විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි!

    විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි!


    CINE-TARU-01.jpg


    blogger-image-1761772884.jpg

    ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
    හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද(20) පස්වරුවේ කළුබෝවිල රෝහලේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
    1948 වසරේ ජූලි මස 04 වැනිදා උපත ලැබූ විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වන විට 68 වියේ පසුවුණි.
    සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය කලාවද ජයගත් චරිතාංග නළුවෙකු වන විමල් කුමාරද කොස්තා මහතා සියල්ලන් අතර ජනප්‍රිය වූයේ 'කොස්තා' යන නමිනි.
    වේදිකාවෙන් සිය රංගන දිවිය ඇරඹූ ඔහු සිනමාව ඔස්සේ දිගු ගමනක් පැමිණ පසුව ටෙලිනාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය සපයනු ලැබු අතර චරිතාංග නළුවෙකු මෙන්ම විකට නළුවෙකු ලෙස ද ජනාදරයට පත්වූණි.
    ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ නැමැති කෙටි චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹූ විමල් කුමාර ද කොස්තා මහතා සාගරිකා, අහස් ගව්ව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලය, මරුවා සමග වාසේ, උමයංගනා ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දෙමින් විශිෂ්ට රංගන ප්‍රතිභාවක් නිරූපණය කළේය.


    wimal_kumar_de_costa.jpg


    NF41._flower-gifts-express-delivery-red-roses-bunch.jpg