වින්ඩෝස් ක්‍රමයට දුක නිවා නිදාගැනීම- ප්‍ර
ඉදල ඉදල කෙල්ලෙක් එක්ක සෙට් උනා මචන්ලා...මාසයක් දෙකක් ලව් කරලා ඒකිට ඒකිගේ කලින් කොල්ලව අමතක කරන්න බෑ කියලා ලව් එක නතර කරා..හිත කැඩිලා තිබ්බ දවස් වල නෙට් එකේ සැරිසරද්දී මෙන්න මේක අහම්බෙන් බ්ලොග් එකක තිබිලා කියවන්න හම්බුනා.හිතන්න ලොකු දෙයක් තියන නිසා උඹලා එක්ක බෙදාගන්න හිතුනා.එලකිරියේත් ඇතිනේ බුට් කිරණ උන් එහෙම..උඹලා දන්න මේ වගේ කැඩුණු හිත හදාගන්න පුළුවන් ලිපියක් හරි මොකක්හරි අහු උනොත් මේ ත්‍රෙඩ් එකේ දාපන්..හිත කැඩිලා ඉන්න උන්ට එක ලොකු දෙයක් වෙයි...
වින්ඩෝස් ක්‍රමයට දුක නිවා නිදාගැනීම- ප්‍රත්‍යක්ෂයි.
හැමදාම ඇඬේන කතා ලියල හරියන්නේ නැහැනේ..
අඬන මිනිස්සු බොහොමයි.. අඬන්න හේතුත් බොහොමයි.. සැප කියන්නේ සිතිවිලි මාත්‍රයක් විතරයි ...එක දැනුන... ඊටපස්සේ ඉවරයි.. වමාර වමාර ආපහු ගිලින්න බැහැ.. හැබැයි දුක එහෙම නෙවෙයි." චක්කන්ච වහතෝ පදං " .. අර බුදු හාමුදුරුවෝ කීව වගේ ගොනු පසුපස එන කරත්ත රෝදය වගේ දුක අප ලුහු බැඳගෙන එනවා.. හිත අරා ගන්නවා. කොච්චර එලෙවුවත් ආපහු එනවා. කොච්චර කාලෙකට ඉස්සර වින්ද දුකක් උනත් හිතෙන් ආපහු විඳින්න පුළුවන් .. අපි ඒකට එන්න කියන්නෙත් නැහැ... ඒක නිකම්ම ඇවිත් හිත වහ ගන්නවා.බොහොම වෙලාවට නින්දට යනකොට තමයි මේ ප්‍රහාරය තදින්ම එන්නේ.. මං කියවල තියෙන බ්ලොග් කතාවල හැටියට ඒක( නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ.... හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ ?) බොහොම දෙනෙක් විඳින බවත් ප්‍රත්‍යක්ෂයි ..
..
ඔන්න අද මම කියන්න යන්නේ වින්ඩෝස් පාවිච්චි කරලා දුක නිමල නින්දට යන හැටි. මේ කියන්නේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 ගැන එහෙම නෙවෙයි.. සමාවෙන්න ඕන එහෙම හිතල කියවන්න ගත්තු අය.. මං ඔය ගැන දන්නා ඉටි ගෙඩියක් නැහැ.. මං කිවුවේ කොම්ප්යුටර් ගැන..
මගේ ජීවිතේ බොහොම අඳුරු කාලයක් තිබ්බ. හැම පැත්තෙන්ම කඩා වැටිලි.. දුක් වේදනා..පවුලේම සාමාජිකයින්ගේ ආත්මාර්ථකාමය ... අන්තිමට මං සියලු දේවල් අතැරලා දාල තට්ට තනියෙන් ගෙදරක ජීවත් උනා අවුරුදු පහක්.. ඒ කාලේ මට තිබුන එකම සැනසිල්ල රස්සාව විතරයි. එකෙත් නොයෙකුත් ප්‍රශ්න තිබ්බත් මට එක අබියෝගයක් උන නිසා මන් ජීවිතේ රස්සාවම කරගෙන ජීවත් උනා. හැබැයි ඔක්කොම වීරකම් දවල්ට විතරයි.. කරුවල එනකොට හිත් කරදර පරණ කුණු කන්දල් අම්ම තාත්තගේ ලෙඩ දුක්..ජීවිතේ මට නැතිවෙච්ච දේවල්.. මගේ තනි කම.. ඔය වගේ දාහක් දේ ඔලුගෙඩියට එනවා. කොට්ටෙට ඔලුව තිබ්බම නින්ද අහලකටවත් එන්නේ නැහැ.. රෑ මැදියමත් පහුවෙලා නින්දයනවා ඇති මගේ හිතේ.
ඔන්න ඔහොම ඉන්න කාලේ මට සල්ගල ආරණ්‍යයේදී ඒක හාමුදුරු කෙනෙක්ගෙන් අපුරු බණක් අහන්න ලැබුනා.. කෙටියෙන් කිවුවොත් ඒක උදාහරණයකින් හාමුදුරුවෝ කිවුවේ මෙහෙමයි
" දැන් ඔය පින්වතා බස් ඒකට නගිනවා ගමනක් යන්න. දැනටමත් ටිකක් ප්‍රමාදයි.. බස් එක හැම තැනම නවත්ත නවත්ත හිමින් ගාටනවා.. ඒ අස්සේ පාරෙත් තද බදේ.. ඒ අස්සේ පොලිසියේ මහත්තුරුත් ඒකම නවත්තනවා..ඉතින් මේ පින්වතා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. කෝපෙන් පුපුරනවා.. අය්යෝ මේ යකාට හයියෙන් යන්න බැරිද කොටන්නේ නැතුව ? අය්යෝ මං දැන් ප්‍රමාද වෙනවා. ඔන්න ආයිත් නැවැත්තුවා. අය්යෝ මං කීයට යන්නද.. බොසා මාව කයි අද .. ඔන්න ඔහොම විස්සෝප වෙනවා. දැන් ඔහොම කර කර හිටියට ප්‍රශේනේ විසඳෙනවද ? නැහැ.. “
“දැන් මේ පින්වතාට ඇත්තටම කරන්න තියෙන්නේ එක්කෝ රියදුරාට බැනල හයියෙන් නොනවත්වා යන්න කියන ඒක. ඒක නම් බැහැ නේද ? එහෙම නැත්නම් මේකෙන් බැහැල වෙන වාහනයක් අරන් යන එක.. එකත් බැහැනේ නේද ? එහෙනම් ඉතිරි එකම එකයි.. නිකම් ලේ පුච්ච්ච ගන්නේ නැතුව ඕක අමතක කරනවා බහින තැනට එනකන්... ඊට පස්සේ වෙන හොඳ සතුටු හිතෙන ඕනෑම දෙයක් ගැන හිත හිත ගමන යනවා. බැස්සට පස්සේ හිතනවා දැන් කොහොමද වැඩේ කර ගන්නේ කියාලා..එන විදිහට මුණ දෙනවා. ඔන්න ඔහොම තමයි සිත පාලනය කරන්නේ ..සිත නිවන්නේ .. තමන් සිතන දේවල් තෝරා ගන්න ඕන .. ඒකට තමයි භාවනාව කියන්නේ .."
මෙන්න මේ දවසෙන් පස්සේ තමයි මං මේ වින්ඩෝස් ක්‍රමය හොයාගත්තේ.
ඔන්න ඊට පස්සේ මම නින්දට යනවා ..
“අයියෝ අම්ම බලන්න යන්න බැරි උනා මේ සතියෙත් .”.( ඔන්න දුකක් ආව.)
මං හිතනවා ඒ එක්කම.
“ඉතින් දැන් උඹට යන්න පුලුවන්ද ? බැහැ... මොන මගුලකටද බොරුවට දුක් වෙන්නේ ? පලයන් මේ සතිඅන්තේ..”
වැහුව ඒ වින්ඩෝ ඒක. ඔන්න එතකොටම එනවා
" අය්යෝ මං තනි උනානේ.. මගේ පවුලේ උන්ට මං කොච්චර දේ කලත් මං ගැන බලන්න එකෙක්වත් නැහැනේ "
ඇයි යකෝ ඕක අලුත් දෙයක්ද ? ඒ උන්ගේ හැටි තොට පවුලක් නැතුවට උන්ට තියෙනවා. තෝ තනියෙන් ඉන්න හින්ද එක එකා ගැන හිතන්ට වෙලාව තිබ්බට උන්ට එහෙම වෙලාව නැහැ.. නිකම් පිස්සු නැතුව හිටු"
කියල ඒකත් වහනවා..
" ශික් අර බුරු වහන්සේ අද මං ගෙනිච්ච යෝජනාව අනුමත කලා නම් මේ මිනිස්සු ස්ට්‍රයික් එකක් කරන එකක් නැහැ. කොහෙද ගොන් තඩියන්ට මොලේ කලඳක් වත් නැහැනේ"
"යකෝ. ඕකත් පරණ සින්දුවක්නේ.. දැන් තෝ ඕක ගැන මනෝ ගැහුවම හෙට උදේට උං ඕක ඉල්ලගෙන අනුමත කරයිද ? නැහැනේ ? ඉතින් අමතක කරලා නිදා ගං"
වැහුව ඒ වින්ඩෝ එකත්.
" අපරාදේ අර හොල්මනත් එක්ක මං ගතකරපු කාලේ.. ශික්.. මුලදීම මට හිතුන ඕක නම් හරියන මංගල්ලයක් නෙවෙයි කියල..කොහෙද මං රැවටුනානේ.. අපරාදේ."
“තුක් විතරක්..ඔන්න ආයිත් පටන් ගත්ත.. වහපිය ඕක. තෝ දැන දැන ගිහින් වලේ වැටිලා දැන් හිතනවා.. සුවර් එකටම තෝ ආයිත් කරන්නේ ඔය වගේම ගොබ්බ වැඩක්ම තමයි. ඉතින් මොකටද ඔය මගුල ගැන හිතන්නේ "
වැහුව ඒ වින්ඩෝ එකත්..
“අරය නම් මට කැමති පාටයි.. කෙලින්ම ගිහින් අහනවද ? ම්හු.. ඕක අහන්න ගිහින් කිච වෙන්න බැහැනේ.. හැබැයි XYZ නම් කියන්නේ ඕකි උඹට කැමතියි යකෝ අහපිය කෙලින්ම කියලයි.. කෝ මට ඕකට ගට නැහැනේ.. චික්..”
“ ඔන්න ආයිත් පටන් ගත්ත.. දැන් ඕක හිතල හරියනවද ? දැන් මේ මහා රෑ එකී බුදි.. තෝ මනෝ ගහනවා. ඉතින් හෙට ගිහින් කෙලින්ම අහපිය.. තෝ හෙටත් ගිහින් ලෝක වෙළඳපොලේ බඩු මිල ගැන කතා කර කර ඉඳල අපහු ඇවිත් හෙට රෑටත් ඕක හිතයි..වහපිය ඕකත් “ .
.වැහුව එකත්..
ගත්ත පන්සිල් ඇඳෙම ඉඳන්.. නිදිමත ආවා. ගොරව ගොරව නිදි !!
ඔන්න වින්ඩෝස් ක්‍රමයට නිදාගන්න හැටි.. හැම දුක් කරදරයක්ම වින්ඩෝ එකක් . ඔවුව ඇරිලා තියෙද්දී නිදාගන්න බැහැ. ඔවුවයින් සීතල හුලං ඇවිත් නින්ද කඩනවා. එක එක අරන් වහල දාපුවම හිත සැහැල්ලුයි.. මං ඔය ක්‍රමය හදා ගත්තට පස්සේ කල් යනකොට කොට්ටෙට ඔලුව තියනකොටම හිතම (ඌම තනියම !) තනියම වින්ඩෝස් පට පට ගාල වහල දාන්න පටන් ගත්ත. සුරුස් ගාල මං නිදි !
ඔන්න ක්‍රමය..කොරාලා බලාණ්ඩ ඔය බුට් ගහල කිර කිර ඉන්න අයට සත්තයි ප්‍රත්‍යක්ෂයි අත්දුටුවයි..
දන්නවද වැඩක් ? ඔය අන්තිමට කිවුව එක්කෙනාගෙන් මං කෙලින්ම ගිහින් ඇහුවනේ ? මටම පුදුමයි සහ ආඩම්බරයි මගේ ගට ගැන..
ඔන්න දැන් එයා අපේ ගෙදර ඉන්නවා..
මෙන්න මෙතනින් ගත්තේ
http://lankapriyagesithivili.blogspot.com/2011_06_01_archive.html

point ekak nathuwa nikan worry wena eka nathara kara.