දැන් ස' ආව ගමන් ජනනායක ඇතුළු ටියුෂන් මාස්ටර්ලත්, දොස්තරවරු ඉංජිනේරුවෝ ඇතුළු "විද්වත් වෘත්තිකයනුත්" සතුටු වෙන මාදිලියේ වැඩක් වුනානේ. ඡන්ද පොරොන්දුවක්. ආදායම් බදු අඩු කිරීම නේ? හරි ෂෝක්. කවුද කැමති පැත්තක ඉන්න හිඟන්නන්ට නිකං කන්න දෙන්න? ඔය බදු වෙනස නිසා වාසි වෙන්නේ කාටද? ඔය කියන විද්වත් වෘත්තික, බුද්ධිමත් මධ්‍යම පන්තියට නේ. හරි ඕකේ. කමක් නෑ. මිනිස්සුන්ගේ ආසාවල් නේ.
ඔය වෙනස නිසා රජයේ ආදායමට වෙච්ච පාඩුව කොච්චරක්ද? රුපියල් බිලියන් 2000ක් ලු නේ. බන්ග්ලාදෙශේ දුන්නු ණය කොච්චරක්ද? ඒක අමතක කරන්න. ගොවියන්ට අවශ්‍ය පොහොර ගෙන්වන්න වසරකට යන වියදම කොච්චරක්ද? 2018 දී මේක රුපියල් බිලියන 40ක්. අපි ඕකට තව බින්දුවක් අගට දාමු - නිකන් තියෙන බින්දු නේ. ඕක රුපියල් බිලියන 400ක්ම කියමු. ඕකේ. දැන් හිතන්නකෝ අර ආදායම් බද්ද වෙනස් නොකලා කියල. එහෙනම් අවුරුදු පහකට පොහොර ගෙන්නන්න තිබ්බ එක අවුරුද්දක බද්දෙන්.
දැන් අරහේ ගොවියෝ මැරෙන්ඩ හදනවා පොහොර නැතුව. අපේ විද්වත්තු ඔලුවේ අත ගහගෙන කල්පනා කරනවා මොකක්ද යකෝ ආර්ථිකේට වුනේ කියල! බ්‍රේන් සර්ජරි කරන ඩොක්ටර්ලා MMT ගැන පොත් කීයවනව. ඒත් හිතාගන්න බෑ මොන මගුලක්ද වෙන්නේ කියල. කොච්චර විවිධ තියරිද.
රයිට්, මට මේ කාලේ මම ආශ්‍රය කරන යාළුවො කීප දෙනෙක්ගෙන්ම කීව අදහසක් තමා ලංකාවට කෙලවේගෙන යන්නේ, කොහේ හරි රටකට පනින්න ඕන කියල. කවදාවත් වෙන රටකට යන්න බලාපොරොත්තුවක් නොතිබ්බ අය පවා මේ සබ්ජෙක්ට් එකට අලුතෙන් බැහැල ඉන්නව. මේ සමහරු මේ ආණ්ඩුව ගේන්න සහ එනයින් බදු අඩුකරගන්න නිදිවරාගෙන දායක වුනු අය ඈ. වෙන රටකට යන එක උන්දැලගේ පුද්ගලික වැඩක් සහ ඕවට කිසිම දෙයක් මම කියන්නේ නෑ. ඒ වුනාට අපි මේවයේ සෝෂල් ලොජික් එක බලමු ටිකක් අන්වීක්ෂය යට තියල.
ලංකාවේ ඉන්නකොට බදු ගෙවන්න බෑ. දාහක් හේතු. මම දුක්මහන්සියෙන් හම්බ කල ඒවා. මම මොකටද වෙන උන්ට මේක දෙන්නේ? අනික බද්ද දුප්පත්තුන්ට යන්නේ නෑ මේවා දේශපාලකයෝ ගසා කනව. etc, etc. දන්නවනේ කතන්දරේ. QED. එනිසා "අපි ගෙවන්නේ නෑ". රයිට්. දැන් රට ඔල්මෝස්ට් බංකොලොත්. එන පොට හොඳ නෑ. වෙන රටකට පනින්න ඕන. කොහෙටද යන්නේ? ආ මම දන්නව! යං ඕස්ට්‍රේලියා! කොහොමහරි IELTS ගොඩ දාල ගියා කියපන්කො. දැන් මෙයාල විද්වත් වෘත්තිකයෝ නිසා (නැතුව පොහොර නැතිව වේලෙන ගොයියන්ව ඕස්ට්‍රේලියාවෙන් ගන්න කියලද කියන්නේ?) සාමාන්‍යයෙන් 35%ක විතරවත් ආදායම් බද්දදක් මේගොල්ලෝ වාර්ෂිකව ඕස්ට්‍රේලියන් රජයට ගෙවනව. ඒ වුනාට මෙයාල ලංකාවේදී ඔයිට වඩා පට්ට අඩු බද්දක්වත් (දන්නා කෙනෙක් නිශ්චිත සංඛ්‍යා දෙන්න) ගෙවුවේ නෑනේ. ඔස්ට්‍රේලියාවේදී ගෙවයිද? නෑ! නෑ? නෑ නේද??? පිස්සුද, හොඳට බදු ගෙවන කීකරු පුරවැසියෝ වෙනවා එහෙදි. ලංකාවේ හිඟන්නන්ට කන්න දෙන්න බදු ගෙවන්න බැරි වුනාට ඕස්ට්‍රේලියාවේ හිගන්නන්ට කන්න දෙන්න පුළුවන්. බලන්නකෝ ඕක තමා කියන්නේ Travel really changes a man කියල. අපේ විද්වතා දයාර්ද, තම සහෝදර පුරවැසියා ගැන සිතන, ලතෙත් මිනිහෙක් බවට පත්වෙනව.
එනිවේ, බදු තියා ඕයි. මිලියන් ගණන් වලින් පඩි ගන්න පිටරට වැඩ කරන උන් අර ගුවන්තොටුපොලෙන් යනකොට විදේශ සේවා එකට ගෙවන්න තියෙන 17,000 වත් ගෙවන්නේ නෑනේ. ඒකටත් වටවන්ගු දාල බේරිලා යනවනේ. මැදපෙරදිග වැඩ කරල සොච්චමක් හොයන ගෘහ සේවිකාවෝ නම් කමක් නෑ. මේ MNC වල වැඩ කරන හයි ක්ලාස් මහත්තුරු. ඉතින් පායයිද ඕයි සූරියා?
එනිවේ ඕස්ට්‍රේලියාවේ ටැක්ස් රේට් අලවල තියෙනවා. නිවාඩු පාඩු වෙලාවක බලල හුස්ම ඉහලට ගන්න, පහලට හෙලන්න ඈ. කාබනික වගාවෙන් වෙන යහපත ගැන හිතන්න! මොබයිල් ෆෝන් වැනි ලක්ෂරි සුකුරුත්තම් භාණ්ඩ වලින් අපේ මොලයට සහ සමාජයට වෙන විනාශය ගැන හිතන්න. අපේ සල්ලි අපිට අච්චු ගහන්න බැරි නම් අපිට අපේ මුදල් ඒකකයක් මොකටද හිතන්න. වැරදිලාවත් අපි ටැක්ස් ගෙවුවා නම් කියල හිතන්නෙපා ඕව පවුකාර සිතුවිලි. එහෙම බැරිනම් ස' ට බනින්න. මම නම් ස' ට බනින්නේ නෑ මොකද ස' කියන්නේ නියෝජිතයා මිස කාරකයා නොවන නිසා.
ප. ලි. මේ විද්වත්තු ඔක්කොමල මේ අපි වගේ අපතයෝ නෙමේ සුපිරිසිදු දේශප්‍රේමියෝ ඈ.