වියට්නාමය:සැබෑ යුද්ධය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වියට්නාමය:සැබෑ යුද්ධය

    xTpl9Ed.jpg

    වියට්නාම යුද්ධයේ 50 වන සංවත්සරය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්පත් සමාගම විසින් පළකරන ලද වියට්නාමය:සැබෑ යුද්ධය නම් ග්‍රන්ථයේ ඡායාරූප 300කට වැඩි ගණනක් ඇතුලත් කර තිබේ.යුද පෙරමුණේ සිට බෞද්ධ භික්ෂූන් සියදිවි නසා ගැනීම දක්වා ඡායාරූප 200,000 වැඩි ගණනක් අතරින් තෝරාගත් ඡායාරූප එකතු කර මෙම ග්‍රන්ථය එළිදක්වා තිබේ.මෙම ඡායාරූප යුද්ධය සම්බන්ධව ලෝක මතය වෙනස් කිරීමට සමත්විය.මාධ්‍යවේදීන් වීඩියෝ කැමරා භාවිතා කල එම දර්ශනවලට වඩා ඡායාරූප ඔස්සේ සමාජය තුල ඉහළ බලපෑමක් ඇතිකරන ලදි.ඇමෙරිකාව වියට්නාම යුද්ධය පරාජය වීමට එක් හේතුවක් ලෙස ඔවුන් විසින්ම හුවාදක්වන්නේ යුද්ධය වාර්තා කල කිරීමට ජනමාධ්‍යවලට සීමා විරහිතව අයිතිය ලබාදී තිබීම බවයි.



    වෙහෙසට පත් දකුණු වියට්නාම සෙබලුන් කණ්ඩායමක් එක්සත් ජනපද නාවික හමුදා යාත්‍රාවකින් කැ මව් නම් පළාතේ අගනුවර වෙත රැගෙන යමින්.මොවුන් දකුණු වියට්නාමයේ වියට්කොං ගරිල්ලන් සමග දින හතරක සටනක් යෙදී සිටි පිරිසකි.1962 අගෝස්තු.​

    jrUActB.jpg




    දකුණු වියට්නාමයේ ජාතික පොලිසියේ ප්‍රධානී ජෙනරල් ගුයෙන් ගොක් ලෝන් විසින් ටෙට් ප්‍රහාරයේ මුල් කාලයේදී හසුවූ වියට්කොං ගරිල්ලා සෙබලෙක්ව සයිගොන් නගරයේ වීදියකදී වෙඩි තබා ඝාතනය කිරීමට පෙර.ඝාතනයෙන් පසුව පොලිස් ප්‍රධානියා ඡායාරූප ශිල්පියා අසලට පැමිණ "ඔවුන් මගේ ජනතාව විශාල පිරිසක් සහ ඔබේ පිරිසත් මරාදැමුවා " යනුවෙන් කියා තිබේ.1969 වර්ෂයේදී මෙම ඡායාරූපයට පුලිට්සර් සම්මානය හිමිවී තිබේ.​

    u8hdvxW.jpg





    බෝට්ටුවලින් මීකොන් ඩෙල්ටාව ආශ්‍රිත ගංවතුරට හසුවූ ප්‍රදේශයේ යාත්‍රා කරන දකුණු වියට්නාම් භටයින් 130 පමණ යුක්ත කණ්ඩායමක්.මොවුන් විසින් වියට්කොං ගරිල්ලා කඳවුරකට 1966 ජනවාරි 10 දා එල්ල කල ප්‍රහාරයක් අතරතුර මෙම ඡායාරූපය ලබාගෙන තිබේ.

    H4Mv9Eh.jpg





    හැම්බර්ගර් හිල් සටනේදී තුවාල ලැබූ ඇමෙරිකානු සෙබලෙක් වේදනාවෙන් පසුවන අයුරු.1969 මැයි 19 දා ලාඕසයේ දේශසීමා ආසන්න කඳවුරකදී ගන්නා ලද ඡායාරූපයකි.

    4HQFzj8.jpg





    සටනේදී මිය ගිය ඇමෙරිකානු සෙබලෙක්ගේ මළ සිරුරක් කාම්බෝජ දේශසීමා ආසන්නයේ කැලයකදී හෙලිකොප්ටරයක් තුලට ලබාගන්නා අයුරු.1966 මැයි 14 ලබාගත් ඡායාරූපයකි.

    aQDqByH.jpg





    බෞද්ධ භික්ෂූන් ගිනි තබාගෙන දිවිනසාගැනීම් මාලාවේ පළමු වැන්න වූ තික් කොන්ග් ඩුක් භික්ෂුව සයිගොන් නගරයේ වීදියක දකුණු වියට්නාම රජයට එරෙහිව සිය දිවි නසා ගත් අයුරු.1963 ජූනි 11 ලබාගත් මෙම ඡායාරූපය නිසා දකුණු වියට්නාම් රජය ගැන ලොව පුරා අප්‍රසාදය වැඩිණි.අවසානයේදී ඩියම් රජය බිද වැටීමටද හේතුවිය.

    vVt5Xeq.jpg





    සයිගොන් නගරයේ ගිණිකොනදිග ප්‍රදේශයේ සිටින වියට්කොං ගරිල්ලන් දඬයමේ ගිය දකුණු වියට්නාම් සෙබලුන් සහ ඇමෙරිකානු යුද උපදේශකයින් පිරිසක් සතුරන් ගැන හෝඩුවාවක් හෝ නොමැති නිසා උදෑසන වෙහෙස නිවා ගන්නා අයුරු.1965 ජනවාරි.

    OuG2N1Q.jpg





    නිර්නාමික සෙබලෙක් විසින් සිය හෙල්මටයේ "යුද්ධය අපායකි" යනුවෙන් අත් අකුරින් ලියා තිබෙන අයුරු පෙන්වමින්.1965 ජූනි.

    XrCO6Th.jpg





    සයිගොන් සිට සැතපුම් 20ක් බටහිරින් වූ වියට්කොංවරුන්ගේ බලකොටුවක් වූ බෝ ට්‍රයි වෙත ප්‍රහාරයක් එල්ල කරන ඇමෙරිකානු සෙබලුන් පිරිසක් අතරට මැදිවූ වියට්නාම් ජාතික කාන්තාවන් සහ ළමුන් පිරිසක් වියට්කොංවරුන්ගේ ප්‍රහාරවලින් දිවි ගලවා ගැනීමට මඩ සහිත ඇළ මාර්ගයකට බැස සිටින අයුරු.1966 ජනවාරි 1 .

    ivL4VxS.jpg





    වෛද්‍ය බලකා සෙබලෙක් වූ තෝමස් කෝල් සිය තුවාල වූ ඇසත් සහිතව සහෝදර සෙබලුන්ට ප්‍රතිකාර කරන අයුරු.1966 ජනවාරි 30.මෙම ඡායාරූපය වෙනුවෙන් හෙන් රි හියෙට් හට රන් පදක්කමක් හිමිවිය.

    MYaz0Zv.jpg





    මිය ගිය පුද්ගලයාගේ දත්වලින් ඒ සිය ස්වාමිපුරුෂයා බව හඳුනාගත් කාන්තාවක් සිය හිස් වැසුමෙන් ඔහුගේ මුහුණ වසා හඬා වැටෙන අයුරු.1969 අප්‍රේල් 11.

    ahKBdWa.jpg





    දකුණු වියට්නාම් ගුවන් යානයක් මගින් හෙළු නේපාල්ම් බෝම්බයකින් විනාශ වූ ප්‍රදේශයකින් පලා එන ළමුන් සහ දකුණු වියට්නාම් සෙබලුන් පිරිසක්.1972 ජනවාරි 8.මෙම ඡායාරූපයට 1973 වර්ෂයේ පුලිට්සර් සම්මානය හිමිවිය.

    mxjBB5N.jpg





    මැරීන් සෙබලුන් ඔවුන් ගොඩබැස්සවූ ප්‍රදේශයෙන් ඉවත්ව යන අයුරු.1969 දෙසැම්බර්.

    xRiabii.jpg




    Source:huffingtonpost.co.uk

    -HarshaLulzSec-
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සුපිරියි මචන්.. වියට්නාම් යුද්දය ආරම්භය, හේතු වූ කරුණු සහ අවස්සනය ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්නම්..
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    hemadama wage patta :)

    rep +
    Thanks

    keep it up. rep denna baa lu :(
    Thanks

    :cool :( patta
    Thanks

    BUmp..Good post

    rep +
    Thanks

    Thanks

    Thanks

    Patta wadagath machan.digatama mewa liyapan :D Reps denna nam ba kiyanawa :baffled:
    Thanks

    TFS. Rep +7
    Thanks

    ela machan....
    rep denna barilu...
    Thanks

    ඇමරිකන් යුද ඉතීහාසයේ ලොකුම පාරජය
    :yes:
    ඔහොම තමා කරන්න ඔනා අනුන්ගෙ රටවල් වලට ඇගිලි ගහනවට
    :growl:
    :yes::yes:

    Thanks

    සුපිරියි මචන්.. වියට්නාම් යුද්දය ආරම්භය, හේතු වූ කරුණු සහ අවස්සනය ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්නම්..
    Thanks

    ළඟදිම ඔය ගැන ත්‍රෙඩ් ටිකක් වැටෙයි.

    Good post machan... as usual :yes::yes::yes:
    Thanks

    good post..
    Thanks

    chQVhJz.jpg

    Thanks

    Rep Added
    Thanks

    ela machn ..ai ban me viatnam war eka ati une.
    වියට්නාම් යුද්ධය කියන්නේ කියන්නේ දිග කතාවක්.හරියටම කියනවා නම් අවුරුදු 35ක් විතර කාලයක් පැවතුණ වියට්නාම නිදහස් සටනේ එක කොටසක් තමයි ඇමෙරිකානු-වියට්නාම යුද්ධය කියන්නේ.

    1.ජපනුන්ට එරෙහි නිදහස් සටන

    2.ප්‍රංශයට එරෙහි නිදහස් සටන

    3.ඇමෙරිකාවට එරෙහි නිදහස් සටන


    හුඟක් දෙනෙක් වියට්නාම් යුද්ධය කියලා කියන්නේ අන්තිමට තියෙන ඇමෙරිකා-වියට්නාම් යුද්ධය.ඒ යුද්ධෙට නම් හේතුව ඇමෙරිකාවේ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තිය.1940 දශකයේදී හෝ චිං මිංගේ නායකත්වයෙන් වියට්නාමයේ කොමියුනිස්ට් රජය පිහිටුවුවා.ඒක වැඩි කල් තිබුණේ.ප්‍රංශකාරයෝ ආයෙත් රට අල්ල ගත්තා.1954 දී ප්‍රංශය වියට්නාමයෙන් අයින් වුනේ අන්ත පරාජයකට පත් වෙලා.ප්‍රංශය ඉවත් වීමත් එක්ක සම්පූර්ණ වියට්නාමයම කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත්වෙනවා කියලා ඇමෙරිකාවට තේරුණා.

    1954දී වියට්නාමය උතුරු දකුණු කියලා කෑලි දෙකකට කැඩුවා.උතුරු වියට්නාමය කොමියුනිස්ට් රාජ්‍යයක් වුනා.දකුණු ඇමෙරිකාවට ගැති ධනවාදී රාජ්‍යයක් වුනා.ඇමෙරිකා-වියට්නාම යුද්ධය ආරම්භ වූ දිනය ගැන නම් වාද විවාද තියෙනවා.ඇමෙරිකාව වියට්නාමයට මැදිහත් වුනේ කොමියුනිස්ට්වාදය ඉන්දුචීනය සහ අග්නිදිග ආසියාවම වෙලා ගනියි කියන බිය නිසා.ඇමෙරිකාව ,යුද්ධය පැරදුණත් කොමියුනිස්ට්වාදය වියට්නාමයෙන් පහලට පැතිරෙන එක නතර වුනා.

    Thanks

    Thanks