වින්ඩොස් 8 වල Core එක වින්ඩොස් 7 වලට වඩා පොඩියි. ඒක නිසා වේගය අතින් ඉහලයි. SSD Device එකක් පාවිච්චි කරනවනම් සාමාන්‍යය HDD එකකටත් වඩා වේගය අති විශාලව වෙනස් වෙනව.
අනිත් එක තමයි අලුත් Hardware Device සමඟ වින්ඩොස් 7 වලට වැඩිය අනුකූලතාවයක් දක්වනව. විශේෂයෙන් අලුත් Processor වලට සහයෝගය දක්වන නිසා වැඩි Performance එකක් ගන්න පුළුවන්.
අනිත් එක තමයි multiple display වලට වැඩිය සහයෝගයක් දක්වන එක.
තව USB 3.0 වගේ තාක්ෂණයන්ට සපෝට් කරන නිසා ෆයිල් එහෙම කොපි කරද්දි අදාල ඩිවයිස් තිබුණොත් ඉතා වේගවත්.
අලුත් Features නම් ගොඩක් තියෙන නිසා කීපයක් විතරක් කියන්නම්
ISO ෆයිල් මවුන්ට් කරන්න දැන් වෙනම සොෆ්ට්වෙයාර් ඕන නෑ. වින්ඩොස් වලින් ම පුළුවන්.
Task Manager එක වැඩිදියුණු කරල තියෙනව හා තව වැදගත්වෙන කොටස් එකතු කරල තියෙනව.
ආරක්ෂාව අතින් ගොඩක් හොඳ දේවල් කරල තියෙනව. Windows Defender අලුත කරල හා වැඩිදියුණු කරල තියෙනව. ඒක නිසා වෛරස් ගාඩ් එකක් නැතිව වුණත් සෑහෙන ආරක්ෂාවක් දෙනව.
Windows Explorer එක අලුත් කරල තියෙනව හා පහසු කරල තියෙනව. දැන් ඒකෙ නම File Explorer
languages මාරු කරන්න වෙනම වර්ෂන් සල්ලි දීල ගන්න ඕන නෑ දැන්. ඕනම වර්ෂන් එකක පුළුවන් ලේසියෙන් අපිට ඕන language එක ඉන්ස්ටොල් කරගන්න.
Microsoft Paint, Internet Explorer, Media Player වගේ වැඩසටහන් අලුත් කරල වැඩිදියුණු කරල තියෙනව
User Libraries වල තියෙන Files Backup කරන්න හා Restore කරන්න පුළුවන් විදියෙ File History කියල අලුත් පහසුකමක් හඳුන්වල දීල තියෙනව.
System Restore හා Parantal Control පහසුකම් වැඩිදියුණු කරල තියෙනව.
(Store, Metro UI, Charm Bar, Lock Screen, Search, Settings etc. vage thava godak new featues thiyenava. eeva gana kivve nae)
(දාන එක නොදාන එක ඔයාගෙ කැමැත්ත. තියෙන දේවල් වලින් ටික්ක ගැන මං කිවුවෙ අදහසක් ගන්න.)