෙමින් ඔහුගේ නායකත්වයට හා ඔහු සතුව තිබූ පෘථුල දැනුම් සම්භාරයට ආසක්ත වී සිටි නිසා...


    ඔහු මෙතැනදී ජනතාවට කියා දුන්නේ එවකට මහා පරිමාණයෙන් ඔවුන්ගෙන් සුරාකෑ තිබු අයිතිවාසිකම් සමාජවාදී රාමුවක් තුල නැවත ඔවුන් අතර ස්ථාපිත කල හැක්කේ කෙසේද යන්නයි..


    එහිදී ඔහු වැඩිදුරටත් සරලව ජනතාවට ඔහුගේ ප්‍රතිපත්ති හා දේශණ මාලා තුලින් කියා දුන්නා හා පැහැදිලි කිරීමක යෙදුනා ඛ්‍රිතාන්‍ය යුගයේ සිට නින්දගම් රදළයින්ගෙන් හා වලව් පැලැන්තියේ ඉඩම් හිමියන්ගෙන් අපේ රටේ ජනතාව එහෙමත් නැත්නම් ප්‍රවේණීදාසයා වහලෙක් සේ තබාගෙන ඔවුන්ගේ මිනිස් අයිතීන් විකුණා කමින් හා සූරා කමින් ගෙනගිය නිහීන ක්‍රියාවලියේ සිට අවසානයේ රට බෙදුම් වාදය දක්වා දිවෙන දිගු සිද්ධි දාමයේ විවිධ අවස්ථා.....


    කොටස් වශයෙන් හා ප්‍රධාන තේමාවන් සේ ගත් කල ඔහු ජනතාවට කියා දුන් දේ මෙලෙස ලඝු කොට දැක්විය හැකියි..


    අ) ධනවාදය හා එහි අවස්ථා

    ආ) වැඩවසම් වාදය
    ඇ) ඉන්දියානු දේශපාලනයේ අතුරු කොටස් හා ඉන් අපට එල්ලවුනු බලපෑම්
    ඈ) සිංහල-දෙමල බෙදුම්වාදය

    මං හිතනවා යම්දුරකට මම ඔබගේ සිතැඟි ඉටු කලා කියා..


    ඔබට බොහොමත්ම ස්තුතියි මේ සටහන කෙරෙහි දැක්වූ උනන්දුවට....ඔබට ජය...
     
    Last edited:

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    නැවතත් ස්තුතියි,යම්දුරකට ඉටු උනා.
    ගැටලු කිහිපයක් තියෙනවා නිරාකරණය කරගන්න.
    1)වැඩිහිටි සමාජයට විජේවීර සහෝදරයගේ අදහස් කාවද්දන්න ඒ කාලේ ගත්තු පියවර මොන වගේද? එහි අසාර්තකත්වය පසුකාලීන ව්‍යසනයන්ට ප්‍රධාන හේතුවක් උනා නේද?
    2)සින්හල දෙමල බෙදුම්වාදය පිළිබඳව විජේවීර සහෝදරයගෙ ආකල්පය මොනවගේද? (සමහරක් පිරිස් ප්‍රභාකරන් හා විජේවීර සමාන කිරීමකට උත්සාහ දැරූ නිසයි අහන්න හිතුනෙ )
    3)ප්‍රජාත්න්ත්‍රවාදී විසදුමකට නොගොස් කැරලි වාදී මාවතකාට යොමු වීමට බලපෑ ප්‍රධාන හේතු මොනවද?

    අපේ වැඩිහිටියන් අපට කාවද්දල තියෙන්නේ කැරලි වල අඳුර පැතිකඩ පමණයි. ඒ මුලාවෙන් එලියට විත් වර්ත්මානයේ ඇතිව තිබෙන ව්‍යසනයන්ට විසදුම් සොයන්න ඔබ මේ සපයන කරුණු බොහෝ වැදගත් වේවි.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දිවුලපිටිය කඳවුරේ සිට මෙහෙය වූ පොලිස් ප්‍රහාරය:

    දෑත් දෙපා විලංගුලා විවෘත ජීප් රියක පිටිපස කණුවක බැඳ සිටි තරුණයෙකි. ඔහුගේ හිස පහතට කඩා වැටී තිබිණි. ගිනි අවි මානා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දෙපසිනි. පිටිපසින් ආරක්ෂක පොලිස් රියකි.


    මීගමුව නගරයේ වීථි දිගේ ජීප් රිය හෙමිහිට ඇදී යයි. ජීප් රියේ බැඳි තරුණයාට පොලිසිය විසින් කෲර ලෙස වද දුන් ලකුණු ඔහුගේ සිරුර පුරා දකින්නට ඇත.



    මෙදින 1971 අප‍්‍රියෙල් කැරැල්ල අරඹා මාසයකට පසු මැයි 05 වැනි දිනයයි.



    වරින් වර හිස ඔසවන තරුණයා සිරුරේ සියළු ශක්තීන් එක් කර "විප්ලවයට ජය වේවා... ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා" ලෙස හඬ නඟයි. එවිට තුවක්කු බඳක් ඔහුගේ ඇලයට වැදෙයි. මීගමුවේ වීථි සංචාරය කළ වාහනය දිවුලපිටිය දෙසට හැරිණි.



    පොලිස් නිලධාරින්ට අවශ්‍යව ඇත්තේ තමන් අත්අඩංගුවට ගත් මේ තරුණයා ප‍්‍රදේශවාසීන්ට ප‍්‍රදර්ශනය කිරීමටය.



    දිවුලපිටිය කෙහෙල්ඇල්ල දෙසට ජීප්රිය හැරුණි. මඟ දෙපස මහා සෙනඟකි. මේ ඔහුගේ උපන් භූමියයි.



    පොලිසිය විසින් මහ මග ප‍්‍රදර්ශනය කළ මේ තරුණයා කෙහෙල්ඇල්ලේ ගාන්ධි මහත්තයාය. ප‍්‍රදේශයේ ලොකු කුඩා සැම දෙනෙකුම ආදරය කළ ගාන්ධි මහත්තයා ලෙස හැඳින්වූ ආරියවංශ චන්ද්‍රශේඛරය. 1971 කැරැුල්ලේදී කොළඹට ආසන්නව ගොඩනැගුණ එකම සන්නද්ධ කඳවුර පිහිිටියේ දිවුලපිටිය කෙහෙල්ඇල්ලේ අන්නාසිවත්ත ප‍්‍රදේශයේය. එම කඳවුරේ එකම නායකයා වූයේ ගාන්ධි මහත්තයාය. ප‍්‍රදේශයේ නිල නොලත් නායකයා වූයේද ගාන්ධි මහත්තයාය.



    ගිනි අවි හොඳින් අතට හුරු ගාන්ධි මහත්තයා ප‍්‍රදේශයේ යමක් කමක් ඇති පවුලකට අයත් වැදගත් සමාජශීලි පුද්ගලයෙකි. කැරැල්ලට පෙර කොටදෙණියාව ස.තො.සේ සේවය කළේය.



    ගාන්ධි මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ සුප‍්‍රකට පංති පහට සහභාගි නොවීය. එම පංති අනවශ්‍ය ලෙස ඔහු දුටුවේය. කැරැල්ලට පෙර ජනතා විමුක්ති දේශපාලනය කළේද නැත. ඔහු හොඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙකි. සමගි පෙරමුණු රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවෙකි. ප‍්‍රබල ගෝලයෙකි.



    ගාන්ධි කඳවුරේ නායකත්වයට පත්වූයේ නිතැතින්මය. කිසිවෙකු හෝ පක්ෂය හෝ පත්කළේද නැත. ඔහුගේ නායකත්වයට කිසිවෙකු හෝ අභියෝග කළේද නැත.



    පොල් හා අන්නාසි වවා තිබූ ඉඩමක මැද පිහිටි කඳවුර විශාල නිවසකි. කලක සිට අත්හැර දමා තිබූ එම නිවස හිමිකරු කෙහෙල්ඇල්ලේ දිනවංශ අප්පුහාමිය. කඳවුර පසෙකින් වෙල් යායකි.



    ඒකල නාත්තන්ඩිය ගිරිඋල්ල දක්වා පහරදීම් මෙහෙය වූයේ කෙහෙල්ඇල්ල කඳවුරෙනි. නවකයින් සඳහා දේශපාලන පංති, දේශපාලන සාකච්ජා, ප‍්‍රදේශයට හා කැරලිකරුවන්ට තීරණාත්මක වන සාකච්ජාද මෙහිදී පවත්වා ඇත. මඩම්පැල්ල, දිවුලපිටිය, කෙහෙල්ඇල්ල, බඩල්ගම ප‍්‍රදේශයන් තුළ කැරැල්ලේ මතවාදය තදින් පැතිරී තිබිණි. අනෙක් ප‍්‍රදේශ හා සසඳන විට ජ.වි.පෙ. හා කැරැල්ලේ වැඩි සංවිධානයක් හා ක‍්‍රියාකාරිත්වයක් මෙම ප‍්‍රදේශය තුළ විය.



    කඳවුරක අවශ්‍යතාවය තහවුරු වුණේ කැරැල්ලේ අසාර්ථකත්වයත් සමඟ අප‍්‍රියෙල් 6 වැනි දිනයදීය. එයට හේතුව අතරමං වූ කැරලිකරුවන්ට නවාතැන් පොළක් ලෙසටද කඳවුර පත්වීමයි.



    ජවිපෙ ව්‍යාපාරයේ ආරම්භකයෙකු මෙන්ම කැරැල්ලේ නායකයෙකු වූ ඉඩම් සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කම්කරු සමිතියේ භාණ්ඩාගාරික ධනපාල ජයකොඩි පදිංචිව සිටියේ දිවුලපිටිය ඉහළ මඩම්පැල්ලේය. දිවුලපිටිය ප‍්‍රදේශයේ ජ.වි.පෙ. මතවාදයේ ආරම්භකයාද ඔහුය. ඔහු රෝහණ විජේවීරගේ ළඟම හිතවතෙකි. පක්ෂය වෙනුවෙන් කැපවූවෙකි.


    අද සාර්ථක ජීවිතයක් ගතකරන කෙහෙල්ඇල්ලේ ලක්ෂ්මන් එදිරිවීර මහතා කඳවුරේ සිටි ලාබාලතමයා විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16කි. පාසැලේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී ඔහු කැරැල්ලට සම්බන්ධ වෙයි.



    පරාජයත් සමගම අසරණවූ කැරලිකරුවන්ට ආහාරපාන සපයා දුන්නේ ගාන්ධි මහත්තයයි. ලක්ෂ්මන් ලාබාලයා නිසා වැඩි දෙනෙකු ඔහුව සැක කළේ නැහැ. මේ නිසා කඳවුර වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකිරීමට ඔහුට සිදු වුණා. කඳවුරේ පණිවිඩ ප‍්‍රාදේශීය නායකයන්ට ගෙන ගියේ ඔහුයි. කැරැල්ලට සම්බන්ධවෙලා අතරමං වූ අය කඳවුරට යොමු කිරීමත් ඔහුගේ කාර්යයක්.



    කැරැල්ලට පෙර කණ්ඩායම් වශයෙන් ගිහින් මේ පිරිස ප‍්‍රදේශයේ පමණක් නොව පිට ප‍්‍රදේශවලත් අවි ආයුධ එකතු කළා. ප‍්‍රදේශයේ ගල් කොරියකින් වෙඩි බෙහෙත්, සේවා නූල්, ඩයිනමයිට්, බලෙන්ම අර ගත්තා. එක් තැනකදී අවි ආයුධ වෙනුවට සල්ලි මිටියක් දුන්නා.



    ”උඹලා හිතුවෙ අපි හොරු කියලද, අපිට ඕනෙ උඹලගෙ ආයුධ, ගනින් ඒවා.” කියමින් ගාන්ධි සල්ලි මිටියට පයින් ගැහුව්වා. ට‍්‍රැක්ටර් දෙකක අවි ආයුධ එකතු කරලා ගෙනාවා.



    අප‍්‍රියල් 05 වැනිදින පහර දෙන පිළිවෙළ සකස් කළේ ගාන්ධියි. විජේවීර බේරා ගන්න යාපනයට යන කණ්ඩායමට ශිෂ්‍ය අංශයෙන් පස් දෙනෙකු මෙහෙන් යැව්වා. කටුනායක, ඒකල, කොටුගොඩ ගුවන් හමුදා කඳවුරුවලට, දිවුලපිටිය පොලිසියට පහර දෙන්න කණ්ඩායම් තුනක් යැව්වා.



    කොටුගොඩ කඳවුරට පහර දෙන්න යන්න විදියක් නැහැ. ලංගමයෙ වැඩ කළ පීටර් මාමා පදවන බස් එක ලක්ෂ්මනුයි තව සහෝදරයෙකුයි ගිහින් බලෙන්ම අරගෙන ආවා. මේ නිසා පීටර් මාමා සැඟවිලයි හිටියෙ. දිවුලපිටියෙ පොලිසියට පහර දුන්නේ කුඩගම්මන කෙහෙල්ඇල්ල කණ්ඩායම්. මේ සියළුම පහරදීම් ආසාර්ථකයි. ඒ හැමතැනකම පොලීසිය හිටියෙ පෙර සූදානමකින්.



    කණ්ඩායම් ලෙස පහර දීමට ගිය පිරිස පහරදීම් අසාර්ථක වූ පසු 06 වැනි දින කෙහෙල්ඇල්ලේ ජයතු කොටුවට එකතු වූහ. ගාන්ධිද එම පිරිස අතර විය. මේ වන විට ආරක්ෂක අංශ ගාන්ධිගෙ කාර්යභාරය හඳුනාගෙන තිබිිණ. එදින සවස පොලිස් නිලධාරීහු ගාන්ධිගේ නිවස වැටලූහ. මේ සියල්ලම ජයතු කොටුවේ සිට ගාන්ධි බලා සිටියේය.



    එක්වරම ගාන්ධිගේ නිවස දෙසින් විශාල දුමක් අහසට නැගුණි. පොලිස් නිලධාරීන් ගාන්ධිගේ නිවසට ගිනි තබා ඇත. නිවසේ සඟවා තිබූ බෙඩි බෙහෙත්, අත් බෝම්බ, ඩයිනමයිට් එක දිගට පුපුරන්නට වූයේ ගිනි කෙළි සංදර්ශනයක මෙනි. ගමේ කිසිවෙක් නිවසේ අසළකට හෝ නොපැමිණ ඈත සිට සැඟවී බලා සිටියේය.



    ජයතු කොටුවේ සිට ඉදිරි පියවර පිළිබඳ ගාන්ධි සාකච්ජා කළා. දිනවංශ අප්පුහාමි ගේ නිවස කඳවුර බවට තහවුරු වුණේ එතැන් සිටයි. අප්පුහාමිගෙ පුතා චන්ද්‍රවංශ කංඩායමට එකතු වුණේ නැහැ. අවහිරකම් කළෙත් නැහැ. ප‍්‍රදේශයේ සිටි කැරලිකරුවන් සියල්ලම ගත කළේ කඳවුරු ජීවිතයයි.


    **ඉතිරි කොටස පහල පිටුවේ**.......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    *ඉහත සටහන හා බැඳේ*....

    කැරලිකරුවන් පනස් දෙනෙකු පමණ කඳවුරේ සිටියහ. එක් කාන්තාවක්ද විය. එම කාන්තාව මීරිගම ලලිතා සහෝදරියයි. ඇය මුදිතා ලෙසද හඳුන්වයි. විශ්ව විද්‍යාලයේ සිට ජ.වි.පෙ. දේශපාලනයට තහවුරු වූ ලලිතා, වේයන්ගොඩ නගරයේදී කඳවුරෙන් මෙහෙයවූ කණ්ඩායමකට අහම්බෙන් හමුවී ඔවුන් සමඟ කඳවුරට පැමිණියාය. කඳවුරට නොපැමිණියා නම් ලලිතා ආරක්ෂක අංශ වලට හසුවන්නේ වේයන්ගොඩදීමය. එයට හේතුව එදිනම පොලීසිය නගරයේ දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබීමයි.



    ලලිතාව ජනතා විමුක්ති පෙරමුණ සඳහා දිනාගත්තේ ජ.වි.පෙ පළමු කාන්තාව ලෙස රෝහණ විජේවීර නම් කළ මාලනී ජයසිංහ විසිනි. ලලිතා මීරිගම ප්‍රදේශයේ මාලනී ජයසිංහ පවත්වන ලද පංති පහට සහභාගිව සිටියාය.



    කඳවුරේ ඉදිරි ආරක්ෂක වැටක් හා දෙවැනි ආරක්ෂක වැටක්ද විය. මෙයට අමතරව ජංගම මුර සේවාවක්ද විය. සමහර ගස් මුදුන්වල පවා කැරලිකරුවෝ රඳවා සිටියහ. කඳවුරු බිමට ඇතුළු වීමට නම් කළ යුතු සංඥාවක් විය. එය රිද්මයානුකූලව කඩින් කඩ කෙරෙන සිව්රුම් හඬකි. සංඥාව හඳුනාගත් පසු මුර සේවාවේ අයෙක් ගොස් ඔහු හඳුනාගෙන කඳවුරු බිමට රැගෙන ඒමට පියවර ගනියි.



    කඳවුරු බිමේ බිත්තියට හේත්තුකර දරමිටි මෙන් එකට ගැට ගැසූ තුවක්කු මිටි කිහිපයක්ද විය. එම ගිනි අවි ප්‍රයෝජනයට ගැනීමට තරම් පිරිසක් කඳවුර තුළ නොසිටියහ. මෙතැන් සිට ප්‍රදේශයේ මෙහෙයුම් දියක් කළේ කඳවුරෙනි.



    මේ වන විට කඳවුරේ කැරලිකරුවන් හා සංවිධානයේ නායකයින් සමඟ සෘජු සම්බන්ධතා නොවුණි. එවැනි සම්බන්ධතා ගොඩනැගීමට මඟක්ද නොවීය. රට තුළ සිදුවන්නේ කුමක්දැයි දැන ගත්තේ ගුවන් විදුලියෙන් පමණි. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන්නේ සත්‍යය නොවන බව ඔවුන්ගේ හැඟීමයි. ඒ නිසා යටත් වීමක් ගැන මතයක් හෝ කිසිම කැරලිකරුවෙකු තුළ නොවීය.



    සිරිසේන සහෝදරයා කෙසේ හෝ දිවුලිපිටිය නගරයට ගොස් ආරක්ෂක මුර කපොලූ වලින් බේරී ආපසු ආවේය. කඳවුරට අලූත් තොරතුරු කිහිපයක්ද ඔහු එනවිට රැගෙන විත් තිබිණි. කෑගල්ල හා දකුණු පළාතේ පොලිස් ස්ථාන කිහිපයක් කැරළි කරුවන් අල්ලාගෙන ඇති බව හා පොදුවේ බලන විට අප්‍රියෙල් නැගිටීම අසාර්ථක බවය.


    විල්පත්තුව, සිංහරාජයට හා යාලට පසු බසිමින් තවමත් සටනේ යෙදෙන බවද එම ආරංචි අතර විය. එම තොරතුරු විශ්වාස කළ හැකි වුවත්, යටත්වීම විනාශයක් විය හැකි බව කඳවුරේ අදහසයි.



    කඳවුර තුළ ඇතිවූ කිසිදු දේශපාලන සාකච්ජාවකට නායකයා වූ ගාන්ධි මහත්තයා සහභාගි නොවුවත්, ගත යුතු ඉදිරිමග පිළිබඳ සාකච්ජා වලට ඔහු සහභාගි විය. ඔහුගේ පළමු කාර්යය වූයේ තමා පිළිබඳ විශ්වාසය තබා සිටින පිරිසගෙ ආරක්ෂාව හා අවශ්යතාව ඉටු කිරීමයි. කුමක් හෝ ආහාර පාන සොයා ගෙන ගෙන ඒමද තම වගකීමේ කොටසක් ලෙසට ඔහු සැලකුවේය.



    කඳවුර පිළිබඳව ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබිණි. කඳවුරු පිළිබඳව ඔවුන් සිතා ඇත්තේ පවතින ශක්තියට වඩා හත් අට ගුණයක් විශාලටය. එයට හේතුවක් තිබිණ.



    ගාන්ධිගේ නායකත්වයෙන් ගුවන් හමුදා සෙබළුන් රැගත් ට්‍රක් රියකට පහරදීම සිදුවුයේ මේ අතරතුරදීය. එම ප්‍රහාරය සාර්ථක විය. මේ නිසා ආරක්ෂක අංශ පවා සසලව ගොස් තිබිණි. එමෙන්ම කඳවුරේ මානසිකත්වයද ඉහළ ගියේය.



    වැටලීමකට ඉක්මන් නොවුණත් ආරක්ෂක බුද්ධි අංශ ක්‍රියාත්මක විය. ඔත්තුකරුවන්ද, වෙස්වළාගත් වුන්ද දිවුලපිටිය ප්‍රදේශයේ සැරි සැරූහ. යාචකයින් වැඩි පිරිසක්ද නිවෙස් කරා යමින් සිඟමන් ඉල්ලූහ. ඔවුන් පොලිස් ඔත්තුකරුවන් බවට ප්‍රදේශයේ මතයක්ද විය.



    ගුවන් හමුදා ට්‍රක් රියට සාර්ථකව පහරදීමෙන් පසු ප්‍රදේශය පුරා ගොඩනැගුණේ අවිනිශ්චිත බවකි. කුමන තත්වයක් ප්‍රදේශයේ ගොඩනැගුණත් ගාන්ධි මහත්තයා ගිනි අවියද ගෙන කඳවුරෙන් පිටත යාමද නොනැවතුණි. ආරක්ෂක දැළට ඔහු හසුවීම කඳවුරේ ඉරණමටද සෘජුවම බලා පාන්නකි. නමුත් ගාන්ධි මහත්තයට මේ පිළිබඳව වටහා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. එක තැනක ගාල්වී සිටීමෙන් කැරලිකරුවන් ගේ මානසිකත්වය කඩා වැටෙමින් තිබිණි. නිවැරදි තොරතුරක් සටන් බිමෙන් නොලැබුණත් ඒ තත්වයට ඉඩදිය නොහැක. ලක්ෂ්මන් එදිරිවීර පැවසුවේ කකා බිබී සිටීම විප්ලවීය ගුණයක් නොවන නිසා කණ්ඩායමක් ලෙස ගොස් නාත්තන්ඩිය, දංකොටුව හා කොස්වත්ත පොලිසී වලට පහර ගැසීමට තීරණය කළ බවයි.



    පිරිසක් අවි ආයුධ වලින් සන්නද්ධ වී නාත්තන්ඩියට යන්න පිටත් වුණා. ප්‍රධාන මාර්ගයෙන් නොගොස් අතු පාරවලින්, කැලෑ පාරවලින් හා පොල් වතු අන්නාසි වතු මැදින් තමයි ගියේ. ඔවුන් ගමන් කළේ ඉදිරි පෙළ හා පසු පෙළ ලෙසටයි. ඉදිරි පෙළට අනතුරක් වුවහොත් පසු පෙළ ආරක්ෂා කර ගැනීමයි එම ක්‍රමයේ අරමුණ.



    ඉදිරි පෙලින් කීප පොලක්ද, ගාන්ධි පසුපෙලද සීරුවේ ඉදිරියට ඇදුනා... සෑම කෙනෙකුගේම අතේ ගිනි අවි, අත් බෝම්බ, අපිට වැරදුණ දෙයක් තමයි ආහාර පිණිස කිසිවක් ගෙන නොයාම. මේ ගමනේදී කඳවුර තනි කළේ නැහැ. එහි ආරක්ෂාවට ලලිතා සහෝදරිය සමඟ තව කිහිප දෙනෙකු නවත්වා අවශ්‍යය උපදෙස් පවා දීලයි පිටත් වුණේ.



    මාඔය අසළදී ඒ ප්‍රදේශයේ කිහිප දෙනෙකු මේ පිරිසට එකතු වීම ඔවුනට ගෙන දුන්නේ අමතර ගැම්මක්, ඒ අයත් සංවිධානයේ සහෝදරවරුයි. සිරිපාල වීරසිංහ, ෂෙල්ටන්, රත්නසාර හා දෙමළ සහෝදරවරයෙකු වන ධර්මදාසන් අමතර එකතු වූ අයයි.



    ආහාරයට කිසිවක් නැහැ. දෙන්නෙකු මහයාය වත්ත කියන ගොවිපොලට ගිහින් බැටළුවෙකු ගෙනාවා. බැටළුවාව බාගෙට පුළුස්සලයි ආහාරයට ගත්තෙ. බෝලගල කන්දෙදි සාකච්ජා කර 10 වැනි දින පාන්දර කොස්වත්ත පොලිසියට පහර දෙන්න තීරණය කළා. මේ වන විට කණ්ඩායම 40 ක් විතර ඇති. ඉදිරි පෙළ දොළොස් දෙනෙකුගෙන් සමන්විතයි. පසු පෙළට විසිඅටදෙනයි. ඉදිරියෙන්ම ගියේ මගතොට දන්න ධර්මදාසන්, පොලිසියට ළඟා වෙද්දි මාර්ග බාධක ලෙස කොට දමා අවහිර කරලයි තිබුණෙ. එතැන පොලිස් මුර පොළක්, නමුත් පේන තෙක් මානෙක දැක ගන්න කිසිම නිලධාරියෙකු නැහැ.



    කොට උඩින් පිරිස පනිනවිට පොලිසිය වෙඩි තිබ්බා. වෙඩි තිබ්බට පොලිසිය බය වෙලා හිටියෙ. වෙඩි තබමින්ම ඔවුන් පොලිස් ස්ථානයට පසුබැසීමෙන් වටහා ගත්තේ එයයි. නැත්නම් ඔවුන්ට පුළුවන්කම තිබුණා පිරිසේ ගිය දොළොස් දෙනාම වැටෙන්න වෙඩි තියන්න. ඔවුන්ගේ පසුබැසීම නිසා පිරිසට තේරුම් ගියා පොලීසිය හොඳට නැවත සූදානම් වෙන්න පසු බැස්ස බව.


    පිරිස කංඩායම් කිහිපයකට බෙදිලා විසිරිලා ගියා...


    අවසානයේදී ගිනි අවි දෙකක් සමග දොළොස් දෙනාගෙ කණ්ඩායමෙන් ඉතුරු වූනේ දෙදෙනෙක් පමණයි.. ගිනි අවි තවදුරටත් රැගෙන යාමට අපහසු නිසා අතරමගදී එය වළලා දැමිණි.


    පොලිසි කිහිපයකට පහර දීමට ගිය ගමන කෙළවර වූයේ එලෙසිනි. මේ වන විටත් කඳවුරට හිරිහැරයක් සිදුවී නොතිබිණි. නැවතත් කඳවුරට කොටුවූ ලක්ෂ්මන්ගේ කාර්යය වූයේ අතරමංවූ සාමාජිකයින් කඳවුරට කැඳවාගෙන ඒමයි. ජාඇල ප්‍රදේශයේ තිබූ හඳුනාගත් පරණ නිවසකට පැමිණෙන අතරමං වූවන් කඳවුරට කැඳවාගෙන එන්නේ එතැන් සිටය.


    **ඉතිරි කොටස ලඟදීම බලාපොරොත්තු වන්න**
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    1)වැඩිහිටි සමාජයට විජේවීර සහෝදරයගේ අදහස් කාවද්දන්න ඒ කාලේ ගත්තු පියවර මොන වගේද? එහි අසාර්තකත්වය පසුකාලීන ව්‍යසනයන්ට ප්‍රධාන හේතුවක් උනා නේද?

    වැඩිහිටි සමාජයට විප්ලවීය අදහස් කාවද්දන්න බැරි වීමම තමයි 71 කැරැල්ලේ ව්‍යසනයට එක් මුලික හේතුවක් වෙන්නේ..මාක්ස්වාදය ගැන ඊට පෙර කිසිදා විමසුමක් කොට නැති එය සරලව වටහා ගන්න ක්‍රමයක් රට තුල ස්ථාපිත වී නොතිබුන යුගයක හා ඒ ගැන වැඩිහිටියන් දැනුවත් වෙන්න ඔවුන් තුල තිබුණු අකැමැත්තත් ඔවුන්ව තව තවත් ධනවාදී පාලක පංතිය වෙතම විශ්වාසය රඳවා ඔවුන් කියන දේ හරි යැයි හිස් මුදුනින් පිලිගන්න ස්ථාවරයක තබා සිටියා කියලයි මං දකින්නේ..
    විජේවීර සහෝදරයාට වැරදුන තැනත් එතැනයි..

    ප්‍රසිද්ධ රැස්වීම් හා දේශණ හැරුණු කොට වැඩිහිටියන් දිනාගන්න කියල තරුණයින් අතරට ගෙන ගියා වගේ ලොකු ආකර්ශනීය වැඩ පිලිවෙලක් විජේවීර සහෝදරයා ගාව තිබුනේ නැහැ...යම් කිසි වැඩිහිටි කොටසකුත් විජේවිර සහෝදරයාට පක්ෂපාතීව හිටියා නමුත් ඉතා කුඩා ප්‍රතිශතයක්..

    ඒ විතරක් නෙවෙයි ධනවාදී පාලක පංතිය තුල බින්න බැහැල හිටපු අපේ පැරණි සමාජවාදියෝ පවා රටේ වැඩිහිටි ජනතාවගෙන් ඉල්ලීම් කලා විජේවීර සමඟ එකතු නොවෙන ලෙසට.ඒ යුගයේ විජේවීරට බහුතරයක් තරුණ පිරිස් ඇහුම්කන් දුන්නට වැඩිහිටි පිරිස් ඇහුම් කන් දුන්නේ ඔවුන් කවදත් ගරු කරපු පැරැණි වමේ නායකයින්ගේ කීමටයි..

    ඒ වෙනකොට තවත් විශේෂ දෙයක් ධනවාදී පාලක පංතිය පැරැණි වමේ නායකයින් හා එක්වී සුක්ෂමව ක්‍රියාත්මක කලා.. විජේවීර විප්ලවයකින් රටේ බලය ඇල්ලුවොත්
    අවුරුදු 40 ට වැඩි හැම කෙනෙක්වම මරා දමනවා කියලා කට කතා පැතිරෙව්වා.. ඒවා හරි සැරට අපේ මිනිස්සු විශ්වාස කලා..ඔය වගේ ගොඩාක් හේතූන් නිසා විජේවීරට රටේ බහුතරයක් වූ වැඩිහිටි ජනතාව දිනා ගන්න බැරි වුනා..

    2)සින්හල දෙමල බෙදුම්වාදය පිළිබඳව විජේවීර සහෝදරයගෙ ආකල්පය මොනවගේද? (සමහරක් පිරිස් ප්‍රභාකරන් හා විජේවීර සමාන කිරීමකට උත්සාහ දැරූ නිසයි අහන්න හිතුනෙ )

    මෙතැනදී මුල ඉඳන්ම විජේවීර සහෝදරයා හිටියේ දැඩි මතයක..ඔහු කොහෙත්ම කැමතිවුනේ නෑ වෙනම දෙමල රාජ්‍ය සංකල්පයකට හැබැයි දෙමල ජනතාවට ජාතියක් වශයෙන් ධනවාදී පාලන තන්ත්‍රයක් තුල තිබුණු අපහසුකම් හා අසාධාරණකම් ගැන නොබියව කතා කලා.. ඔවුන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතිය දිය යුතු බව ඔහු කියා සිටියා.. ඔහුගේ මේ ජාත්‍යානුරාගි දෙමල ඊලාම් විරෝධි පිලිවෙතත් බොහෝ දුරට ඉවහල් වුනා 1983 ජේ.ආර් විසින් විජේවීරගේ පක්ෂය තහනම් කරන්න..

    පුලුවන් නම් හොයාගෙන කියවන්න විජේවීර විසින්ම බෙදුම්වාදය ගැන බොහෝ කරුණු අඩංගු කොට 1985 ලියපු "solutions to tamil eelam struggle" කියන පොත..එහි ගොඩාක් විස්තර තියෙනවා ඔහු සිටියේ කොයි මතයෙද හා ඊට දිය හැකි සමාජවාදී විසඳුම් මොනවාද කියන එකට...

    තව දෙයක් ඔබ හරි..ධනවාදී පාලක පංතිය හරි සුක්ෂමව ඔය ප්‍රචාරණය ගෙන ගියා රට පුරාම ප්‍රභාකරන් හා විජේවීර දෙන්නම මිනී මරුවෝ කියල..නමුත් විජේවිර පැහැදිලිව කියා තිබුණා ඔහුගේ අරගලය පන්ති දේශපාලනය (class politics)බවත් ප්‍රභාකරන් කරන්නේ බෙදුම්වාදි ජනවාර්ගික දේශපාලනය (ethnic politics) බවත්....


    3)ප්‍රජාත්න්ත්‍රවාදී විසදුමකට නොගොස් කැරලි වාදී මාවතකාට යොමු වීමට බලපෑ ප්‍රධාන හේතු මොනවද?


    මුලික දෙය රටේ එදා වෙනකොට ඔවුන්ට වෙන ආදේශකයක් ගැන හිතන්නවත් බැරි තරමට පාලක පංතිය විසින් රටේ ඇති කර තිබුණු තරුණ අසහනය... විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගේ විරැකියාව, උපාධිය තිබියදීත් සුදුසුකම් කොහෙත්ම නැති පක්ෂග්‍රාහී රැකියා ලබා දීම්..

    විශේෂයෙන්ම මහා පරිමානයෙන් කල රාජ්‍යය මර්ධනය හා හිංසාව...ජවිපෙ හා සම්බන්ධ බොහෝ තරුණ තරුණියන් හොර රහසින් ගෙන ගොස් වධ හිංසාවන්ට හා මර්ධනයට ලක් කොට හොර රහසේ මරා දැමීම්..

    විජේවීර සහෝදරයාට තම දේශපාලනය එලිපිට ජනතාව අතරේ කරන්න ලැබුණු කාල සීමාවත් බොහෝ සීමිතයි..මොකද බොහෝ අවස්ථාවල ඔහු සිටියේ පාලකයින්ගේ සිර කඳවුරුවල.. ඒකත් මේ කැරැල්ල මෙසේ ඉක්මන් වීමකට බොහෝදුරට ඉවහල්වූ බව මගේ හැඟීමයි..

    කොටින්ම 71 කැරැල්ල ආරම්භ වෙනකොට විජේවීර සිරභාරයේ..ඔහුගේ අනුදැනුම නැතිව දේශපාලන බල මංඩලයේ වෙනත් නායකයින් තමයි ඉක්මන් තීරන මතින් රජයේ කුලී හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කලේ..ඔය වගේ බොහෝ හේතු තියෙනවා වැරදුනු තැන් ගැන පසු විපරමෙන් බලන කොට...

     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තවත් අපුරු විස්තර ටිකක් කියෙව්වා...
    බොහොම අගෙයි අයියා බොහොම ස්තුතියි අපි වෙනුවෙන් වැය කරන කාලයට.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තවත් අපුරු විස්තර ටිකක් කියෙව්වා...
    බොහොම අගෙයි අයියා බොහොම ස්තුතියි අපි වෙනුවෙන් වැය කරන කාලයට.....

    ස්තුතියි මල්ලියා ඔයාට විස්තර කියෙව්වට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙන්න දිවුලපිටිය කඳවුරේ ඉතිරි කොටස:

    මේ අනුව ජා ඇල නිවසට පැමිණ සිටි නයනානන්ද කුරුකුලසූරිය, ජේමිස් උයන්ගොඩ නොහොත් ඌ මහත්තයා, සුනිල් රත්නසිරි සිල්වා, විජේපාල සිල්වා, ආනන්ද, මෙරිල් ජයසිරි සහෝදරවරු ලක්ෂ්මන් මගින් තාවකාලිකව හෝ කඳවුරේ සෙවන ලබා ගත්හ. ගාන්ධි මහත්තයා හා තවත් සහෝදරවරයෙකු ගිනිඅවි රැුගෙන ප‍්‍රදේශය පුරා සැරිසරා ආහාර පාන සොයාගෙන ආහ.



    මේ අතර ගාන්ධි මහත්තයා කොටදෙණියාව ස.තො.ස. කඩා එහි වූ ආහාර ද්‍රව්‍ය ප‍්‍රදේශවාසීන් අතර බෙදා දුන්නේය. මේ දිනවල වෙළඳසැල් වසා තිබීම නිසා ප‍්‍රදේශවාසීන් නොයෙක් දුෂ්කරතාවලට පත්ව තිබිණි. එම නිසා ගාන්ධි මහත්තයා ඉටු කළේ මානුෂික මෙහෙවරකි.



    වරින් වර හෙළිකෝප්ටර් යානා කඳවුර මතින් පියාසර කිරීම ද සැකයට තුඩු දෙන්නට විය. දිනක් එක් යානයකින් අහසේ සිට බිමට පති‍්‍රකා රැසක් හෙළුවේය. එම පති‍්‍රකාවල සඳහන් වූයේ අවි භාර දී ආරක්‍ෂක අංශ වෙත භාර වෙන ලෙසය.



    කඳවුර ඔත්තු ලබා ගන්නා මාර්ග කිහිපයක්ම තිබිණි. ආරක්‍ෂක අංශ සේවා ස්ථානවලින් ද ඔත්තු ලැබිණි. එමගින් කියවුණේ කඳවුර වැටලීමට ආරක්‍ෂක අංශවල සූදානමක් පවතින බවයි.



    තැතිගැන්ම නොසන්සුන්තාවය සමග පැපොල රෝගයට ද කඳවුර ගොදුරු වන්නට විය. දස දෙනෙකුට පමණ රෝගය වැළඳිණි. කිසිම ප‍්‍රතිකාරයක් නැත. ලලිතා සහෝදරිය ඉඟුරු, කොත්තමල්ලි තම්බා වරින් වර රෝගීන්ට පෙව්වාය. සාත්තු සේවිකාවද ඇයම විය. රෝගයට ගොදුරු වූවන්ගේ කෙඳිරිය ඉවසීමට පවා නොහැක. කොත්තමල්ලී මුට්ටිය නිතරම ලිප මතය.



    රෝගීන් පිටත් කර යැවීමට ආරක්‍ෂිත තැනක් ද නැත. සිය නිවෙස් මෙන්ම රෝහල් ද අනාරක්‍ෂිතය. මේ අතර පහර දීමක් සිදු වුවහොත් කළ යුතු දේ පිළිබඳව සාකච්ජා කළ මුත් පැහැදිලි තීරණයක් නොවීය. රෝගීන් සමග සටන් කිරීම හා පසු බැසීම ද කළ නොහැකිය.


    දරමිටි මෙන් ගොඩ ගැසූ ගිනිඅවි තවමත් බිත්තිවලට හේත්තු වූ ගමන්මය. එම ගිනිඅවිවලට වඩා කැරලිකරුවන් සිටියේ අඩු සංඛ්‍යාවකි. එයද සිතට බරකි. වරන් වර අතරමන් වූ කැරලිකරවන් කඳවුරේ රැකවරණය ලබා ගැනීමට පැමිණියත් අනාරක්‍ෂිත බවත් සමගම ආපසු ගියහ.


    කුමන මොහොතක හෝ වැටලීමක් සිදු වීමට ඉඩ ඇති හෙයින් ආරක්‍ෂාව තර කරණ ලදී. රෝගීන් හැරෙන්නට සෙසු අය ඕනෑම අවධානමකට මුහුණ දීමට සූදානමින් ආයුධ සන්නද්ධව සිටියහ.


    වාස් තිලකරත්න මගින් ශිෂ්‍ය අංශයට සම්බන්ධව සිටි ආරි නැමති සහෝදරයා සමග සංවිධානයේ නායකයකුව සිටි පියසිරි කුලරත්න මැයි දෙවන දින කෙහෙල්ඇල්ල කඳවුරට පැමිණියේ මේ අතරතුරදීය. ඔවුන් පැමිණියේ ගැමියන් ලෙස වෙස් වලාගෙනය. ළයාන්විත සිවුරුන් හඬින් තමා පැමිණි බව ආරී දැනුම් දුන්නේය. ඒ අනුව මුර සේවකයකු විදුලි පන්දම දල්වා ඔවුන් හඳුනාගෙන කඳවුර තුළට රැගෙන එන ලදී.


    කැරැල්ලේ යථා තත්ත්වය ගාන්ධි මහත්තයා ප‍්‍රමුඛ පිිරිසට දැන ගැනීමට ලැබුණේ පියසිරි කුලරත්නගෙනි. රැය පහන් වෙනතුරු දේශපාලන සාකච්ජා ඇතිවිය. කොළඹ හා අවට අතරමන්ව සිටින සහෝදරවරු කඳවුරට යොමු කරන ලෙස ගාන්ධි මහත්තයා පියසිරි කුලරත්නගෙන් ඉල්ලා සිටියේ මිටි බඳින ලද ගිනිඅවි පෙන්නමිනි. ඔහු එයට එකඟ විය. එම ඉල්ලිම කඳවුරට වෙඩික්කරුවන් එකතු කිරීම සඳහා බව ඔහු වටහා ගත්තේය.



    කුමන මොහොතක හෝ කඳවුරට පහර දීමට ආරක්‍ෂක අංශවලට වැඩි ඉඩකඩක් තිබිණි. ප‍්‍රදේශවාසීන්ගෙන් හිමිව තිබූ සහාය හා අනුකම්පාවද මේ වන විට අඩුවෙමින් පැවතුණේය. කඳවුර නිසා ආරක්ෂක අංශවල දැඩි අවධානයට මෙම ප‍්‍රදේශයට ලක්ව, ප‍්‍රදේශයම ඉලක්කයක් බවට පත්ව තිබීම හා භීතිය මුසු අවිනිශ්චිත බව එයට හේතුවයි.



    කඳවුර හකුලා දමා විල්පත්තුවට පසු බැසීමට ද සාකච්ජාවල දී සමහරු යෝජනා කළහ. දැනට යම් යම් ස්ථානවල ස්ථාන ගතව සිටින කණ්ඩායම් සමග එක් වී දිගු කාලීන ගරිල්ලා සටනක් ගෙන යාමටද සමහරුන්ගේ අදහස් විය. මෙවැනි අදහස් ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමට අපහසු වූයේ දස දෙනෙකුට පමණ වැළඳී තිබූ රෝගය නිසාවෙනි. ගත යුතු ඉදිරි මග කිසිවෙක් නොදත්හ.


    මේ නිසා සියල්ලන්ටම සිදු වූයේ කණ්ඩායමක් ලෙස ඕනෑම ඉරණමකට මුහුණ දීමට සිත හදා ගැනීමට පමණි. සියල්ලෝම ගාන්ධි මහත්තයාගේ අධිෂ්ඨානශීලි එඩිතර පෞරුෂය කෙරෙහි විශ්වාසය තැබූහ. ඔහු එකම සෙන්පතියාය.



    එදින රාති‍්‍රයට ලලිතා සහෝදරිය සකස් කළ කොස් ඇට මාළුවෙන් සප්පායම් වී පියසිරි කුලරත්න හා ආරි පසුදින පාන්දර අඳුර පහව යාමට පෙර කොළඹ බලා යාම සඳහා කඳවුරෙන් පිටත් වූහ. එදින මැයි 03 වැනිදාය.



    **ඉතිරි කොටස පහලින් කියවන්න*****
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ***ඉහත සටහන හා බැඳේ***

    කොළඹට පැමිණි පියසිරි කුලරත්නට හා ආරිට සවස 3ට පමණ අහම්බෙන් මෙන් ඉඟුරු කඬේ හන්දියේ දී නවරත්න බණ්ඩාරව මුණගැසිණි. නවරත්න බණ්ඩාර පියසිරිගේ වැඩිමහල් සහෝදරයාය. එම සාකච්ජාව වැදගත් විය. නායකයින් පිළිබඳව හා කැරැල්ලේ යථා ස්වරූපය වටහා ගැනීමට ඔවුන්ට හැකි විය. එම නිසා එදිනම දෙදෙනා ආපසු හැරුණේ ආපසු කෙහෙල්ඇල්ලේ කඳවුරට ඒමටය. එතැන තාවකාලිකව හෝ ආරක්‍ෂිත ස්ථානයකි. රටේ හා සංවිධානය පිළිබඳව සිය සොයුරාගෙන් දැන ගත් නව ප‍්‍රවණතාවයන් කඳවුරේ දී සාකච්ජා කළ යුතුය. ගාන්ධි මහත්තයා ඇතුළු කඳවුර දැනුවත් කර ජීවිත සුරැකෙන ලෙස ගත යුතු මග පිළිබඳව තීන්දුවකට ඒම පියසිරි කුලරත්නගේ අදහස විය.



    ඇඳිරි වැටීමට පෙර දෙදෙනා දිවුලපිටියට පැමිණි මුත් නගරය තුළ දිස් වූයේ පාළු බවකි. පාරේ වාහනයක් පවා නොවීය. පා ගමනින් ගමන් කරන මගීන් අතරට වැදුණු පියසිරි හා ආරි කිසිවෙකුට සැක නොසිතෙන ලෙස කඳවුර බලා ගමන් කළහ.



    සෙබළුන් පුරවා ගත් ගුවන් හමුදාවට අයත් ට‍්‍රක් රියක් ඔවුන්ව පසුකර කෙහෙල්ඇල්ල දෙසට වේගයෙන් ධාවනය විය. කඳවුර දෙසින් වෙඩි හඬ ඇසෙයි. මඟීන් සී සීකඩ විසරුණහ. පියසිරි හා ආරී ඉදිරියට ටික දුරක් දිව ගොස් ආරක්‍ෂාවට බෝක්කුවක් තුළට රිංගා ගත්හ. වෙඩි හඬ හා බෝම්බ හඬ පළාතම දෙදරවමින් පැතිරෙයි.


    මැයි 03 වැනි දින අටට පමණ සෙබළු කඳවුර වටකලෝය..


    ”හමුදාව කඳවුර වටලන විට කණ්ඩායම එක එක තැන්වලයි හිටියේ. සෙබළුන් වට කරල ප‍්‍රහාර එල්ල කළත් නිවසට ඇතුළු වෙලා නැහැ. රෝගීව සිටි අය පවා අඳුරේම පළා ගියා. ඉලක්කයක් නැතුව දෙපක්‍ෂයම වෙඩි තියා ගන්නවා. අත් බෝම්බ එල්ල කරනවා.


    පැය භාගයක් පමණ පසු වෙඩි හඬ නැවතුණි මොහොතකින් සෙබළු පුරවා ගත් ට‍්‍රක් රිය ආපසු පිටත් විය.



    ලක්ෂ්මන් එදීරිවීර පවසන්නේ හමුදාව පැමිණ ඇත්තේ කඳවුර විනාශ කිරීමට හා කැරළි කණ්ඩායම යටත් කර ගැනීමට නොහැකි නම් මරා දැමීමටය. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. එම සටනේදී ජීවිත හානියක් හෝ සිදු වී නොතිබිණි.



    ට‍්‍රක් රිය ආපසු ගිය හඬ පැහැදිලි කර ගත් පියසිරි හා ආරි නැවතත් අවතීර්ණ වී කඳවුර දෙසට ගමන් කළහ. ඔවුන් වෙල්යායේ මහ නියරට ගොඩවෙනවාත් සමගම කඳවුර දෙසින් කළුවරේම දිව ගෙන පැමිණි අයකු වෙලට වැටී මඬේ එරී දඟලන අයුරු දිස් විය.



    ඒ ශිෂ්‍ය අංශයේ පූර්ණ කාලිකයකු වූ සුනිල් රත්නසිරිය. සුනිල් රත්නසිරිව ඔවුන් විසින් ගොඩට ඇද ගන්නා ලදී. ඔහුගේ අතේ වූ ගිනිඅවිය ද මඩට වැටීම නිසා බටය මඩවලින් පිරී තිබිණි.



    සෙබළු කඳවුර වටකර ඇත්තේ කැරලිකරුවන් ආහාර ගනිමින් සිටියදීය. ට‍්‍රක්රිය පාරේ නවත්වනවාත් සමගම මුර සේවයේ සිටි කෙනකු විපරම් කර බලා ගාන්ධි මහත්තයාට ඒ බව එසැණින්ම දන්වා ඇත. ඒ සමගම ගාන්ධි මහත්තයා කි‍්‍රයාත්මක වීම නිසා ජීවිත හානියක් සිදු නොවීය. දෙපක්‍ෂය අතර සිදු වූ වෙඩි හුවමාරුව දරා ගත නොහැකි වූ සමහර කැරළිකරුවන් පළා ගොස්ය.



    රෝගීන්ට සිදු වූයේ කුමක් දැයි දැන ගැනීමට පියසිරි කුලරත්න, ආරි හා සුනිල් රත්නසිරි අඳුරට මුවා වී කඳවුර දෙසට දණගාමින් කිට්ටු කළහ. පියසිරි හා සුනිල් අතර මග නවතා ආරි එක්වරම කඳවුරට තුළට දිව ගියේය. රෝගීන් පවා කඳවුරෙන් පළා ගොස් ඇති බව ආපසු පැමිණ ආරි පැවසුවේය. එවැනි අවදානම් සහිත වැඩවලට ආරි කවදත් රුසියෙකි.



    කඳවුර අසල සිටීම අවදානම් නිසා පාරට බඩ ගෑ තිදෙනා පාරක් තොටක් නොදැන ගම තුළට දුවන්නට වූහ.



    වසා දමන ලද කඩයක් ඉදිරිපිට සිටි මුර සේවාවේ යෙදෙන ග‍්‍රාමාරක්ෂක කණ්ඩායමකට මොවුන් කොටු වූයේ මේ අතරතුරේදීය. ග‍්‍රාමරක්ෂකයෝද කලබල වූහ. ”මෙන්න චේ ගුවේරාකාරයෝ”ලෙස කෑ ගසමින් ඔවුන් මේ තිදෙනා අල්ලා ගැනීමට දිව ආහ.



    මඩ පිරි බටය සහිත ගිනිඅවිය මේ වේලාවේ තිබුණේ ආරි අතය. අවදානම් අවස්ථාවලට ඉදිරිපත් වීමේ හැකියාව තිබූ ආරී ගිනිඅවිය ඉදිරියට එන ඔවුන් වෙතට එල්ල කළේය.




    ”එන්න එපා ඉස්සරහට, මරනවා.” ආරි ගිගුරුවේය. කිසිදු අවියකින් සන්නද්ධව නොසිටි ග‍්‍රාමාරක්‍ෂකයෝ කෑ ගසමින් පලා ගියහ. ඔවුන් අත එක ගිනිඅවියක් හෝ තිබිණි නම් තිදෙනාගේ ඉරණම අවාසනාවන්ත වීමට ද ඉඩ තිබිණි. මඩ පිරුණ බටය සහිත ගිනිඅවිය ආරී පත්තු කළේ නම් බටය පිපිරී විනාශයක් සිදු වීමේ අවදානමක් ද විය.



    ග‍්‍රාමරක්ෂකයෝ පැන යාමෙන් පසු අවදානම වැඩි වූවා මිස අඩු වූයේ නැත. මේ පිළිබඳව ඔවුන් අදාළ ආරක්‍ෂක අංශ වෙතට වාර්තා කිරීමට තිබූ ඉඩකඩ වැඩිය.



    ආරි සරමෙන් රෙදි කැබැල්ලක් ඉරා හීන් කෝටුවක දවටා බටය පිරිසිදු කිරීමට උත්සාහ කළේය.



    කඳවුරට එල්ල වූ පළමු ප‍්‍රහාරයෙන් පැයකට පමණ පසු දෙවැනි ප‍්‍රහාරයක් ද එල්ල විය.. එය පළමු ප‍්‍රහාරයට වඩා භයානක විය.. එවර සෙබළුන් පැමිණ ඇත්තේ සමූල ඝාතනයකටය.



    ”එකවරම කඳවුර ගිනි ගත්තා. කඳවුරට ගිනි තියන්න ඇත්තේ අපේ අය වෙන්න බැහැ. හමුදාවේ ප‍්‍රාහාරය ඒක පාක්‍ෂිකවයි කෙරුනේ. ප‍්‍රතිප‍්‍රහාර දෙන්න කණ්ඩායම මෙවර හිටියේ නැහැ. ඒ නිසා කඳවුර ගිනි තියන්න ඇත්තේ හමුදාවෙන්මයි. පසුදින උදේ වන විට කඳවුර සම්පූර්ණයෙන්ම පිළිස්සී බිත්ති පවා පොළවට සමතලා වී එකම අළුගොඩක් ඉතිරිව තිබූ බව ලක්ෂ්මන් එදීරිවීර පැවසුවේය.



    පලා යමින් සිටි පියසිරි, සුනිල් හා ආරිටද කඳවුරට එල්ල වූ දෙවැනි ප‍්‍රහාරය හා ගින්නනේ විනාශ වෙන අයුරු දැක ගැනීමට හැකි විය.



    1971 කැරැල්ලේ දී ජනතා විමුක්ති පෙරමුණ සතුව අගනුවරට නුදුරින් පිහිටි එකම කඳවුර වූ දිවුලපිටිය කෙහෙල්ඇල්ල කඳවුර විනාශ වූයේ මැයි තුන්වැනි දින මධ්‍යම රාතී‍්‍රයේදීය.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    mama nan hithanne Wijeweera mahathmaya ... gedi pitin samajawadaya meheta genapu kenek kiyala ... aththatama ethumage thibba daksha kathi kathwaya ... sanweedana shakthiya oita wada hoda widiyakata pawichchi karanne thibuna ....

    mokada samajawadeya edath lankawata hari giye na adath hari yanne na ... ethuma genapu den une ... sahenna denek maruna eke ... mama hithanewa ethanadi nan Wijeweera mahaththaya waradda gaththa kiyala !!!!!!!!
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0

    1)වැඩිහිටි සමාජයට විජේවීර සහෝදරයගේ අදහස් කාවද්දන්න ඒ කාලේ ගත්තු පියවර මොන වගේද? එහි අසාර්තකත්වය පසුකාලීන ව්‍යසනයන්ට ප්‍රධාන හේතුවක් උනා නේද?

    වැඩිහිටි සමාජයට විප්ලවීය අදහස් කාවද්දන්න බැරි වීමම තමයි 71 කැරැල්ලේ ව්‍යසනයට එක් මුලික හේතුවක් වෙන්නේ..මාක්ස්වාදය ගැන ඊට පෙර කිසිදා විමසුමක් කොට නැති එය සරලව වටහා ගන්න ක්‍රමයක් රට තුල ස්ථාපිත වී නොතිබුන යුගයක හා ඒ ගැන වැඩිහිටියන් දැනුවත් වෙන්න ඔවුන් තුල තිබුණු අකැමැත්තත් ඔවුන්ව තව තවත් ධනවාදී පාලක පංතිය වෙතම විශ්වාසය රඳවා ඔවුන් කියන දේ හරි යැයි හිස් මුදුනින් පිලිගන්න ස්ථාවරයක තබා සිටියා කියලයි මං දකින්නේ..
    විජේවීර සහෝදරයාට වැරදුන තැනත් එතැනයි..

    ප්‍රසිද්ධ රැස්වීම් හා දේශණ හැරුණු කොට වැඩිහිටියන් දිනාගන්න කියල තරුණයින් අතරට ගෙන ගියා වගේ ලොකු ආකර්ශනීය වැඩ පිලිවෙලක් විජේවීර සහෝදරයා ගාව තිබුනේ නැහැ...යම් කිසි වැඩිහිටි කොටසකුත් විජේවිර සහෝදරයාට පක්ෂපාතීව හිටියා නමුත් ඉතා කුඩා ප්‍රතිශතයක්..

    ඒ විතරක් නෙවෙයි ධනවාදී පාලක පංතිය තුල බින්න බැහැල හිටපු අපේ පැරණි සමාජවාදියෝ පවා රටේ වැඩිහිටි ජනතාවගෙන් ඉල්ලීම් කලා විජේවීර සමඟ එකතු නොවෙන ලෙසට.ඒ යුගයේ විජේවීරට බහුතරයක් තරුණ පිරිස් ඇහුම්කන් දුන්නට වැඩිහිටි පිරිස් ඇහුම් කන් දුන්නේ ඔවුන් කවදත් ගරු කරපු පැරැණි වමේ නායකයින්ගේ කීමටයි..

    ඒ වෙනකොට තවත් විශේෂ දෙයක් ධනවාදී පාලක පංතිය පැරැණි වමේ නායකයින් හා එක්වී සුක්ෂමව ක්‍රියාත්මක කලා.. විජේවීර විප්ලවයකින් රටේ බලය ඇල්ලුවොත්
    අවුරුදු 40 ට වැඩි හැම කෙනෙක්වම මරා දමනවා කියලා කට කතා පැතිරෙව්වා.. ඒවා හරි සැරට අපේ මිනිස්සු විශ්වාස කලා..ඔය වගේ ගොඩාක් හේතූන් නිසා විජේවීරට රටේ බහුතරයක් වූ වැඩිහිටි ජනතාව දිනා ගන්න බැරි වුනා..

    2)සින්හල දෙමල බෙදුම්වාදය පිළිබඳව විජේවීර සහෝදරයගෙ ආකල්පය මොනවගේද? (සමහරක් පිරිස් ප්‍රභාකරන් හා විජේවීර සමාන කිරීමකට උත්සාහ දැරූ නිසයි අහන්න හිතුනෙ )

    මෙතැනදී මුල ඉඳන්ම විජේවීර සහෝදරයා හිටියේ දැඩි මතයක..ඔහු කොහෙත්ම කැමතිවුනේ නෑ වෙනම දෙමල රාජ්‍ය සංකල්පයකට හැබැයි දෙමල ජනතාවට ජාතියක් වශයෙන් ධනවාදී පාලන තන්ත්‍රයක් තුල තිබුණු අපහසුකම් හා අසාධාරණකම් ගැන නොබියව කතා කලා.. ඔවුන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතිය දිය යුතු බව ඔහු කියා සිටියා.. ඔහුගේ මේ ජාත්‍යානුරාගි දෙමල ඊලාම් විරෝධි පිලිවෙතත් බොහෝ දුරට ඉවහල් වුනා 1983 ජේ.ආර් විසින් විජේවීරගේ පක්ෂය තහනම් කරන්න..

    පුලුවන් නම් හොයාගෙන කියවන්න විජේවීර විසින්ම බෙදුම්වාදය ගැන බොහෝ කරුණු අඩංගු කොට 1985 ලියපු "solutions to tamil eelam struggle" කියන පොත..එහි ගොඩාක් විස්තර තියෙනවා ඔහු සිටියේ කොයි මතයෙද හා ඊට දිය හැකි සමාජවාදී විසඳුම් මොනවාද කියන එකට...

    තව දෙයක් ඔබ හරි..ධනවාදී පාලක පංතිය හරි සුක්ෂමව ඔය ප්‍රචාරණය ගෙන ගියා රට පුරාම ප්‍රභාකරන් හා විජේවීර දෙන්නම මිනී මරුවෝ කියල..නමුත් විජේවිර පැහැදිලිව කියා තිබුණා ඔහුගේ අරගලය පන්ති දේශපාලනය (class politics)බවත් ප්‍රභාකරන් කරන්නේ බෙදුම්වාදි ජනවාර්ගික දේශපාලනය (ethnic politics) බවත්....


    3)ප්‍රජාත්න්ත්‍රවාදී විසදුමකට නොගොස් කැරලි වාදී මාවතකාට යොමු වීමට බලපෑ ප්‍රධාන හේතු මොනවද?


    මුලික දෙය රටේ එදා වෙනකොට ඔවුන්ට වෙන ආදේශකයක් ගැන හිතන්නවත් බැරි තරමට පාලක පංතිය විසින් රටේ ඇති කර තිබුණු තරුණ අසහනය... විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගේ විරැකියාව, උපාධිය තිබියදීත් සුදුසුකම් කොහෙත්ම නැති පක්ෂග්‍රාහී රැකියා ලබා දීම්..

    විශේෂයෙන්ම මහා පරිමානයෙන් කල රාජ්‍යය මර්ධනය හා හිංසාව...ජවිපෙ හා සම්බන්ධ බොහෝ තරුණ තරුණියන් හොර රහසින් ගෙන ගොස් වධ හිංසාවන්ට හා මර්ධනයට ලක් කොට හොර රහසේ මරා දැමීම්..

    විජේවීර සහෝදරයාට තම දේශපාලනය එලිපිට ජනතාව අතරේ කරන්න ලැබුණු කාල සීමාවත් බොහෝ සීමිතයි..මොකද බොහෝ අවස්ථාවල ඔහු සිටියේ පාලකයින්ගේ සිර කඳවුරුවල.. ඒකත් මේ කැරැල්ල මෙසේ ඉක්මන් වීමකට බොහෝදුරට ඉවහල්වූ බව මගේ හැඟීමයි..

    කොටින්ම 71 කැරැල්ල ආරම්භ වෙනකොට විජේවීර සිරභාරයේ..ඔහුගේ අනුදැනුම නැතිව දේශපාලන බල මංඩලයේ වෙනත් නායකයින් තමයි ඉක්මන් තීරන මතින් රජයේ කුලී හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කලේ..ඔය වගේ බොහෝ හේතු තියෙනවා වැරදුනු තැන් ගැන පසු විපරමෙන් බලන කොට...


    කාලයත් එක්ක ලොකු සටනක නිරත වෙලා ඉන්නේ, කෙසේ නමුත් පිළිතුරු ටික කියෙව්වා. බොහොම ස්තුටියි නැවතත්. හැකි ඉක්මනින් ඇවිත් සියලු කරුණු විමසුමකට බඳුන් කරන්නම් :yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by Tony Yayo
    Rohana Wijeyweeera? :lol:

    Son of a bastard. Thank god the fag got killed back then at Kegalle.


    As you can see most of the comments have backup points to support the main idea. So why dont you come up with something like that? :rolleyes:


    Quote:
    Originally Posted by cyber22118

    ookaa hindaa ratata wehcha winaasee makanna bee...

    පදනමක් ඇතුව සාකච්ඡා කරමු. :yes:




    Bro....don't worry about these ppl who don't have a valid point to talk and facts to prove.

    Also look at the false statement the first guy made up as to say Wijeweera got killed in Kegalle.

    Also look at how this guy insults and disrespects such a revolutionary leader by calling him a fag.

    මේ පිරිසට කැරැල්ල ගැන තිබෙන අවබෝධය මේ ඉහත සඳහන් කියමන්වලින්ම පැහැදිලිව ඉස්මතු වෙලා පේනවා..මේ අය වෙනුවෙන් තමයි මං මේක ලිව්වේ..මුල සිට මොකක්ද මේ ලිපි පෙලෙන් කියන්න හදන්නේ කියල තේරුම් කොට නොගෙන අඳුරේ අත පත ගාන්න ගියාම හා ඇහින්දාස් කෑලි ටිකක් අමුණන්න ගියාම ඔහොම වෙනවා..

    වෙන රටක විප්ලව කරපු චේ ක්‍රස්තෝ වගේ විප්ලවීය නායකයෙක් ගැන ලියල තිබුණා නම් බලන්න තිබුණා ඔය කියන පිරිසම මොකුත් නොදැන ඒ අය වර්ණනා කරන්න පෝලිම් ගැහෙන හැටි..

    ඕක ඒ ගොල්ලන්ගේ වැරැද්ද නෙවෙයි..

    මේ සීනිබෝල ෆැන්ටසි සමාජ ක්‍රමය ඔවුන්ගෙ ඇස් වැහෙන්න දාලා තියෙන පාට පාට කන්නාඩියේ වැරැද්දයි.....