විනිසුරුවරුන් වෙත තර්ජන...!
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ පෙත්සම විභාගයට ගැණුනු පෙරේදා (04) දිනයේදී එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් විසින් පෙත්සම විභාග කළ විනිසුරුවරුන් වෙත තර්ජනාත්මක කෙටි පණිවිඩ යවා ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අවාසි සහගත තීන්දුවක් ලබා දුනහොත් තීන්දුව ප්‍රකාශයට පත්කර පැයක් යාමට මත්තෙන් දහස් සංඛ්‍යාත සෙනඟ සමඟ විනිසුරුවරුන්ගේ නිවාස වටළන බවට තර්ජනය කරන කෙටි පණිවිඩ විනිසුරුවරුන්ගේ ජංගම දුරකථන වෙත වට්ස් ඇප් සමාජ මාධ්‍ය ජාලය හරහා එවා ඇති බවයි ඉතාම විස්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කළේ.
ඒ අනුව ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම හේතු දැක්වීමකින් තොරවම ප්‍රතික්ෂේප වීමත්, ඒ අවස්ථාවේදී පොහොට්ටුවේ නීතීඥයින් පිරිසක් අභියාචනාධිකරණයේ හෝ විනිසුරුවරුන්ගේ ගෞරවය තඹයකට නොතකා "අපේ ගෝඨාභය සර් දිනුවා" යනුවෙන් ප්‍රීතිඝෝෂා කරමින් අධිකරණ ශාලාව තුළ ඩෙඟා නැටීමත් සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඔවුන් කෙරෙහි ඉතාම දැඩි කෝපය පළ කරමින් බැන වැදීමත් යන කිසිවක් අහඹු සිදුවීම් නොවී ඇති බව පෙනේ.
මෙසේ විනිසුරුවරුන්ට තර්ජනය කිරීමේ ක්‍රමවේදය ඉහළින්ම පවත්වාගෙන ගියේ ලොව මෙතෙක් පහළ වූ දරුණුතම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මාෆියා ප්‍රධානියා ලෙස සැලකෙන කොලොම්බියානු ජාතික පැබ්ලෝ එස්කොබා විසිනි. ඔහුට එරෙහි නඩු විභාග කිරීමට නොහැකි බව කියමින් විනිසුරුවරුන් පෝළිමට ඉල්ලා අස්වූ අතර මීටපෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතර මෙම ප්‍රවණතාවය පැහැදිලිවම දැකිය හැකිවූ බව ඔබට මතක ඇතැයි සිතමු.
ගෝඨාභය රාජපක්ෂගේ විනය ගරුක, නීතිගරුක පාලනය මේ ආකාරය !