Polyester කැපෑසිටර් හදුනාගන්නේ මෙන්න මෙහෙමයි!!

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Polyester කැපෑසිටර් හදුනාගන්නේ මෙන්න මෙහෙමයි!!

    සමහර අයට Non Electrolytic Polyester ප්‍රධාන විදුලියෙන් එල්.ඊ.ඩී දල්වන පරිපථවල තිබෙන කැපෑසිටර් හදුනාගන්න ක්‍රම වේදයගැන ගැන සාකච්චා කිරීම මග හැරී ගොසින්. ප්‍රතිපත්තියක් විදියට පරිපථයක් ඉදිරිපත් කලා නම් ඒ දේ කලේ අවශ්‍ය කරන සියළුම උපාංග සම්බන්ධව විස්තරාත්මකව හැදින්වීමක් කිරීමෙන් අනරුතුවයි.

    Polyester.jpg



    කැපෑසිටර් සම්බන්ධව සාකච්චා කළ ලිපියේදී මා ඔබට පැවසුවා ධන රින වශයෙන් අග්‍ර නම් කෙරෙන (Electrolytic) සහ එසේ ධන රිණ වශයෙන් අග්‍ර වෙන් නොකෙරෙන (Non Electrolytic) කැපෑසිටර් වර්ග භාවිතයේ තිබෙන බව. මෙයින් Electrolytic කැපෑසිටර් වල නම් අනිවාර්යෙන්ම එයට අදාල ෆැරඩ් ප්‍රමාණය සහ වෝල්ටීයතාවය අදාල උපාංගය මතම මුද්‍රණය කර තිබෙනවා. එසේම පාද හදුනාගැනීමත් ඉතාමත්ම පහසු වන්නේ රිණ අග්‍රය (-) සංකේතය මගින් කැපෑසිටරයේ බදෙහි සළකුණු කර තිබෙන බැවින්. Non Electrolytic කැපෑසිටර් වල ධන රිණ බේදයක් නොමැති නිසා අග්‍ර හදුනාගැනීමේ ගැටළුවක් පැණ නොනැනගුනත්, ෆැරඩ් අගයන් හදුනා ගන්න වෙන්නේ නම් ඊට අදාල පහසු ක්‍රමවේදයක් මගින්.

    polypropylene_film_capacitors.jpg


    Polyester කැපෑසිටර් වල 105, 104, 224 ආදී වශයෙන් ඉලක්කම් 03කින් සමන්විත අංකයක් මුද්‍රණය කර තිබෙන අතර මෙයින් මෙයින් මුල් අංක දෙකේ අගයන් එලෙසින්ම ගත යුතු අතර අවසාන අංකයට සමාන බින්දු ප්‍රමාණයක් ගණනය කළ යුතු වනවා. උදාහරණයක් ලෙස 334 යන අංකය ගතහොත් එය 330000 ලෙස පරිවර්ථනය කරගත යුතුයි. මෙසේ පරිපර්ථනය කරගත් පසු ලැබෙන අගය අදාල කැපෑසිටරයේ පිකෝ ෆැරඩ් (pF) අගයයි. මෙය නැනෝ ෆැරඩ් (nF) බවට පරිවර්ථනය කර ගැනීමට නම් 1000න් බෙදා ගත යුතු අතර මයික්‍රෝ ෆැරඩ් (uF) බවට පරිවර්ථනය කර ගැනීමට නම් 1000000න් බෙදා ගත යුතු වනවා. එනම් 334 යන්නෙහි අගය මයික්‍රෝ ෆැරඩ් .33 (.33uF) බව ඔබට වැටහෙනවා නේද?

    පිකෝ ෆැරඩ් 1000 ක් නැනෝ ෆැරඩ් 1 කි (1000pf = 1nF)
    නැනෝ ෆැරඩ් 1000 ක් මයික්‍රෝ ෆැරඩ් 1 කි (1000nF = 1uF)

    එලෙසම කැපෑසිටරයේ අංක 3ට ආසන්නයෙන්ම ඉංග්‍රීසි අන්ෂරයක්ද මුද්‍රණය කර තිබෙන බව ඔබට පෙනී යනවා ඇති. කැපෑසිතරයට අදාල ෆැරඩ් ගණන වෙනස් විය හැකි ප්‍රතිශතය මෙම ඉංග්‍රීසි අක්ෂරය මගින් ලබාගත හැකියි.

    capacitor_tolerence.JPG


    උදාහරණයක් ලෙස කැපෑසිටරයේ මුද්‍රණය වී ඇත්තේ 334J ලෙස නම් එහි අගය මයික්‍රෝ ෆැරඩ් .33ක් වන අතරම භාවිතා කිරීමේදී ෆැරඩ් අගය වෙනස් විය හැකි ප්‍රතිශතය 5%කි. මෙහි 400V යනුවෙන් සදහන් කර ඇත්තේ මෙයට දරා ගත හැකි උපරිම වෝල්ටීයතාවයයි. වර්ණක තීරුවක් පමණක් මුද්‍රණය කර ඇති Polyester කැපෑසිටරයන්හි අගය මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඉදිරි ලිපියක් මගින් සාකච්චා කරමු.

    From >>> http://blog.electronicinside.com/


    if u like rep ++ :P:P:P
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    rep++ nam dana bae dana tha.....godak valu...starlight channel free alana bari dha.......
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    paara paara mama meeka dakka machan transfomer gana thawa wisthara one puluwannam uta liyanna kiyahan ,forum sahenna watinawa ube electronic gana thiyana eka