වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ෆෝන් එකක් ගන්න කලින් ටිකක් Reviews කියවලා. Youtube එකේ Phone එක ගැන ටිකක් බලලා ගන්න ඕනේ. එහෙම හොයන්නේ බලන්නේ නැතුව ෆෝන් අරගත්තොත් ඉතින් බැන බැන තමා ඉන්න වෙන්නේ. සමහරුන්ට ඇන්ඩ්‍රොයිඩ් හොඳයි, තවත් කට්ටියක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන බැන IOS use කරනවා.

    වැඩි ගානක් ෆෝන් වලට වියදම් කරන්න බැරි කට්ටිය වින්ඩොස් ෆොන් එකක් ගන්නවා. මොකෝ ඒ ගානට Android ෆොන් එකක් ගත්තොත් ඒක slow වෙන විදිහට ජීවිතේ කලකිරෙනවා. Android වල තියෙන market එකේ හැටියට එකේ apps release වෙනෙනේ. windows market එකේ හැටියට එකේ ඇප් release වෙන්නේ.

    මම පාවිච්චි කරන්නෙත් windows phone එකක්, ඒත් ගෙවපු ගානේ හැටියට මට ඒකේ තියෙන features ඇති. මම එහා පැත්තේ එකාගේ ෆෝන් එකේ තියෙන features ටික හොයන්න යන්නේ නෑ.. මගේ ෆොන් එකේ තියෙන features ටිකෙන් වැඩ ටික කර ගන්නවා.

    මරුටියකට සල්ලි ගෙවලා අරන් ඒකේ බෙන්ස් එකක features බලාපොරොත්තු වෙලා වැඩක් නැනේ. ඕක උඹට හරියන්නේ නැත්තන්... විකුනලා දාපන් මෙතන බැන බැන ඉඳලා වැඩක් නෑ. Android ඕන එකා ඒක use කරනවා. Windows ඕන එකා ඒක use කරනවා. :)

    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2010 ගේම දෙනවා කියුවා කියලා කියුවද? ඊට පස්සේ හරි ගේම දෙනවා කියුවද? :shocked:

    මම දන්න තරමට නම් කවදාවත් ගේමක් දෙන්න ගිහින් නෑ. මොකද, එකට කලින් දෙකම IOS, Android කලින්ම market share එකක් හදාගත්තේ. මට මගේ වැඩ ටික කරගන්න හැදුවම phone එක slow නම් දෙල්කඳ මාර්කට් එකේ තරඟ කලත් වැඩක් නෑ.

    මම පැහැදිලි කලේ windows phone එකේ අනාගතය ගැන Microsoft එකෙන් කියලා තියෙනදේ. ඕකට තරඟ කරන්න අනිත් අයත් technology එලියට දායි. හැබැයි ඒක මට ප්‍රශ්නයක් නෑ. ඉස්සරහට ඇන්ඩ්‍රොයිඩ් හොඳ stable OS එකක් උනොත් මම ඒකට මාරු වෙනවා.

    අපේ අයට වෙලා තියෙන්නේ... එක එක Brand කරපිට තියන් යන්නේ. හොඳ දැක්කත් පේන්නේ නෑ..

    ඔව් WP fansලා ඒ කලේ ඉඳන් ඔහොම කියනවා තමයි........ඒ කියපුවා උනානම් මේ වෙද්දී Android,iOS වඳ වෙලා ගිහින් :lol:

    හැම බිස්නස් එකම හදන්නේ තමන්ගේ මාකට් ශෙයා එක වැඩිකරගන්න තමයි බං WP කියල වෙනසක් නෑ ගේම දෙනවා කිව්වේ මේ අතින් පයින් ගහගන්නවා වගේ දෙයක් නෙවෙයි මාකට් එක අල්ලගන්න එක........iOS,Windows Mobile,Symbian වලට පස්සේ ආපු Android දැන් 80% කිට්ටුයි ඒ කියන්නේ පස්සේ ආව කියන එක හේතුවක් නෙවෙයි කියන එකනේ.

    මටත් මගේ වැඩ ටික කරගන්න බැලුවම ඕනේ ඇප්ස් ටික නැත්තම් මයික්‍රොසොෆ්ට් මොනවා හැදුවත් වැඩක් නෑ ඒකනේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනත් කියල තියෙන්නේ

    මමත් පැහැදිලි කරේ මයික්‍රොසොෆ්ට් කලිනුත් කියල තියන දේවල් සහ ඒවාට වෙච්ච දේවල්. ඉස්සරට WP mature OS එකක් වෙලා හරිහමන් apps ටිකක් එක්ක ecosystem එකක් හදාගත්තොත් මමත් මාරු වෙනවා

    VAT69

    Active member
  • තව ඩින්ගෙන් මමත් 535ක් ගන්නවා...
    හොදයි මේ ගැන කතා කරපු එක මචං...

    මේන්න උඹට... REP+++++

    (උඹල කියන විදියට ඇප් ගොඩක් පාවිච්චි වෙන් නැත්තම් මේක හොදයි ද..???)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔව් WP fansලා ඒ කලේ ඉඳන් ඔහොම කියනවා තමයි........ඒ කියපුවා උනානම් මේ වෙද්දී Android,iOS වඳ වෙලා ගිහින් :lol:

    හැම බිස්නස් එකම හදන්නේ තමන්ගේ මාකට් ශෙයා එක වැඩිකරගන්න තමයි බං WP කියල වෙනසක් නෑ ගේම දෙනවා කිව්වේ මේ අතින් පයින් ගහගන්නවා වගේ දෙයක් නෙවෙයි මාකට් එක අල්ලගන්න එක........iOS,Windows Mobile,Symbian වලට පස්සේ ආපු Android දැන් 80% කිට්ටුයි ඒ කියන්නේ පස්සේ ආව කියන එක හේතුවක් නෙවෙයි කියන එකනේ.

    මටත් මගේ වැඩ ටික කරගන්න බැලුවම ඕනේ ඇප්ස් ටික නැත්තම් මයික්‍රොසොෆ්ට් මොනවා හැදුවත් වැඩක් නෑ ඒකනේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනත් කියල තියෙන්නේ

    මමත් පැහැදිලි කරේ මයික්‍රොසොෆ්ට් කලිනුත් කියල තියන දේවල් සහ ඒවාට වෙච්ච දේවල්. ඉස්සරට WP mature OS එකක් වෙලා හරිහමන් apps ටිකක් එක්ක ecosystem එකක් හදාගත්තොත් මමත් මාරු වෙනවා

    මට තේරෙන විදිහට තාම Microsoft එක දෙන්න යන ගේම තේරුම් ගන්න ටිකක් අමාරුයි. මුලින්ම Outlook එක android, ios වලට release කලා. ඊට පස්සේ Here maps. ලඟදිම cortana ත් release වෙනවා android, ios වලට.

    Microsoft framework එකේත් ලොකු කොටසක් දැන් open source කරගෙන යනවා. Visual Studio Community Edition එකක් ආවා හැමෝටම use කරන්න.

    දැන් කියන්නේ Microsoft love linux කියලා. :oo:(http://www.theregister.co.uk/2014/10/20/microsoft_cloud_event/)

    ගුගල් එක තමන්ගේ දේවල් කාටවත් නොදී හංගනකොට, මයික්‍රොසොෆ්ට් එක සේරම බෙදලා දෙනවා.

    අද හෙට නැතත්, ඉස්සරහට ලොකු වෙනසක් වෙනවා.

    තව දෙයක්, ඇන්ඩ්‍රොයිඩ් OS එකේ features එක්ක Windows OS එක කරන්න එපා තේරුමක් නෑ. හැබැයි Performance, Memory management, Battery life, Security අතින් වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා සැහෙන්න හොඳ එකක්. (අඩුම ගානේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක Banking App එකක් use කරන එකත් recommended දෙයක් නෙමේ.)

    Youtube එකටත් windows store එකේ alternative ඇප්ස් තියෙනවා. වෙලා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්, වල තියෙන ඔක්කොම features නෑ. ඒත් youtube එකේ ඕන වෙන්නේ video එක බලා ගන්න එක නේ. ඒ දේ කර ගන්න පුලුවන්.

    Android මාර්කට් එක ගොඩක්ම හැදුනේ Samsung හින්දා. උන් තමා ගඩොල් ගලටත් සිම් එකක් දාගන්න විදිහට hardware spec හදලා OS එක චොර කරලා දැම්මේ. ඉස්සරහට ගුගල් එක ඕවට standard හැදුවොත් නම් හොඳ කලක් යයි.
     
    nadella බුවා ටිකක් අමුතු ගේම් කාරයෙක් :oo:

    ඔය ලිනක්ස් ආදරේට හේතුව උන්ගේ framework එක popular කරගන්න......cross platform application ලේසියෙන් හදන්න පුළුවන් වෙනවා කියන්නේ උන්ගේ platform එක නැගල යනවා කියන එකනේ

    Microsoft Android වලට apps රිලීස් කරන්නෙත් Google iOS එකට apps හදන හෙතුවටමයි....සරලවම too big to ignore දැන් හිතපන් Android මග අරිනවා කියන්නේ මාකට් එකෙන් 75% අහිමිවෙනවා කියන එකනේ........උන්ටමයි කෙලවෙන්නේ

    Google WP ignore කරන්නේ මාකට් ශෙයා එක පොඩි නිසා 3% විතර මග අරුනා කියන්නේ ඒ තරම් දෙයක් නෙවෙයිනේ

    WP අනික් OS දෙකත් එක්ක ගත්තම තවම ගොඩක් immature අනික ඇප්ස් පැත්තෙන් ගොඩක් දුර්වලයි..........store එකේ fake apps තිබිලත් ලඟදි කෙස් එකක් ගියා.......true multitasking නැති නිසා memory වැඩිය ඕනේ නම් නෑ

    Samsung ගොඩ ආවෙත් Android නිසා.......හැබැයි කිව්වත් වගේ ගඩොල් කෑලි වලටත් Android දැම්මේ උන් තමයි :baffled:

    දැනටත් Google one කියල එහෙම ප්‍රොජෙක්ට් එකක් කරනවා අඩු මිලට හොඳ Android phone මාකට් එකට දාන්න
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මම වින්ඩොව්ස් ෆෝන් user කෙනෙක් වගේම app developer කෙනෙක්......
    මගේ 820

    1. ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා
    ටච් එකේ අවුලක් තිබ්බා මුල්ම සෙට් එකේ ..... එකට ෆ්ක්ස් එකක් එව්වා කියල තිබ්බා.... එත් එක ෆෝන් එකක අවුලක් නිසා ඔක්කොම චාටර් කියන්න බෑ.... iPhone 4 එකේ සිග්නල් අවුලක් ඇවිල්ලා ඔක්කොම ෆෝන් ගෙන්න ගෙන හැදුවා ඇපල් ......
    scroll කරද්දී ඇප්ස් on වෙනවනම් settings වලින් touch එකේ sensitivity හදපන්..... android වගේ තද කරන ඕනේ නෑ බාබා වගේ ලාවට සියුමැලිව අල්ලපන් :P

    2.වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්‍රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න

    ඇයි ඔයි .... ඉංග්‍රීසි අකුරක් තියෙන්නේ ..... යන්න ඕනේ app එකේ මුල අකුර select කරපිය..... එහෙම පලයන්

    3. ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි

    ඔව් මේකට මාත් එකගයි..... සමහර app ඒ publishersල හදලා නෑ..... Facebook app එක Microsoft ල හදලා තියෙන්නේ..... google ඒවා නම් නෑ... එක උන් දෙගොල්ලෝ අතරේ අවුලක්..... YouTube වලට මම නම් වෙන app එකක් යුස් කරනවා.....එකෙන් YouTubeබලන්න වගේම download කරන්නත් පුළුවන් ..... app එක tubeMp3.... android තරම් apps නැති වුනාට තියෙන app Microsoft එකෙන් හොදට check කරලා දන්නේ..... apps හදන නිසා දන්නවා..... android වගේ පැයෙන් දෙකෙන් apps දන්න බෑ.......

    4. Facebook ඇප් එකත් එහෙමයි
    මේක browser එකේ නෙමේ නේ බන් open වෙන්නේ :P

    5. පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ
    මේකත් බොරු .... මෙන්න screen shot එකක්...
    11081160_10206581688926905_7901948094146747194_n.jpg

    6. chat heads නැහැ
    මේක හරි එත් messenger එකෙන් stickers යවන්න පුළුවන්

    7. viber එකෙත් උබ කියනවා වගේ අවුලක් නෑ.... push notification හරි battery server දාලද බලපන් ....එහෙම වුනාම ඔවා update වෙන්නේ නෑ....

    ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ :) වින්ඩොව්ස් ෆෝන් ගන්න එක උබේ වැඩක් ,,,,, වැරදි මතයක් සමාජෙට යන හරි ගස්සන්න තමා මේ ටික දැම්මේ....

    ජය වේවා.....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම windows device එකකට යන්න ආදී මදි කරන්නේ desktop experience එක නිසා ඇතිවෙච්ච කලකිරීම නිසා. load වෙන්නම සැහෙන වෙලා යනවා.

    desktop එක්ක සසදනකොට phone, tablet වගේ ඒවායේ specs අඩුයි. power consumption වගේ ඒවා අඩුවෙන් තියෙන්න ඕන. memory management සුපිරියටම තියෙන්න ඕන. mobile os එකක් සැලසුම් කරනකොට මුල ඉදන්ම මේවගේ දේවල්වලට high priority එක දෙන්න ඕන. android අලුත් releases memory management වැඩි දියුණු කරලා. මගේ ලග තියෙන samsung tab 3 8.0 (2GB ram, android kitkat os) සුපිරියටම වැඩ ගත්තු දවසේ ඉදල. lagging නැහැ. ගත්තු දවසේ ඉදල වගේමයි performance. හැබැයි මගේ යාලුවෙක් samsung tab 2 8.0 තියෙනවා (පරණ එකක්). එකේ ගොඩක් lagging තියෙනවා කියල කියන්නේ.

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    535 ගත්ත එකෙක් අතින් ෆෝන් එක අඩිදෙකක් උස තැනකින් නිකන් මැටි පොලොවට වැටුන. මුල්ල පිපිරුව:eek::eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ ඔය කියලා තියෙන ගොඩක් ඒවා Software issues ඉතින් ඒවා හැදෙයි Windows 10 එක ආවම.hardware වල නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් 535 touch එකේ ප්‍රශ්ණයක් තියෙනවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    mamath android, ios and windows 3ma use karala thiyanawa.. windows walata apps nam hodatama madi.. eka thamai lokuma awla.. 535 phone eka kohomath awl magulak. eth 920, 925, 730 wage phone godak hodai.. apps nathi nisa eka loku drawback ekak..

    ios nam patta.. android wage customization nathi unata phone slow wenne na.. anith eka unge security hodai.. apps thiyanawa ambanaka.. habai low budget ekak thiyana kenekta meka option ekak newei..

    android nam eka eka phone thiyanawa.. customization puluwan, hodata develop wenawa.. apps thiyanawa.. eth kochchara speed phone ekak unath aniwa lag wena welawal thiyanawa.. meka mama ios & wp wala dakala na.. 3gb ram thibbath samahara welawata phone eka stuck wenawa..

    mageth thibba android eka dunna.. dan ios walata maru wennada kiyala baluwe.. wp nam ganne na mama danma, phone hoda nathi nisa newei apps nathi nisa. windows OS ekata mama asai.. slow wenne nathi nisa ela.. mata oni karana apps wp walata na. ewa awoth aniwa maru wenawa.. danata ios / android thamai..

    hama ekema awl thiyanawa ban.. thamange requirement ekata anuwa phone ekak ganna.. ganna kalin reviews balanna.. oni de karaganna puluwan nam ganna.. thamange wadeta haryana, awl aduma option eka select karaganna.. 100% perfect device na..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    "ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා"

    gannakota hoyala balala ganin.touch eke awula thibba ewa fix karala dan enne.hardware version eka.kalin ewata update eka daala phone eka reset karama hari yanawa.ehemath hari giye naththan screen eka record karala kadetama diipan.ekatane warrenty thiyenne.:yes:

    "මෙනු එකේ ග්‍රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ"
    uba uda idan pallehata scroll karata apinan app eke letter eka tap karala paninwa.:cool:

    "youtube ඇප් එක නිකන්ම බ්‍රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි"
    "
    එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි" :lol: mekata kohen hina wennada therenne na.
    ah anik de thamai IE ekata youtube run kranna puluwan.amuthuwen soft ekak ooni na.wenama app ekakin balaporoththu wena de therenne na.pc browser ekak wage wada karanne.

    facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ.
    "boru kiyanna epa.fb app eke picture comment penawa.ubata bari wunata stickers apinan msg karanwa.:P

    "viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ්"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    totally noob.

    "තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා"
    close wenne phone eke ledak hinda newei app dev wela nathi hinda hariyata.ewata update enawa.mage lumia eke avg 100 apps thiyenawa.thaama gaththa dawase wage wada karanne.anika hariyata app dev wune nathi wunama ooni app ekak close wenawa.dakala naththan android ios walata app hariyata install karalabalapan.app close wenne os eke waraddak hinda kiyala kiyana ube knowledge eka gana hithaganna puluwan.:lol::lol::lol::lol::lol:
    android 512 ram phone model 3k and 1gb ram model 2k use kara mamath.
    512 with 4.2.2 melo rahak na.1gb with low version 2.3.6 still sucks with a snapdragon gpu.yet lags.1gb ram 4.2 better still phone freees.sony M,L,motorola atrix 4g,samsung s duos 2(768 ram)......used mobiles.

    oye hamareddema app 60k withara daagena maasa 2k withara yaddi slow wenwa.maasa 4kata paarak format karanna ooni speed eka ganna.

    phone call recording baa kiyala daala thibbane ekek.puluwanan pennapan ios wala puluwanda kiyala.its a law.wp wala old version wala puluwan wunata dan ena ewage bari e hethuwa hinda.

    windows walata kade yana ekek kiyala rep kapala yanna riduna un.:lol::lol::lol::lol:

    android fully customize karanna puluwan...app market eke oonima app ekak hoyaganna puluwan.(with virus anyway)

    phone ekak gannakota thamange uwamanawata ganilla.nikan trend ekata kiyanawata ganne nathuwa.mata android alluwe na.aran wp phone eka maasayak withara nikan thibbe UI eka purudu nathi hinda.purudu wunata passe mata eka android walata wadiya lesi.no more android.
    wp phone wala thaama godak dewal develop wenawa.os eka thaama aluth.samahara ooni karana dewal missing.ex:- usb theatring na,thawa thiyenawa.
    honda wagema narakath thiyenawa.ewa hoyala balala ganna eka thamai karanna ooni.nathuwa eka ekaata bana bana me wage gon post daana eka newei."
    kevin37" yanu mage yahaluwek nowana bawa karunaawen salakanna.

    • Like
    Reactions: Error365!

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mamath android, ios and windows 3ma use karala thiyanawa.. windows walata apps nam hodatama madi.. eka thamai lokuma awla.. 535 phone eka kohomath awl magulak. eth 920, 925, 730 wage phone godak hodai.. apps nathi nisa eka loku drawback ekak..

    ios nam patta.. android wage customization nathi unata phone slow wenne na.. anith eka unge security hodai.. apps thiyanawa ambanaka.. habai low budget ekak thiyana kenekta meka option ekak newei..

    android nam eka eka phone thiyanawa.. customization puluwan, hodata develop wenawa.. apps thiyanawa.. eth kochchara speed phone ekak unath aniwa lag wena welawal thiyanawa.. meka mama ios & wp wala dakala na.. 3gb ram thibbath samahara welawata phone eka stuck wenawa..

    mageth thibba android eka dunna.. dan ios walata maru wennada kiyala baluwe.. wp nam ganne na mama danma, phone hoda nathi nisa newei apps nathi nisa. windows OS ekata mama asai.. slow wenne nathi nisa ela.. mata oni karana apps wp walata na. ewa awoth aniwa maru wenawa.. danata ios / android thamai..

    hama ekema awl thiyanawa ban.. thamange requirement ekata anuwa phone ekak ganna.. ganna kalin reviews balanna.. oni de karaganna puluwan nam ganna.. thamange wadeta haryana, awl aduma option eka select karaganna.. 100% perfect device na..

    "100% perfect device na..":yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ෆෝන් එකක් ගන්න කලින් ටිකක් Reviews කියවලා. Youtube එකේ Phone එක ගැන ටිකක් බලලා ගන්න ඕනේ. එහෙම හොයන්නේ බලන්නේ නැතුව ෆෝන් අරගත්තොත් ඉතින් බැන බැන තමා ඉන්න වෙන්නේ. සමහරුන්ට ඇන්ඩ්‍රොයිඩ් හොඳයි, තවත් කට්ටියක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන බැන IOS use කරනවා.

    වැඩි ගානක් ෆෝන් වලට වියදම් කරන්න බැරි කට්ටිය වින්ඩොස් ෆොන් එකක් ගන්නවා. මොකෝ ඒ ගානට Android ෆොන් එකක් ගත්තොත් ඒක slow වෙන විදිහට ජීවිතේ කලකිරෙනවා. Android වල තියෙන market එකේ හැටියට එකේ apps release වෙනෙනේ. windows market එකේ හැටියට එකේ ඇප් release වෙන්නේ.

    මම පාවිච්චි කරන්නෙත් windows phone එකක්, ඒත් ගෙවපු ගානේ හැටියට මට ඒකේ තියෙන features ඇති. මම එහා පැත්තේ එකාගේ ෆෝන් එකේ තියෙන features ටික හොයන්න යන්නේ නෑ.. මගේ ෆොන් එකේ තියෙන features ටිකෙන් වැඩ ටික කර ගන්නවා.

    මරුටියකට සල්ලි ගෙවලා අරන් ඒකේ බෙන්ස් එකක features බලාපොරොත්තු වෙලා වැඩක් නැනේ. ඕක උඹට හරියන්නේ නැත්තන්... විකුනලා දාපන් මෙතන බැන බැන ඉඳලා වැඩක් නෑ. Android ඕන එකා ඒක use කරනවා. Windows ඕන එකා ඒක use කරනවා. :)

    අන්න කතාව... :D (+8)

    තමන්ගේ අවශ්‍යතා මොනාද කියලා කල්පනා කරලා, ඒවාට අනුව හරියටම සෙට් වෙන එක තෝරලා ගත්තා නං ඔය කිසි ප්ප්‍රශ්නයක් නැ නේ! :yes: :yes:

    සමහර එවුන් ෆෝන් වල 16+ , 20+, 40+ MP කැමරා හොයනවා. මාසෙකට 1ක් වත් ෆොටෝ ගහන්නේ නෑ! :D
    4G වලට රණ්ඩු වෙනවා. එතකන් ලංකාවේ හරියට 3G ත් නෑ! :D
    app store වල apps නෑ කියනවා. එතකම් තියන දහස් ගානක් ඒවගෙන් 10 ක් වත් උට පලක් නැ! :D

    ඔය ගන්න ෆෝන් එකේ features වලින් ඔක්කොම වගේ පාවිච්චි කරලා වැඩ කරන එවුන් කියෙන් කියද ඉන්නේ! :nerd:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Nokia කියන්නේ ඉස්සර කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක්ද නේද බන්.. බලපන්කො උන්ට වෙච්ච වැඩේ. උනුත් android එක්ක ඉස්සරහට ආව නම් කොච්චර දියුණු වෙන්න තිබුනද..