විද්‍යාවට අහු නොවෙන විස්වාස!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    විද්‍යාව පරිණාමය වේ, ආගම අනුවර්තනය වේ

    ධර්මයනම් එකම තමයි. පරිණාමය වෙන්නෙත් නැහැ, අනුවර්තනය වෙන්නෙත් නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ. සන්දිථ්ඨිකයි, අකාලිකයි.
     
    • Like
    Reactions: 6h057

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    අනික් අතට ඉතිහාසය දෙස බලන කොට ආගම් අදහස් ටික ටික විද්‍යාව පුළුල්වීමත් එක්ක ප්‍රතික්ෂේප වෙනවා. උදාහරණයක් විදියට සමහර ආගම් විශ්වාස කලේ මිනිස්සු දෙවියන් විසින් මැව්වා කියල. පරිනම්වදයත් එක්ක එක ප්‍රතික්ෂේප උන.

    විශ්වය සහ මිනිසා ඇතිවුනේ අවුරුදු බිලියන ගණනක අතිශය සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිපල විදියට. මේක තේරුම් ගන්න විද්‍යාවට යම් කාලයක් දෙන්න ඕනේ. පසුගිය අවුරුදු 100ට මොන තරම් දියුණුවක් උනාද? ඊලග අවුරුදු 100ට අපිට හිත ගන්න බැරි දේවල් හොයාගනිවී.

    මනුෂ්‍යයා වඳුරාගෙන් පරිණාමය උනා කියලා පරිණාමවාදය කියනවා,
    ඒත් scientistla හොයාගෙන තියෙනවා මනුෂ්‍ය ඩීඑන්ඒ (DNA) එකේ එක් කොටසක් තියෙනවා කියලා, අනිත් ජීවින්ට සමාන නැති. ඒ කියන්නේ මනුෂ්‍යයා 100% පරිණාමවාදයේ ප්‍රතිපලයක් නෙවෙයි.
    ඒ හින්දා මනුෂ්‍ය පරිණාමය, පරිණාමවාදයෙන් පමණක් පැහැදිලි කරන්න බැහැ.

    හිතලා බලන්න — ඇයි මිනිසුන්ගේ විතරක් “බුද්ධිය” මෙච්චර වැඩි වෙලා තියෙන්නේ, හැබැයි වෙන කිසිම ජීවියෙක්ගේ (පෘථිවියේ) බුද්ධිය එතරම් වර්ධනය නොවුණා? ඇයි වෙන බුද්ධිමත් වඳුරෝ එහෙම නැත්තේ?

    There's a missing link...

    හින්දු ආගමෙ තිබෙන astronomical facts (Hindu astronomy), නව විද්‍යාත්මක හොයාගැනීම් සමඟ බොහෝ දුරට සමානයි. (Also check Buddhist cosmology)
    ඒ කියන්නේ පුරාණ ආගම්ික ග්‍රන්ථ මිනිසුන් හිතනවා වගේ බොල්ඳ දේවල් නොවේ.

    "මිනිස්සු දෙවියන් විසින් මැව්වා" --- එහෙම නම් මේ ගැනත් ඔය හිතනවාට වඩා ගැඹුරු විදිහට බලන්න වෙයි..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    What i beleive is there is no random events in universe.All atoms follow a certain law.It seems random though to our eyes.But there is a hidden force behind that governs it
    සබ්බ ධම්මා අනත්තා
    Do you get it??

    මනුෂ්‍යයා වඳුරාගෙන් පරිණාමය උනා කියලා පරිණාමවාදය කියනවා,
    ඒත් scientistla හොයාගෙන තියෙනවා මනුෂ්‍ය ඩීඑන්ඒ (DNA) එකේ එක් කොටසක් තියෙනවා කියලා, අනිත් ජීවින්ට සමාන නැති. ඒ කියන්නේ මනුෂ්‍යයා 100% පරිණාමවාදයේ ප්‍රතිපලයක් නෙවෙයි.
    ඒ හින්දා මනුෂ්‍ය පරිණාමය, පරිණාමවාදයෙන් පමණක් පැහැදිලි කරන්න බැහැ.

    හිතලා බලන්න — ඇයි මිනිසුන්ගේ විතරක් “බුද්ධිය” මෙච්චර වැඩි වෙලා තියෙන්නේ, හැබැයි වෙන කිසිම ජීවියෙක්ගේ (පෘථිවියේ) බුද්ධිය එතරම් වර්ධනය නොවුණා? ඇයි වෙන බුද්ධිමත් වඳුරෝ එහෙම නැත්තේ?

    There's a missing link...
    කොහෙද මචං එහෙම DNA තියෙන්නෙ. ? දානවකෝ සෝර්ස් එක ??

    මොන බහුබුතද ඕයි මේ ලියන්නේ? නියන්ඩර්තාල් ගැන අහලා තියෙනවද? මිනිස්සු නියන්ඩර්තාල් එක්ක මේට් කලා කියල දන්නවද. නියන්ඩර්තාල්ව මරල විනාස කලේත් මිනිස්සු. මිසින්ග් ලින්ක් කියන්නේ outdated කතාවක්.
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,954
    2,085
    113
    සබ්බ ධම්මා අනත්තා
    Do you get it??

    කොහෙද මචං එහෙම DNA තියෙන්නෙ. ? දානවකෝ සෝර්ස් එක ??

    මොන බහුබුතද ඕයි මේ ලියන්නේ? නියන්ඩර්තාල් ගැන අහලා තියෙනවද? මිනිස්සු නියන්ඩර්තාල් එක්ක මේට් කලා කියල දන්නවද. නියන්ඩර්තාල්ව මරල විනාස කලේත් මිනිස්සු. මිසින්ග් ලින්ක් කියන්නේ outdated කතාවක්.

    Please be respectful, it's only a discussion
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Last year dadata cancer ekak haduna stage 4.api meethrigala gihin danayak dunna.Tawa eletronic items ehema kitchen ekata dunna inna hamduruwanta kema uyanna.dan cancer eka ne november weddi.
    කීමෝ තෙරපි නොකරද ඕව කලේ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    විද්‍යාවත් තාම අප්ඩේට් වෙන ගමංනෙ තියෙන්නෙ... ඉතිං විද්‍යාවෙන් කොහොමද හැම දේම ඔප්පු කරන්නෙ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මනුෂ්‍යයා වඳුරාගෙන් පරිණාමය උනා කියලා පරිණාමවාදය කියනවා,
    ඒත් scientistla හොයාගෙන තියෙනවා මනුෂ්‍ය ඩීඑන්ඒ (DNA) එකේ එක් කොටසක් තියෙනවා කියලා, අනිත් ජීවින්ට සමාන නැති. ඒ කියන්නේ මනුෂ්‍යයා 100% පරිණාමවාදයේ ප්‍රතිපලයක් නෙවෙයි.
    ඒ හින්දා මනුෂ්‍ය පරිණාමය, පරිණාමවාදයෙන් පමණක් පැහැදිලි කරන්න බැහැ.

    හිතලා බලන්න — ඇයි මිනිසුන්ගේ විතරක් “බුද්ධිය” මෙච්චර වැඩි වෙලා තියෙන්නේ, හැබැයි වෙන කිසිම ජීවියෙක්ගේ (පෘථිවියේ) බුද්ධිය එතරම් වර්ධනය නොවුණා? ඇයි වෙන බුද්ධිමත් වඳුරෝ එහෙම නැත්තේ?

    There's a missing link...

    හින්දු ආගමෙ තිබෙන astronomical facts (Hindu astronomy), නව විද්‍යාත්මක හොයාගැනීම් සමඟ බොහෝ දුරට සමානයි. (Also check Buddhist cosmology)
    ඒ කියන්නේ පුරාණ ආගම්ික ග්‍රන්ථ මිනිසුන් හිතනවා වගේ බොල්ඳ දේවල් නොවේ.

    "මිනිස්සු දෙවියන් විසින් මැව්වා" --- එහෙම නම් මේ ගැනත් ඔය හිතනවාට වඩා ගැඹුරු විදිහට බලන්න වෙයි..

    ඩාවින් පරිණාමය ගැන කතා කරන කොට DNA ගැන දන්නේ නැහැ. එයාටත් සමහර දේවල් ප්‍රශ්න තිබ්බ.
    පරිණාමයදී එක සත්ව කොට්ටශයකට වෙන කාටවත් නැති අලුත් වෙනස්කම් තියෙන්න පුළුවන්.සරල හේතුව

    (1) DNA copy කරන කොට වෙනස් කම් ඇති වෙනවා ඊලග පරම්පරාවට. ඒ නිසා අලුත් ලක්ෂණ සහිත සත්වයන් හැමවෙලේම බිහිවෙනවා
    (2) එම සත්වයන්ගෙන් පරිසරයට වැඩියෙන්ම අනුවර්තනය වෙන අය ඉතිරි වීමේ සම්භාවිතාව වැඩි

    උදාහරණයකට ගොඩක් ඉස්සර virus එකක් අවහම, බෙහෙත් නැති නිසා මිනිස්සු මිලියන ගනනක් මැරෙනවා (සමහරවිට 90% විතර ). එත් බොහොම කලාතුරකින් කිහිපදෙනක් බේරෙනවා ඒ virus එකෙට ඔරොත්තු දෙන ජාන සහිත අය

    සමහර සත්තු බුද්දියෙන් ඉහලයි (මිනිසා, ඩොල්පින්), සමහර සත්තුන්ට අපිට වඩා දුවන්න පුවන්, ගස් නගින්න පුළුවන්. බුද්දිය කියන්නේ තව එක දෙයක් විතරයි.

    විද්‍යාවත් තාම අප්ඩේට් වෙන ගමංනෙ තියෙන්නෙ... ඉතිං විද්‍යාවෙන් කොහොමද හැම දේම ඔප්පු කරන්නෙ...
    මේක වැරදි වැටහීමක්

    විද්‍යාවෙන් කියන්නේ නැහැ ලෝකේ හැමදේම දන්නවා කියල. විද්‍යාවෙ කියන්නේ මිනිස්සුන්ට දැනට ලෝකය ගැන තියෙන හොදම අවබෝදය.

    යම් ආගමක කියනවනම් කර්මය, දෙවියන්, නැවත ඉපදීම, නිවන කියල දෙයක් තියෙනවා කියල, එක ප්‍රබල සාක්ෂි ඇතුව ඔප්පු කරන එක ඒ ආගමේ වැඩක්.
    ------ Post added on Nov 13, 2025 at 2:00 AM