විදුහල වහලා ගුරුවරු මඟුල් ගෙදර ගිහින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පාසලේ විදුහල්පතිනියගේ පුත්‍රයකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා වැලිඔය, ගජබාපුර, ගජබාපුර, පරණගම විදුහල 10 දා වේලාසනින්ම වසා දමා ඇතැයි තොරතුරු වාර්තා වේ. වැලිඔය ගජබාපුර පරණගම විදුහලේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කරන විදුහල්පතිනියගේ පුතාගේ සහ එම පාසලේම ස්වේච්ඡා ගුරුවරියක සේවය කරන මනාලියගේ විවාහ මංගල උත්සවය 10 දහවල් පැවැති අතර ගුරුවරුන් ඊට සහභාගිවීමට ප්‍රාථමික අංශයේ සිසුන් පෙරවරු 10.30ට ද ඉහළ පන්තිවල සිසුන් පෙරවරු 11.00ට පමණ ද නිවෙස්වලට පිටත්කර යවා ඇතැයි ද දෙමව්පියෝ පවසති.

    විදුහලේ ආචාර්ය මණ්ඩලය පෙරවරු 10.30ට පමණ විදුහලෙන් පිටව ගොස් ඇති බව පැවසේ.

    එකොළොස්වැනි ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසලේ සිසු දරුවන් 200කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන බවත්, ගුරුවරුන් 20කට ආසන්න පිරිසක් සේවය කරන බවත් වාර්තා වේ. විදුහල්පතිනියගේ පුත්‍රයකු එම පාසලේම ගුරුවරියකට විවාහ කරදීමේ මංගල උත්සවයක් වෙනුවෙන් පාසල වේලාසනින්ම වසා දැමීම පමණක් නොව මෙදින පාසලට පැමිණි සිසු දරුවන්ට ඉගන්වීම් කටයුතු නොකර සෙල්ලම් කරන්නට දී ගුරුවරුන් මංගල උත්සවයට සූදානම් වෙමින් සිටි බව දෙමවුපියෝ කියති. ඉතා කටුක ජීවිතයක් ගත කරමින් පාසල් යවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එක් දිනක් හෝ කඩාකප්පල් වීම ශෝචනීය බවද ගම්වැසියෝ කියති.



    මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප එම පාසලේ විදුහල්පතිනිය වන ආර්.කේ. ඇනස් ශ්‍රියාලතා මහත්මියගෙන් විමසූ අතර ඇය කීවේ ‘' ඔයා ඔය ගැන දැනගන්න සඳුදාට පාසලට එන්න. ඔයා වැලිඔය ඉන්නව නම් සම්පත්නුවර මගුල් ගෙදර අපි ඉන්න තැනට එන්න යනුවෙනි. අප එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාරේ දී හෝ හමු වී කතා කරමු යැයි විදුහල්පතිනිය කීවාය. මේ සම්බන්ධයෙන් අප මුලතිව් සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගනේෂ්ලින්ගම් මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “ගජබාපුර පරණගම විදුහලේ ගුරුවරුන්ට වෙඩින් එකට යන්න කියලා වේලාසනින්ම වහන්න අවසර දීලා නෑ. අපි දැනුවත් කරලත් නෑ. එහෙම අවසරයක් දෙන්නත් බෑ. එහෙම වසා දැම්ම නම් එය නීති විරෝධියි. ඒ ගැන මා සොයා බලා අවශ්‍ය කටයුතු කරනවා” යැයි ඔහු පැවසීය.
     
    • Haha
    Reactions: vito

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Rajaye sewako hamathanama ohomada ban.... Tea eka gahala, pattera balala poddak nidagena nagitala awilla balanakota lunch, apahu poddak kala nindak dala gedara enawa wage seen ekak thamai wenne hamathanama....

    Anthare un mewata sadda na
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    අපරාදේ වෙඩින් එක ඉස්කෝලේ ගන්න තිබ්බේ. කසාද බැදලා උගන්නලා හනිමුන් යන්නත් තිබ්බා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    බලපන් ඉතින් ඒ ඉස්කෝලේ නම හා තියන දියහා. කොලබ ඉස්කෝල වල උනත් වෙන්නේ ඔය ටිකම තමා. එහෙම එකක් එහෙම පත්තරේක ලිවානම් පත්තර කාරයාගේ අම්මටත් හුකවලා අරන් මෙලහට. :lol: :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    බලපන් ඉතින් ඒ ඉස්කෝලේ නම හා තියන දියහා. කොලබ ඉස්කෝල වල උනත් වෙන්නේ ඔය ටිකම තමා. එහෙම එකක් එහෙම පත්තරේක ලිවානම් පත්තර කාරයාගේ අම්මටත් හුකවලා අරන් මෙලහට. :lol: :lol:

    සිරා බන්.මේව තමයි දැන් රටේ ගුපියන්ට තියන දැවෙන ප්‍රශ්න.
     
    • Haha
    Reactions: SLK_sri

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔතන වෑරෑද්ද පාසල වහලා ගිය එක. ඔක්කොම නිවාඩු දාලා ගියා නම් ඉවරයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉස්සර අපි ත් ඕනේ තරම් කලින් ගෙදර යවලා තියෙන්නේ. ඒත් ඔච්චර කලින් නන් නෙවේ. 1 ට වගේ උපරිම
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්සර අපි ත් ඕනේ තරම් කලින් ගෙදර යවලා තියෙන්නේ. ඒත් ඔච්චර කලින් නන් නෙවේ. 1 ට වගේ උපරිම
    එහෙම කරන්න බෑ බන් මගුල් ගෙවල් වලට. ඔහොම ඉස්කෝල වහලා මගුල් කන්නේ නෑ. යනවා නම් සෙට් එකක් කලින් යනවා නිවාඩු දාලා. අනිත් සෙට් එක ඉස්කෝලෙ වෙලාවෙන් පස්සේ යනවා.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ඉතින් ඔය චෝදනා කරන ගම් වැසියොයි මේක ලියපු පත්තර කාරයයි හැමදාම ඉස්කෝලේ ගිහින් ඉන්ජිනේරුවො දොස්තරල වෙලාද ? 🤣🤣🤣
     
    • Like
    Reactions: Phone Hora