විදුලිය ගබඩා කර තබා ගන්නා කැපෑසිටර් හදුන&#3535

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    විදුලිය ගබඩා කර තබා ගන්නා කැපෑසිටර් හදුන&#

    විදුලි පරිපථයක බොහෝවිට දැකියහැකි උපකරණයක් තමයි කැපෑසිටර් එහෙමත් නැත්නම් කන්ඩෙන්සර් යන නමින් හදුන්වන්නේ. සුලු කාල පරාසයකට විදුලිය ගබඩා කර තබා ගැනීම තමයි මේ උපකරණයේ මූලිකම කාර්යභාරය. එනමුත් කැපෑසිටරයේ කාර්යයාභාරය විදුලිය ගබඩා කර තබා ගැනීමට පමණක් සීමා වන්නේ නැහැ. තාවකාලික බැටරියක් වශයෙනුත්, බල සැපයුමකදී නම් බලය සුමට කරගැනීම සදහාත්, ගුවන් විදුලියක හෝ රුපවානියක නම් සංඛ්‍යාතයන් සුසර කරගැනීමටත්, මෝටරයක් බලගැන්වීමේදී අවශ‍ය ක්ෂණික එමෙන්ම ස්ථායී බලය සැපයීමටත් කැපෑසිටරයන් යොදා ගැනීම අවස්ථාවන් කිහිපයක් පමණයි. එමෙන්ම ඩෙටනේටර් මෙන්ම පරමාණුක අවි බල ගැන්වීම දක්වාත් කැපෑසිටරයන් යොදා ගනු ලබනවා.මෙම උපාංගය ධන රිණ වශයෙන් වෙන් වෙන්ව අග්‍ර 02ක් පිහිටන අයුරින්ද ධන රිණ බේදයක් නොමැතිව අග්‍ර 02ක් පිහිටන අයුරින්ද දක්නට ලැබෙනවා. නමුත් භාවිතාවේදි මෙන්ම සංකේත වලදීත් මේ වෙනස එනම් ධන රිණ බේදයක් සහිතද, නැද්ද යන්න පැහැදිලිව තේරුම් ගත හැකිවනවා. රූපසටහන් 01 මගින් ධන රිණ වශයෙන් අග්‍ර වෙන්වන කැපෑසිටරයක් හා රූපසටහන් 02 මගින් ධන රිණ බේදයක් නොමැති කැපෑසිටරයකුත් ඒවායේ සංකේතයන් සමගම පෙන්නුම්කරනවා.


    CAPACITORS.jpg


    කැපෑසිටරයන්ගේ අගය මනිනු ලබන ඒකකය "ෆැරඩ්" වන අතර භාවිතාවේදී අප හට බොහෝ විට හමුවන්නේ මයික්‍රො ෆැරඩ් සහ පිකො ෆැරඩ් අගයන්ගෙන් යුත් කැපෑසිටර්ස් පමණි. එනම් ෆැරඩ් එකකින් මිලියනයකින් කොටසක් මයික්‍රො ෆැරඩ් එකක් ලෙසද මිලියන දහයකින් කොටසක් පිකෝ ෆැරඩයක් ලෙසද හැදින්වෙනවා. ධන රිණ වශයෙන් වෙන්වෙන්ව අග්‍ර පිහිටන කැපෑසිටරයන් මයික්‍රො ෆැරඩ් අගයන්ගෙන් යුක්ත වන අතර ධන රින බේදයක් නොමැති කැපෑසිටරයන් පිකෝ ෆැරඩ් අගයන්ගෙන් යුක්ත වනවා.

    කැපෑසිටරයක අගය ෆැරඩ් ඒකකයන්ගෙන් මනිනු ලැබුවද කැපෑසිටරයකට ඔරොත්තු දිය හැකි නොමැති නම් ලබාදිය හැකි වෝල්ටීයතාවයේ ප්‍රමාණයද කැපෑසිටරයේම සදහන් වෙනවා. උදාහරණයක් ලෙස 6V විදුලියෙන් ක්‍රියාත්මක වන ගුවන්විදුලි යන්ත්‍රයක බොහෝ විට භාවිතාවන්නේ 12V හෝ ඊට ආසන්න අගයක කැපෑසිටරයන්. මෙම ලබාදිය හැකි වෝල්ටීයතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබා දීමෙන් කැපෑසිටරය අක්‍රිය වනවා මෙන්ම අනතුරු සහගත තත්වයන්ද උදා විය හැකියි. දැරිය නොහැකි වෝල්ටීය අගයක් ලද වහාම කැපෑසිටරය පුපුරා යාමේ අවදානමක් ඇති විය හැකිය.

    කැපෑසිටරයක මිළ ගනන්ද ඒවායේ ෆැරඩ් අගය සහ වෝල්ටීයතාවය අනුව වෙනස් වන අතර සාමන්‍යයෙන් රෙසිස්ටරයකට වඩා වැඩි මිලක් කැපෑසිටරයක් සදහා ලබා දිය යුතුවේ. ඉහත රූපයේ දැක්වෙන මයික්‍රොෆැරඩ් 1500ක වෝල්ට් 25 කැපෑසිටරයක සාමන්‍ය මිළ රු. 10ත් 20ත් අතර අගයක වන අතර තවද ක්‍රියාත්මක නොවන රූපවාහිණි යන්ත්‍ර, පරිගණක මොනිටර්, පරිගණක බල සැපයුම් පද්ධති වැනි දෑ ප්‍රධාන විදුලියට සම්බන්ධ කර නැවත විසන්ධි කළද එම යන්ත්‍රවල බල විදුලි පද්ධතියන්ගේ ඇති කැපෑසිටර් වල විදුලිය ගබඩා වී තිබිය හැකි බැවින් ආවරණ ඉවත්කිරිමේදී සැලකිලිමත් වියයුතු බව මතකයේ තබා ගන්න.

    :):)

    උපුටා ගත්තෙ slelectronic.blogspot.com...
    Rep+++
     
    Last edited:

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    thumbs20upoe4.gif
    nice wrk dude! It reminded me of our science cls

    bad luck ..
    You must spread some reputations around before giving it to
    amila.ela again..:(:(:(so sorry dude..i'll try again..
     
    Last edited:

    පබා

    Member
    Sep 8, 2010
    65
    6
    0
    අනුන්ගෙ ලිපි උස්සලා දාන්නෙ ඇයි? ලැජ්ජ නැතුව තව REP++ ඉල්ලනවා

    41674627.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පබා;8239926 said:
    අනුන්ගෙ ලිපි උස්සලා දාන්නෙ ඇයි? ලැජ්ජ නැතුව තව REP++ ඉල්ලනවා


    මෙහෙම කරන එක නම් වැරදියි... වෙන කෙනෙක්ගෙන් ගත්තා නම් උපුටා ගත්ත තැන දාන්න ඕනේ..
     

    පබා

    Member
    Sep 8, 2010
    65
    6
    0
    ac current aka cap akaka strage karala vana kanakge athata danna-- u uda pani-- :P

    mama ova podi kale igana gathhe.. mama electronic karanava

    මෙයා ඕවා දන්නෙ නැහැ... නිකම්ම නිකම් කොපි කරනවා විතරයි:P
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A
    පබා;8239926 said:
    අනුන්ගෙ ලිපි උස්සලා දාන්නෙ ඇයි? ලැජ්ජ නැතුව තව REP++ ඉල්ලනවා

    41674627.jpg

    he has put the source.....