විපක්ෂ-නායක:රනිල්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විපක්ෂ-නායක:රනිල්

    විපක්ෂ නායක රනිල් – එජාපය තීන්දු කරයි

    ousted-sri-lankan-prime-minister-ranil-wickremesinghe-attends-a-at-picture-id1072444056


    පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම තීරණය පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

    එජාප ලේකම්වරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා ගැනීමට එජාපය තිරණය කර ඇති බවයි. ඒ නිසා අදාල තනතුරට අදාල පහසුකම් සලසා දෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

    පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව විපක්ෂයේ වැඩිම ආසන ප්‍රමාණයක් සහිත පක්ෂයට විපක්ෂ නායකත්වය හිමිවන අතර ඒ අනුව මේ වනවිට වැඩිම ආසන ප්‍රමාණයක් හිමි පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

    එජාපය විපක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබෙන්නේ, සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා නම් කරන්නැයි දැඩි ඉල්ලීම් ලැබී තිබෙන පසුබිමකය. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා අරගල කළ මන්ත්‍රී කණ්ඩායම දැඩිව ඉල්ලා සිටියේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු බවයි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රනිල් විපක්ෂ නායක කරන්නැයි අකිල ඉල්ලද්දී සජිත් විපක්ෂ නායක කරන්නැයි පක්ෂයේ බහුතරයෙන් ඉල්ලීමක්
    රනිල් විපක්ෂ නායක කරන්නැයි අකිල ඉල්ලද්දී සජිත් විපක්ෂ නායක කරන්නැයි පක්ෂයේ බහුතරයෙන් ඉල්ලීමක්

    COLOMBO (News 1st) – රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරද්දී එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සනින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකු මේ ලිපියට අත්සන් කර ඇත
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    එක්කෝ මූට විපක්ෂ නායකකම pemenently දීල අනික් උන්ට දෙන්න වෙන තනතුරක් හදා ගමුද? :oo: