විලි ලැජ්ජයි

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

    ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම පිණිස ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අවශ්‍යව තිබිණ.

    එහෙත් සිවු වැනි තරගයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වූයේ ලකණු 168 කිනි. එය ශ්‍රී ලංකාව සිය රට තුළ දී එක් දින තරගයක් පරාජය වූ වැඩිම ලකුණු සංඛ්‍යාවය.

    එහෙත් තරගාවලියේ තරග හතරක්ම පරාජයවීම හේතුවෙන්, කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සිය මීළඟ එක් දින තරගාවලියේදී එක් තරගයක් හෝ පරාජය වුවහොත් සහ මීළඟ එක් දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් පමණි. එහෙත් එයද අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල ලකණු සංඛ්‍යාව මත රඳා පවතී.

    සත්කාරක එංගලන්තය සහ අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් හත ජගත් කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබති.

    කිසියම් ලෙසකින් නිතරගයෙන් සුදුසුකම් නොලැබුවහොත්, ජගත් කුසලානයට තරග වැදීම පිණිස ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගවලට මුහුණ දීමට සිදු වේ.

    එහිදී සුදුසුකම් ලැබීමේ ශූරතාවලියේ ඉහලින්ම සිටින කණ්ඩායම දෙක ජගත් කුසලානය සඳහා සුදුසුකම් ලබති.

    මීළඟ ලෝක කුසලානය 2019 මැයි 30 වෙනි දින සිට ජුලි 15 වෙනි දින දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    Dan ban ballanna thiyenne YouTube eke issara Lankawe Matches vithari, ara hora Buki Karaya awa withari Lankawe Cricketuth wala pallata giya,
    hqdefault.jpg


    Dan ban ballanna thiyenne YouTube eke issara Lankawe Matches vithari, ara hora Buki Karaya awa withari Lankawe Cricketuth wala pallata giya,
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මචං ඔය මැච් එක පෙන්නල තියෙන්නෙ පොලිසියට විතරයි කියන්නෙ ඇත්තද...? පොලිසියෙන් 1000ක් ඇවිල්ල හිටිය කියන්නෙ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    ඇයි බන් කන බව දැන දැනත් ඉන්දියන් එවුන් එක්ක සීරියස් එකක් දැන්මේ.... ? අහ්හ් මම කියන්න හිටියේ සිම්බාබ්වේ වගේ රටක් එක්ක දන්නා තිබ්බේ කියල... වර්ල්ඩ්කප් එකට සුදුසුකම් ලබන්න... අමතක උනානේ ඊට කලින් උන් අපිට ගහල ගියේ කියල...